◘◘ බිබික්කන් සාදන ආකාරය ◘◘

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ◘◘ බිබික්කන් සාදන ආකාරය ◘◘

    අවශ්‍ය ද්‍රව්‍ය:-
    ◘ පාන් පිටි 500g

    ◘ ලුණු තේ හැදි ½

    ◘ ඊස්ට් තේ හැදි 4

    ◘ සීනි තේ හැදි 2

    ◘ වතුර කෝප්ප 1

    ◘ ගා ගත් පොල් ගෙඩි 2

    ◘ පැණි කරගත් සීනි කෝප්ප 2

    ◘ සිහින්ව කපාගත් රට ඉදි 200g

    ◘ වියළි මිදි 50g

    ◘ කජු පියලි 50g

    ◘ කුඩු කරගත් කරදමුංගු තේ හැදි ½

    ◘ කුඩු කරත් කරාබුනැටි ½

    සාදන ක්‍රමය:-

    පාල් පිටි, ඊස්ට්, ලුණු, සීනි සහ වතුර හොදින් එකතු කර මෝලියක් සාදාගන්න. එය පැය 1ක් පමණ පිපෙන්න තබන්න.
    භාජනයක් ලිප තබා පැණි, පොල්, සුවද ද්‍රව්‍ය, රට ඉදි, කජු සහ මිදි එකතු කර සාදාගන්න.
    එම මිශ්‍රණය පිටි මෝලියට එකතු කර හොදින් කලවම් කරගන්න.
    එය තැටියකට දමා පාය 1 ක් පමණ පිපෙන්න හැර 160 C ▫ උෂ්ණත්වයකින් පැය 1 ½ ක් තබා පුළුස්සා ගන්න