මෘදුකාංග ඉංජිනේරු එරංග මහතා සකසන ලද Real Time Stock Update System එකෙහි නියමු ව්‍යාපෘතිය අද දින සිදු කරන ලද අතර එය ඉතාමත් සාර්ථකව සිදුවෙන ලදී.
මෙම පහසුකම නිසා පෝලිමේ සිටින ඕනෑම මොහොතක aradhanagroup.lk වෙබ් අඩවියෙන් ඔබට තොග තත්වය නිවැරදිව බලා ගත හැකි අතර ඒ අනුව පෝලිමේ රැඳී සිටීමේ ප්‍රතිපලයක් ඇද්ද නැද්ද යන වග ඔබටම තීරණය කළ හැක.
සාමාන්‍ය තොග මට්ටම අවසන් වන ප්‍රමාණය 500 ලෙස අප පැවසුවද සැබෑ මට්ටම ඊට වඩා යම් ප්‍රමාණයක් අවමව පවතී. මෙම ක්‍රියාපටිපාටිය නිසා සෑම විටම නිවැරදි තොගය ම දැකිය හැකි වේ.
මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ පොම්ප තුළ සවිකර ඇති සෙන්සර් මගින් වන අතර තෙල් ගසන සෑම අවස්ථාවකම එම තොරතුරු මධ්‍ය පද්ධතියක් හරහා අදාල තොගයෙන් අඩුකර යෑම මගින් තොරතුරු ලබා දේ.
ඔබට බොහෝම ස්තුතියි.
@ආරාධනා fb