ඉතිං මහින්ද රාජපක්ෂ දැම්මද මචං එහෙම..?
මහින්දය දැම්මද නොදම්මද කියන එක ගැටළුවක් නෑනේ බං..
මොකද මිනිහ ජනාධිපති ධූරේ දිගටම ඉන්නවනේ...
පළාත් සභා වල පාලනය පිලිබදව ප්රබල බලතල දැන් ඉන්න ජනාධිපතිට තියෙනවා...
එත් බං විධායක බලතල දවස් 100කින් ජනාධිපතිගෙන් අහෝසි වෙලා ඒ බලතල පාර්ලිමේන්තුවට යනවනං උතුරට වෙනමම මොකද කරන්නේ කියන එක කියන්න ඕනේ..
දැන් මේ කියන විදිහට ඉස්සෙල්ලම රනිල් බලවත් වෙනවා... ඊට පස්සේ පාර්ලිමේන්තුවට බලය ගිහිල්ල රටටම එක විදිහට සලකනවා...
දැන් ඉන්න හැම මහ ඇමති කෙනෙක්ම ජනාධිපතිගේ බලතල වලට යටවෙලයි ඉන්නේ...
එත් ඔය විධායකය මේ ප්රතිපත්ති ප්රකාශනයේ තියෙන විදිහට අහෝසි කරොත් එහෙම මහ ඇමති කියන කෙනා ප්රබල විදිහට බලසම්පන්න වෙනවා..
එතකොට උතුරේ විග්නේශ්වරන් එහෙම මොනවා නොකරයි ද...
උතුරට වෙනමම කරන දෙයක් කියන්න ඕනේ...
එහෙම නැතුව නිකං විධායකය අහෝසි කරනවා කියන්නේ මාර කේස් එකක්...
උතුරේ පාලනය කෙලින්ම එතකොට දෙමල නායකයන්ගේ අතට යනවා...
එක බරපතලම ගැටළුවක් වෙනවා...