අම්මා, තාත්තා එකක් හොයල දෙන්නේ නැතා... මට වැඩ ගොඩාක් කරගන්න ඕනේ... ඕවා ගැන හිතලා බෑ
අනේ මන්ද බන්. ඔහොම හිතලා මට නම් කෙලවුනා
අම්මා, තාත්තා එකක් හොයල දෙන්නේ නැතා... මට වැඩ ගොඩාක් කරගන්න ඕනේ... ඕවා ගැන හිතලා බෑ
කෙල්ලෙක් හොයාගන්න විධියක් කියපන්. හොඳ ගතිගුණ තියෙන.
මම හිතුව ඕකට එය ඉරනම අත්වෙයි කියලා.![]()
ඒක නම් ඉතිං ඉන්න තැන අනුව, හිත යන කෙල්ල අනුව, කෙල්ලව මුන හැහෙන වෙලාව අනුව වෙනස් වෙනවා බං. ලෝකෙට ලස්සන කෙල්ලෙක් නෙවෙයි තමන්ට ලස්සන කෙල්ලෙක් හොයාගන්න කියන්නේ ඒකයි. හරි කෙල්ල දැක්කම වෙනස්ම හැගීමක් හිතට දැනෙනවා බං. එත කොට ටික ටික කතාකරලා බලනකොට ගතිගුන ටික ටික හිතට දැනෙනවා.
මම කැමති කෙල්ලෝ හම්බ වෙනවා බන්. එත් උන් එක්ක කතා කරනකොට මට උන්ව එපා වෙනවා. කොච්චර shallow ද, කියල හිතෙනවා බන්. එච්චරම තමා
ඒක නෙවෙයි ඔය කොල්ලෝ කියන්නේ. සමහර කෙල්ලෝ ආදරය කරන්නේ සල්ලි වලට විතරයි ඒකයි අව්ල. සමහර බැදපු අයත් කොල්ලට ටිකක් සල්ලි නැති වෙලා හිර වෙච්ච ගමන් ඌට සලකන්නේ බල්ලටත් වඩා අන්ත විදිහට. ඒ අය නිකමට වත් හිතන්නෙ නෑ මේක අපේ පව්ල, බැන්දම දෙන්නගේම ජීවිත එකක් කියලා. ඔන්න ඔතනයි වැරැද්ද වෙන්නේ.
කෙල්ලෙක් ආරක්ෂාව, තමන්ව නඩත්තු කරන්න පුලුවන් හැකියාව කොල්ලගෙන් බලාපොරොත්තු වෙනවා තමයි. ඒක කොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මොකද කෑම බීම, බෙහෙත්, ගමන් වියදම් වගේ දේවල් වලට දැන් අනිවාර්යෙන් සල්ලි එපැයි. ඒ නිසා කොල්ලෝ දැනගන්න ඕනේ ආර්ථීකය ශක්තිමත් කර ගන්න. සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලගේ ජොබ් එකෙන්, දෑවැද්දෙන් තමන්ගේ ජීවිත සාර්ථක කර ගන්න බලාගෙන ඉන්නවා. එහෙම කොල්ලංව නම් ලබන්න කෙල්ලෝ පව් කරලා තියෙන්න ඕනේ.
අපේ සංකෘතිය ඇතුලේ ගැහැනු පිරිමි දෙගොල්ලට ජීවත් වෙන්න රටාවක් තියනවා. ඒ රටාවෙන් පිට පැන්නොත් එක එක ප්රශ්න ඇති වෙනවා. ගෙදර භාන්ඩාගාරික වෙන්න ඕනේ බිරිද. මනුස්සයා හම්බුකරලා ගේන සල්ලි හරි විදිහට කළමනාකරණය කරලා ජීවිතේ ගෙනියන්න බිරිදට හැකියාව තියෙන්න ඕනේ. ඕකට බුද්ධිය කෙල්ලට තිබුනේ නැත්තං මිනිහා ඉවරයි. මනුස්සයට තමන්ගේ බිරිද ගැන පූර්ණ විස්වාසයක් ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනේ. ඒකට මුල්වෙන්නේ දෙන්නගේ හිත්වල ආදරය. ඔය ආදරය යෝජිත විවාහයකින් ඇති කරගන්න අමාරුයි. ඒ නිසා වයස පණින්න කලින් යාලුවෙලා හොදින් එකිනෙකා අවබෝධ කර ගන්න. එතනදි තමන්ගැන අධිමානයක් තියා ගන්න එපා. යාලුවෙන කෙනා තමන්මයි කියලා හිතල වැඩ කරහම ගැටලු ඇති වෙන එකක් නෑ.


ඒ කියන්නේ තාම උඹට හරි යන කෙනා හම්බුවෙලා නෑ බං. ඔය හිත යන්නේ රූපෙට විතරයි. ගොඩක් කොල්ලංට එහොමයි.
ඒ කියන්නේ තාම උඹට හරි යන කෙනා හම්බුවෙලා නෑ බං. ඔය හිත යන්නේ රූපෙට විතරයි. ගොඩක් කොල්ලංට එහොමයි.
අනේ මන්ද බන්. ඔහොම හිතලා මට නම් කෙලවුනා
