☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙල්ලෙක් හොයාගන්න විධියක් කියපන්. හොඳ ගතිගුණ තියෙන.

    ඒක නම් ඉතිං ඉන්න තැන අනුව, හිත යන කෙල්ල අනුව, කෙල්ලව මුන හැහෙන වෙලාව අනුව වෙනස් වෙනවා බං. ලෝකෙට ලස්සන කෙල්ලෙක් නෙවෙයි තමන්ට ලස්සන කෙල්ලෙක් හොයාගන්න කියන්නේ ඒකයි. හරි කෙල්ල දැක්කම වෙනස්ම හැගීමක් හිතට දැනෙනවා බං. එත කොට ටික ටික කතාකරලා බලනකොට ගතිගුන ටික ටික හිතට දැනෙනවා.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒක නම් ඉතිං ඉන්න තැන අනුව, හිත යන කෙල්ල අනුව, කෙල්ලව මුන හැහෙන වෙලාව අනුව වෙනස් වෙනවා බං. ලෝකෙට ලස්සන කෙල්ලෙක් නෙවෙයි තමන්ට ලස්සන කෙල්ලෙක් හොයාගන්න කියන්නේ ඒකයි. හරි කෙල්ල දැක්කම වෙනස්ම හැගීමක් හිතට දැනෙනවා බං. එත කොට ටික ටික කතාකරලා බලනකොට ගතිගුන ටික ටික හිතට දැනෙනවා.

    මම කැමති කෙල්ලෝ හම්බ වෙනවා බන්. එත් උන් එක්ක කතා කරනකොට මට උන්ව එපා වෙනවා. කොච්චර shallow ද, කියල හිතෙනවා බන්. එච්චරම තමා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කැමති කෙල්ලෝ හම්බ වෙනවා බන්. එත් උන් එක්ක කතා කරනකොට මට උන්ව එපා වෙනවා. කොච්චර shallow ද, කියල හිතෙනවා බන්. එච්චරම තමා

    ඒ කියන්නේ තාම උඹට හරි යන කෙනා හම්බුවෙලා නෑ බං. ඔය හිත යන්නේ රූපෙට විතරයි. ගොඩක් කොල්ලංට එහොමයි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලබු කොළ දැවටුම


    අවශ්‍ය ද්‍රව්‍ය
    ලපටි ලබු කොළ ( දිය ලබු) කොල 5-6
    හාල් පිටි මිටක් දෙකක් පමණ
    අමු මිරිස් කරල් 2
    රතු ළූණු ගෙඩි 10ක්
    සුදු ළූණු බික් 3
    රම්පෙ
    කරපිංචා
    තුනපහ කුඩු
    මිරිස් කුඩු
    අබ

    ගම්මිරිස්
    පොල් තෙල්
    දියලුණු
    කහකුඩු

    සාදන ක්‍රමය
    ලබු කොළ සෝදා දිය සිදුනාට පසු හාල් පිටි , ලුණු , කහ කුඩු, අබ. සුදු ළුණු එකට මිශ්‍රකර අඹරා ලබු කොල ඇතුලත ආලේප කර රෝලක් සේ ඔතා ඉරටුවකින් රදවන්න.මෙම ලබු කොළ රෝල් වන්ඩුවේ ලිප තබා හොදින් පිට්ටු තම්බන ආකාරයා තම්බා කෑලි වලට කපා ගන්න. ( චොක්ලට් රෝල් ආකාරයට මෙය දිස්වේ වෙතින් උපුටා ගැනීමකි

    ඊට පසු පොල් තෙල් ලිප තබා ළූණු තුනපහ , ගම්මිරිස් ආදිය මදක් කරවිමට හැර එයට පොල් කිරි මිශ්‍ර කර පොල් කිරි පැසුනාට පසු සකසා ගත් ලබු කොළ එයට දමා හොදින් දෙපැත්ත හරවා මදගින්නනේ පිස ගන්න.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    32269_1280437618583_1459337632_30587546_1657854_n.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක නෙවෙයි ඔය කොල්ලෝ කියන්නේ. සමහර කෙල්ලෝ ආදරය කරන්නේ සල්ලි වලට විතරයි ඒකයි අව්ල. සමහර බැදපු අයත් කොල්ලට ටිකක් සල්ලි නැති වෙලා හිර වෙච්ච ගමන් ඌට සලකන්නේ බල්ලටත් වඩා අන්ත විදිහට. ඒ අය නිකමට වත් හිතන්නෙ නෑ මේක අපේ පව්ල, බැන්දම දෙන්නගේම ජීවිත එකක් කියලා. ඔන්න ඔතනයි වැරැද්ද වෙන්නේ.

    කෙල්ලෙක් ආරක්ෂාව, තමන්ව නඩත්තු කරන්න පුලුවන් හැකියාව කොල්ලගෙන් බලාපොරොත්තු වෙනවා තමයි. ඒක කොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මොකද කෑම බීම, බෙහෙත්, ගමන් වියදම් වගේ දේවල් වලට දැන් අනිවාර්යෙන් සල්ලි එපැයි. ඒ නිසා කොල්ලෝ දැනගන්න ඕනේ ආර්ථීකය ශක්තිමත් කර ගන්න. සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලගේ ජොබ් එකෙන්, දෑවැද්දෙන් තමන්ගේ ජීවිත සාර්ථක කර ගන්න බලාගෙන ඉන්නවා. එහෙම කොල්ලංව නම් ලබන්න කෙල්ලෝ පව් කරලා තියෙන්න ඕනේ.
    අපේ සංකෘතිය ඇතුලේ ගැහැනු පිරිමි දෙගොල්ලට ජීවත් වෙන්න රටාවක් තියනවා. ඒ රටාවෙන් පිට පැන්නොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා. ගෙදර භාන්ඩාගාරික වෙන්න ඕනේ බිරිද. මනුස්සයා හම්බුකරලා ගේන සල්ලි හරි විදිහට කළමනාකරණය කරලා ජීවිතේ ගෙනියන්න බිරිදට හැකියාව තියෙන්න ඕනේ. ඕකට බුද්ධිය කෙල්ලට තිබුනේ නැත්තං මිනිහා ඉවරයි. මනුස්සයට තමන්ගේ බිරිද ගැන පූර්ණ විස්වාසයක් ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනේ. ඒකට මුල්වෙන්නේ දෙන්නගේ හිත්වල ආදරය. ඔය ආදරය යෝජිත විවාහයකින් ඇති කරගන්න අමාරුයි. ඒ නිසා වයස පණින්න කලින් යාලුවෙලා හොදින් එකිනෙකා අවබෝධ කර ගන්න. එතනදි තමන්ගැන අධිමානයක් තියා ගන්න එපා. යාලුවෙන කෙනා තමන්මයි කියලා හිතල වැඩ කරහම ගැටලු ඇති වෙන එකක් නෑ.

    කට අරින්ට සුදු අයියේ පාන් කැල්ලක් දාන්ට...අම්මපා....:love::love:

    ඒ කියන්නේ තාම උඹට හරි යන කෙනා හම්බුවෙලා නෑ බං. ඔය හිත යන්නේ රූපෙට විතරයි. ගොඩක් කොල්ලංට එහොමයි.

    මාත් මෙයාට ඕකම කිවුවා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒ කියන්නේ තාම උඹට හරි යන කෙනා හම්බුවෙලා නෑ බං. ඔය හිත යන්නේ රූපෙට විතරයි. ගොඩක් කොල්ලංට එහොමයි.

    අනේ මන්ද බන්, මට හරියන කෙල්ලෝ නැතුව ඇති බන්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    කැරිම පාර....

    ‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
    ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'