ඒකනේ බං.. කිසිම තේරුමක් තියෙන වැඩක්ද.. රට වටේම මීටින් තියනවා.. ඒ තියන හැම මීටින් එකකටම අහිංසක මිනිස්සුන්ගෙ සමෘද්ධිය කපනවා කියලා බය කරලා තමා ඕවට ගේන්නෙ.. ඕවා නොම්මර එකේ බලු වැඩ බං.. අනික බලපං සාරි වලට, ටී ෂර්ට් වලට, ඩේ කාඩ්ස්, අත් පත්‍රිකා, පත්තර වලට කීයක් වියදම් කරලද කියලා.. මං දැක්කා සමහර මිනිස්සුන්ගෙ අතේ ඩේ කාඩ්ස්, අත් පත්‍රිකා, පත්තර මිටි ගණන් තියෙනවා.. ඒ මදිවට පාර පුරාම ඩේ කාඩ්ස්.. අපේම සල්ලිනේ ඉතිං..
පැනඩෝල් දෙකක් ගැහුවා බං.. වැඩක් කරන්න හම්බවුනෙත් නැහැ අද.. ඇවිත් නිදාගත්තා.. ඇඟට අමුත්තක් දැනුණ නිසා.. ඒපාර කෙල්ල ආවා.. ඒකිත් එක්ක යාළුවන්ගෙ ගෙදර ගියා.. ඇඟට හරි නෑ කිව්වා නම් බය වෙනවා ඒකි.. මොකද අර කේන්දර කේස් එක තවම හිතේ තියෙනවා..
අනේ මන්දා බං.. මං දැක්කා නිව්ස් වලත් කියනවා.. එකදාස් නවසිය දාහතරෙද ඔන්න ඔහොම බර ඈත කාලෙකලු මේ වගේ වරුසාවක් අන්තිමට වැහැලා තියෙන්නෙ.. සෑහෙන්න මිනිස්සු අනාතයි බං.. පවු.. ඔන්න බලපං වැඩේ කියන්නෙ හරියටම සුනාමිය ඇවිත් අවුරුදු දහයයි..
ඔව් මචන් නාස්ති කරන සල්ලිවලින් අහිංසක පොඩි එවූන් ටිකකට පොත් අරන් දුන්න නම් අඩුගානේ උන්ට ඉගෙනගන්න ගැම්මක් වෙනවා.

විටමින් C ටිකක් හරි ගහපන්. පැනඩෝල් වලින් ලෙඩේට බෙහෙතක් වෙන්නේ නෑ. විවේකෙන් ඉඳපන්. සනීප වුනහම බොධිපූජා කරපන් කෙල්ල එක්ක ගිහින්. උඹ ඉන්නේ බෙල්ලන්විල කිට්ටුව නම් බෙල්ලන්විල පන්සල එඅ වැඩේට කියාපු.
මේ වැස්ස ගැන එක එක්කෙනා, එක එක කතා කියනවා මචන්. මේක දේව කෝපයක් කියනවා. සමහරු කියනවා මේක චන්දෙට ඉස්සෙල්ලා රට හෝදලා දාන සීන් එකක් ලු. මොකක් වුනත් උඹ කිව්වා වගේ සුනාමියෙන් අවුරුදු 10කට පස්සේ මිනිස්සුන්ට ආපහු ව්‍යසනයක්.
හැම එකෙන්ම පරිප්පු කන්නේ දුප්පත් මිනිස්සු මචන්. 





