මෙන්න තව එකක්. (මම තමා ප්රධාන නළුවා කටහඩ වෙනස් කරන්න පුළුවන් නිසා)
අපේ සීන්නෙක් හිටියා හොදට ගසන සහ මල පනින. තිලක් කියමු කෝ නම. පොර වීක් එන්ඩ් එකේ ගෙදර ගිය වෙලාවක අපි රෑ 10.30 විතර කෝල් කරනවා ගෙදර ලෑන්ඩ් ලයින් එකට.
මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
තිලක් - නෑ අපෙ හාමුදුරුවනේ මේ පාදුක්ක, මේ පැත්තෙ නම් එහෙම ආරංචියක් නෑ හාමුදුරුවනේ...
මම- හා මහත්තයෙ පොඩ්ඩක් ඇහිල්ලෙන් ඉන්ට...තෙරුවන් සරණයි!!
තිලක් - තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
ආයේ රෑ 11ට විතර ආයෙ කතා කරනවා.
මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
තිලක්- හාමුදුරුවනේ කලිනුත් මට කතා කලා. මේ පැත්තට ඇවිත් නෑ හාමුදුරුවනේ මම ආරංචි කරල බැකුවා.
මම- හා මහත්තයො එහෙනං තෙරුවන් සරණයි!
ආයේ රෑ 11.30 විතර
මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
තිලක් - හාමුදුවනේ කලින් කීව නේ මෙහෙට ඇවිත් නෑ. ආව නං අපිට ආරංචි වෙනව නේ අපි ගමේ මිනිස්සු නේ....
මම- හා හොදයි මහත්තයො..තෙරුවන් සරණයි!
රෑ 12ට විතර
මම - මම මේ අලිය කතා කරන්නේ. පොඩි හාමුදුරුවො මං ගැන ඇහුව ද?
තිලක් - තොගෙ අම්මට **&&%&&^& *&^&^%$$^ &&^%%%$ &^%%%^& පර බල්ලා රෑ දෙගොඩ හරි ජාමේ නිදා ගන්න දෙන්නෙ නැතුව **&^ ද කැ%%^^& වේ **& බල්ලා!