යෙප්.....
ඇත්තට ම දෙව්රංගි කියන්නේ ඉතාම කලාතුරකින් මනුස්යෙකුට ලැබෙන නිසග හැකියාවක් ඇති කෙනෙක්. ඇගේ හැකියාව තමා ආත්මයේ අන්තිම කෙළවර හැංගිලා තියන මනුස්සකම් වලට කොනිත්ති ගහල රිද්දලා, එහෙම මනුස්සකං අපේ හදවතේ පතුලෙ තියනව කියල අපට මතක් කරල දෙන එක.....
ඇය ලියපු මතක බණ ඉවරයි නිර්මලා කියන කවිය කියවලා මම අඩල තියනවා....ඇගේ කාව්‍ය ආඛ්‍යයන රීතිය මගේ නම් හදවත අන්තිමට ම රිද්දවන විදියේ එකක්. 40 අවුරුද්දක් වයස වෙච්චි පරිනත මනුස්සයෙක්ව අඩවනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. අනික නිතර අඩන්නේ නැති මට, ඇගේ කවි කියවල කදුලු පිට කරන්න ලැබීම පුදුම විදියේ සහනයක් වෙන අවස්ථා තියනවා.
ඇය තමා මගේ එළකිරි වීරවරිය.............