☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං තෝන්තුවෙන් පසුවෙන කුකුලෙනි කිකිලියනි.....
    උදේ පාන්දර තඩි සයිස් කැවිල්ලකගේ හඬින් මුසපත් වීයෑ මා සිටිනුයේ...
    අහෝ ඒ හඬ කෙතරම් සුමිහිරිද....
    බිරින්දෑ අමතලා වගේ.....:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙව 6.40ට මාතර බලා පිටත් වේ.
    එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල..
    ගාල්ලේ සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත..

    ඔන්න ඔහොමයි මං පොඩි කාලේ උදේ 6.40ට මරදානෙන් මාතර බලා පිටත් වෙන කෝච්චියට මරදාන ඉස්ටේසමෙන් දෙන එනවුන්ස්මන්ට් එක. මයේ අම්මා ගුරුවරියක්.. දෙවනි පන්තියේ දුම්රිය ගමන් අවසර පත්තරයක් උන්දැට තිබුනා. (තාම තියෙනවා) ඔය වොරන්ට් එක අරගෙන අම්මයි තාත්තයි, නංගියි එක්ක ආච්චි බලන්න අප්‍රේල්, අගොස්තු, දෙසැම්බර් කියන ඉස්කෝල නිවාඩු කාල තුනේම අපි මාතර යනවා.
    දෙසැම්බර් නිවාඩුවට මාතර යන ගමනට නොවැම්බර් පලවෙනිදා ඉඳං මමයි නංගියි දවස් ගනිනවා. ගමේ යන දවසේ උදේ පාන්දර නැගිටලා මූන හෝදලා ලේස්ති වෙලා ඉන්නේ මරදාන ඉස්ටේසමට යන්න ආටා එකක් එනකං. ගොඩක් වෙලාවට ඉස්ටේසමට යන්න කලින් දවසේ රෑ කථා කරගන්නේ ගෙවල් ගාව බන්දු මාමාගේ ආටා එක. බන්දු මාමට උදේ 5.30ට ට විතර එන්න කියන්නේ කලින් ගිහින් ජනේලේ අයිනේ සීට් එකක් අල්ලගන්නයි..අපේ ගෙදර ඉඳං ඉස්ටේසමට යන්න විනාඩි 20කට අඩු මිසක් වැඩි වෙන්නේ නෑ. කොහොමත් 6 වෙන්න කලින් ටිකට් අරගෙන ප්ලැට් ෆෝර්ම් එකටත් ගිහිල්ලා. තාත්තා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය ආපු ගමන් ගොඩ වෙලා අපි 04 දෙනාට යන්න සීට් 04ක් අල්ලගන්නයි. කෝච්චිය නවත්වන්නත් කලින් පොරකාලා පොරකාලා තාත්තා කෝච්චියට ගොඩවෙලා සීට් අල්ලගන්නවා. අල්ලගන්නේ මුහුද පැත්තේ සීට්. උදේට ඒ පැත්තේ තමා ඉර අවුව ඇත්තේ. අපි ඇවිත් වාඩි උනාට පස්සේ තමා තත්වය ටිකක් සංසුන් වෙන්නේ. ඊට පස්සේ හිමිහිට මරදානේ කැටිම පැත්තට ගිහින් බිත්තර පාං, රෝල්ස් අරගෙන ඇවිත් දෙනවා කන්න අපිට.
    ඔය අතරේ මම කරන්නේ එලියට බැහැලා දුවලා දුවලා ගිහින් ඇන්ජිම මොකද්ද කියලා බලාගන්න එක. ගොඩක් වෙලාවට ඔය කෝච්චියට සෙට් වෙන්නේ M4 එකක්. ඇන්ජිමේ නම මොකද්ද කියලා බලාගෙන ඇවිත් මම නංගිට කියනවා. එයා බලාගෙන ඉන්නේ මම ඇන්ජිමේ නම බලාගෙන එනකන්. ඊට පස්සේ මමයි නංගියි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය කොයි වෙලේද පිටත් වෙන්නේ කියලා. හරියටම 6.40ට බෙල් එක වදිනවා. "දඩස්" සද්දෙකුත් එක්ක ඇන්ජිමේ හොර්න් එක ගහගෙන කෝච්චිය මාතර බලා පිටත් වෙනවා. කොටුවෙන් කෝච්චිය ෆුල් පැක් වෙනවා. ගාල්ලට යනකන්ම එක දිගට සෙනඟ ඉන්නවා ඔය කෝච්චියට. මුහුද දිහා බලාගෙන, ඉස්ටේෂන් වල නම් බල බල, පාරේ තියෙන ගස් කොලන් වල කොල කඩ කඩ, ජනේලෙන් ඔලුව එලියට දාගෙන එන හුළඟට කොන්ඩේ උඩ යනවා බල බල මම මාතර යනවා...

    "බනිස්, මාලු පාං, බිත්තර පාං, රෝල්ස්"
    "වඩ වඩ,බනිස්, මාලු පාං, බිත්තර පාං"
    "රෝල්ස් උණු උණුවෙන්"

    ඔය වචන ටික කෝච්චියේ ඇහෙන්න පටන් ගන්නේ අලුත්ගම පහු කරාම. කොච්චර බඩගිනි නැතත් තාත්තාගේ මූන බලන්නේ අපි දෙන්නා එකටමයි. අපි දෙන්නගෙම අවශ්‍යතාවය බිත්තරා පාං. තාත්තා අරං දෙනවා ඉතිං. ඕක කකා ආයේ ජනේලෙන් ඔලුව දාගෙන යනවා කෝච්චියේ..
    ගාල්ලට කෝච්චිය එනකොට 10-10.15 වෙනවා. ගාල්ලෙන් පස්සේ සීඝ්‍රගාමී දුම්රිය මන්දාගාමී වෙනවා කියලා මම මුලින්ම කිවා නේ. ගාල්ලෙන් පස්සේ තියෙන හැම ඉස්ටේසමකම කොච්චිය නවත්වනවා. නවත්තපු ගමන් මම දුවන්නේ ඇන්ජිම කෝච්චියෙන් ගලවනවා බලන්න. M4 එකට මම පොඩි කාලේ ඉඳංම පට්ටම ආසයි ආදරෙයි. ලඟට ගිහින් ඇන්ජිම පොඩ්ඩක් හරි අල්ලන්න ඕනේ මට. අපේ කෝච්චියෙන් ගලවපු ඇන්ජිම කෙලින්ම යන්නේ ගාල්ලේ ටර්න් ටේබල් එකට...ටර්න් ටේබල් එක ගාවට යන්න මට බෑ. ඒ කාලේ පොඩි එකා නේ. ඒ නිසා ප්ලැට් ෆෝර්ම් එකේ ඉඳං බලාගෙන ඉන්නවා ඇන්ජිම අනිත් පැත්ත හැරවෙන හැටි. ඒ කාලේ මාතර - වවුනියාව රජරට රැජිණ මාතරින් පිටත් වෙන්නේ උදේ 9.35ට. ගොඩක් වෙලාවට මාතරින් කෝච්චිය එවන්නේ M7 එකක් හරි W3 එකක් හරි අමුනලා.. අර තඩි රැජින ඇදගෙන ගාල්ලට එනකොට 10.45 වත් වෙනවා. ගාල්ලෙදි අපි ආපු කෝච්චියේ ඇන්ජිම රැජිනට අමුනලා රැජිනේ ආපු ඇන්ජිම අපේ කෝච්චියට අමුනනවා. M4 එක සෙට් කරාට පස්සේ රැජින බුලට් එක වගේ.. මාතර කෝච්චියට කලින් රැජින යන්න පිටත් වෙන්නේ සෑහෙන දුරක් යන්න තියෙන නිසා. දුකෙන් උනත් රැජින වවුනියා යන හැටි මම ප්ලැට් ෆෝර්ම් එකට වෙලා බලාගෙන ඉඳලා අපේ කෝච්චියට ගොඩවෙනවා. ඔය ඔක්කොම සෙල්ලම් ටික වෙලා අපේ
    කොච්චිය මාතර යන්න පිටත් වෙනකොට 11 පහු වෙනවා. ගාල්ලෙන් පස්සේ කෝච්චිය සෑහෙන දුරට හිස්. සෙනඟ බොහෝම අඩුයි.. ගාල්ලෙන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා පා පුවරුවේ ගමන් කරන්න. අම්මා නම් එක හෙලාම එපා කියද්දි තාත්තා කියන්නේ "කොල්ලෝ උනාම පුරුදු වෙන්නත් එපැයි" කියලා විතරයි. තාත්තාගේ අවසරයෙන් පා පුවරුවට මම දුවලා යනකොට නංගිගේ මූන හොඳ නෑ..
    ගාල්ලෙන් පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. සම්පූර්ණයෙන්ම ගැමි වටපිටාවක්. පොල්ගස් පේලියට, එක තැනක පොල් මලක් මදිනවා, ලණු වියනවා, බයිසිකල් වලින් එහේ මෙහේ යනවා. කරත්ත, මාලු වෙලඳාම, එක තැනක ගමේ පොලක්, තව තැනක පොඩි කඩමංඩියක්, පොඩි ළමයි සෙල්ලම් කරනවා. උන් කෝච්චිය එනකොට ඈතට දුවලා යනවා. ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා. මුහුදුබඩ මාර්ගයේ ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි තල්පේ කියන්නේ. තල්පේ ඉස්ටේසමේ අනිවාර්යෙන්ම මම බහිනවා. බැහැලා ඉස්සරහට දුවලා ගිහින් ආයේ කෝච්චියට ගොඩවෙනවා. හබරාදූව, කොග්ගල, කතලුව, අහංගම, මිදිගම, කුඹල්ගම, වැලිගම, මිරිස්ස, කඹුරුගමුව, වල්ගම, මාතර. ඔන්න ඔහොමයි ඉස්ටේසන් ටික තිවුනේ.. හැමදාම කෝච්චිය මාතර එනකොට 12.30 කිට්ටු වෙනවා. මාතරින් බහිනකොට හැමෝටම ගොඩක් වෙහෙසයි. ඒත් මගේ හිතේ නම් පුදුම සන්තෝසයකුත් එක්ක මතකසටහන් ගොන්නක් සටහන් වෙලා ඉවරයි.. ඉස්ටේසමෙන් එලියට එනකොට දැං තියෙන්නේ ත්‍රිවීල්. ඉස්සර තිබුනේ තිරික්කල. එලියට ආපු ගමන් කඩෙන් ක්‍රීම් සොඩා බොතල් දෙකක් තාත්තා ගන්නවා. මටයි තාත්තටයි එකක්. අම්මටයි නංගිටයි එකක්. ඉස්ටේෂන් එකේ ඉඳං පාරට ඇවිත් අකුරැස්ස බස් එකේ නැගලා ආච්චිලෑ ගෙදර යනවා..

    මේ ටික ලියන්න හිතුනේ මං පොඩි කාලේ ආච්චි බලන්න ගමේ ගිය හැටි මතක් වෙලා. මේ කාලේට මම පුදුන විදියට ආදරෙයි...ආයේ කවම කවදාවත් ඔය විදියට අපි 04 දෙනාට මාතර යන්න ලැබෙන්නේ නෑ. ආයේ කවම කවදාකවත් බිත්තර පාං, ක්‍රීම් සොඩා අරන් දෙන්න මගේ තාත්තාට පුළුවන් කමක් නෑ.
    දැං හැමදේම වෙනස් වෙලා. රාජකාරි කටයුතු අපේ ජිවිත බිලිඅරගෙන ඉවරයි. දැං ආච්චි බලන්න මාතර යන්නේ හයි වේ එකේ. රෑ 10ට විතර ගෙදරින් යනවා කාර් එකේ. 12ටත් කලින් ආච්චිලගේ ගෙදර. එක්කෝ අම්මලා වෙනම. මම වෙනම. පුදුම කරුම ජිවිතයක් කියලා හිතෙනවා වෙලාවකට. දුක හිතිලා මේක ලිව්වේ.

    316711_10150343670756418_3673489_n.jpg

    304759_10150343674291418_1421085_n.jpg

    316693_10150343674836418_3490798_n.jpg

    320954_10150343676246418_2469593_n.jpg

    316603_10150343674026418_1634482_n.jpg

    311964_10150343677666418_57032_n.jpg
     
    • Like
    Reactions: RIDER89

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    :(:( ඒ කාලේ ...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුකයි බං අයියේ.... :(
    අපි දැන් මේ ගෙවන්නේ මොන කාළකන්නි ජීවිත ද කියල හිතෙනව බං.:dull:

    ජිවිතේ අවදානමට තියල ගත්ත කික් එක දැන් නැ ජීවිතේ. මලක් ගහල කවියක් ලියල, ඒක ෆැකල්ටි එකේ නෙතුඉමේ දැම්ම ම අනිත් උන් පෝලිමට ඒක කියවනව දැකල ගත්ත සතුට නෑ දැන් ජීවිතේ. පේරාදෙනියෙ කැම්පස් ග්‍රවුන්ඩ් එකේ කරටි කැඩෙන්න ගසල හද දිහා බලං පිනි නාද්දි දැනිච්ච ආතල් එක දැන් නෑ ජීවිතේ. පේරේ මල් පිපෙන කාලෙට ලෙක්චර්ස් කට් කරං කැමරාව උස්සං ගිහින් ෆොටෝ ගන්න කොට දැනිච්චි ආතල් එක දැන් නෑ ජීවිතේ. හොද ම යාළුවො තුන් හතර දෙනා එක්ක ගග ගාව බීල අමරදේව ගේ, කපුගේ ගෙ, සුනිල් ගේ, වික්ටර් ගෙ, නාට්‍ය වල සිංදු කියල මද පවනේ පාවෙවී බයිසිකල් පැදං පාරේ ආපු සුන්දරතාවය දැන් නෑ ජීවිතේ.....

    අපි මහ කාලකන්නි බං.......:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ගාල්ලෙන් පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. සම්පූර්ණයෙන්ම ගැමි වටපිටාවක්. පොල්ගස් පේලියට, එක තැනක පොල් මලක් මදිනවා, ලණු වියනවා, බයිසිකල් වලින් එහේ මෙහේ යනවා. කරත්ත, මාලු වෙලඳාම, එක තැනක ගමේ පොලක්, තව තැනක පොඩි කඩමංඩියක්, පොඩි ළමයි සෙල්ලම් කරනවා. උන් කෝච්චිය එනකොට ඈතට දුවලා යනවා. ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා.

    කියල වැඩක් නෑ:no:.... ඇඬුනා බං උබේ කතාවට........ +++

    ඊයෙ හවස ගෙදර ගිහින් කල්පනා කලේ කිඹුලා පාර අහපු එක ගැන...පුත්තලම පැත්තෙන් අනුරාදපුරේ යන්න කියලා තිබුණ නිසා මතක් කලේ පුත්තලමට නොයා බංගදෙනියෙන් හරවලා පල්ලම, ආණමඩුව, නවගත්තේගම හරහා, ගල්ගමුවට දාල යන්න පුළුවන් නේ කියලා....

    ඒක මතක් වෙද්දි මතක් උනේ ඉස්සර පුත්තලමේ වැඩ කරපු කාලේ....යන්න ආසම ප්‍රා.ලේ දෙක තමයි නවගත්තේගමයි, කරුවලගස්වැවයි:love:....

    ඒ දවස් වල හොඳටම දුෂ්කරයි...හරියට පාරක් නෑ...කඩයක් කියල හොඳ එකක් නෑ, යන්න තියෙන්නේ සීට් පුරා දූවිලි වැහිච්ච පරණ ලේලන්ඩ් බස්.....ඒකත් පැය දෙකකට එකක් වගේ තිබ්බේ......

    නවගත්තේගම ඉඳන් කරුවලගස් වැවට යන්න තියෙන්නේ තබ්බෝව කැලේ මැද්දෙන්:love::love:...ටිකදුරක් තාර, තව ටිකක් බොරලු, තව ටිකක් ගියාම පොඩි වැලි පාරක් තිබ්බේ ඒ දවස් වල.....ඒ හරියේ ගෙවල් නෑ...නිතර අලි ඉන්නවා....පට්ටම පාලුයි....සමහර දවස් වලට ඔය ටික යන්නේ බයික් එකේ....පට්ටම අව් කාස්ටකෙයි, මොණරු කෑ ගහන සද්දේ විතරයි වෙලාවකට ඇහෙන්නේ...

    මේ ළඟදි පොඩි වැඩකට ඒ පැත්තේ යැවුනා.....පාරවල් ගොඩක් කාපට් වෙලා, අලුත් ගෙවල්, කඩ සාප්පු හැදිලා..ටවුමේ සියල්ලක්ම ඒපැති වලටත් ගිහින්....දැන් අර ඉස්සර දකින්න තිබ්බ සරළ ගැමි පරිසරය නෑ.....:no:

    උඹේ විස්තරේ දැකලා මටත් මං ආස කරපු ඒ අතීතේ මතක් උනා
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි දැන් මේ ගෙවන්නේ මොන කාළකන්නි ජීවිත ද කියල හිතෙනව බං.:dull:

    ජිවිතේ අවදානමට තියල ගත්ත කික් එක දැන් නැ ජීවිතේ. මලක් ගහල කවියක් ලියල, ඒක ෆැකල්ටි එකේ නෙතුඉමේ දැම්ම ම අනිත් උන් පෝලිමට ඒක කියවනව දැකල ගත්ත සතුට නෑ දැන් ජීවිතේ. පේරාදෙනියෙ කැම්පස් ග්‍රවුන්ඩ් එකේ කරටි කැඩෙන්න ගසල හද දිහා බලං පිනි නාද්දි දැනිච්ච ආතල් එක දැන් නෑ ජීවිතේ. පේරේ මල් පිපෙන කාලෙට ලෙක්චර්ස් කට් කරං කැමරාව උස්සං ගිහින් ෆොටෝ ගන්න කොට දැනිච්චි ආතල් එක දැන් නෑ ජීවිතේ. හොද ම යාළුවො තුන් හතර දෙනා එක්ක ගග ගාව බීල අමරදේව ගේ, කපුගේ ගෙ, සුනිල් ගේ, වික්ටර් ගෙ, නාට්‍ය වල සිංදු කියල මද පවනේ පාවෙවී බයිසිකල් පැදං පාරේ ආපු සුන්දරතාවය දැන් නෑ ජීවිතේ.....

    අපි මහ කාලකන්නි බං.......:(:(

    අපේ රටේ කැම්පස් එකට සිලෙක්ට් වෙනවා කියන්නේ පුදුම අමාරු වැඩක්. ඒකට උත්සහය විතරක් නෙමෙයි. වාසනාවත් තියෙන්න ඕනේ. ඒ අතරින් කැම්පස් සිලෙක්ට් වෙලා පේරාදෙනිය කැම්පස් එකට සිලෙක්ට් වෙන්න පුරුවේ කරපු ටොම්බ සයිස් කුසලකර්ම තොගයක්ම තියෙන්න ඕනා කියලයි මට හිතෙන්නේ. උඹ ඔච්චර හොඳ කවියෙක්, සංවේදී මනුස්සයෙක් වෙන්න උඹේ කැම්පස් එක ලොවෙත් ලොකුම හේතුවක් බං අයියේ.. දැනටත් නුවර ගිහින් දවල් වරුවක කොළඹ එනවා ගලහා පාරට වාහනේ හැරවෙන්නේ නිකන්මයි.. කැම්පස් එක වටේ රවුමක් ගහලා වල ගාවට ගිහිල්ලා දුමක් දාලා (කොයි වෙලේ හරි ගුට්ටක් කනවා :baffled:) එන්නේ උඹලා විඳපු අපි නොවිඳපු ආතල් එක දශමයක් හරි ලැබේවිද බලන්නයි.. ඒත් උඹ මේ කියලා තියෙන ඒවත් එක්ක අයියේ අපි මහා අවාසනාවන්තයෝ කියලා හිතෙනවා බං... :dull:
    ජිවිතේ අවධානම උඹ ගත්ත නිසා හොඳ තැනක ඉන්නවා.. අපිටත් එහෙම කරන්න කියලා උඹ උපදෙස් දෙනවා. මම ඒ උපදේශ දෙපාරක් නොහිතා පිලිගන්නවා. තව ඉස්සරහට තවත් මේ රේස් එක දිග අමාරු වේවි. එතකොට මෙහෙමවත් ජීවිතය විඳගන්න බැරි වේවි. ඔය වගේ සුන්දර මතක සටහන් මතක් කර කර හිතින් අඬාවි..
    එහෙම වෙච්චි දවසට මම උඹේ ක්ලිනික් එක ගාව හවසට ඉඳිවි හඳට යන්න බලාගෙන... :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මලකඩ සුවද පෙරාගෙන ගෙදර එන්නේ :love::love:

    කොන්ඩේ මූණේ ඇස්වල දූවිලි පිරිලා... :( :( :(
    ආපි ගමන් ලිඳට ගිහින් නාගන්නවා. පැයක් විතර නානවා...
    නෑවට පස්සේ බඩගින්නක් එනවා.. අච්චිගේ රතු බත් එකයි, බලමාලු ඇඹුල්තියල් එකයි.... :dull: :dull:
    I miss those days... :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙව 6.40ට මාතර බලා පිටත් වේ.
    එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල..
    ගාල්ලේ සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත..

    ඔන්න ඔහොමයි මං පොඩි කාලේ උදේ 6.40ට මරදානෙන් මාතර බලා පිටත් වෙන කෝච්චියට මරදාන ඉස්ටේසමෙන් දෙන එනවුන්ස්මන්ට් එක. මයේ අම්මා ගුරුවරියක්.. දෙවනි පන්තියේ දුම්රිය ගමන් අවසර පත්තරයක් උන්දැට තිබුනා. (තාම තියෙනවා) ඔය වොරන්ට් එක අරගෙන අම්මයි තාත්තයි, නංගියි එක්ක ආච්චි බලන්න අප්‍රේල්, අගොස්තු, දෙසැම්බර් කියන ඉස්කෝල නිවාඩු කාල තුනේම අපි මාතර යනවා.
    දෙසැම්බර් නිවාඩුවට මාතර යන ගමනට නොවැම්බර් පලවෙනිදා ඉඳං මමයි නංගියි දවස් ගනිනවා. ගමේ යන දවසේ උදේ පාන්දර නැගිටලා මූන හෝදලා ලේස්ති වෙලා ඉන්නේ මරදාන ඉස්ටේසමට යන්න ආටා එකක් එනකං. ගොඩක් වෙලාවට ඉස්ටේසමට යන්න කලින් දවසේ රෑ කථා කරගන්නේ ගෙවල් ගාව බන්දු මාමාගේ ආටා එක. බන්දු මාමට උදේ 5.30ට ට විතර එන්න කියන්නේ කලින් ගිහින් ජනේලේ අයිනේ සීට් එකක් අල්ලගන්නයි..අපේ ගෙදර ඉඳං ඉස්ටේසමට යන්න විනාඩි 20කට අඩු මිසක් වැඩි වෙන්නේ නෑ. කොහොමත් 6 වෙන්න කලින් ටිකට් අරගෙන ප්ලැට් ෆෝර්ම් එකටත් ගිහිල්ලා. තාත්තා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය ආපු ගමන් ගොඩ වෙලා අපි 04 දෙනාට යන්න සීට් 04ක් අල්ලගන්නයි. කෝච්චිය නවත්වන්නත් කලින් පොරකාලා පොරකාලා තාත්තා කෝච්චියට ගොඩවෙලා සීට් අල්ලගන්නවා. අල්ලගන්නේ මුහුද පැත්තේ සීට්. උදේට ඒ පැත්තේ තමා ඉර අවුව ඇත්තේ. අපි ඇවිත් වාඩි උනාට පස්සේ තමා තත්වය ටිකක් සංසුන් වෙන්නේ. ඊට පස්සේ හිමිහිට මරදානේ කැටිම පැත්තට ගිහින් බිත්තර පාං, රෝල්ස් අරගෙන ඇවිත් දෙනවා කන්න අපිට.
    ඔය අතරේ මම කරන්නේ එලියට බැහැලා දුවලා දුවලා ගිහින් ඇන්ජිම මොකද්ද කියලා බලාගන්න එක. ගොඩක් වෙලාවට ඔය කෝච්චියට සෙට් වෙන්නේ M4 එකක්. ඇන්ජිමේ නම මොකද්ද කියලා බලාගෙන ඇවිත් මම නංගිට කියනවා. එයා බලාගෙන ඉන්නේ මම ඇන්ජිමේ නම බලාගෙන එනකන්. ඊට පස්සේ මමයි නංගියි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය කොයි වෙලේද පිටත් වෙන්නේ කියලා. හරියටම 6.40ට බෙල් එක වදිනවා. "දඩස්" සද්දෙකුත් එක්ක ඇන්ජිමේ හොර්න් එක ගහගෙන කෝච්චිය මාතර බලා පිටත් වෙනවා. කොටුවෙන් කෝච්චිය ෆුල් පැක් වෙනවා. ගාල්ලට යනකන්ම එක දිගට සෙනඟ ඉන්නවා ඔය කෝච්චියට. මුහුද දිහා බලාගෙන, ඉස්ටේෂන් වල නම් බල බල, පාරේ තියෙන ගස් කොලන් වල කොල කඩ කඩ, ජනේලෙන් ඔලුව එලියට දාගෙන එන හුළඟට කොන්ඩේ උඩ යනවා බල බල මම මාතර යනවා...

    "බනිස්, මාලු පාං, බිත්තර පාං, රෝල්ස්"
    "වඩ වඩ,බනිස්, මාලු පාං, බිත්තර පාං"
    "රෝල්ස් උණු උණුවෙන්"

    ඔය වචන ටික කෝච්චියේ ඇහෙන්න පටන් ගන්නේ අලුත්ගම පහු කරාම. කොච්චර බඩගිනි නැතත් තාත්තාගේ මූන බලන්නේ අපි දෙන්නා එකටමයි. අපි දෙන්නගෙම අවශ්‍යතාවය බිත්තරා පාං. තාත්තා අරං දෙනවා ඉතිං. ඕක කකා ආයේ ජනේලෙන් ඔලුව දාගෙන යනවා කෝච්චියේ..
    ගාල්ලට කෝච්චිය එනකොට 10-10.15 වෙනවා. ගාල්ලෙන් පස්සේ සීඝ්‍රගාමී දුම්රිය මන්දාගාමී වෙනවා කියලා මම මුලින්ම කිවා නේ. ගාල්ලෙන් පස්සේ තියෙන හැම ඉස්ටේසමකම කොච්චිය නවත්වනවා. නවත්තපු ගමන් මම දුවන්නේ ඇන්ජිම කෝච්චියෙන් ගලවනවා බලන්න. M4 එකට මම පොඩි කාලේ ඉඳංම පට්ටම ආසයි ආදරෙයි. ලඟට ගිහින් ඇන්ජිම පොඩ්ඩක් හරි අල්ලන්න ඕනේ මට. අපේ කෝච්චියෙන් ගලවපු ඇන්ජිම කෙලින්ම යන්නේ ගාල්ලේ ටර්න් ටේබල් එකට...ටර්න් ටේබල් එක ගාවට යන්න මට බෑ. ඒ කාලේ පොඩි එකා නේ. ඒ නිසා ප්ලැට් ෆෝර්ම් එකේ ඉඳං බලාගෙන ඉන්නවා ඇන්ජිම අනිත් පැත්ත හැරවෙන හැටි. ඒ කාලේ මාතර - වවුනියාව රජරට රැජිණ මාතරින් පිටත් වෙන්නේ උදේ 9.35ට. ගොඩක් වෙලාවට මාතරින් කෝච්චිය එවන්නේ M7 එකක් හරි W3 එකක් හරි අමුනලා.. අර තඩි රැජින ඇදගෙන ගාල්ලට එනකොට 10.45 වත් වෙනවා. ගාල්ලෙදි අපි ආපු කෝච්චියේ ඇන්ජිම රැජිනට අමුනලා රැජිනේ ආපු ඇන්ජිම අපේ කෝච්චියට අමුනනවා. M4 එක සෙට් කරාට පස්සේ රැජින බුලට් එක වගේ.. මාතර කෝච්චියට කලින් රැජින යන්න පිටත් වෙන්නේ සෑහෙන දුරක් යන්න තියෙන නිසා. දුකෙන් උනත් රැජින වවුනියා යන හැටි මම ප්ලැට් ෆෝර්ම් එකට වෙලා බලාගෙන ඉඳලා අපේ කෝච්චියට ගොඩවෙනවා. ඔය ඔක්කොම සෙල්ලම් ටික වෙලා අපේ
    කොච්චිය මාතර යන්න පිටත් වෙනකොට 11 පහු වෙනවා. ගාල්ලෙන් පස්සේ කෝච්චිය සෑහෙන දුරට හිස්. සෙනඟ බොහෝම අඩුයි.. ගාල්ලෙන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා පා පුවරුවේ ගමන් කරන්න. අම්මා නම් එක හෙලාම එපා කියද්දි තාත්තා කියන්නේ "කොල්ලෝ උනාම පුරුදු වෙන්නත් එපැයි" කියලා විතරයි. තාත්තාගේ අවසරයෙන් පා පුවරුවට මම දුවලා යනකොට නංගිගේ මූන හොඳ නෑ..
    ගාල්ලෙන් පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. සම්පූර්ණයෙන්ම ගැමි වටපිටාවක්. පොල්ගස් පේලියට, එක තැනක පොල් මලක් මදිනවා, ලණු වියනවා, බයිසිකල් වලින් එහේ මෙහේ යනවා. කරත්ත, මාලු වෙලඳාම, එක තැනක ගමේ පොලක්, තව තැනක පොඩි කඩමංඩියක්, පොඩි ළමයි සෙල්ලම් කරනවා. උන් කෝච්චිය එනකොට ඈතට දුවලා යනවා. ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා. මුහුදුබඩ මාර්ගයේ ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි තල්පේ කියන්නේ. තල්පේ ඉස්ටේසමේ අනිවාර්යෙන්ම මම බහිනවා. බැහැලා ඉස්සරහට දුවලා ගිහින් ආයේ කෝච්චියට ගොඩවෙනවා. හබරාදූව, කොග්ගල, කතලුව, අහංගම, මිදිගම, කුඹල්ගම, වැලිගම, මිරිස්ස, කඹුරුගමුව, වල්ගම, මාතර. ඔන්න ඔහොමයි ඉස්ටේසන් ටික තිවුනේ.. හැමදාම කෝච්චිය මාතර එනකොට 12.30 කිට්ටු වෙනවා. මාතරින් බහිනකොට හැමෝටම ගොඩක් වෙහෙසයි. ඒත් මගේ හිතේ නම් පුදුම සන්තෝසයකුත් එක්ක මතකසටහන් ගොන්නක් සටහන් වෙලා ඉවරයි.. ඉස්ටේසමෙන් එලියට එනකොට දැං තියෙන්නේ ත්‍රිවීල්. ඉස්සර තිබුනේ තිරික්කල. එලියට ආපු ගමන් කඩෙන් ක්‍රීම් සොඩා බොතල් දෙකක් තාත්තා ගන්නවා. මටයි තාත්තටයි එකක්. අම්මටයි නංගිටයි එකක්. ඉස්ටේෂන් එකේ ඉඳං පාරට ඇවිත් අකුරැස්ස බස් එකේ නැගලා ආච්චිලෑ ගෙදර යනවා..

    මේ ටික ලියන්න හිතුනේ මං පොඩි කාලේ ආච්චි බලන්න ගමේ ගිය හැටි මතක් වෙලා. මේ කාලේට මම පුදුන විදියට ආදරෙයි...ආයේ කවම කවදාවත් ඔය විදියට අපි 04 දෙනාට මාතර යන්න ලැබෙන්නේ නෑ. ආයේ කවම කවදාකවත් බිත්තර පාං, ක්‍රීම් සොඩා අරන් දෙන්න මගේ තාත්තාට පුළුවන් කමක් නෑ.
    දැං හැමදේම වෙනස් වෙලා. රාජකාරි කටයුතු අපේ ජිවිත බිලිඅරගෙන ඉවරයි. දැං ආච්චි බලන්න මාතර යන්නේ හයි වේ එකේ. රෑ 10ට විතර ගෙදරින් යනවා කාර් එකේ. 12ටත් කලින් ආච්චිලගේ ගෙදර. එක්කෝ අම්මලා වෙනම. මම වෙනම. පුදුම කරුම ජිවිතයක් කියලා හිතෙනවා වෙලාවකට. දුක හිතිලා මේක ලිව්වේ.

    316711_10150343670756418_3673489_n.jpg

    304759_10150343674291418_1421085_n.jpg

    316693_10150343674836418_3490798_n.jpg

    320954_10150343676246418_2469593_n.jpg

    316603_10150343674026418_1634482_n.jpg

    311964_10150343677666418_57032_n.jpg

    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියල වැඩක් නෑ:no:.... ඇඬුනා බං උබේ කතාවට........ +++

    ඊයෙ හවස ගෙදර ගිහින් කල්පනා කලේ කිඹුලා පාර අහපු එක ගැන...පුත්තලම පැත්තෙන් අනුරාදපුරේ යන්න කියලා තිබුණ නිසා මතක් කලේ පුත්තලමට නොයා බංගදෙනියෙන් හරවලා පල්ලම, ආණමඩුව, නවගත්තේගම හරහා, ගල්ගමුවට දාල යන්න පුළුවන් නේ කියලා....

    ඒක මතක් වෙද්දි මතක් උනේ ඉස්සර පුත්තලමේ වැඩ කරපු කාලේ....යන්න ආසම ප්‍රා.ලේ දෙක තමයි නවගත්තේගමයි, කරුවලගස්වැවයි:love:....

    ඒ දවස් වල හොඳටම දුෂ්කරයි...හරියට පාරක් නෑ...කඩයක් කියල හොඳ එකක් නෑ, යන්න තියෙන්නේ සීට් පුරා දූවිලි වැහිච්ච පරණ ලේලන්ඩ් බස්.....ඒකත් පැය දෙකකට එකක් වගේ තිබ්බේ......

    නවගත්තේගම ඉඳන් කරුවලගස් වැවට යන්න තියෙන්නේ තබ්බෝව කැලේ මැද්දෙන්:love::love:...ටිකදුරක් තාර, තව ටිකක් බොරලු, තව ටිකක් ගියාම පොඩි වැලි පාරක් තිබ්බේ ඒ දවස් වල.....ඒ හරියේ ගෙවල් නෑ...නිතර අලි ඉන්නවා....පට්ටම පාලුයි....සමහර දවස් වලට ඔය ටික යන්නේ බයික් එකේ....පට්ටම අව් කාස්ටකෙයි, මොණරු කෑ ගහන සද්දේ විතරයි වෙලාවකට ඇහෙන්නේ...

    මේ ළඟදි පොඩි වැඩකට ඒ පැත්තේ යැවුනා.....පාරවල් ගොඩක් කාපට් වෙලා, අලුත් ගෙවල්, කඩ සාප්පු හැදිලා..ටවුමේ සියල්ලක්ම ඒපැති වලටත් ගිහින්....දැන් අර ඉස්සර දකින්න තිබ්බ සරළ ගැමි පරිසරය නෑ.....:no:

    උඹේ විස්තරේ දැකලා මටත් මං ආස කරපු ඒ අතීතේ මතක් උනා

    පුත්තලම.. වෙනස්ම විදියේ පලාතක්.. හවස් වෙනකොට වෙනස්ම විදියේ කෑම වර්ග විකුණන්න තියෙන සංචාරයට සුදුසුම හරි අපුරු පලාතක්. උඹ මොනාද එහේ කොරේ? :nerd:

    පුත්තලමට කෝච්චියෙන් ගිය කතාවක් තියෙනවා. වෙලා තියෙන හැටියට දාන්නම්...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පුත්තලම.. වෙනස්ම විදියේ පලාතක්.. හවස් වෙනකොට වෙනස්ම විදියේ කෑම වර්ග විකුණන්න තියෙන සංචාරයට සුදුසුම හරි අපුරු පලාතක්. උඹ මොනාද එහේ කොරේ? :nerd:

    පුත්තලමට කෝච්චියෙන් ගිය කතාවක් තියෙනවා. වෙලා තියෙන හැටියට දාන්නම්...

    :nerd::nerd:
    11.gif

    එහේ අවුරුද්දක් විතර ප්‍රා. ලේ වල කොම්පීටර් හැදුවා....
    ගැමි පරිසරය වින්ඳා හොඳට...

    පල්ලම, කල්පිටිය, වනාතවිල්ලුව , කරුවලගස්වැව, නවගත්තේගම......දුෂ්කර පරිසරයේ විඳින්න දේ බොහොමයි.....

    ඒ පැති වලටම ආවේණික උප සංස්කෘති තියෙන්නේ

    කෑම නම් ඉතින් ගොඩක් වෙලාවට වඩේ, තෝස සහ සීෆුඩ් තමා.....

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කොන්ඩේ මූණේ ඇස්වල දූවිලි පිරිලා... :( :( :(
    ආපි ගමන් ලිඳට ගිහින් නාගන්නවා. පැයක් විතර නානවා...
    නෑවට පස්සේ බඩගින්නක් එනවා.. අච්චිගේ රතු බත් එකයි, බලමාලු ඇඹුල්තියල් එකයි.... :dull: :dull:
    I miss those days... :(

    :(:(:(:(:(:(:(:(:(:(
    :(:(:(:(:(:(:(:(:(:(
    :nerd::nerd::nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.