ඒක චාටර් වැඩක්නේ බං.. අපි හිතමු හොඳ කරන්න බැරි දරුණු රෝගයක් එහෙම නැත්තං අනතුරක් වෙච්ච කෙනෙක් කියලා.. ජීවිත කාලයම විඳවනවනේ බං.. අනික ඌ අනිත් අයටත් කරදරයක්නේ.. එහෙම කෙනෙක්ටවත් අවසර දෙන්නෙ නැද්ද.. වෛද්‍යවරයෙක් ලවාවත් මරන්න එන්නතකින් හරි..
නෑ බන් කිසිම හේතුවක් හින්ද ලංකාවේ euthanasia එහෙමත් නැත්තං mercy killing කියන එකට අවසර දෙන්නේ නෑ... දැන් අලුත් ප්‍රවණතාවයක් විදිහට හැම රටකම වගේ එකට අවසර දිදී එනවා.. නමුත් ලංකාවේ නං එක තාම legalize නෑ.. මාත් හිතනවා එකනං ලංකාවේ නීතිගත වෙන්න ඕනේ කියල... එත් බන් ලංකාව කියන්නේ සැර විදිහට සදාචාරය මත ගොඩනැගිච්ච රටක් නේ.. එහෙම රටක ඔය වගේ එකක් නීතිගත කරන එකත් එච්චර ලේසි නෑ...








