තිරය ඇරෙනවා නළුවො රඟනවා
පටි තදකර අපි බලා හිඳිනවා
මහ රජා වඩිනවා නූල් අදිනවා
කේවට්ටයො බඩ පිනුම් ගහනවා
නඟුට වනනවා කුණට නැමෙනවා
දේශ ප්රේමියො කෑ මොර දෙනවා
සිංදු කියනවා නැටුම් නටනවා
නරි කන්දට ගොස් පිස්සු කෙළිනවා
නෙළුම් කුලුනේ නඟිනවා
නෙළුම් පොකුණේ ගිළිනෙවා
කලා කාරයෝ තරඟෙට කඩේ දුවනවා
නීතිය කැලෑ වඳිනවා
කැලෑ නීතිය රජ වෙනවා
සංවේගය දැන් දෝරෙ ගලනවා
ළමයි අඬනවා
කුසගිනි පැතරෙනවා
කිරි නැති ලොට තන් සුළඟෙ වැනෙනවා
අම්මටසිරි උඹ ආවද.. එල එල.. මොකෝ කුකුලො බෑන් උනේ..? මොකක්ද හේතුව..?







