මේ ගහ කොළ , මේ පොළව ඔබගේය , එහෙත් ඒ සියල්ල ඔබ වෙනුවෙන් පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන් ද රැකිය යුතුය. පාලකයා යනු ඔබගේ දරුවන්ගේ උරුමයේ හිමිකරුවා නොව තාවකාලික භාරකරුවාය ” යන්න බරපතල ලෙස උල්ලංඝනය කරමින් ඔබ ඔබගේ පවුල් ගස සහ ඔබේ නෑහිතමිතුරන්ගේ පවුල් ගස්, පවුල් වනාන්තර බවට පත් කරමින් සිටී. ඒ අතර ඔබට මත වාදීව හා සංවිධානමය ලෙස අභියෝග කල අය අතරින් සමහරෙකුට මේ වන විට හිමිව ඇත්තේ අතුරුදහන් වීම හෝ රට අතහැර යෑම හෝ යන්න තවදුරටත් රහසක් නොවේ. දකුණේ හෝ උතුරේ දැන් ඇහැට පෙනෙන මිනී කඳු ගොඩගැහෙන්නේ නැති වුවද තුවක්කු සහ වාහන මෙහෙයුම් හරහා සැමකෙකුම ස්වයංවාරණයට පලා යැවෙන බියජනක මානසිකත්වයක් අනියමින් ගොඩනැඟීමට ඔබ ක්‍රියා කල අතර තව දුරටත් එසේ ක්‍රියා කරමින් සිටී.