☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සරලව ඔය ඇත නැත - ද්විකෝටිය
    සම්මුති වශයෙන් සත්වයාට ධර්මාවබෝධය සඳහා පහසුව පිණිස දේශනා කරලා තිබුණට,

    පරමාර්ථයේදී හෙවත් නිවනෙහි ඇත නැත භාවය නැති වෙන්නේ ඇතිවෙන්න නැති වූ කෙනෙකුත්,
    නැති වෙන්න ඇතිව තිබූ කෙනෙකුත් නෑ කියන,
    සියල්ල මායාවක් කියන අදහසේ න් නේද ?
    Budu hamuduruwo oya dekenma ahak wela thama uththara dunne. Atha natha kiyana kon dekata yanna epa.
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ශුන්නත්වය හෙවත් කිසිවක් නොමැති නම් අරමුණු වෙන්නේ නෑ කියල.

    ශූන්‍යයි කියන්නේ *මුකුත් නැ* කියන එක නෙමෙයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    ශූන්‍යයි කියන්නේ *මුකුත් නැ* කියන එක නෙමෙයි.
    එහෙනම්,
    මුකුත් නෑ කියන එකෙන් අදහස් කලේ, මුකුත් නැතිවෙන්න *මුකුත්* ( දෙයක් ) තිබුනෙ නෑ කියන එකද ?

    සංයෝජන ධර්ම 10න් මිඳුනම තමා රහත් වෙන්නේ, එතකොට සන්තානය අවිධ්‍යාවෙන් තොර සම්මා දිට්ඨිකයි. තෘෂ්නාවක්, උපාදානයක් නෑ. සත්ව පුද්ගල භාවයත් නෑ. නමුත් පළිබෝධ දුක - ජීවිතය පවත්වාගෙන යාමේ කෘත්‍යය කිරීමේ දුක, ආහාර ගැනීම, ඇවිදීම, වාඩිවීම සහ ලෙඩ රෝග වැනි කායික දුක ආර්යයන් වහන්සේලාට ද හිමි යි. ඒවා විද්දරාගෙන ඉන්නවා ඇති සමාපත්ති සුවයෙන් ශාසනික කෘත්‍යය කරගෙන ආයු සංස්කාර ඉවර වෙනතෙක්, පිරිනිවන අපේක්ෂාවෙන්.
     
    • Like
    Reactions: san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සංයෝජන ධර්ම 10න් මිඳුනම තමා රහත් වෙන්නේ, එතකොට සන්තානය අවිධ්‍යාවෙන් තොර සම්මා දිට්ඨිකයි. තෘෂ්නාවක්, උපාදානයක් නෑ. සත්ව පුද්ගල භාවයත් නෑ. නමුත් පළිබෝධ දුක - ජීවිතය පවත්වාගෙන යාමේ කෘත්‍යය කිරීමේ දුක, ආහාර ගැනීම, ඇවිදීම, වාඩිවීම සහ ලෙඩ රෝග වැනි කායික දුක ආර්යයන් වහන්සේලාට ද හිමි යි. ඒවා විද්දරාගෙන ඉන්නවා ඇති සමාපත්ති සුවයෙන් ශාසනික කෘත්‍යය කරගෙන ආයු සංස්කාර ඉවර වෙනතෙක්, පිරිනිවන අපේක්ෂාවෙන්.

    සත්ව, පුද්ගල බාවයක් නැහැ නෙමෙයි, ගන්න බැහැ/ තියෙන්න බැහැ..

    ආහාර ගැනීම.. කායික දුක/ සැප වෙන්නේ පෘථග්ජනයට. ඒක රහතන් වහන්සේට දැනීම් මාත්‍ර විතරයි. දැනීම් මාත්‍රය තුලවත් ලෝකය + රහතන් වහනසේ විද්‍යාමාන නොවෙන තැන මොන කායික දුකක්ද? කවුරු විදින කායික දුකක්ද?

    එහෙනම්,
    මුකුත් නෑ කියන එකෙන් අදහස් කලේ, මුකුත් නැතිවෙන්න *මුකුත්* ( දෙයක් ) තිබුනෙ නෑ කියන එකද ?

    *මුකුත්* කියනතැනම මුකුත් කියන්න බැහැ කියන එක
    ඇත/ නැත කියලා හිටන් හිටපු *මුකුත්* තියෙන්න බැහැ/ තිබිලම නැහැ වගේ අදහසක්..

    ඕක නිකන් මේ වගේ,
    අවකාශයේ ඇගිල්ලෙන් මලක් ඇදලා,
    දැන් මල තියෙනවා/ නැ කියනවා වගේ..

    මල නැ.. කියන්නෙම, ඇති මලක් කියලා දෙයක් මත පිහිටලා.. මල කියද්දිම තියෙන දෙයක්(ඇත) හම්බෙලා ඉවරයි. ඒක පස්සේ නැහැ.. කියද්දිත්, නැති මලක් තියෙනවා(ඇත)

    මල.. කියන තැනම *මලක්*(ඇත) තිබිලාම නැත්නම්, මලක් පැනවෙන්නම බැහැ
    මල, මල නොවන බව ට සාපේක්ශව වන දැනගැනීමක් විතරයි දැන්.
    ඇති හෝ නැති මලක් පැනවෙන්නැහැ
    ------ Post added on Sep 6, 2025 at 3:01 AM
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ද්විකෝටිකය කියන්නෙ කොන්ටම් අවිනිශ්චිතතා වාදය ද? නැත්තං එන්ට්‍රොපියෙ අවස්ථා දෙකක් ද?

    ද්විකෝටිකය: 0/ 1 => චතුස්කෝටිකය: |ψ⟩ = α|0⟩ + β|1⟩

    සරල උදා: මැරිලා ඉපදෙනවා/ ඉපදෙන්නැහැ..
     
    • Like
    Reactions: Yeezus

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ද්විකෝටිකය: 0/ 1 => චතුස්කෝටිකය: |ψ⟩ = α|0⟩ + β|1⟩

    සරල උදා: මැරිලා ඉපදෙනවා/ ඉපදෙන්නැහැ..
    කර්මය (සංස්කාර) ඇතිවෙන හැටිත් කතාකරානන් තමයි හොඳ? Quantum Degeneration කියලා එකක් තියෙනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කර්මය (සංස්කාර) ඇතිවෙන හැටිත් කතාකරානන් තමයි හොඳ? Quantum Degeneration කියලා එකක් තියෙනවා

    සංස්කාර ගැන කතා කරන්න, සංස්කාර මට්ටම ගෝචර වෙන්නැති එකනේ ප්‍රශ්නේ. හොයන්න එපා කියලා තියෙන්නෙත් ඒකයි.

    සරලව සියලු කිරීම්/ නොකිරීම් ඇතුලේ අභිසංස්කාර රැස් වෙනවා. ලෝභ, දෝස, මෝහ.. ප්‍රකට වෙන ඒවා අපුණ්‍යාභිසංස්කාර. අලෝභ, අදෝස, අමෝහ ප්‍රකට වෙන ඒවා පුණාභිසංස්කාර.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    සංස්කාර

    සංස්කාර වලට එක එක පරියායන්/අර්ථයන් බුදුදහමේ එක එක තැන්වල දැක්වෙනවා ඒ සූත්‍ර දේශනාවට අනුව - සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාද විස්තරයේ සංස්කාර කියන්නේ චෛතසික 29 ( අප රැස් කරගන්නා ලෝභ ද්වේශ මෝහ ය චෛතසික ). ඒත් ගොඩක් පරියායන් තියෙනවා අර්ථකථනය කරපු.
     
    • Like
    Reactions: Fiona Dabare

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,907
    113
    kandy
    මේ ගැන වැඩිය නොදන්නා නිසා bump එකක් දමා මාරු වෙමි .. :yes:
    bump
     
    • Like
    Reactions: Yeezus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    නිවන කියන්නෙ නැති කිරීම නෙවේ බන්! නිවන කියන්නෙ නැවත කොහෙ හරි මානෙක ඉපදෙන්න තියෙන අසාව නැති කිරිම නෙද? ආත්මය ( හෙවත් ජිවයෙ ශක්තිය ) ඉතිරිව තියෙනවා!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නිවන කියන්නෙ නැති කිරීම නෙවේ බන්! නිවන කියන්නෙ නැවත කොහෙ හරි මානෙක ඉපදෙන්න තියෙන අසාව නැති කිරිම නෙද? ආත්මය ( හෙවත් ජිවයෙ ශක්තිය ) ඉතිරිව තියෙනවා!

    නිවන කියන්නේ උපාදානය නැති වීම. පංචඋපාදානස්කන්ධය හට නොගැනීම
    පිරිනිවන, පංචස්කන්ධයේ හට නොගැනීම..
     
    • Like
    Reactions: Yeezus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    නිවන කියන්නේ උපාදානය නැති වීම. පංචඋපාදානස්කන්ධය හට නොගැනීම
    පිරිනිවන, පංචස්කන්ධයේ හට නොගැනීම..
    එක තමා කියන්නෙ! කොහෙ හරි හැදෙන සරීර කුඩුවකට රින්ගන්න තියෙන ආසාව ආත්මෙට නැති උනාම නිවන් දකිනවා! එ වගෙම මෙ විශ්වයෙ කිසිම දෙයක් විනාස වෙන්නෙ නැහැ! වෙන්නෙ වෙනත් දෙකට හැරවෙන එක විතරයි!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එක තමා කියන්නෙ! කොහෙ හරි හැදෙන සරීර කුඩුවකට රින්ගන්න තියෙන ආසාව ආත්මෙට නැති උනාම නිවන් දකිනවා! එ වගෙම මෙ විශ්වයෙ කිසිම දෙයක් විනාස වෙන්නෙ නැහැ! වෙන්නෙ වෙනත් දෙකට හැරවෙන එක විතරයි!

    නැ, කොහෙහරි ශරීර කුඩුවක මුකුත් වුනේම නැ.. කියලා අවබෝධය (දුක්ක සමුදය) නිසා සම්මා දිට්ටියට පත් වෙලා, යොනිසෝ මනසිකාරය සමග වැඩෙන ප්‍රඣා චයිතසිකය නිසා, රහත් වුනාම උපාදනස්කන්ධය ඇති වෙන්න බැරි වෙනවා. අභිසංස්කාර රැස් වෙන එක නතර වෙනවා. සංස්කාර ඉවර වුනාට පස්සේ පංචස්කන්ධය හට ගන්නත් හේතු නැති වෙනවා.

    ආසාව නැති කරලා නිවන් දකින්න බැහැ. මුහුදෙන් වතුර, පොල් කට්ටකින් අයින් කරනවා වගේ.
     
    • Like
    Reactions: Hankook

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    නැ, කොහෙහරි ශරීර කුඩුවක මුකුත් වුනේම නැ.. කියලා අවබෝධය (දුක්ක සමුදය) නිසා සම්මා දිට්ටියට පත් වෙලා, යොනිසෝ මනසිකාරය සමග වැඩෙන ප්‍රඣා චයිතසිකය නිසා, රහත් වුනාම උපාදනස්කන්ධය ඇති වෙන්න බැරි වෙනවා. අභිසංස්කාර රැස් වෙන එක නතර වෙනවා. සංස්කාර ඉවර වුනාට පස්සේ පංචස්කන්ධය හට ගන්නත් හේතු නැති වෙනවා.

    ආසාව නැති කරලා නිවන් දකින්න බැහැ. මුහුදෙන් වතුර, පොල් කට්ටකින් අයින් කරනවා වගේ.
    තෙරෙන සින්හලෙන් හරි ඉන්ග්‍රීසියෙන් හරි කියන්න!!

    සරිස කුඩුවa ඇනිමෙට් කරල තියාගන්න ශක්තියට මොක්ද වෙන්නෙ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තෙරෙන සින්හලෙන් හරි ඉන්ග්‍රීසියෙන් හරි කියන්න!!

    සරිස කුඩුවa ඇනිමෙට් කරල තියාගන්න ශක්තියට මොක්ද වෙන්නෙ?

    ඕක තේරුම් අරන් වැඩක් නැ සක්කාය දිට්ටිය නිසා.

    සර්‍රර කූඩුව කියන්නේ, දැනීම තුල සහ පෙනීම තුල ඇත විදිහට හම්බෙන දෙයක්..
    ඔය ඔයා කියන ශක්ති කතාත්.. පෙනීම, ඇසීම, දැනීම තුල දැනගත් බව ක ගොඩනගාත්ත දැනුම.

    ඔය ලෝකේ අතුලෙන් ප්‍රශ්නේ අහන්නේ (හට නොගත් දෙයක්), ප්‍රශ්නේ වැරදියි ඒ නිසා.