සංයෝජන ධර්ම 10න් මිඳුනම තමා රහත් වෙන්නේ, එතකොට සන්තානය අවිධ්‍යාවෙන් තොර සම්මා දිට්ඨිකයි. තෘෂ්නාවක්, උපාදානයක් නෑ. සත්ව පුද්ගල භාවයත් නෑ. නමුත් පළිබෝධ දුක - ජීවිතය පවත්වාගෙන යාමේ කෘත්‍යය කිරීමේ දුක, ආහාර ගැනීම, ඇවිදීම, වාඩිවීම සහ ලෙඩ රෝග වැනි කායික දුක ආර්යයන් වහන්සේලාට ද හිමි යි. ඒවා විද්දරාගෙන ඉන්නවා ඇති සමාපත්ති සුවයෙන් ශාසනික කෘත්‍යය කරගෙන ආයු සංස්කාර ඉවර වෙනතෙක්, පිරිනිවන අපේක්ෂාවෙන්.
සත්ව, පුද්ගල බාවයක් නැහැ නෙමෙයි, ගන්න බැහැ/ තියෙන්න බැහැ..
ආහාර ගැනීම.. කායික දුක/ සැප වෙන්නේ පෘථග්ජනයට. ඒක රහතන් වහන්සේට දැනීම් මාත්‍ර විතරයි. දැනීම් මාත්‍රය තුලවත් ලෝකය + රහතන් වහනසේ විද්‍යාමාන නොවෙන තැන මොන කායික දුකක්ද? කවුරු විදින කායික දුකක්ද?
එහෙනම්,
මුකුත් නෑ කියන එකෙන් අදහස් කලේ, මුකුත් නැතිවෙන්න *මුකුත්* ( දෙයක් ) තිබුනෙ නෑ කියන එකද ?
*මුකුත්* කියනතැනම මුකුත් කියන්න බැහැ කියන එක
ඇත/ නැත කියලා හිටන් හිටපු *මුකුත්* තියෙන්න බැහැ/ තිබිලම නැහැ වගේ අදහසක්..
ඕක නිකන් මේ වගේ,
අවකාශයේ ඇගිල්ලෙන් මලක් ඇදලා,
දැන් මල තියෙනවා/ නැ කියනවා වගේ..
මල නැ.. කියන්නෙම, ඇති මලක් කියලා දෙයක් මත පිහිටලා.. මල කියද්දිම තියෙන දෙයක්(ඇත) හම්බෙලා ඉවරයි. ඒක පස්සේ නැහැ.. කියද්දිත්, නැති මලක් තියෙනවා(ඇත)
මල.. කියන තැනම *මලක්*(ඇත) තිබිලාම නැත්නම්, මලක් පැනවෙන්නම බැහැ
මල, මල නොවන බව ට සාපේක්ශව වන දැනගැනීමක් විතරයි දැන්.
ඇති හෝ නැති මලක් පැනවෙන්නැහැ
------
Post added on Sep 6, 2025 at 3:01 AM