♥අන් සතු හදකට....♥

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ♥අන් සතු හදකට....♥

    අන් සතු හදකට.....

    3538414354_359f8ec9a0.jpg

    දිසි වැඩකට පින්තූර ටිකක් ඕන වෙලා ගූගල් කරාම ආව සයිට් වලට එකින් එකට ගිහින් බලද්දී අහම්බෙන් යැවුනා වෙන සයිට් එකකට.. සයිට් එක ඕපන් වුන ගමන් මහ හයියෙන් සිංදුවක් ඇහෙන්න ගත්ත නිසා සයිට් එකට දෙහි බාගයක් කපන ගමන් අර සද්දේ ඇහෙන තැන එහෙම නැත්තං ප්ලේයර් එක හොයන්න ගත්තා ඒක මියුට් කරලා දාන්න.. අස්සක් මුල්ලක් නෑර ප්ලේයර් එක හොයනකොටම අර කන් කරච්චල් සිංදුව ඉවර වෙලා ලස්සන සිංදුවක් ප්ලේ වෙන්න ගත්තා..

    "හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
    සිත මගෙ බොළඳ වෙලා..."

    සින්දුවේ මේ පේලි දෙක ඇහෙනකොටම ප්ලේයර් එක හොයන වැඩේ පැත්තකට දාලා සිංදුව අහන්න ගත්තා ඉබේම.. ඒ විතරක් නෙවෙයි කර කර හිටිය අනිත් වැඩත් ඔක්කොම අමතක වෙලා ගියා.. විශාරද මාළනි බුලත්සිංහල මහත්මිය ගායනා කරන ලස්සන සිංදුවක් මේක.. මේ වගේ හිතට වදින සිංදුවක් ඉතිං අහන්න වෙන්නෙත් අහම්බෙන් නේ..

    ආදරේ කරද්දී අපි කාගෙත් හිත් බොළඳ වෙනවා නේ.. ඒ ආදරේ හැටි වෙන්නෑති.. ඇරත් ඉතිං හිමි නැති ආදරේකට අඬන්න තරම් බොළඳයි කියන්නේ.. ඒ හිත කොච්චර නම් බොළඳ වෙන්න ඕන ද.. ඒ ආදරේ මගේම කරගන්න මම තොච්චර නම් උත්සාහ කලා ද.. ඒත් මම පරාද වුනා.. මගේ අසරණ බොළඳ හිත පරාද වුනා.. ඒත් තාමත් මම ඒ ආදරේට ආදරෙයි..

    "අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා..."

    අපි ආදරය කරන හැම කෙනෙක්ම අපිට අයිති වෙන්නෙ නෑ වගේම වෙන කෙනෙක් ගේ
    දරයකට වුනත් අපිට ආදරයක් ඇති වෙන්න පුළුවන්.. ආදරේ අන්ධයි කියල තියෙන්නේ ඒක නිසා වෙන්නැති.. දැං මගේ ආදරේ, මගෙන් ඈත් වෙලා වෙන කෙනෙකුට අයිති වෙලා තිබුන වුනත් ඒ ආදරේටම ආදරේ කරන්නේ මගේ අනිත් යාළුවෝ ඔක්කොම කන පැලෙන්න බණිද්දී.. උන් බැන්නා කියල මම කොහොමද මගේ හිත රවට්ටගන්නේ.. එහෙම කරන්න බැරි නිසාම තමා මම ඒ ආදරේට තාමත් ආදරේ කරන්නේ..

    "කියා ගන්න මට දහසක්‌ දේ ඇත
    මතු දවසක ඔබ හා තනිවී...
    හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
    නෙතු දහසක්‌ අප වෙත යොමු වී..."

    ආයෙමත් කවද හරි දවසක දකින්න තියෙනව නම්.. කතා කරන්නන්න කොච්චර දේවල් තිබුනත් ඒ හැම දේ ම පැත්තට දාලා ඔය මූන දිහා එක විනාඩියක් හරි බලං ඉන්න තිබුනා.. උකුසු ඇස් නෙවෙයි රාජාලි ඇස් තිබුනත් කමක් නෑ කියලා එන්න තිබුනා බලන්න.. ඒත්...................

    "කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
    සිතේ අත්තටු නැති ද මැවී...
    වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් හිඳ හිනහෙනු මැනවී..."

    පියාඹන්න පුළුන් කිරිල්ලියොන්ට විතරක් නෙවෙයි.. කුරුල්ලොන්ටත් පුළුවන්.. ඒත් ඉතිං කුරුල්ලෙකුට වුනත් එහෙම පියාඹලා එන්න පුළුවන් දුරක් තියෙනව.. ඊට වඩා දුර පියාඹන්න බැරි නිසා ඈත ඉඳන් බලං ඉඳලා හිත රවට්ට ගන්න තිබුනා ඒ පේන දුරින් හරි හිටිය නම්..

    අනේ මන්දා මටත් පිස්සු.. ඔන්න ඕව තමා ඔය සිංදුව යන අතරේ මට කල්පනාවට ආව දේවල්.. පිස්සු කියලා මටම හිතුනත් නිරයාසෙන්ම එහෙම හිතෙනවා මේ වගේ සිංදු අහන කොට.. මගේ ආදරේ මට ආදරේ නැති වුනාට තාමත් මාත් එක්ක කතා කරනව කියල දන්නව නේ..

    :love::love::love::love::love::love::love::love:

    ₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪

    • Like
    Reactions: kellsupun

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ආදරේ කියන එකත් හරි පුදුමයි බන්...හරියට ආදරේ කරපු හිතකින් කවදාවත් වෛර කරන්න බෑ මචන්...අපි ආදරේ කරපු කෙනා දිහා ඈත ඉදන් බලාගෙන ඉන්න හරි තියෙනවනම් ඒක ලොකු දෙයක් නේද....දුකක් නැතුව නෙවේ..එත් දෙයක් ලැබෙන්නෙම නැත්නම් ආයේ ඒ ගැන හිතල දුක් වෙන එකත් තේරුමක් නෑ...හැබැයි නොලැබෙන දේකට ආදරේ කරන්ඩ තහනමක් නෑනේ...කෙනෙක්ට ආදරේ කරන්ඩ එයා අපි ලගම ඉන්න ඕනත් නෑනේ...මගේ ජිවිතේ අත්දැකීම් එක්ක තේරුම ගත්ත දෙයක් තියෙනවා මචන්..ඒ තමා දෙයක් වෙන්ඩ තියෙනවනම් එක කෝමත් වෙනවා කියන එක....ඒ මගේ මතය..
     
    • Like
    Reactions: Rushie510

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ජිවිතේ කියන්නේ අපිට හැමදේම අපි ආස දේම ලැබෙන දෙයක් නෙමෙයි..අපි හිතන දෙවල්ම ලැබෙනවා නම් අපි මොන තරම් වාසනාවන්තද? එත් එහෙම නොලැබෙන එක තමයි දුක :(
    මේ සිංදුව මමත් ආස එකක් තමයි...ආදරේ කියන්නේ පුදුම වෙලාවකට පුදුම දුකක් තමයි..හැබැයි අවංකව කෙනෙක් ආදරේ කලානම් ඒ කෙනා දලා ගියත් හිතේ ඉතුරු වෙලා තියන පුංචිම ආදරේ නිසාවත් කවදාවත් ඒ කෙනාට බනින්න නම් හිතෙන්නේ නෑ...තමන්ගේ වැරද්දක් අඩුපාඩුවක් නිසා හුගක් කල් ඉදලා හුළගක් වගේ එකපාරම තනි කරාම මේහෙම හිතනවා තමයි
    b84tap.jpg

    එත් ඒ වෙලාවට හිතා ගන්නවා එයාටම කවදා හරි හිතේවි එයාට ඇත්තටම ආදරය කල කෙනෙක් තාමත් එයා වෙනුවෙන් බලන් ඉන්නවා ඇති නේද කියලා

    ix7a6g.jpg
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    :yes::yes::yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ජිවිතේ කියන්නේ අපිට හැමදේම අපි ආස දේම ලැබෙන දෙයක් නෙමෙයි..අපි හිතන දෙවල්ම ලැබෙනවා නම් අපි මොන තරම් වාසනාවන්තද? එත් එහෙම නොලැබෙන එක තමයි දුක :(
    මේ සිංදුව මමත් ආස එකක් තමයි...ආදරේ කියන්නේ පුදුම වෙලාවකට පුදුම දුකක් තමයි..හැබැයි අවංකව කෙනෙක් ආදරේ කලානම් ඒ කෙනා දලා ගියත් හිතේ ඉතුරු වෙලා තියන පුංචිම ආදරේ නිසාවත් කවදාවත් ඒ කෙනාට බනින්න නම් හිතෙන්නේ නෑ...තමන්ගේ වැරද්දක් අඩුපාඩුවක් නිසා හුගක් කල් ඉදලා හුළගක් වගේ එකපාරම තනි කරාම මේහෙම හිතනවා තමයි
    b84tap.jpg

    එත් ඒ වෙලාවට හිතා ගන්නවා එයාටම කවදා හරි හිතේවි එයාට ඇත්තටම ආදරය කල කෙනෙක් තාමත් එයා වෙනුවෙන් බලන් ඉන්නවා ඇති නේද කියලා

    ix7a6g.jpg

    ඇත්ත මචන් මට ඔහොම වෙල තියෙනවා..... එවගෙම එහෙම හිතිලත් තියෙනව
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගමනේ ගිම් නිවු එදා
    සැනසුම් සුසුම් සලා
    ඔභ මා දවයි දිව රෑ
    හද සෝ සුසුම් හෙළා
    :(:(:(:(
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මතකේ හසරැල් නැගෙන රැයේ...
    දෙනෙතින් කදුලැල් ගලා ගියේ.....
    :(

    දුකයි තමයි යාලු..ඒත් ඒ හැමදෙයක්ම කාලයට බාරදීලා සතුටින් ඉන්න බලන්න.....:)
     
    Sep 19, 2011
    19
    7
    0
    හදවත ඉල්ලා...නොලැබුනු විටදී
    දහසක් සිතුවිලි මා හද තුල තෙරපී..............