♥අන් සතු හදකට....♥
අන් සතු හදකට.....
හදිසි වැඩකට පින්තූර ටිකක් ඕන වෙලා ගූගල් කරාම ආව සයිට් වලට එකින් එකට ගිහින් බලද්දී අහම්බෙන් යැවුනා වෙන සයිට් එකකට.. සයිට් එක ඕපන් වුන ගමන් මහ හයියෙන් සිංදුවක් ඇහෙන්න ගත්ත නිසා සයිට් එකට දෙහි බාගයක් කපන ගමන් අර සද්දේ ඇහෙන තැන එහෙම නැත්තං ප්ලේයර් එක හොයන්න ගත්තා ඒක මියුට් කරලා දාන්න.. අස්සක් මුල්ලක් නෑර ප්ලේයර් එක හොයනකොටම අර කන් කරච්චල් සිංදුව ඉවර වෙලා ලස්සන සිංදුවක් ප්ලේ වෙන්න ගත්තා..
"හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..."
සින්දුවේ මේ පේලි දෙක ඇහෙනකොටම ප්ලේයර් එක හොයන වැඩේ පැත්තකට දාලා සිංදුව අහන්න ගත්තා ඉබේම.. ඒ විතරක් නෙවෙයි කර කර හිටිය අනිත් වැඩත් ඔක්කොම අමතක වෙලා ගියා.. විශාරද මාළනි බුලත්සිංහල මහත්මිය ගායනා කරන ලස්සන සිංදුවක් මේක.. මේ වගේ හිතට වදින සිංදුවක් ඉතිං අහන්න වෙන්නෙත් අහම්බෙන් නේ..
ආදරේ කරද්දී අපි කාගෙත් හිත් බොළඳ වෙනවා නේ.. ඒ ආදරේ හැටි වෙන්නෑති.. ඇරත් ඉතිං හිමි නැති ආදරේකට අඬන්න තරම් බොළඳයි කියන්නේ.. ඒ හිත කොච්චර නම් බොළඳ වෙන්න ඕන ද.. ඒ ආදරේ මගේම කරගන්න මම තොච්චර නම් උත්සාහ කලා ද.. ඒත් මම පරාද වුනා.. මගේ අසරණ බොළඳ හිත පරාද වුනා.. ඒත් තාමත් මම ඒ ආදරේට ආදරෙයි..
"අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා..."
අපි ආදරය කරන හැම කෙනෙක්ම අපිට අයිති වෙන්නෙ නෑ වගේම වෙන කෙනෙක් ගේ ආදරයකට වුනත් අපිට ආදරයක් ඇති වෙන්න පුළුවන්.. ආදරේ අන්ධයි කියල තියෙන්නේ ඒක නිසා වෙන්නැති.. දැං මගේ ආදරේ, මගෙන් ඈත් වෙලා වෙන කෙනෙකුට අයිති වෙලා තිබුන වුනත් ඒ ආදරේටම ආදරේ කරන්නේ මගේ අනිත් යාළුවෝ ඔක්කොම කන පැලෙන්න බණිද්දී.. උන් බැන්නා කියල මම කොහොමද මගේ හිත රවට්ටගන්නේ.. එහෙම කරන්න බැරි නිසාම තමා මම ඒ ආදරේට තාමත් ආදරේ කරන්නේ..
"කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී...
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී..."
ආයෙමත් කවද හරි දවසක දකින්න තියෙනව නම්.. කතා කරන්නන්න කොච්චර දේවල් තිබුනත් ඒ හැම දේ ම පැත්තට දාලා ඔය මූන දිහා එක විනාඩියක් හරි බලං ඉන්න තිබුනා.. උකුසු ඇස් නෙවෙයි රාජාලි ඇස් තිබුනත් කමක් නෑ කියලා එන්න තිබුනා බලන්න.. ඒත්...................
"කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැති ද මැවී...
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනහෙනු මැනවී..."
පියාඹන්න පුළුන් කිරිල්ලියොන්ට විතරක් නෙවෙයි.. කුරුල්ලොන්ටත් පුළුවන්.. ඒත් ඉතිං කුරුල්ලෙකුට වුනත් එහෙම පියාඹලා එන්න පුළුවන් දුරක් තියෙනව.. ඊට වඩා දුර පියාඹන්න බැරි නිසා ඈත ඉඳන් බලං ඉඳලා හිත රවට්ට ගන්න තිබුනා ඒ පේන දුරින් හරි හිටිය නම්..
අනේ මන්දා මටත් පිස්සු.. ඔන්න ඕව තමා ඔය සිංදුව යන අතරේ මට කල්පනාවට ආව දේවල්.. පිස්සු කියලා මටම හිතුනත් නිරයාසෙන්ම එහෙම හිතෙනවා මේ වගේ සිංදු අහන කොට.. මගේ ආදරේ මට ආදරේ නැති වුනාට තාමත් මාත් එක්ක කතා කරනව කියල දන්නව නේ..

₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪