♥ ....එදා සහ අද..... ♥

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
බලන් යද්දි දැන් ගැහැණු පිරිමි හරිම කාර්ය බහුලයි..
උදේම මොනව හරි දඩි බිඩි ගාල හදනවා.ලමයින්ටත් පාන් බනිස්, නූඩ්ලස්, බත් හරි හදල පෙට්ටි වලට දාල ඉස්කෝලෙ අරිනවා. හදපු ඒවයින් ටික ටික දාල මහත්තයටයි නෝනටයි කියල බත් මුල් දෙකක් බැදගෙන වැඩට යනවා.
ආයේ දවල්ට ලමයි කඩේ තියන පරන වඩේ, එළවලු රොටි, හෝ මොනව හරි කාල කොකා කෝල, ස්ප්‍රයිට් බඩී වගේ දෙයක් බීල අමතර පන්ති යනවා. පන්ති නැති දවස් වලට අම්ම උදේ හදපු ඉතුරු කෑම ටික බෙදා ගෙන ටීවි එක ලගින් වාඩි වෙනවා...
..............
හැන්දෑවට වැඩ ඇරිලා එන නෝනා, ලග තියෙන මාර්කට් එකෙන් ඉක්මනට ලේසියෙන් පහසුවෙන් උයන්න දේකුත් මල්ලට දාගෙන දාඩිය පෙරාගෙන හෙම්බත් වෙලා ගෙදර එනවා. ඒ ආවත් හරි අනිත් පැත්තෙන් ලමයි “අම්මේ බඩගිනී ඉක්මනින් උයන්නකෝ“ ගානවා.
ඉතින් ආයෙත් මොනව හරි හදනවා. ඒත් නැත්නම් පාන් කන්න මොනව හරි හදනවා...
ඔන්න ඉතිං මහත්තයත් වැඩ ඇරිල හෙම්බත් වෙලා ඇවිත් තියෙන එකක් කනවා....
....සතියෙ දවස් පහම ඔන්න ඔහේ ගෙවෙනවා...
යන්තම් සතිඅන්තෙත් ආවා...
නෝනා කියනවා “හැමදාම උයලා උයලා මට ඇතිවෙලා.. ඒ නිසා අද අපි කඩෙන් කමු“ කියලා. ඉතිං පුතා හරි තාත්තා හරි කඩේ ගිහින් කෑම පාර්සල් අරන් එනවා. රෑට කන්න නම් ඔන්න නෝනා ඉඳිආප්ප, නූඩ්ල්ස් හෝ එක්කෝ රොටියක් වගේ දෙයක් පුච්චලා ගන්නවා. ..............................................................................................
කිව්වත් නොකිව්වත්, බොහෝ දෙනාගේ ජීවිතේ ගෙවෙන්නේ මෙන්න මෙහෙමයි.
...............................................................................................
ඒ වුනාට ඉස්සර මෙහෙම නෑ...
අපේ අම්මලා රස්සාවලට ගියේ නෑ. පුළුවන් තරම් ගෙදර දොරේ වැඩමයි කලේ. වත්තේ හිටවපු පළා ටික කඩලා ගෙනල්ලා සුද්ද කරලා ඒක හැදුවා. වත්තේ කෙසෙල් කැනක හැදුනු අළුකෙසෙල් ටික ගෙනල්ලා අළු කෙසෙල් මාළුව හදද්දී ඒකේ අළුකෙසෙල් පොතු ටික අරගෙන කලින් හෝදලා වේලලා කුඩු කරලා තියාගත්තු හාල් මැස්සෝ ඔළු ටිකක් දාලා ඒක තෙල් දැම්මා. වත්තෙන්ම කඩාගත්තු කෙසෙල් මුවට අහුලන් ආපු කොස් ඇට ටිකක් දාලා අම්මා කටට රහට උයනවා. කොහෙන් හරි හොයන් ආපු පොළොස් ගැටයක් හොඳට කිරි දාලා පොළොස් ඇඹුලකුත් හදනවා. ඔන්න ඕවා තමා එදා කෑවේ.
අනික අද කාලේ වගේ කෝපි කුඩු පැකට් එකක් වත් එදා මිලදී ගත්තේ නෑ. අම්මලා කෝපි ඇට ගෙනල්ලා හෝදලා කබලේ බැදලා කුඩු කරලා අරගෙන තමයි පාවිච්චියට ගත්තේ..
හ්ම්.. එදා සහ අද කොච්චර නම් ලොකු වෙනසක් වෙලාද..?
 

charly123

Member
May 21, 2012
2,122
196
0
mama kotinma kemathi nee gedara genu kena wedata yana kenek nam. ubalage adhasa monvda?

anika thawa prashnaya thiyenwa. ubala mokda hithne kollata wada kella educated weema gena? kollage post ekata wada kella loku post ekak karana eka gena ? ubalge ideas dapalla.

thread eken pita prashna dekak deme ;)
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හොඳ ත්‍රෙඩ් එකක්, මම නං කෙල්ලො රස්සාවලට යනවට කැමති නෑ. ඒවුනාට මොකක් හරි පුංචි බිස්නස් එක ගෙදර ඉඳගෙන කලාට කමක් නෑ.:)
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද කාලේ උද්ධමනය වැඩිවෙලා, තාත්තාගේ පඩියෙන් විතරක් ජීවත්වෙන්න අමාරුයි. ඒවගේම කාන්තාවන් අද ඉහලට ඉගෙනගන්නවා. දැන් දැන් ස්වාධීනව වැඩකරනවා. එහෙම තත්වයක් යටතේ ඉතින් කාර්යබහුලතාවය මත කාලානුරූපී ස්ත්‍රී භූමිකව වෙනස් වෙනවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගෘහ සේවිකා ඇබෑර්තුවක ඉල්ලුම්පත්‍රයක් වගේ