♥ නෙතු හැඩුවා ඔබට හොරා ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කාලනණ්නි... ඔහොමද යකෝ වැඩක් නීට් එකට කරන්නේ..? තොපිට කිව්වෙ කිසිම සාක්ෂියක් නැතිවෙන්න වැඩේ ඉවර කරලා දාන්න කියලනේ.. ෂිහ්.. ෂිහ්.. මොනවද යකෝ තොපි මේ කරේ..?"

    හිසෙහි එකදු කෙස් ගසක් නැති කාළවර්ණ රූපකායක්, තමන් ඉදිරියේ වූ මිනිසුන් කිහිප දෙනෙකුට බෙරිහන් දුන්නේය. කෙසේ කෑමොර දුන්නද ඔහුගේ සිතේ වූ කේන්තිය නම් අඩුවූයේ නැත. මේ අමන රැල තමන් බාර දුන් වැඩය, එහෙම් පිටින්ම අනුභව කර ඇත. දැන් නම් මූ කෑවත් මදිය.

    "හොදට මතක තියාගනිව්.. මේකෙ කොහෙන් හරි පුංචි කොනක් හරි පොලීසියට හෙම අහුවුනොත් මං උඹල හැම එකාම ආන් අර බාක්ලෙ එල්ලනවා... කකුල් දෙකෙන්.."

    "මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ සර්..."

    පිරිසේ නායකයා යැයි සිතිය හැකි තරුණයෙක් තම කටහඩ පරිසරය පුරා විහිදවිය. කාලවර්ණ රූපකාය තම තියුණු දෑස මේ පුංචි මිනිසා වෙතට යොමු කළේය. මේ මිනිසා තම අනාගතයට ඉතා විශිෂ්ඨ ගනයේ ආයෝජනයක් බවට පත්වීමට ඉඩ තිබුණත්, කාලවර්ණ රූපකාය එය තඹයකට මායිම් කළේ නැත. අනාගතය කෙසේ වෙතත් ඔහුට ඇවැසි වූයෙ වර්ථමානය සදහා ක්‍රියාකාරකම්ය. වර්ථමානයේ ෆේල් වී අනාගතයේ පාස් වන්නෙ කෙසේදැයි ඔහු සිතුවේ අවදානමෙනි..

    "ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තේ කොහොමද මිනිහෝ... හැපිච්ච වාහනේ තාම එතන.."

    "වාහෙන් එතන උනාට, අපි ටවුමෙ ඉන්න බේබද්දෙක් ඒක ඇතුළට දැම්මා.."


    "මොකක්...?"

    "ඔව් සර්.. පොලීසිය ගානට කතන්දරේ හදලා ගනියි.. අපේ මයිලක්වත් ගෑවෙන්නෙ නෑ.."

    "ගෑවෙන්නෙ නැත්තෙ කොහොමද මිනිහෝ... පොලීසිය දෙකක් තුනක් අනිනකොට ඌ ඉපදිච්ච තැනුත් වමාරයි.."

    "එහෙම වෙන්නෑ සර්.."

    "වෙන්නැත්තෙ නෑ මිනිහෝ.. වෙන ඩිවිෂන් එකකින් බැස්සොත් තමුසෙලාගේ ඔය කලර්ස් ඉවරයි.."

    "මං හිතන් නෑ සර්..."

    "ඇයි...?"

    "ඌ උපන්ගෙයි ගොලුවෙක් සර්..."

    තත්පර ගානක් ගෙවී යද්දී කාලවර්ණ රූපකායේ මුහුණට මද සිනාවක් එක්විය. පුංචි මිනිසා සමග පැමිණි පිරිසේ අයටද සැනසීමක් ලැබුනේ එවිටය..

    "හරි.. දැන් ගියදේ ගියාවේ.. හැබැයි මෙතනින් එහාට නම් පුංචි වැරදීමක්වත් වෙන්න බෑ.. තේරුණාද..?"

    "ඔව් සර්.."

    "මට ඕන ඩී.ජේ ගෘප් එක නැත්තටම නැති කරලා දාන්න.. නහරයක් දෙකක් වැඩිපුර පිහිටලා තිබුණේ ඔය බාල එවුන් දෙන්නට.. දැන් ඉතින් ඒකත් හරිනේ.. පුළුවන් නම් ඉක්මනට ලොකු එකාවයි, දෙවනි එකාවයි ඉවර කරලා එනවා.."

    "එතකොට... එතකොට සර්..."

    "ඔව්.. එතකොට මොකක්ද...?"

    "අවිනාශ්ට මොකද කරන්නේ..?"

    "ආ... ඌද..?"

    කාළවර්ණ රූපකායේ දිලිසුම් දුන්නේ බිහිසුනු මදහසකිනි. එය දැකි ඔහු වටා හුන් බොහෝ දෙනෙකුගේ ගත සිත කිළිපොලා ගියහ.

    "ඌවත් දන්නෙ නැති අදුරු ලෝකෙකට යන්න ඌට වෙලාව.. හහ්... හහ්.. හහ්... හා...."

    ඔහුගේ සිනාවට අනෙක් අයගේද සිනාවන් එකතු වූ විට එය මහා අමන සිනා සාගරයක් විය.

    "ඒ කියන්නෙ අපි ඌව මරන්නෙ නෑ.. එහෙමද සර්..."

    සිනාසී තරවීම කෙසේ වුවත්, සොදුරු ජේත්තුකාරයාගේ ඉරණම තීන්දු කර සිනහවීම වෙනමම දෙයක්ය.. එහෙත් තමන් සිනාසුනේ කුමකටදැයි නොදන්නා මිනිසුන්ද ඒ අමනරැල අතරේ සිටියහ.

    "මරන්නෑ... ඔව් යකුනේ.. අපි ඌව මරන්නෑ..."

    "එහෙනම්..?"

    "මුළු ජීවිත කාලයම විදව විදවා ඉන්න අපි ඌව නොමර මරනවා.. එතකොට ඌ මැරි මැරි ජීවත් වෙයි.. හහ්.. හහ්.. හා...."

    සෑම දුෂ්ඨ බලවේගයක්ම ඒකරාශි වී අවිනාශ්ට පහර දීමට තීරණය කලා වැනිය. එහෙත් මේ බලවේග නොදැන සිටි එකම දෙයක් නම්, සෑම අවාසනාවකටම මුහුණ දීමට අවිනාශ් සතුව ඇති ආත්ම ශක්තිය ගැනය. සියලු දෑම අහිමි වී යද්දීත් ඔහු ළග අවසානයට ඉතිරි වූයේද ආත්ම ශක්තිය පමණි..

    ****************************

    "ඩී.ජේ සොයුරන්ට පහර දුන්නේ කවුද..?"

    රෝහලේ සිට ඩිල්ෂාන්ගේ නිවස බලා එන අතරතුරේදී අවිනාශ්ගේ සිත පෙලූ ගැටලුව විය. කොන්ද පණ නැති අමනයෙකු තමාට සැගවී සිට තර්ජනය කල බැව් සැබෑය. ෆොක්ස් හීල් තරගයෙන් පරදින්න යැයි අන කල බවත් සැබෑය. තමා කලේ ඒ තර්ජන නොසලකා හැරීමය. එයට ඩී.ජේ සොයුරන්ද පලි නැත. ඔවුන් කළේ තරගය පුරා තමාට ආරක්ෂාව සැලසූ එක පමණි. එසේ තිබයදීත් මේ නොදන්නා සතුරා තමාට පහර දුන්නේය. ඔහුව කෙසේ හෝ හදුනා ගැනීම මේ අනතුරෙන් බේරීමට ඇති එකම අවස්ථාවයි. අවිනාශ්ගේ සිතට හදිසියේම සිහිපත් වූයේ තමා ජෙහාන් සමග සිටියදී දුටු සැක කටයුතු කලු සන්ග්ලාස් කරුවාය. තමා ජෙහාන්ට ඔහුව පෙන්වද්දී සුළගවත් නොතියා ඔහු වාෂ්ප වී තිබිණි.

    "හ්ග්... හ්ග්... අ... අනේ.. අ..වි..නා..ශ්.."

    දිලීකා හඩාගෙනම පැමිණ අවිනාශ්ගේ දෑතේ එල්ලීණි. ඇගේ සොදුරු දෙනෙත හැඩීම නිසාවෙන්ම රත් පැහැයට හැරි තිබිණි.

    "ඇ.. ඇයි දිලී...?"

    "අනේ.. ඔයා ආපු එක කොයි තරම් හොදද..? දෙයියනේ කොහොමද චූටි අයියටයි, පුංචි අයියටයි.. එයාලා මොනවද මේ කරගෙන තියෙන්නේ.. එයාලට හුගාක් ඩැමේජ් ද..? අනේ මට කියන්න අවිනාශ්.."

    "කිසි ප්‍රශ්නයක් නෑ දිලි.. කිසිම ප්‍රශ්නයක් නෑ.. එයාලට ඉක්මනට සනීප වෙයි.. චූටි අයියට පුංචි ඔපරේෂන් එකක් කරන්න තියෙනවා.. එච්චරයි.."

    "ඔපරේෂන් එකක්..?"

    "ඔව් දිලී.. මේක ඒ තරම් බරපතල එකක් නෙමෙයි.. තව සතියකින් විතර අයියලා දෙන්නම ගෙදර එයි.."

    අවිනාශ් තත්වය සාමාන්‍යකරණය කළේය. තමන්ගේ ආදරය දිනූ මේ හැඩකාරියගේ දෑසේ කදුළු පිරෙනු දකින්නට ඔහු ආශා නොකළේය. ඔහු බලාපොරොත්තු වූ පරිදිම දිලීකාගේ සොදුරු වතෙහි මද සැනසීමක ලකුනු පැහැදිලිව පෙනෙන්නට විය..

    "උ... උං ඔයාටත් කරදරයක් කරයිද..? අනේ මට බ.. බයයි අවිනාශ්.."

    "ඔයා බයවෙන්නෙපා දිලී.. මට මුකුත් කරන්න උංට කවදාවත් බෑ.. අපි ඉස්සෙල්ලම ඔයාගෙ අයියලව පරිස්සම් කරගන්න බලමු.. එයාලා නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ.."

    දිලීකාගේ රත් දෙතොලේ පිපුණේ අසිරිමත් වූ සොදුරු මදහසකි. අවිනාශ් කෙරෙහි උපන් අප්‍රමාණ වූ ආදරයකින් ඇයගේ පුංචි හදවත දෙදරුම් කන්නට විය. තමාගේ තෝරා ගැනීම කොයි තරම් නිවැරදිද ඇය සිතුවේ සිතට අපමණ සැනසීමක් ගලා එද්දීය..

    "ඉන්න මං ඔයාට බොන්න මොනවා හරි ගේන්නම්.."

    "එපා දිලී.. අපි ටිකක් කතා කරමු.."

    "කතා කරමු.. කූල් ඩ්‍රින්ක් එකක් අරගෙන.."

    "ඉන්න මාත් එන්නම්.."

    අවිනාශ් සැදුවේ දිලීකා සමග නිවෙස තුළට යාමටය. එහෙත් ඊට පෙර ඔහුගේ ජංගම දුරකථනය හඩ තැලුවේය. දිලීකාට යන්න යැයි අතින් සන් කරමින් ඔහු දුරකථනය ළං කරගත්තේය.

    "අවිනාශ්.."

    එපා පැත්තෙන් ඇසුණු කටහඩින් ඔහු අන්දමන්ද විය. ඇමතුම ලැබී තිබුනේ රොමේෂි ගෙන්ය..

    "මං මේ වෙලාවේ ලොකු වැඩක්.. ඔයාට පස්සෙ ගන්න පුලුවන්ද..?"

    අවිනාශ් ඇසුවේ නිවස දෙස බලමිනි. ඔහුගේ සිතට යම් වරදකාර හැගීමක් දැනෙමින් තිබිණි.

    "බෑ.. බෑ.. බෑ.. මට ඔයත්තෙක්ක කතා කරන්න ඕන..."

    "මේ වෙලාවේ බෑ..."

    "ඇයි අවිනාශ්.. ඔයා මට මේ තරම් රිද්දන්නේ..? මං මේ දවස් කීයකින්ද ඔයාට කතා කෙරුවෙත්..?"

    "කියන දේ තේරුම් ගන්න රොමේෂි, මං වැඩක ඉන්නේ.."

    සෙමෙන් නමුදු තරවටුවක ස්වරූපයෙන් අවිනාශ් කියා දැමුවේය. පුදුමය කියන්නේ දිලීකා හමුවීමට ආ මොහොතේම රොමේෂි කතා කළ එකය. කෙසේ වුවත් දිලීකා මෙතන නැති එකට අවිනාශ් දෙවියන්ට පින් දුන්නේය. ඇය සිටියා නම් තමා දැඩි අසීරුතාවයකට පත්වෙනු ඇත.

    "ඔයාට හෙට පුළුවන්ද..?"

    මදක් නිහඩව සිටි රොමේෂි එක්වරම ඇසුවාය..

    "මොකක්ද..?"

    "පුළුවන්ද කියලා කියන්නකෝ.."

    "මට තේරෙන්නෑ ඔයා අහන දේ.."

    මද කෝපයක් සිතට ගලා එමින් තිබියදී අවිනාශ් තමාව පාලනය කර ගනිමින් කතා කළේය..

    "අපේ පොරොන්දුව ඔයාට ඔය තරම් ඉක්මනට අමතක උනාද අවිනාශ්. මං මේ දවස් ගානම ගෙව්වෙ ඒ ගැන මතක් කර කර.. අනේ.. මට එහෙම කරන්නෙපා දෙයියනේ.."

    "රොමේෂී මොනවද මේ කියවන්නේ..? ඔයා කියන දේ කෙලින්ම කියන්න ඔයාට බැරිද..? ඔයාගෙ මේ කතාවෙන් මගේ ඔලුවත්තෙක්ක අවුල් වෙනවා.."

    "ඔයාගෙ ඔලුව අවුල් කරන්න මං හිතුවෙ නෑ.. ඔයාගෙ අකමැත්තකින්, මගෙත් එක්ක ලන්ච් එකක් ගන්න කියලා බලකරන්න මට බෑ.. කමක් නෑ.. මේ හැමදේම මං දරා ගන්නම්.. ඔයා කරේ මට රිද්දපු එක විතරනේ.."

    "ලන්ච් එකක්..?"

    "ඔව්... ඔයාට මතක නැද්ද. මගෙත් එක්ක ලන්ච් එකක් ගන්නවා කියලා ප්‍රොමිස් උනා..."

    ළමා ක්‍රීඩාංගනය අසලදී රොමේෂි හා සිදුවූ කතාබහ සැනෙකින් අවිනාශ් ගේ සිතට ගලා ආවේය.

    "ඉතිං...?"

    "ඉතිං කියන්නේ... මං ඇහුවෙ ඒක මතකද කියලා..."

    "මතකයි..."

    "එහෙනම් හෙට ලන්ච් එක ගන්න මගේ ගෙදරට එන්න පුළුවන්ද..?"

    "ම්.."

    මෙය සමබර ආහාර වේලක් සදහා අවිබල ආරාධනාවක් බව සැබෑය. එහෙත් කීප සැරයක් හෝ සිහිකල්පනාවෙන් කල්පනා කර පිළිතුරක් දිය යුතුය. අවිනාශ්ගේ සිත උඩටම ආවේ බෑ කියන පිළිතුරය. ඔහු එය පිට කරන්නට හදන විටම නිවස ඉදිරපසින් දිලීකා මතුවෙනු දුටුවේය. දැන් තමා බෑ කිව්වොත් රොමේෂි දිගින් දිගටම කතාව ඇදගෙන යනු ඇත. එනිසාම ඔහු අකමැත්තෙන් වුවත් දෛවෝපගත ගමනකට මං පෙත් නොදැනීම විවර කර ගත්තාය..

    "කියන්නකෝ අවිනාශ්.."

    "හා..."

    "ඒ කියන්නෙ ඔයා හෙට ලන්ච් එකක් ගන්න මගේ ගෙදරට එනවා.."

    "ඔව්.."

    "මට ප්‍රොමිස් කරන්න.."

    "ප්‍රොමිස්.."

    අවිනාශ් දුරකථනය ක්‍රියාවිරහිත කර දැමුවේය. සිනාමුසු මුහුණින් ජීවය පිරී ගිය ගතින් යුතුව දිලීකා ඔහු කරා ආවාය..

    "කවුද අවිනාශ්..?"

    "යාලුවෙක් දිලී.."

    ඇය ඉන් එහාට ඒ ගැන විමසුවේ නැත. කිසිදු දෙයක් හාර හාර අවුස්සන පුරුද්දක් දිලීකා ළග නොමැති වීම ගැන, අවිනාශ් නැවත වරක් දෙවියන්ට පින් දුන්නේය..

    "අවිනාශ්..."

    "ම්..."

    සොදුරු නිල් දෑසේ වූයේ හිත කළඹාලන සුලු දගකාර ආරාධනාවකි. එහෙත් අවිනාශ් සිටියේ අනේක වාරයක් සිතෙන් ලතැවි ලතැවීය. රොමේෂිගේ ඇමතුමත්, තමා ඇය හා එකගතාවයකට පැමිණිමත් ඔහුගේ තුන් සිතම කළඹා දමන්නට සමත්ව තිබිණි. රොමේෂිට හා කියන්නට පෙර තමාට තව ටිකක් කල්පනා කරන්නට ඉඩ තිබිණි යැයි ඔහුට අවසානයට සිතුණි.

    "අපි ගේ ඇතුළට යමුද..?"

    දිලීකාගේ වතෙහි වූ ආකාස්මික හැගීම්බර බව අවිනාශ්ගේ සිත නිවාදමන්නට නොදැනීම මං පෙත් විවර කර ගත්තේයත ගේ ඇතුළට පැමිණි පසු අවිනාශ්ට දැනෙන්නට වූයේ සියල්ලෙන්ම සංතෘප්ත වූ සිතකට දැනෙනා අන්දමේ නිරාමිස බවකි. මේ රූබරිය ඉදිරියේ තම සිත මෙපමණ නිවී සැනසීමකට පත්වන්නේ කෙසේදැයි ඔහු සිතුවේ විස්මයෙනි.

    "ඔයා හුගක් කල්පනා කරනවා.."

    "මුකුත් නෑ කෙල්ලේ..."

    දිලීකාගේ බද වටා දෑත යවමින් අවිනාශ් ඇයව තම ඉන පෙදෙසට තද කර ගත්තේය. රත් පැහැ ගැන්වුණු වතින් යුතුව ඇයද අවිනාශ්ට තුරුලු වූවාය. ඇයගේ පහසින් රොමේෂි පිලිබද වූ අන්තිමි සිතුවිලි රොඩ්ඩද ඔහු වෙතින් ඝන අන්ධකාරයට පලා ගියේය..

    "දිලී..."

    "ම්.."

    "ටිකක් ලංවෙන්න බබා.."

    "මීට වඩා කොහොමද රත්තරනේ ලංවෙන්නේ...?"

    සිහින් හඩින් සිනාවෙමින් ඇය එය ඇසූ ලගන්නා සුළු බව අවිනාශ්ට අතෘප්තකර ආශාවන්ගෙන් ගහන වූ පාරාදීසයකට කැදවාගෙන යන්නට විය. සත්තකින්ම එය ඔවුන්ගේ ලෝකය සදාකාලිකවම එකලු කළ සොදුරු විනාඩි ගණනක් විය. කිසිදා නොදුටු සුරංගනා පෙම් රජ දහනක් අවිනාශ්ගේ දෑස ඉදිරියේ ජීවමාන වන්නට විය.

    "ඔයා මගේ ළග ඉන්නකොට තමයි මගේ හිතට පුදුම නිදහසක් දැනෙන්නෙ.."

    "ඇයි දිලී..?"

    "එතකොට මට හිතන්න දෙයක් නෑ නේ.."

    "ඒ කියන්නේ..?"

    "ඔයා මගේ ළග නැත්නම්, මට ඔයා ගැන කොයි තරම් දේවල් හිතන්න තියෙනවද..? ඔයා කෑවද.. නිදාගත්තද..? මොනවා කරනවා ඇතිද..? කාත් එක්ක හරි රංඩු වෙනවද..? ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරනවද..? තව ගෑණු ලමයි දිහා බලනවද..? ඔන්න ඔය වගේ වැඩ මහ හුගක්.."

    "දැක්කද... දැක්කද.. ඒ කතාවට කොහොම හරි ගෑනු ළමයෙක් ගාව ගත්තා.."

    අවිනාශ් ඇයට හෙමින් සීරුවේ පාරක් ගැසුවේය..

    දිලීකා, ඒ අත ආපිටට තමා වෙතට ඇද ගනිමින් තම ළයට තද කර ගත්තාය. අවිනාශ් කළේ, අත ඉවතට ඇද ගනිමින් තම මුහුන ඇයගේ පිරිපුන් ල්‍ය මඩලේ සගවා ගැනීමය..

    "අවි... නා... ශ්..."

    "ම්..."

    "තව ටිකකින් ලොකු අයියා එයි.."

    දිලීකාගේ වදනින් අවිනාශ් සිහින ලොවින් බිමට ඇද වැටුණේය. දිලීකාගේ උණුසුමින් තම තුන් සිතම වැසී යන විට දැනෙනා සැහැල්ලුව තව මොහොතකින් නැතිවී යනු ඇත. ඇයගෙන් මිදී යන්නට බැරි අදිසි ලෝබකමකින් සිත බෙරි වෙද්දී ඔහු තොල්පට සපා ගත්තේය. කමක් නැත. මේ සැමදේටම තමා ඉදිරියේ තව සුබ දවස් බොහෝ ප්‍රමාණයක් ඇත. ඒ ගැන දැන්ම කලබල නොවිය යුතුය.

    "මං යන්නද දිලී.."

    විනාඩියක් දෙකක් ලෙසට ඉතා ඉක්මනින් ගෙවී ගිය පැය බාගයකින් පමණ පසුව අවිනාශ් ඇසුවේය.

    "පරිස්සමින් රත්තරං.. ඔයා මගේ ළග ඉන්නවා නම්, මගේ ඇස් ඉස්සරහා ඉන්නවා නම් මට බයක් නෑ. ඒත්.. ඒත්.. ඔයා මට නොපෙනී ඉන්නකොට මට මහා ලොකු බයක් දැනෙනවා.."

    "මට මුකුත් වෙන්නෑ දිලී..."

    "මාත් එහෙමයි දෙයියනේ හිතන්නේ.. ඔයාට මොනවා හරි උනොත් නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. හග්.. හග්.. මට කියන්න.. මට කියන්න... ඔයා හොදටම පරිස්සම් වෙනවා නේද..?"

    "ඔව්.. කෙල්ලෙ ඔව්..."

    "මං වෙනුවෙන් පරිස්සම් වෙනවා නේද..?"

    "ඔව් දිලී..."

    අවිනාශ් නැඹුරු වි ඇයගේ රත් දෙතොල් ලිහිල්ව පිස ගත්තේය. අතිශය වේදනාත්මක වෙන්වීමකට පෙර, දෛවය විසින් ඔවුන් දෙදෙනා අවසන් වරට සෙනෙහසින් මුණ ගැස්වූ අවසන් අවස්ථාව විය..

    *******************************
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රොමේෂි පසුවූයේ ලෝකයේ ඇති වටිනාම වස්තුව තම දෝතට ලැබුණාම් මෙනි හැගීමකි. අවිනාශ්ව මෙතරම් ඉක්මනට තම නිවසට කැදවාගෙන ඒමට හැකිවේයැයි ඇය සිහිනෙකින්වත් සිතුවේ නැත. එහෙත් නොපැතූ මොහොතක ආ අදිසි වාසනාවක් සේ තම ජීවිතයේ වඩාත්ම වැදගත් පුද්ගලයා සමග අඩුම තරමේ පැයක කාලයක්වත් ගෙවා දැමීමට ඇයට දැන් හැකිය..

    "ස්...ලා...ං..."

    රොමේෂිගේ සිතුවිලි සයුර බිදී ගියේ, යමක් කුමක ගෝ හැගී බිදී යන හඩිනි. ඇය වහාම නිදන කාමරයේ ජනේලයෙන් එපිට බැලුවාය. පරිසරය පුරුදු පරිද්දටම නිහඩව, නිසලව තිබිණි. රොමේෂිගේ සිතට බිය මුසු, සැක කටයුතු හැගීමක් ගලා ආවද, සිත කළඹන කිසිදු දෙයක් ඇය දුටුවේ නැත. එහෙත් කිසිවෙකු හෝ පිටතට සිට තමා දෙස බලා හිදිනවා වැනි හැගීමක් ඇයට දැනුණාය. තම සිතේ උපන් සොන්සුන්කම නිසා, අනවශ්‍ය දේවල් දතම සිතට බරක් වී යැයි ඇය සිතුවේ සංකාවෙනි.. ජනේල රෙද්ද ඇය පහතට හෙලුවේ බරට සුසුමක්ද හෙලමිනි.

    ඒ මොහොතේම ඇයගේ නිදන කාමරයට පිටතින් සැගවී සිටි පුද්ගලයෙක් හෙමින් සීරුවේ නිවසේ තාප්පයෙන් තාර පාරට පැන, මාර්ගය අයිනේ නවතා තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය වෙතට ඇවිද ගියේය. රථය තුළ සිටියේ අවිනාශ්ගේ ලෙය අමෘතයක් ලෙස ඉල්ලමින් සිටි ශානකය..

    "වැඩේ හරිද...? කෙල්ල ඉන්නවද..?"

    "ඔව් සර්..."

    "තත්වය කොහොමද..?"

    "ගුඩ් නිව්ස් සර්..."

    "ඉතිං කියපං.. මං මේ බලන් හිටියා හොදටම ඇති.. මට තවත් බලන් ඉන්න බෑ.."

    "දවස..?"

    "ඔව් කියපං.."

    "හෙට.."

    "හෙට කිව්වේ..?"

    ශානකගේ මුහුණට ලේ පීරී ආවේය. මෙතුවක් කාලයක් එහි ලේ කදුලක් තිබුනේ නැත.

    "හෙට දවල්ට ඌ මෙහේ එනවා.. මේකිත් එක්ක මධුසමය ගත කරන්න.."

    "ඔය තියෙන්නේ... ඔය තියෙන්නේ.. හහ්.. හහ්.. හා... වෙරි ගුඩ් පුතා.. වෙරි ගුඩ්.. ඒ කියන්නෙ හෙටින් පස්සෙ ඌට ඉර පායන්නෙ නෑ.. ඌට හම්බවෙන්නෙ අදුරු සීතල පුංචි කාමරයක් විතරයි.. හහ්.. හහ්.. හා.."

    ශානකගේ වියුරු සිනා හඩ ඩිෆෙන්ඩ්ර් රථයෙන් මිදී අවට පරිසරය පුරා සැනෙකින් ගලා ගියේය.

    ******************************

    නිවසට ගිය වහාව අවිනාශ් කලේ ඇගපත සෝදාගෙන ඇදට පැනීමය, කුමක්දෝ නොදන්නා විඩාබර බවක් ඔහුගේ සිත ගත පෙලා තිබිණි. දිලීකා ළග සිටියදී ඇනුන සතුට සැනසුම මේ මොහොතේ අංශු මාත්‍රයක් හෝ ඉතිරිව තිබුණේ නැත.

    ඩිල්ෂාන්ට ඇමතුමක් දී සොයුරන්ගේ තත්වය ගැන ඇසීමට ඔහු ජංගම දුරකථනය අතට ගත්තේය. ඒ සමගම එය නාද වන්නට පටන් ගත්තේය. පුදුමයකට මෙන් ඇමතුම ලැබී තිබුනේද ඩිල්ෂාන්ගෙන්ය..

    "අවිනාශ් කොහෙද ඉන්නේ...?"

    "ගෙදර.."

    "නංගිත් ඔතන ඉන්නවද..?"

    "නෑ.. නෑ.. මං අපේ ගෙදර ඉන්නේ.."

    ඩිල්ෂාන්ගේ මුවින් ගැඹුරු හුස්මක් පිටවී යනු අවිනාශ්ට ඇසුනි. ඔහු කිසියම් මානසික පටලැවිල්ලක වෙලී සිටිනා හැඩකි. ඒ පිලිබදව විමසීමට සිතුවත්, ඩිල්ෂාන්ගෙන්ම කතා කරනා තුරු නිහඩ වීමට අවිනාශ් සිතා ගත්තේය.

    "මං මේ දේ හොස්පිටල් එකේදි ඔයාට කියන්න ගියා.. ඒත් මට මග ඇරුණා.."

    "මොකක්ද..?"

    අවිනාශ්ට අවැසිව තිබුණේද එම කරුණ ගැන දැන ගැනීමටය. ඔහුගේ සිතේ දැවටී තිබූ නොසන්සුන්කමද එයට එක හේතුවක් විය. තමා ඔහුගෙන් අසන්නට පෙර ඩිල්ෂාන්ම ඇමතුමක් දී එය තමාට දැනුම් දීම ගැන අවිනාශ්ගේ සිතට එක් කළේ සිහින් සතුටකි.

    "රොමේෂි එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද..?"

    වහෙන් ඔරෝ කතාවක් නැත. ඩිල්ෂාන් ඇසුවේ කෙලින්මය. තත්පර ගණනාවක් යනතුරු අවිනාශ්ගේ මුවට වචන ගලා ආවේ නැත.

    "ඇ.. ඇයි ඩිල්ෂාන් එහෙම අහන්නේ..?"

    "මගෙන් ප්‍රශ්න අහන්න එපා.. මං අහපු දේට උත්තර දෙන්න.. එහෙම බැරි නම් බෑ කියන්න.. මං ෆෝන් එක තියන්නම්..."

    "බැරිකමක් නෑ.. ඒත් ඔයා එහෙම අහන්නෙ ඇයි කියලා අහන්න මට අයිතියක් තියෙනවා.."

    "මොකක්ද අයිතිය..?"

    "ඔයා මගේ ලොකු මස්සිනා හින්දා.."

    "ඒකත් එහෙමයි නේ නේද..? අහන්න හේතු තියෙනවා අවිනාශ්.."

    "හේතු..?"

    "ඔව්.. මං කීප දවසක්ම දැක්කා.. ඔයා ඒ කෙල්ලව හුගාක් ලගින් ආශ්‍රය කරනවා. මගේ නංගි එක්ක යාලු හින්දා, වෙන කෙල්ලො ආශ්‍රය කරන්න එපා කියලා, ඔයාට සීමා දාන්න මට බෑ.. මං ඒකට කැමති නෑ. ඒත් මට ඒ කෙල්ලව දිරවන්නෙ නෑ.."

    තමාත්, රොමේෂිත් කතාබහ කල අවස්ථා කිහිපයේදීම ඩිල්ෂාන් ආගන්තුක සැකයකින් බලා සිටි අයුරු මෙහිදී අවිනාශ්ට සිහිපත් විය.

    "රොමේෂිත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් නෑ ඩිල්ෂාන්.. එයා මගේ සාමාන්‍ය යාලුවෙක් විතරයි.."

    "ඔය ඇත්තමද..?"

    "ඔව්.. ඇයි...?"

    "සමහර වෙලාවට මට මගේ නංගි ගැන මහ විසාල බයක් දැනෙනවා.. ඒ බයම මට ඔයා ගැනත් දැනෙනවා.. ජීවිතේ පටන් ගන්න කලින්ම ඔයාලට විදවන්න වෙයි කියලා මගේ හිත මට කියනවා.. ඒ සමහර විට ඔයාලා දෙන්නා හැම අතින්ම අංග සම්පූර්ණ දෙන්නෙක් කියලා මගේ හිත හිතන හින්දා වෙන්නැති.."

    "ඒ කියන්නේ..?"

    "ඔයාලට කිසිම පැත්තකින් අඩුවක් නෑ.. හැම අතින්ම ඉස්සරම්.. ඔයාලා දෙන්නා හිතපු දේවල් බොහොම ඉක්මනට ඉෂ්ට වුණා. ඔයාගෙ පැත්තෙන් උනත්, අපේ පැත්තෙන් උනත් ඔයාලා දෙන්නට ආශිර්වාද කලා. ඔයාලගෙ ආදරේට කිසිම බාධාවක් නෑ.. ඔයාලගෙ ආදර කතාවට කිසිම දුෂ්ඨයෙක් නෑ.. ඒක වෙන්න බෑ අවිනාශ්.."

    "බෑ කියන්නේ..?"

    අවිනාශ්ට මේ කතාවේ හතර කොනක් තේරුණේ නැත. ඔහු සාවධානව අසා සිටියේ එබැවිනි.

    "ඔයා වගේ ප්‍රසිද්ධ හැන්ඩ්සම් කොල්ලෙකුයි, මගේ නංගි වගේ සුරංගනාවියකුයි එකතු වෙනවට හැමෝම අශිර්වාද කරයි කියලා ඔයා හිතනවද..?"

    "මං දන්නෑ ඩිල්ෂාන්.."

    "මේ ආදරේට හරස් කපන කවුරු හරි මේ කොහේ හරි ඇති.. මට එහෙම හිතෙනවා.. ඒ ඇයිද කියලා කියන්න මං දන්නෙනෑ. අර ඉව කියලා දෙයක් තියෙන්නෙ.. මොනවා හරි වෙන්න යනකොට හිතට දැනෙන්නෙ අන්න ඒ වගේ එකක්.."

    "මට ඩිල්ෂාන් කියන දේ තේරුණේ නෑ.."

    අවිනාශ් ඇත්තම කියුවේය. ඩිල්ෂාන් මේ කතා කරන දෙය ගැන කිසිදු පැහැදිලිතාවයක් තමාට නැත. ඔහු තමා ගැන මෙන්ම දිලීකා ගැනත් බියක් ඇතිකරගෙන සිටියි. එය මහා විහිලුවක් නොවන්නේද..? තමන්ගේ ආදරයට හරස් කපන දුෂ්ඨයින් සිටින්නේ කොහිද..?

    "මීට එහා දෙයක් කරන්න මට තේරෙන්නෙ නෑ.. ඒත ඔයා රොමේෂිගෙන් ඈත් උනොත් හොදයි.."

    "ඇයි...?"

    "හේතුවක් කියන්න මං දන්නෙ නෑ.. අර මගේ හිතට දැනෙන බය උඩිනුයි මං මේ දේ කියන්නේ.. ඒ කෙල්ලගෙන් ඔයාට කිසිම හොදක් වෙන්නේ නෑ.."

    "රොමේෂි මට ලොකු උදව්වක් කරා ඩිල්ෂාන්.."

    "ඒක ඇත්ත.. ඒත් ඒ උදව්වට වඩා ඔයාගෙ ජීවිතෙයි මගේ නංගිගෙ ආදරෙයි වටිනවා නේද..?"

    "ඔයා ඔහොම කතා කරන්නේ, මොනවා හරි ඩීටේල්ස් දැනගෙනද..?"

    "නෑ..මං තාම ඉන්නෙ හොස්පිටල් එකේ.. මල්ලිලාට දැන් හොදයි.. එයාලව මෙහෙම හොස්පිටල් එකට දාලා ඔයාව තනි කරන්නයි කවුරු උනත් හදන්නේ.. මං මේ මගේ ඉවට දැනෙන දේවලුයි කියන්නේ.. ඒ ඉව හැමෝටම නෑ අවිනාශ්."

    "මං දැන් හොස්පිටල් එකට එන්නද..?"

    "එපා.. මේ දවස් ටික මග ඇරෙන කල් ඔයා කොහේවත් යන්න එපා.. ගෙදරට වෙලා ඉන්න.."

    "මං ඒක කොහොමද කරන්නේ..?"

    "ඔයාට කරන්නම වෙනවා.. නංගිත් එක්ක කතා කරන්න උවමනා උණාම, මං එයාව ඔයාගෙ ගෙදරට එක්කගෙන එන්නම්. ඔයා පරිස්සම් වෙන්න.. මොකද ඔයාව අපිට හරියට වටිනවා.. මං තියන්නම්.."

    ඩිල්ෂාන් හදිසියේම නිහඩ වුණි. ඔහු පැවසූ කරුණු දිගේ සිතන්නට බොහෝ දේවල් අවිනාශ්ට තිබිණි. රොමේෂිගෙන් ඈත්වෙන්න යැයි, ඔහු තමාට කීවේ ඇයි..? එය කිසිදු අයුරකින් තමාට බල කිරීමකින් තොරව කියූ දෙයක් ලෙසට අවිනාශ්ට දැනී තිබිණි. ඩිල්ෂාන් එය කීවේ හර්දයාංගමවය. එය ඉවතට දැමිය නොහැක්කේ එම නිසාය. ඔහුට ඩිල්ෂාන් ගැන මහත් බැතිබර හැගීමක් දැනිණි. ඔහු සිටින තාක්කල් තමාටත් දිලීකාටත් අතුරු ආන්තරාවක් නොවේ යැයි අවිනාශ් විශ්වාස කළේය.

    *******************************

    සිහින් පොද වැස්සක් හැලෙන්නට ගත්තේ උදෑසන සිටිය. කිසිදු ජීවි බවක් පරිසරය පුරා තිබුණේද නැත. රොමේෂිගේ නිවසට යාම ගැන, මේ වනවිට අවිනාශ් සිටියේ දෙගිඩියාවෙනි. ඇයට ඇමතුමක් දී තමා නොඑන බව කියන්නටද වරෙක ඔහුට සිතුණි. එහෙත් ඒ සමගම ෆොක්ස් හීල් තරගයේ ත්‍රාසජනක රූප පෙලක් ඔහුගේ මතකය පුරා විහිද ගියේය.

    කමක් නැත. මේ අවසාන අවස්ථාවයි. අදින් පසු ඩිල්ෂාන් කියූ පරිදිම, තමා රොමේෂි සමග සියලු ගනුදෙනු හමාර කරනවා ඇත. එහෙත් රටක් රාජ්ජ්‍යයක් වැනි දිලීකා දෝත මතම සිටියදී තමාට රොමේෂි සමග ඇති ගණුදෙනුව කුමක්දැයි අවිනාශ් සිතුවේ දොම්නසිනි. මුළු තුන් සිතින්ම දිලීකාට ආදරය කරනා බැව් පැහැදිලිය. එහෙත් මේ රොමේෂිගෙන් හිත ඉල්ලන දේ කුමක්දැයි තොරා බේරා ගැනීමට නොහැකිව අවිනාශ් අන්දමන්දව සිටියේය.

    රොමේෂි හමුවීමට යාමට ප්‍රථම මේ ගැන දිලීඛාට කිව යුතුයැයි උදෑසනම සිටම අවිනාශ්ගේ සිත පෙලූ ගැටලුව විය. තමා මේ කරන්න යන්නේ වැරදි දෙයක්දැයි අවස්ථා ගණනකදීම ඔහුගේ සිතට වද දුන්නේය. එහෙත් රොමේෂි ගැන තමා දිලීකාට කියන්නේ මොනවාද..? ඇය සමග ආහාර වේලක් ගැනීමට ඇයගේ නිවසට යාම ගැන දිලීකාට තොරා බේරා දෙන්නේ කෙසේද..?

    අවසානයේදී අවිනාශ් තීරණය කලේ කිසිවක් දිලීකාට නොපවසන්නටය. ඔහු එම තීරනය ගත්තේද බොහෝ අපහසුවෙනි. එහෙත් එම තීරණය තම ජීවිතය මුළුමනින්ම විනාශ කර දැමීමට තරම් සැහැසි වනු ඇතැයි ඔහු අංශු මාත්‍රයකින් හෝ සැක නොසිතුවේය.

    "මං හිතුවා ඔයා එන එකක් නෑ කියලා.."

    අවිනාශ් එනතුරු දෑස රිදෙනතුරු පෙරමග බලා සිටි රොමේෂි කීවාය. රැගෙන ආ විශාල රෝස මල් පොකුර ඇය අතට දී ඉතා සිනිදුව අවිනාශ් ඇයගේ කම්මුල සිපගත්තේය. එය බලාපොරොත්තුවෙන්ම සිටියාක් වැනි හැගීමක් රොමේෂිද ඇගිලි තුඩුවලින් ඉස්සි අවිනාශ්ගේ කම්මුලට දිගු හාදුවක් දුන්නාය.

    "ඔයා අද හරිම ලස්සනයි අවිනාශ්.."

    ගිලගන්නට මෙන් අවිනාශ් දෙස බලා සිටි රොමේෂි කෙදිරුවාය. ඒ වනවිටත් ඔවුන් දෙදෙනා විසිත්ත කාමරයද පසු කරගෙන සාලයට පැමිණ සිටියාය.

    "තෑන්ක්ස්.."

    අවිනාශ් ඇය දෙස බැලුවේ හොද ඕනෑකමකිනි. රොමේෂි සිටියේ ඔහු වෙනදා දකිනවාටත් වඩා වැඩි සුන්දරකමකිනි. ඒ සුන්දරකමින් සිත බැදී යන්නට පෙරම අවිනාශ් දිලීකා පිලිබද මතකය සිත තුලට ඇද ගත්තේය. මෙතනින් ඉතා ඉක්මනට ඉවත් වී යා යුතු බව ඔහුගේ සිත ඔහුට මේ වනවිටත් දැඩි සේ අනතුරු අගවා තිබිණි.

    "ඉතිං...?"

    දීර්ඝ කතාවක් පටන් ගැනීමට පෙම් රොමේෂි අවිනාශ්ගෙ අතකින් අල්ලා ගත්තේය. අවිනාශ් අසීරුවට තම අත මුදාගනිමින් අසුනින් නැගී සිටියේය. රොමේෂිගෙ මූණේ පැන නැගුනේ කුතුහලය මුසු නොසන්සුන්කමකි. තමා මේතරම් ඔහුට ලංවෙද්දීත්, ඔහු පලා යන්නේ ඇයි..? සමහර විට ඔහුට පෙම් බැදි, ඔහු පෙම් කරනා යුවතියන් කිහිප දෙනෙකු සිටින්නට පුළුවන. එහෙත් තමාට එය ගැටලුවක් නෙමේ. මේ මුළු ලෝකයෙන්ම තමාට වටිනා වස්තුව මේ මොහොතේ සිටින්නේ තමා ළගය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මට ඉක්මනට යන්නත් ඕන.."

    "චුට්ටක් ඉන්නකෝ බබා.. ඔයා ආවා විතරනේ.. ඉන්න මං ඔයාට පොඩි බඩුවක් පෙන්නන්න.. මේක බලලා ඔයා පුදුම නොවුනොත් තමා පුදුමේ.."

    "ඒ කියන්නෙ ඔයා මාව පුදුම කරනවා.."

    "අනිවාර්‍යයෙන්ම.."

    මද අදුරු පැහැති කවරයකින් සැරසූ ඇල්බම් කිහිපයකින් හා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල තද කොළ පැහැති ෆයිල් එකක් ඇය ඔහු වෙතට දිගු කළේය.

    "මොනවද මේ.. ඔයාගෙ ෆොටෝස් ද..?"

    "බලන්නකෝ.."

    "මේවයින් කොහොමද මං පුදුම වෙන්නේ.."

    "ඕවා බලපුවාම ඔයාට තේරෙයි.. මගේ හිතේ ඔයා කොයි වගේ තැනකද ඉන්නෙ කියලවත්.. අඩුගානෙ එතකොට ඔයා විශ්වාස කරයි, මං කොයිතරම් කාලයක ඉදලා ඔයාව දන්නවද කියලවත්."

    "ඒ කියන්නේ..? මට මේ මුකුත් තේරෙන්නෙ නෑ.."

    "ඔයාගෙ හිතේ මං ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ හැමදේටම උත්තර ඔතන ඇති. මං ඔයාව කොයි තරම් කාලයක් දන්නව කියලත් ඔයාට ඕකෙන් ඔයාට හිතාගන්න පුලුවන් වෙයි.. ඔතන තියෙන සමහර ෆොටෝස්, නිව්ස් පේපර් ආටිකල්ස් ඔයා ළගවත් ඇති කියලා මං හිතන්නෑ.."

    "හරි.. මං මේක බලන්නම්කෝ.. ඔයා කොහෙද මේ යන්න හදන්නේ..?"

    "ඔයාට ලන්ච් එක රෙඩි කරන්න නේ.. නැත්නම් ෆොටෝ තමයි අපි දෙන්නට කන්න වෙන්නේ.."

    "අද ගෙදර කවුරුවත්ම නැද්ද රොමේෂි..?"

    "ම්.. කවුරුවත්ම නෑ.. අපි දෙන්නා විතරයි.. අද මුළු දවසම අපිට නිදහසේ ඉන්න පුළුවන්.. අපිට බාධා කරන්න කවුරුවත්ම නෑ.."

    දෑත් දෙපසට විහිදා ඉතා සැහැල්ලු ස්වරයකින් කියූ ඇය ඉදිරියේම වූ කාමරය තුළට ඇතුලු වූවාය. ඇය පැවසූ දේ ගැන අවිනාශ් එතරම් තැකීමක් කළේ නැත. ඇය කියූ පරිද්දට පුළු දවසම ඇය හා ගත කරන්නට ඔහුගේ සිතේ අංශු මාත්‍රයක හෝ අදහසක් තිබුනේ නැත. හැකි තරම් ඉක්මනින් මෙතනින් පිටවී යාම ඔහුගේ එකම අරමුණ විය. නිවසේ කිසිවෙකුත් නැති වේලාවක තමා මෙහි පැමිණීම ගැන අවිනාශ්ට තිබුණේ ඔහු ගැනම උපන් කෝපයකි. එහෙත් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදගත නොහැකි බැව් ඔහු දැන සිටියේය.

    එහෙත් ඔහු ඉන් එහාට ඒ ගැන සිතන්නට ගියේ නැත. ඔහුට වැරදුන තැනත් එයම විය. තවත් ටික දුරක් හෝ ඒ සිතුවිල්ලේම සිතුවා නම් ඔහුට සත්‍යය පසක් කරගන්නට අවට පරිසරය ගැන අවධානයෙන් සිටින්නටද පුළුවන් කමක් තිබිණි. ඒත් ඔහු ඒ කිසිවක් කළේ නැත. තම අතෙහි තිබූ ඡායාරූප ඇල්බමයට ඔහු නෙත් යොමු කළේය.

    පිටුවෙන් පිටුව පෙරළා ගෙන යන විට ඔහුගේ දෑස විස්මයෙන් ඇලලී ගියේය. මෝටර් ක්‍රෝස් තරග වලට ඔහු සහභාගී වූ මුල්ම අවස්ථාවල පෙරහුරු තරග වල ඡායාරූප පවා එතැන පිළිවෙලකට සකසා තිබිණි. ඒ මෙයට අවුරුදු පහකට හෝ හයකට කලිනි. ෆයිල් කවරයේ පුරවා තිබූ ලිපි ශිර්ෂද එසේම විය. ඒවාද අවුරුදු ගණනාවක් පැරණි පුවත්පත් විශේෂාංග ලිපිය. අවිනාශ් මොහොතකට සසැලී ගියේය. ඒ කියන්නේ ඇය තමා ගැන උනන්දුවක් දක්වා ඇත්තේ මෙයට අවුරුදු ගණනාවකට පෙර සිටමය. එය තමාගේ මිල මුදල්වලට ජනප්‍රියත්වයට ඇලුම් කරන ඉගිබිගියක් නොවන බැව් ඔහු වටහා ගත්තේය. ඇය තමා ගැන සිතන්නට පටන් ගෙන ඇත්තේ තමා ජනප්‍රිය මෝටර් ක්‍රෝස් ධාවකයෙකුගේ මූලික අවධිය පසු කරද්දීය.

    මුල්ම වතාවට ඇය කෙරෙහි අනුකම්පාවක් බදු හැගීමක් ඔහුගේ සිතෙහි ඇදී යන්නේ ඒ සිතුවිලි කදම්බය හරහාය. ඇල්බම් කිහිපය හා පුවත් පත් වාර්තා පිරවූ ෆයිල් ගොනුව දෙසට දිගින් දිගටම අවධානය යොමු කරද්දී කාලය ගතවී යනු ඔහුට දැනුණේ නැත.

    "රොමේෂි..?"

    ඇල්බම් කිහිපය ස්ටූලය මත තබා ඔහු නැගී සිටයේ ඇයගේ නම පවසමිනි. දිවා ආහාරය සූදානම් කිරීමට ඇය ගියා ගියාමය. ඇයගේ සලකුණක්වත් නැත. සමහරවිට ඇය පණ දාගෙන උයනවා විය හැකිය. ඔහුගේ සිතට පාලුවක් කාන්සියක් වැනි හැගිමක් දැනෙන්ට විය. මෙතනින් ඉක්මනින් පිටත්ව යා යුතු වුවද කාලය කෙමෙන් ගතවී යන හැඩක් ඔහුට දැනෙයි. මෙය නම් සාමාන්‍ය තත්වයකි. අවසානයදී ඇතලත කාමරයකින් කුමක්දෝ වැටෙන ශබ්දයක් ඔහුට යාන්තමට වගේ ඇසුණේය. එය ලීයක් වැනි යමක් උඩක සිට වැටෙනා ශබ්දයකි. එය කුමක් විය හැකිදැයි අවිනාශ් ඔහුගෙන් විමසමින් සිටියේය.

    "රොමේෂි..."

    එවර ඔහු මදක් හඩ නගා ඇයව ඇමතුවේය. පිළිතුරක් වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ගලා ආවේ නැත. ඇය නම් මේ කරන්නේ විහිලුවක් විය යුතුය. මෙපමණ ඇයට අමතා තිබියදීත්, ඇය නිහඩව සිටින්නේ තමා සමග හැංගිමුත්තන් ක්‍රීඩාවවත් කරන්නටද..? තමා ඇයව සොයනා විට ඇය කොහේ හෝ සැගවී සිට අමුතු ගතියක් ගන්නවා වන්නටද පුළුවන. සමහර විට කාමර ගානේ ඇයව සොයා යනවිට රොමේෂි මහා හඩින් සිනහ වී තමාගේ ඇගට පැන බදාගන්නට වුවත් බැරි නැත.

    එමනිසා ඔහු ඇය සොයා යන තීරණය වෙනස් කළේය. අවිනාශ් නැවතත් කුෂන් සැටිය මතට ඇද වැටුණේය. කාලය තවත් නොඉවසිල්ලෙන් විනාඩි විස්සකින් පමණ ගෙවී ගියේය. එහෙත් රොමේෂි පිළිබද කිසිදු සලකුණක් අවිනාශ් හට දැනුණේ නැත. තමා අතට මේ ඇල්බම් සියල්ල දී ඇය අන්තරස්දාන වූවා වැනිය.

    "රොමේෂී........."

    තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියේ නැත. අවිනාශ් නැවතත් ඇයම ඇමතුවේය. ඒ පෙරටත් වඩා උසස් හඩකිනි. තමාගේ කටහඩ නිවසේ බිත්ති පුරා දෝංකාර දෙන හඩ ඔහුට ඇසුණි. ඔහුගේ සිතට නොසන්සුන්කමක් මුසු වූ විඩාබර හැගීමක් දැනෙද්දී ප්‍රථම වතාවට අවිනාශ්ට සැකයේ සේයාවක් පහල විය. රොමේෂි නිවස තුළ සිටින්නට බැරිය. සිටිනවා නම් ඇය තමා මෙපමණ අඩගසද්දීත් නෑවිත් හිදින්නේ නැත. ඇය එවැනි ආකාරයේ අහංකාර යුවතියක් නොවේ..

    "ඔයා මොනවද කරන්නේ.. මට හොදටම බඩගිනියි.."

    ඇය අවසන් අවස්ථාවේදී තම නෙත් මායිමෙන් සැගවී යද්දී ඇය ඇතුළු වූ කාමරය දෙසට පියවර ඔසවන ගමන් අවිනාශ් කෑගැසුවේය. එය හරියට බීරි අලීන්ට වීණා වාදනය කරන්නාක් වැනිය.

    එහෙත් බීරි අලින්ට වීණා වාදනයටත් වඩා හෙණයක් පතිත කරවූ හඩක් ඊලග මොහොතේදී නද දෙන්නට විය. එය නිවසේ සීනුව නාදවන හඩයි. අවිනාශ් තිගැස්සී වටපිට බැලුවේය. දෙවියනේ.. මේ කවුරුන් විය හැකිද..? රොමේෂිද පෙනෙනා මානයක නැත. තමා කුමක් කළ යුතුදැයි ඔහු මොහොතකට නිවී සැනසිල්ලේ සිතනන්ට ගත්තාය.

    හදිසියේම ඔහුගේ සිතට පහල වූ සිතිවිල්ල නිසා සිතට අපමණ සුවයක් දැනෙන්නට විය. මේ නම් ෂිරෝමිම විය යුතුය. ඇය තමාව විහිළුවකට ගෙන ඇත. ඇය නිවසේ වටෙන් විත් ඉදිරිපස සීනුව ඔබාගෙන හිදින අයුරු ඔහුට මැවී පෙනිණී. මුලින්ම සිතට දැනුණු සුවය මැදින් ඔහුගේ සිතට දැන් දැනෙන්නට ගත්තේ සියුම් කෝපයකි.

    මේ කෝපය පිටින්ම ඇයගේ දිවා ආහාරයද නොතකා මහගැර යාමට ඔහු හදිසි තීරණයක් ගත්තේය. නිදහසට කරුණු කාරනා ඇයට දීමට ඔහු ළග ඕනෑවටත් වඩා තොරතුරු ඇත. කාමරයට යන ගමන නවත්වා ඔහු ඉදිරිපස දොර වෙතට ඇවිද ආවේද. නිවසේ සීනුව දිගින් දිගටම නද දෙයි.

    දොර ඇරිය විගස අවිනාශ් බලාපොරොත්තු වූයේ රොමේෂිගේ දගකාර හිනාව දකින්නටය. එහෙත් ඉදිරිපස මිදුලේ සිටි කිහිපදෙනා දුටු ඔහු තිසැස්සී ගියේය. කොතැනක හෝ කුමක් හෝ වැරදී ඇති බැව් ඒ තිගැස්ම අතරින් ඔහුට දැනුණි.

    "ඔහ්.. හෝ... හොදට දැකලා පුරුදු මූණක් නේ....."

    අවිනාශ් ඉදිරියේ සිටියේ පොලිස් නිලධාරීන් සය දෙනෙකි. ඉන් ඉදිරියෙන්ම සිටියේ මූලස්ථානය බාර පොලිස් පරික්ෂකවරයාය. මොවුන් පැමිණ තිබෙන්නේ ඇයි..? එය අවිනාශ්ගේ සිත පෙලූ ප්‍රධාන ගැටලුවයි. වෙනදා ඔවුන්ගේ මුහුණුවල දකින ප්‍රියමනාප බව අද විහිලුවට හෝ දකින්නට නොමැත. ඔවුන් තමා දෙස බලන්නේද අපරාධකරුවෙක් දෙස බලනා පහත් ආකාරයේ හැසිරීම් සහිතවය. එදා ෆොක්ස් හීල් තරගයේදි තමා ජයග්‍රහණය කළ පසු මේ ඉදිරියේ සිටිනා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද තමාට සුභ පැතූ අයුරු ඔහුට සිහිපත් විය..

    "ඇ... ඇයි.. මේ..?"

    වචන ගළපා ගැනීමට හැකි වූ පළමු අවස්ථාවේදීම අවිනාශ් පෙරට අඩියක් තැබුවේය. එහෙත් පොලිස් ප්‍රධානියාට එය වලංගු වූයේ නැත. ඔහු අවිනාශ්ව පසෙකට තල්ලු කර දමමින් නිවසට ඇතුලු විය.

    "කවුද ගේ ඇතුලෙ ඉන්නේ..?"

    පොලිස් ප්‍රධානියා ඇසුවේ පිටුපසවත් හැරී නොබලාය. මේ වෙන්නට යන්නේ කුමක්දැයි තෝරා බේරා ගැනීමට අවිනාශ්ට තවමත් හැකි වූයේ නැත.

    "ගේ ඇතුලෙ ඉන්නේ ගෙදර අයිතිකාරයොනේ ඉන්ස්පෙක්ටර්..?"

    "ඒකත් එහෙමද.. අපි එහෙනම් අයිතිකාරයට කතා කරලා බලමුද..?"

    ඒ හඩෙහි කිසිදු තෙතමනයක් තිබුණේ නැත. නපුරක් සිදුවෙන්නට යන විට එය ඉවෙන් මෙන් දැනෙන මිනිසුන් අතර, අවිනාශ් සිටියේ ඉදිරියෙන්මය. එනිසාම කුමක් හෝ අති භයානක දෙයක් තව සුළු මොහොතකින් සිදුවෙතැයි ඔහු අනුමාන කළේය. ඔහු අනුමාන කළ දෙය, ඔහුගේ ඉරණම තීරණය කරවන්නක් බව ඔහු දැන සිටියා නම් අනුමාන කිරීමේ සිතිවිල්ලවත් ඔහුගේ ලයෙහි උපදින්නේ නැත. ඒ වෙනුවට ඔහු මෙතනින් පැන දුවනවා නිසැකය.

    "කිසි ප්‍රශ්නයක් නෑ.. කතා කරන්න.."

    එවර අවිනාශ්ගේ හඩෙහි වූයේ නියෝගයකි. එහෙත් පොලිස් නිලධාරියා කතා කළේ නැත. ඔහු සීරු මාරුවට ඉතා පිළිවෙලින් නිවසේ කාමරය පරික්ෂා කිරීමට පටන්ගත්තේය. ඔවුන් කුමක් හෝ සොයනවා වැනිය. එහෙත් අවිනාශ්ගේ ඉමහත් පුදුමයට හේතු වූයේ රොමේෂි පෙනෙන්නට නොසිටීමය. මෙය සමහර විටෙක ඇයගේ උගුලක් වීමටද ඉඩ තිබේ. එසේ සිතනා විට නම් අවිනාශ්ට දැනුණේ මද චකිතයකි. මත්ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් ද්‍රව්‍යයක් නිවසේ තමා තමාත් සමග රිමාන්ඩ් කරන්නට ඇය සැලසුම් ඇන්දාද කියා කියන්නට බැරිය. එහෙත් ඒ සියලු දෑම බිදී බිම ඇද වැටුණේ පොලිස් නිලධාරියා ඇතුලු කාමරයක සිට කල කෑගැසීමක් නිසාය. අවිනාශුත්, ඔහු වටා සිටි අනෙක් නිලධාරිනුත් කෑගැසීම ඇසුණු කාමරය තුළට ඉක්මනින් දිව ගියහ.

    කාමරය දොරින් ඇතුල් වනවිටම දුටු දර්ශනයෙන් අවිනාශ් සුදුමැලි වී ගියේය. ඇද මත දෑත් දෙපා හතර අතටම විහිදා ඇදෙහි දිගාවී සිටියේ රොමේෂිය. කාමරය මුළුමනින්ම අවුල් ජාලාවක් විය.

    "මයිගෝඩ්.. රොමේෂි.. මේ මොකද..?"

    ඇය දුටු වහාම අවිනාශ්ට කෑගැසුණි. මන්ද යත් රොමේෂි සිටියේ ඉතා අස්වාභාවික අයුරිනි. ඇයට කුමක් හෝ කරදරයක් සිදුවී ඇති හැඩය.

    "මිස්ටර්..."

    රොමේෂි ළගට යාමට හැදූ අවිනාශ්ව පොලිස් නිලධාරියා විසින් වලක්වන ලදී..

    "මොකද ඉන්ස්පෙක්ටර් රොමේෂිට වෙලා තියෙන්නේ..?"

    "මොකද වෙලා තියෙන්නේ...? ඒක තමුන් මගෙන්ද අහන්නේ..?"

    "ඇ... ඇයි.. ඉන්ස්පෙක්ටර්...?"

    "නිකං බබා වෙන්නැතුව ඉන්නවා මිනිහෝ.. පී.සී.. දානවා මේ මිනිහට මාංචු.."

    අවිනාශ් වෙව්ලා ගියේය. මේ සිදුවන්නට යන්නේ කුමක්ද..? පොලිස් නිලධාරීන් තමා අතට මාංචු දමන්නේ ඇයි..?

    "ඉන්ස්පැක්ටර්ට පිස්සු..? මට මොකටද මාංචු දාන්නේ..? මං මොනවා කරාටද..?"

    "මොනවා කරාටද..? මොනවා කරාටද.. මං හිතන් හිටියේ තමුසෙ දක්ෂ ක්‍රීඩකයෙක් කියලා.. දැන් බලපුවාම තමුසෙ මාර නලුවෙක් නේ.."

    "මොන නලුවෙක්ද..? මොකද මෙතන වෙලා තියෙන්නේ..?"

    "වෙලා තියෙන්නෙද..? මේ ගෑනි මරලා දාලා ඕයි..?"

    අවිනාශ් නැවතත් වෙව්ලා ගියේය. රොමේෂි මරලා.. රොමේෂි මරලා.. ඔහුට සිය දෙසවන් අදහාගත නොහැකි විය. දෙවියනේ.. කවුද රොමේෂිව මැරුවේ..?

    "ම.. මරලා දාලා..?"

    "ඔව් ඕයි.. ඔව්.. මරලා දාලා විතරක් නෙමෙයි.. මේ කෙල්ලත් දූෂනය කරලා.."

    "ඇ...!"

    අවිනාශ්ට උන්හිටි තැන් අමතක වීය. තමා කළ යුත්තේ කුමක්දැයි අපහැදිලි විය. කොටින්ම පියවි සිහිය ඔහු වෙතින් පලා යන්නට පටන්ගෙන තිබිණි.

    "කවුද..? කවුද ඉන්ස්පෙක්ටර් මේවා කරලා තියෙන්නේ..?"

    සිතේ වූ අවසාන ශක්තියද එකතු කර අවිනාශ් ඇසුවේය..

    "කවුරුවත් නෙමේ උඹ.......?"

    "මම..?"

    මුළු ලෝකයම මීදුමින් වැසී යද්දී අවිනාශ් අවසාන වචනයද මිමිණුවේය. තවදුරටත් කතා කිරීමට තමාට ශක්තියක් නොමැති බව ඔහුට දැනුණේය.

    "ඔව්.. අපි ආවේ උඹව අත් අඩංගුවට ගන්න.. හ්ම්.. දැන් ඉතිං වැඩි කරදර නොකර අර එළියෙ තියෙන ජීප් එකට ගැනපං.."

    "මේ.. මේක වැරදීමක්.. ම.. මං මේක කරේ නෑ.."

    අවිනාශ් බිදුන් හඩින් කෑගැසුවේය..

    "ඒවා උසාවියෙදි බලාගමු.."

    එතැනින් එහාට අවිනාශ්ගේ ලෝකය ඝන අන්ධකාරයකින් වැසී ගියේය. අතුරු සිදුරු නොමැතිව පිරී තිබූ සතුටේ තරු එළි සැනෙකින් මැකී ගියේය. ජීවිතය පුරවා තිබූ සැනසුම් සහගත සොදුරු බලාපොරොත්තු එකින් එක උඩු සුළගේ ගසා යන්නට විය. ඉතිං මෙයට කවරෙකු හෝ දෛවය කියා කියනවා නම් එහි ඇති වරද කුමක්දැයි කිසිවෙකුටත් ඇසීමට නොහැකිවනු ඇත.


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-10.jpg


    10.png


    "ඊට පස්සෙ මොකද වුණේ..?"


    දීර්ඝ නිහැඩියාවක් ගෙවී යන්නට අර අදිමින් තිබියදී සමින්ද ඇසුවේය. මෙතුවක් වේලා තමන් ඇතුලු මිතුරු මිතුරියන් සියලු දෙනාම ජීවත් වී ඇත්තේ අවිනාශ් සමග ඔහුට අහිමිව තිබූ අතීත මතකය තුළය. සමින්ද ඇසූ ප්‍රශ්නය අනෙක් සියලු දෙනාම නියෝජනය කරනා ප්‍රශ්නය බවට නිතැත්නිම පත්විය.


    ‍ෙ"කියන්නකෝ අවිනාශ්.. තවත් අපිට මේක බලන් ඉන්න බෑ.. මේක දැන් අපේ කතාවක් වගේ.."


    චමෝදි තොදොල් හඩින් කියූ කතාවට භාතියට එකසිය ගානට මරුවා නැග්ගේය. ෂිහ්.. ඇත්තට මේකි ඒක කියපු කැත.. ඇයි බොන්ඩියේ.. උඹට මගෙන් එක්ක ඔය විදියට හුරතල් වෙන්න බැරි..? මේකා ෂුවර් එකටම අර රොමේෂි කෙල්ල මරලා දාන්න ඇති. පහත් ආශාවන් ඉෂ්ඨ කරන්නටත් ඇති. එය මරා දැමීමට ප්‍රථම හෝ පසුව සිදු කරන්නට ඇත. එහෙත් චමෝදි එහි වගේ වගක් නොමැතිව කොන්ඩයා හා ගැටී ගැටි මුකුලු පෑම භාතියගේ හර්ස ස්පන්දනය ඉහළ නංවයි. මේකිටත් ඕනෑකම ඇත්තේ මූට කියා ඒ ටික හොද හැටි කරවාගෙන මිය යන්නට ගියේය.


    "මේක මොකක් හරි ගිණි ගෙඩියක් කියලා ඔයාට තේරුණේ නැද්ද..?"


    ෂෙනාල් ඇසුවේ අවිනාශ්ගේ අතකින් අල්ලා ගනිමිනි. අවිනාශ්ගේ දෑතේ වූ සීතල ෂෙනාල්ගේ සිතත් සීතල කර දැමුවාය.


    "හැමදේම තේරෙනකොට මං පරක්කු වැඩියි යාලුවා.. මං හොදටම පරක්කු වැඩියි.."


    "ඒ කියන්නේ.. ඔයා මේක කරේ නෑ කියලා ඔයාට ඔප්පු කරගන්න බැරි උනාද..?"


    සමින්දගේ ප්‍රශ්නයට අවිනාශ්ට මද සිනාවක් පහළ විය. එහෙත් අවිනාශ්ගේ සුපුරුදු සිනහවක් දැක පුරුදු අයෙකුට නම් එය හැගෙනු ඇත්තේ විරිත්තීමක් ලෙසටය.


    "ඔව්... මං සම්පූර්ණයෙන්ම වැරදි කාරයා උනා.."


    "දෙයියනේ.."


    "ඔයා කොහොමද මේ දේවල් දරා ගත්තේ..?"


    "ඔයා වටේ හිටපු අයට ඔයා මූණ දුන්නෙ කොහොමද..?"


    "රොමේෂිට ලංවෙන්න එපා කියපු ඩිල්ෂාන්ට ඔයා මොනවද කිව්වේ..?"


    "දිලීකා මේ හැමදේම විශ්වාස කරාද..?"


    "එයාගෙ බාල අයියලා දෙන්නට මොකද උනේ..?"


    සතර අතින්ම ඇසෙන්නට වූයේ මහා අදෝනාය. එසේත් නැතිනම් අදෝන වැනි ප්‍රශ්න පත්තරය. මේ සියල්ලටම අවිනාශ්ට දීමට තිබුණේ එකම පිලිතුරකි. ඔහු එය නොබියව කියා දැමුවේය.


    "කවුරුවත් මාව විශ්වාස කරේ නෑ.. හැමදේම සිද්ධවෙලා තිබුණේ මාව හිරවෙන විදියට. මගේ ළග කිසිම කෙනෙක් ඉතුරු උනේ නෑ. අඩුම ගානෙ මගේ දිලීවත් ඉතුරු උනේ නෑ.."


    "ඉතිං දෙයියනේ.. ඔයා කොහොමද මේ තරම් දේවල් ඉවස ගත්තේ..?"


    "මං ඉවසුවෙ නෑ චමෝදි.. මං හිටියෙ පුදුමාකාර ගිනිගහන වෛරයකින්. කැකෑරෙන ගිනියමකින්.. අත් දෙක උඩටම දෝත බදලා හම්බවෙච්ච සතුට එක තත්පරයකදි බලන් ඉදිද්දිම විනාශ උනාම මං කේන්තියෙන් පිස්සු බල්ලෙක් උනේ නැති එකවිතරයි. මාව මේ තත්වෙට ඇදලා දාන්න උදව් කරපු හැම එකාගෙන්ම පලිගන්න මං දිවුරුම් අරගෙනයි හිටියේ.. මගේ ලස්සන ජීවතේ මේ වගේ අන්ධකාර ලෝකෙකට තල්ලු කරලා දාපු එවුන්ට මං උදාවෙන හැම දවසකම සාප කරලයි දවස පටන් ගන්නේ.."


    "කියන්න අවිනාශ්.. අපි අහගෙන ඉන්නේ.."


    චමෝදිගේ කෙදිරිල්ලක් වැනි කටහඩ ඇසෙනා විට භාතියට ඉබේටම දත්මිටි කැවෙයි. දෙයි හාමුදුරුවනේ.. මුගේ මේ කතන්දරේ ඉවර වෙන්නෙ කවදාද..? මෙය හරියට කොටස් සියයකින් නිම කරනවා කියා පටන් ගන්නා මෙගා ටෙලි නාට්‍යයක් වගේ. අවසානයෙදි නිමා වෙන්නේ කොටස් හාරසියයක් පමණ ගොස්ය. ඒත් ඉවරයි කිව්වට ඉවරයකුත් නෑ. බලන් හිටියාට ඇති රසකුත් නෑ..


    "ඒත්.. ඒත්.. වෛර කර කර දවස පටන් ගත්තහම ඒ දවස ඉවර වෙන්නෙ මාවත් විනාශ කරගෙන කියලා මට පස්සෙ තේරුණා. හුගාක් වෙලාවට තනියෙම කල්පනා කරල කරල මං භාවනා කරන්නත් පුරුදු උනා. ඒකෙන් මගේ හිතේ පැලපදියමි වෙලා තිබ්බ තරහා සෑහෙන ප්‍රමාණයකට අඩු කරගන්න මට පුලුවන් උනා. ඒ ගැන විතරයි මට සංතෝසෙකින් හිතන්න පුළුවන්.."


    මේවා නම් මේ කොන්ඩයගෙ පට්ට කෙබර කියා භාතියට විශ්වාසය. මූට විණ කළ එවුන්ට මූ මේ කපේ සමාවක් නම් නොදෙනු ඇත. මූ දිහා එක විදියකට බැලුවොත් මූ ආපිට බලන්නේ යටි බඩත් සමග ආහාරයට ගැනීමට වගේය.


    "ඔයා වෙනුවෙන් කතා කරන්න කවුරුත් හිටියෙ නැද්ද..? දිලී.. ඩිල්ෂාන්.. එයාලට මොකද උනේ..? අඩුම ගානේ ජෙහාන්වත් ළග හිටියෙ නැද්ද..?"


    "නෑ සමින්ද.. ඒ කවුරුවත්ම නෑ.."


    "ඇ... ඇයි ඒ.. ඒ හැමෝම ඔයාව අවිස්වාස කරාද..?"


    "හුගාක් වෙලාවට එහෙමත් වෙන්න ඇති. ඒත් සමහර විට සිකියුරිටි ෆොසස් වල බලපෑමකුත් එන්න ඇති. කවුරු උනත් තමන්ගෙ ජීවිතේට ආදරෙයි නේ.."


    "එතකොට අඩු ගානේ ඔයාවත් ඔයා වෙනුවෙන් කතා කරේ නැත්තෙ ඇයි..?"



    "රොමේෂි මැරිලා හිටපු හැටි දැක්කම ඒ හැමදේම වෙනස් වෙලා ගියා ෂෙනාල්.. කොටින්ම මං ඒ ගේ ඇතුලෙ ඉන්දෙද්දි තමයි එයාට හැමදේම වෙලා තියෙන්නේ.. හුගාක් වෙලාවට මුලුන්ම මං එයාව හොයාගන්න එයාගෙ පස්සෙන් ගියානම් මගේ ජීවිතෙත් ඉවර වෙන්න තිබ්බා.."


    "සමහර විට රොමේෂි බේරගන්නත් තිබ්බා.."


    "ඔව්.. ඒකත් වෙන්න තිබ්බා..."


    "දිලී.. ඔයාව බලන්න ආවෙ නැද්ද..? එයා කොහොමද ඔය තරම් ඉක්මනට ඔයාව අමත කරේ..?"


    "එයා මාව අමතක කරාද නැද්ද කියලා කියන්න මං දන්නෑ.. ඒත් එකම එක දවසක්, ඔය ගෙවිලා ගියපු කාලකන්නි තුන්සිය ගානේ අතරෙදි එයා මාව බලන්න ආවා ඩිල්ෂාන් එක්ක.."


    "ඉතින් ඊට පස්සෙ මොකද උනේ..?"


    සදුන් ගසක් වෙන් සුවද දීගෙන හැමූ සොදුරු ආදරයක අවසන් තත්පර කීපය ගැන අසා දැනගන්නට සියලු දෙනාටම වූයේ අප්‍රමාණ වූ කැමැත්තකි. එහෙත් භාතියට වූයේ එවැනි සිතිවිලි නොවේ. ඔහු සිටියේ හදවත ඇතුළින් හඩා වැළපෙමිනි. මුගේ මේ අමන කතාව ඉවර වෙන්නට ඔන්න මෙන්න කියා එයි. එහෙත් ආයෙමත් නොසිතූ පරිදි තිබ්බාටත් වඩා හොදින් කතන්දරේ පටන්ගනියි. හත්වලාමේ.. මේ බහුබූත මල ඉලව් ප්‍රේම කතාන්දරය කවදා නිමා වෙයිද..?


    "දිලී වචනයක්වත් මගෙත් එක්ක කතා කෙරුවෙ නෑ.. මගේ අත් දෙක අල්ලගෙන හොදටම ඇඩුවා. ඒ ලස්සන ඇස් දෙකෙන් ගලපු කදුලක් කදුලක් ගානේ මං කොයි තරම් පිච්චුනාද කියලා දන්නෙ මං විතරයි.. අදටත් ඒ කදුලු වලින් මං පිච්චෙනවා.."


    "ඔයා ඒ වැරැද්ද කරේ නෑ.. ඒ වගේ තිරිසන් වැඩක් කරේ නෑ කියලා එයා පිළිගත්තෙම නැද්ද..?"


    "නෑ චමෝදි නෑ.. අනිත් හැමෝම වගේ එයා මට කෙලින්ම කිව්වා නම් උඹ මහ මිනීමරුවෙක්, උඹ ගෑනියෙක් දූෂණේ කරපු තිරිසනෙක් කියලා, මට කිසිම දුකක් නෑ.. ඒත් එයා මට කිසිම දෙයක් කිව්වෙ නෑ.. ආත්ම හතක් එහාටත් ගිහිල්ල අමතක කරන්න බැරි විදියට මගේ දිහා බලන් හිටියා. ඒත් එයාගේ ඇස් දෙක මට කිව්වෙ... කවදාවත් මං උඹට සමාවක් නම් දෙන්නෑ කියලා.."


    "ඒ ඔයා හිතන විදිය අවිනාශ්.. හරි අපි ඒ දේ පැත්තකින් තියමු. ඔයාට ඩිල්ෂාන් මොනවද කිව්වේ..? දිලිකා එක්ක ආවට පස්සෙ ඩිල්ෂාන් ඔයාව බලන් ආවෙ නැද්ද..?"


    "නෑ.. කවදාවත් නෑ.. ඒ අපු දවස තමයි අන්තිම දවස.. එත් එයා නියම මහත්මයෙක්.. මට කිව්වෙ එකම එක දෙයයි.. ඒක මගේ පපුව තුන් හතර පොලක්ම පුපුරලා දාපු කතාවක්.."


    "ඒ මොකක්ද..?"


    එසේ ඇසුනේ භාතියටය. සැවොම පුදුම වී ඔහු දෙස බැලුවේ එකවරටය. මන්ද යත්, දැකි පළමු මොහොතේ සිටම අවිනාශ් කෙරෙහි භාතියගේ තිබුණේ නයාට අදුකොළ ආකාරයේ දර්ශනයක් බැවිනි.


    "අම්මත් තාත්තත් නැතිව මං මගේ පුංචි කෙල්ල උස් මහත් කරගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? ඒත් ඒ විදපු හැම දුකක්ම හේදිලා ගියා වගෙයි ඔයයි නංගියි එකතු උනාම. ඔයා වගේ හැම අතින්ම හොද මනුස්සයකුට මගේ වටිනාම වස්තුව බාර දීලා මං ටිකක් මහන්සි අරින්නයි හැදුවේ. ඒත් ඔයා මගේ වස්තුවටයි, මටයි දෙන්නටම පයින් ගැහුවා අවිනාශ්. ඔයා පයින් ගැහුවා.. මේක කොයි තරම් දරුණු විදියට මට දැනෙනවද කියලා කියන්න සිංහල භාෂාවේ වචන නෑ.. අපි කවදාවත් ආයෙ ඔයාගෙ ඇස් ඉස්සරහට එන්නෑ.. අපි මෙහෙන් යනවා අවිනාශ්.. මොන දේ නැතිවුනත් මට මගේ පුංචි කෙල්ලව නැති කරගන්න බෑ.."


    ඩිල්ෂාන්ගේ වචන අවිනාශ් ප්‍රතිනිර්මාණය කළද, අවසානයේ අවිනාශ්ගේ වචන නිමා වූයේ කටහඩ මුලුමනින්ම බිදී යාමෙනි. ඉන් පසුව උදාවූයේ අතිශය තීරණාත්මක වූ විනාඩි කිහිපයකි. භාතිය වුවත් සිටියේ කැළඹිලි සහගත වූ ස්වභාවයකිනි. අවිනාශ් කෙරෙහි මුල සිටම දැක්වූ නොපහන් බව එසේම තිබුණත්, ඔහුගේ යටි සිත කිසියම් නොසන්සුන් කමකින් පිරෙන්නට විය.


    "හිරගේ ඇතුලෙ ඉදන් මම මහා හයියෙන් කෑගැහුවා.. දිලී මං වැරදි නෑ කියලා.. ඒත් එයා එක පාරක්වත් හැරිලා බලන්නෙ නැතුව ඩිල්ෂාන් එක්ක ගියා.. ඒ තමයි මං එයාලා දැකපු අන්තිම දවස. එදා ඉදලා මේ වෙනකන් මට එයාලා ගැන කිසිම ආරංචියක් ආවෙ නෑ. ඔයාලා දන්නෑ යාලුවනේ.. මගේ පුංචි කෙල්ල.. මේ ලෝකෙ හැමෝටම වැඩිය මට ආදරේ කරපු මගේ අහිංසක කෙල්ල මං දිහා එක පාරක්වත් හැරිලා බැලුවෙ නෑ.. හග්.. හග්.. හග්.."


    අවිනාශ්ගේ දෙනෙතින් කදුළු කඩා වැටෙන්නට ප්‍රථම, කදුළු කඩාගෙන වැටුනේ චමෝදිගෙ දෙනෙතින්ය. අවිනාශ්ගේ කටහඩේ තිබූ දුක්බර අසරණ කම උපරිමයෙන් මැදිරියේ සිටි බොහෝ දෙනෙකුගේ නෙත් තේත කරන්නට සමත් වී තිබිණි. වැඩි යමක් උවමනා නැත. භාතියගේ හදවත පතුලින් නැග එන මොකක්දෝ රිදීමක් ඔහුටද දැනෙමින් තිබිණි.


    "අවිනාශ්.. කවුරු ඔයාට නැති උනත්, අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා.. ඔයා වෙනුවෙන් අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා කියන්න.. අපි ඒ දේ අනිවා කරනවා.."


    හිටි හැටියේ පැණ නගින කටහඩේ නිශ්හබ්දතාවය බිද දමමින් සමින්ද ඉදිරියට ආවේය. මේ නිහැඩියාව ඔහුට රිසිවූයේ නැත.


    "ඔයාලා මට උදව් කරනවා කියලා මං දන්නවා.. අදුන ගෙන පැය ගානක් උනත් ඔයාලා හැමෝගෙම හිත් හොදයි.."


    අවිනාශ් කීවේ කෙලින්ම භාතිය දෙස බලාගෙනය. ඔහු වහා බිම බලා ගත්තේය. මේ උකුසු ඇස් දෙකට මුහුණ දීමට තමාට ශක්තියක් නැත. තමා ඔහු ගැන මුලින්ම සිතූ සෑම සිතුවිල්ලක්ම දැන සිටිනා පරිද්දෙන් ඔහු තමා දෙස බලාසිටියි.


    "ඒත්... ඒත්... ඔයාලා කාටවත් මට උදව් කරන්න බෑ යාලුවනේ.. ඇත්තටම මට උදව් ඕන වෙලා තිබුණෙ මං ජේල් එකේ ඉන්දෙද්දි.. මට මගේ නිර්දෝෂීකම පෙන්නන්න ඕන වෙලා තියෙද්දියි.. ඒත් හැමදේම කණපිට හැරිලා දිලී මගේ ගාවින් ගියාට පස්සෙ මං නිර්දෝෂ වෙලා වැඩක් නැහැ. එහෙමයි මට හිතෙන්නේ.."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවිනාශ්ගේ කතාවෙහි තවත් නොකියවුණු පැත්තක් ඇති බැව් ප්‍රථම වතාවට ෂෙනාල්ට වැටහුණේ ඒ කතාබහින් පසුවය. තමන් ඇතුලු මිතුරු පිරිස ඒ වැදගත් කොටස අමතක කර දමා ඇති හැඩය..

    "අවිනාශ්..."


    ෂෙනාල් උගුර පාදා කතාව පටන් ගත්තේය. කතාවකට හූමිටි තබන්නෙකු කතාවක් පටන් ගැනීමම අනි අයගේ අවධානයට ලක්වන දෙයකි. එය ෂෙනාල්ටත් පොදු විය.


    "ඔව්.. ෂෙනාල් මොකක්ද ඔයාගෙ ප්‍රශ්නේ..?"


    "එතකොට කවුද රොමේෂිව රේප් කරලා, මරලා දැම්මේ..? ඔයාට ඒක දැනගන්න බැරි උනාද..?"


    "ඒ දේ කරපු කෙනෙක් අදටත් නෑ.."


    "එතකොට ඒ හැමදේටම වැරදිකාරයා වෙච්ච ඔයා කොහොමද අවුරුද්දකින් නිදහස් උනේ..?"


    "සාක්ෂි හින්දා.."


    "ඒ කියන්නේ..?"


    "මං ඒ ගෙදර ඇතුලෙ හිටියට මං ඒ දේ කරා කියලා කියන්න, පිළිගන්න පුළුවන් කිසිම සාක්ෂියක් තිබුණෙ නෑ. හරි නම් මට මීට කලිනුයි නිදහස් වෙන්න ඕන. ඒත් මොකක් හරි හේතුවකට මාව තද කරලා තිබ්බා.."


    "ඒ කිව්වේ..?"


    "මං ඒ හැමදෙයක්ම දැනගත්තේ මීට දවස් ගානකට කලින්.. රොමේෂිව මරලා තිබුණෙ කන්ට්‍රැක්ට් එකකට.."


    "කන්ට්‍රැක්ට් එකකට..?"


    "ඔව්.. මාව අහුවෙන්න.. ඒක කවුරු හරි ඔය ෆෝසස් එකක ලොක්කෙක් දීපු ඕඩර් එකක්.. ෆොක්ස් හීල් රේස් එකේදි මට කරපු තර්ජනේ ගණන් ගත්තෙ නැති හින්දා මට හම්බවෙච්ච රිටර්න් එක තමයි ඒ.. ඒත් හොදම දේ ඒක නෙමෙයි.."


    "එහෙනම්...?"


    "රොමේෂී රේප් කරලා තිබුණෙ නැති එක.."


    "ඒ කියන්නේ..?"


    කතාවෙ හොදම හරිය පටන් ගන්නෙ දැන්ය. මැදිරියේ හුන් සියල්ලෝම කටවල් ඇරගෙන බලා හිදිති. මේක ඉවර වෙන්න වගේ යනවා උනත් ඉවරයක් නම් වෙන්නෑ.. යැයි තමාට මුලින්ම සිතුණ සිතුවිල්ල ගැන භාතියට ආවේ මාර ආඩම්බරයකි. ප්‍රථම වතාවට තමාට හරි දෙයක් තේරී ඇත.


    "ඒක මට මඩ ගහන්න හදපු කතාවක්. පත්තර වලත් ඒක එහෙම්ම පළ වුනේ හඩලින් අපු බලපෑම් හන්දා.."


    "මේක අන්තිම අසාධාරණයි නේ.."


    "ඔව්.. ඒත් මේ හැමදේම පාලනය කරන්නේ, අණ දෙන්නේ සර්ව නිලධාරී දෙවිවරු වගේ ඉන්න මනුස්ස කොට්ඨාශයක්. එයාලට කරන්න බැරි දෙයක් නෑ.. අවුරුද්දක් ජේල් එක ඇතුලෙ හිටපු හන්දා මං ඒ හැමදේම තේරුම් ගත්තා. උං එක්ක හැප්පෙන්න යනවා කියන්නේ, අපේ පවුල් පිටින්ම විනාශ වෙනවා කියන එක.."


    "එතකොට.. එතකොට ඔයා මේ අවුරුද්දක්, දවස් තුන්සිය හැට පහක්.. මැරි මැරී ඉපදිච්ච එකට ඔයා පළිගන්නෙ නැද්ද..? ඔයා නොකරපු මිනීමැරුමකටනේ මේ පටලවලා තියෙන්නේ.. තව බොරු රේප් කේස් එකකුත් දාලා.. ඔයා හදන්නෙ මුකුත්ම නොකර බලන් ඉන්නද..?"


    නයෝමි ඇසුවේ ආවේගශිලීවය. ඇයගේ ඇස්වල තිබූ බයාදු ගතිය තුරන් වී තිබිණි.


    "පළිගන්නෙ නැද්ද කියලනේ ඔයා ඇහුවේ.. නෑ.. මං පළිගන්නෙ නෑ.."


    "ඇයි ඒ..?"


    "මට පළිගන්න කෙනෙක් නැති හින්දා.."


    "නැත්තෙ නෑනේ.. රොමේෂි මරපු කෙනා දන්නැති උනත්, එයා රේප් කලා කියලා මේ වගේ උගුලකට ඔයාව දාපු මහ මොළකාරයා හරි ඇතිනේ. ඔයාට පුළුවන් නේ.. ඔයාගේ නැතිවෙච්ච ආදරේටයි, මේ විදපු අවනම්බුවටයි, දුකටයි හැමදේටම ගණුදෙනු උගෙන් බේරගන්න.."


    භාතිය වහා මැදට පැන්නේය. කොන්ඩයාට සාමකාමි වීමට ඉඩදිය නොහැක. උගේ තරහා අවිස්සිය යුතුය. මූට අතීතය පෙන්න පෙන්නා හෝ මතක් කළ යුතුය. මුගෙන් චමෝදි බේරා ගත හැක්කේ එවිටය. දැන් දිලීකාත් නැති එකේ මූ චමෝදිව බරු ගසනු ඇත. දවස් තුන්සිය හැට පහක හැගීම් කන්දරාව, මේකා චමෝදි මතින් පිට කරනු ඇත. හපොයි... තමාට චමෝදිගේ කලදක්වත් ඉතුරු නොවනු ඇත. කලයුත්තේ මූට අතීතය සිහිපත් කරදී සැබෑම මිනීමැරුමකට මේකා නැවතත් හිර ගෙදර යැවීමය.


    "එහෙම බේරා ගන්නවත් කෙනෙක් නෑ භාතිය.."


    භාතිය තිගැස්සී ගියේය. හත්වලාමේ.. මූට මගේ නමත් යස අගේට මතක පාටය. තමා සිතුවේ මූට මතක ගෑනුන්ගේ නම් පමණක් බවය. දැන් ඒකත් වැරදී ඇත.


    "ඒ කියන්නේ..?"


    "මං දැනගත්ත විදියට මේ හැමදේම කරලා තියෙන්නෙ ශානක ඇඹිලිපිටිය. එයාගෙ තාත්තා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක්. ඒත් තාත්තට හොරෙන් තමයි ශානක මේ හැමදේම කරලා තියෙන්නේ.."


    "මට ඔය නම මතකයි.. මතකයි වගේ..."


    "ඒක තමයි.. ටී.වී එකේ නිව්ස් වලට ගියා වගේ.."


    ශානක ඇඹිලිපිටිය නම, මැදිරියේ හුන් කිහිප දෙනෙකුට අමතක වී නොතිබුණි. එය ඉතා ළග මතකයකි.


    "ඔව්.. ඔයාලා හරි.. ඒ ශානක ඇඹිලිපිටය පසුගිය සතියෙ මැරුණා. මොටර් බයික් ඇක්සිඩන්ට් එකකින්.. ඒකයි මං කිව්වේ මට මේ ගණුදෙනු බේරගන්න කෙනෙක් නෑ කියලා.. කොයි තරම් භාවනා කරත් මගේ ආදරේටයි, මගේ ආත්මෙටයි වෙච්ච විනාසෙ මතක් වුණාම මට උගේ පවුල්වල එවුනුත් විනාස කරන්නයි හිතුණේ.. ඒත් ඒකෙන් මට ලැබෙන්නෙ මොනවද කියලයි මං දැන් හිතන්නේ.."


    "එතකොට ඔයා නිදහස් වුණේ..?"


    "සමහර විට ශානකගෙ මරණෙත් මේකට බලපාන්න ඇති. උගේ පවර් එකට මාව හිර කරලා තිබ්බා වුණත් මට මේ කරපු දේට අකමැති මිනිස්සුත් ඔය අතරෙ ඉන්නවා ඇතිනේ.. අනික ඉතිං මට විරුද්ධව තියෙන චෝදනා එකක්වත් ඔප්පු කරලා නෑනේ.."


    "එතකොට ඔයා දැන් මේ යන ගමනෙ අරමුණ මොකක්ද..? දිලී ගැන ඊට පස්සෙ තොරතුරක් ලැබුණෙම නැද්ද..?"


    "නෑ.. කිසිම තොරතුරක් නෑ..."


    "ඇයි ඒ..? ඔයාලගෙ ලොකු අම්මලගෙන් හරි ජෙහාන්ලගෙන් හරි දැනගන්න තිබුණනේ.."


    "වැඩක් උනේ නෑ.. දිලි, ඩිල්ෂාන්ලා හැමෝම බණ්ඩාරවෙල අතෑරලා දාලා ගිහිල්ලා.. එයාලගෙ ගෙදර තනිකරම පාලු බංගලාවක් වගේ කියලයි ජෙහාන් මට කිව්වේ..."


    "එතකොට මේ කතාවෙ අවසානෙ මොකක්ද..? ඔයාට කිසිම දෙයක් හම්බවුණේ නෑනේ අවිනාශ්.. ඔයා මහ දුකක් වින්දා විතරනේ.."


    "අවසානෙ නම් තාම ඇවිත් නෑ.. මට හම්බවුණ දේකුත් නෑ තමයි.. ඒත් ඊට කලින් දෙයක් කියන්න ඕන.."


    "ඒ මොකක්ද..?"


    "සමින්ද ඉස්සෙල්ලා මගෙන් ඇහුවා මේ යන ගමගෙ අරමුණ මොකක්ද කියලා.. ඒක හුගක් වැදගත් ප්‍රශ්නයක්.."


    මොන වැදගත්ද..? මේකා හැමදේම පැත්තකින් තියලා ලොකු අම්මයි, ලොකු තාත්තයි බලන්න මේ යන්නේ. නැත්නම් ඉතිං මුගෙ පෙම්බරිය මෙහේ ඉන්න එකක්යෑ.. ඒකි ගන වනන්තරේකට පැනලා ගිහින් ඇති. භාතියට සිතුනේ එසේය. එහෙත් ඔවු වචන පිට කළේ නැත. පිටකළොත් අනාගන්නට වෙන්නේ තමන්ටමය.


    "සමහර විට මගේ ජීවිතේ හුගාක් දේවල් මේ ගමනින් පස්සෙ වෙනස් වෙයි. "


    "ඒ කිව්වේ...?"


    "මං කවදාවත් හිතුවෙ නෑ මේ මුළු ලෝකෙම මාව වැරදිකාරයා කියා පිළිගත්තත්, දිලීකා පිලිගනියි කියලා, සහෝදරයෙක් වගේ හිටපු ඩිල්ෂාන් පිළිගනියි කියලා.. ඒත් ඒ දේ එහෙමම උනා.. මට දැනගන්න ඕන එයාලා මං ගැන තාමත් ඒ විදියටම ද හිතන් ඉන්නෙ කියලා.."


    "ඒ කියන්නේ.. ඔයා මේ නිදහස් වෙච්ච ගමන් යන්නෙ දිලීකව බලන්න.."


    "ඔව්.. ඒක තමයි ඇත්ත.."


    "ඒත් ඉතිං දීලිකලා, ඩිල්ෂාන්ලා, එයාගෙ මල්ලිලා මෙහේ නෑ කියලා ඔයාමනේ කිව්වේ..?"


    "ඔව්.. එයාලා මෙහේ නෑ.."


    අවිනාශ්ගේ කතාව, සෑමදෙනාම අන්දමන්ද කරන්නට සමත් විණි. වැඩියෙන්ම අවුල් වූයේ භාතියය. මූ මේ කියන්නේ මහා හතර බීරි කතාවකි. මේ අංගවිකල කතාවේ අවසාන බාගයටම පැමිණෙද්දී මූට පිස්සුවත් හැදුනද..? මේ කතාව තවදුරටත් අසාගෙන සිටියොතින් තමාටත් පිස්සු හැදෙන බැව්.. භාතිය සිතුවේ ශොකයෙනි.. එසේ වුවහොත් තමාට චමෝදි කිසි විටෙක කැමති නොවනු ඇත. ඇය කැමති මේ කොණ්ඩයා වැනි පිස්සු බල්ලන්ටය..


    "එයාලා මෙහේ නැත්නම් ඔයා ගියාට වැඩක් තියෙනවද..?"


    "ඔව්.."


    අවිනාශ් ලබා දුන්නේ සෘජු පිළීතුරකි..


    "ඒ කොහොමද..?"


    "දිලීකාට මෙහෙට එන්න කියලා මං මැසේජ් එකක් තිබ්බා.."


    "කොහේට එන්න කියලද..?"


    "එයාලගෙ ගෙදරට.."


    "එතකොට.."


    "මාව ඉස්සර වගේම පිළිගන්නවා නම් කහපාට මල් පොකුරක් ගේට් එක ඉස්සරහින් තියන්න කිව්වවා.."


    නැවත්ත දුම්රිය මැදිරිය තුල නිහඩතාවය රජයන්නට විය. ඇසුණේ රේල් පීලි සහ රෝද එකට ගැටෙන හඩත්, මැදිරි එහාට මෙහොට ඇඹරෙන හඩත්ය. සියල්ලන්ගේම සිත්වල තිබුණේ එකම පැණයකි. එනම් අවිනාශ්, දිලීකාට පණිවිඩය යැව්වේ කෙසේද කියාය.


    "දිලීකා ඉන්න තැනවත් දන්නෙ නැතුව.. ඔයා කොහොමද අවිනාශ් එයාට මැසේජ් එකක් යැව්වේ..?"


    "මං එයා ඉන්න තැනක් දන්නෙ නෑ.."


    "එහෙනම්..?"


    "ජේල් එකේදි මට හම්බවුණා, ඩිල්ෂාන් දන්න කියන මෑන් කෙනෙක්ව.. මිනිහා ජේල් එකට ඇවිත් සතියක්වත් නෑ.. ඩිල්ෂාන් මිනිහා එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා කියලා මට කතා බහෙන් තේරුණා. සමහර දවස්වල රෑට මිනිහා ඩිල්ෂාන් එක්ක මොබයිල් එකෙන් කතා කරනවා.."


    "ජේල් එකේ මොබයිල් තහනම් නේ.."


    "ඒ ඔයාලා දන්න තරම.. ඒ උනාට මෙහේ පාවිච්චි වෙන ගොඩක් ඒවා ජේල් එකේදි පාවිච්චි වෙනවා.. ඒක ඉතිං බලය අනුව තමයි.."


    "ඉතිං.. ඉතිං..."


    "මං ඉතිං මිනිහා මාර්ගයෙන් ඩිල්ෂාන්ට පණිවිඩය දුන්නා..."


    අවිනාශ්ගේ කටහඩට යම්කිසි ප්‍රීතියක් ගලා ඇවිදින් තිබිණි. තමාගේ ජීවිතයේ ගිලිහී ගිය බලාපොරොත්තු වලින් අංශු මාත්‍රයක ඇරඹුමක් ඒ හඩේ ගැබ්වී තිබිණි. එහෙන් විශේෂත්වය වූයේ එය නොවේ. රාත්‍රී තැපැල් දුම්රිය ගමානාරම්භ කරනා විට මැදිරියෙ සිටි අවිනාශ්ට වඩා මේ දැන් සිටිනා අවිනාශ් ප්‍රාණවත් ශක්ති සම්පන්න වීමය.


    "මේක නම් මාරයි.. මුලින් මම හිතුවෙ මේ කතාවෙ අවසානයකුත් වෙලා ඇති කියලා.. ඒත් බලපුවාම, තම ඉස්සරහටත් කතාව තියෙනවා.. ගතිය තියෙන්නෙ එතනයි.."


    ෂෙනාල් පැවසුවේ සියල්ලන්ගෙම මූණු දෙස බලමිනි..


    "ඒක නම් ඇත්ත තමයි.. හරියට අපිත් දැන් මේ කතාවෙ කොටස් කාරයො වගේ.. නේද සමින්ද..?"


    "ඔව් නයෝමි ඔයා කියපු දේ හරි.. මේ කතාවෙ ලස්සන අවසානයක් බලන් ඉන්න අවිනාශ් වගේම, අපි හැමෝමත් ඒ ගැන හිතනවා.."


    "අ.. අපි අවිනාශ් එක්ක යමුද...?"


    චමෝදි ඇසුවේ සැකයෙන් වගේය. හරියට කණ්ඩායමේ අනෙක් මිතුරන් තමා සමග තරහ වෙතැයි බියෙන් වගේය. එහෙත් සියලු දෙනාගෙන්ම එයට අනුමැතිය ලැබුණත්, භාතියගේ මුහුණ නම් මුලුමනින්ම මැලවී ගියේය. හත්වලාමේ මේකිව කොටියම කන්න එපායෑ.. මහාම මහ නොසන්ඩාල එකියක්නේ බලන් ගියාම චමෝදි කියන්නේ.. මාත් දතකට මැදගෙන ප්‍රේම පුරාණයක් මටන් ගන්න මැදැයි නයිට් මේල් එකේ ආවා. සමින්දයා නම් ඇහුවත් කමක් නෑ.. ඒත්.. ඒත්.. මේකි හතර විලි ලැජ්ජාවවත් නැති එකියක් වගේ කොන්ඩයා එක්ක යන්න අහන්නේ.. දෙයියනේ මට මේකිව මරාගෙන කන්න හිතයි.. මේකි නිකමටවත් මගෙත් එක්ක යමුද කියලා කාගනේවත් ඇහුවද..? භාතිය සුපුරුදු පරිදි සිතුවිලි පෙල ගැසුවේ මහා සෝකයෙනි. ඉතිං මේ සෝක ගින්න මේ සම්ම කපේ නම් නිමාවෙන්නෙ නැත.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මොකෝ උඹ කුටු කුටු ගාන්නේ..?"

    ෂෙනාල් ඇසුවේ භාතිය දෙසට හැරීගෙනය. තමා දත්මිටි කන එකත්, මේ ගල් උගුඩුවාට පේන්නේ කුටු කුටු ගෑමක් ලෙසට නම් තවත් කවර කතාද..? චමෝදි නම් එය සත පහකටවත් ගනන් ගන්නේ නැති බව තමාට හොදටම විශ්වාසය. ඉතිං මේ දුක් මහන්සි වීමෙන්, එළිවනතුරු ඇහැරී හිදීමෙන්, කොන්ඩයාට අනේක වාරයක් වෛර කිරීමෙන් ඇති ඵලය කිම..?


    "දැන් උඹලා ට්‍රිප් එක යන්නැද්ද..?"


    භාතිය ෂෙනාල්ගෙන් ඇසුවේ බැරිම තැනය..


    "යනවා.. මේ යන්නෙ ට්‍රිප් එක තමයි.."


    "එහෙනම් අර චමෝදි ඇහුවේ අර හාල්පාරුවා එක්ක යමුද කියලා.. ඒකිට මොලේ හොද නැද්ද..?"


    "මොලේ හොද නැද්ද කියලා මං දන්නෑ.. ඒත් මම නම් එක සිතින්ම හිතන් ඉන්නෙ අවිනාශ් එක්ක යනවා කියලා.."


    "ෂිහ්.. අවලමෝ.. තෝ මගේ යාලුවෙක්ද බං..?"


    භාතියගේ කටහඩ මදක් උස්ව ගලා ආවේ නමුත්, සැවොම සිටියේ අවිනාශ් වෙතම නෙත් යොමාගෙන බැවින් එය කිසිවෙකුටත් එතරම් ගණනක් වූයේ නැත.


    "මම කවදද බං උඹේ යාලුවෙක් උනේ..?"


    භාතියට කට උත්තර නැතිවූයේ ෂෙනාල් ඇසූ පැනයෙනි.. අනේ දෙවියනේ මෙලෙස ජීවිතය විදවන්නට තමා මේ අපතයන් සමග ආ හැටි.


    "අපි හැමෝම ඔයත්තෙක්ක එනවා අවිනාශ්.."


    සමින්දගේ කටහඩ වඩා ස්ථීරත්වයෙන් නැගී ආවේය. භාතිය හැර අනෙක් සියලු දෙනාම එය එකාවන්ව අනුමත කළේය.


    "ඔයාලට හුගාක් ස්තුතියි යාළුවනේ.. ඒත් මේක මං තනියෙම යන්න ඕන ගමනක්.. මේකෙන් මට මොන වගේ දෙයක් ලැබෙයිද කියලා මං දන්නෙ නෑ.. අවුරුද්දකට විතර මං මගේ ආදරෙත් එක්ක තනියෙම ජීවත් උනාට දිලීකාගේ ජීවිතේ කොහොම වෙනස් වෙලාද කියලා මං දන්නෙ නෑ.."


    "කමක් නෑ අවිනාශ්.. ඔයා මොන දේ කිව්වත් අපි ඔයත්තෙක්ක එනවා.."


    "ඔව්.. කොළඹින් ට්‍රේන් එකේ නැගලා, අපි ඔයාගේ ජීවිතේට ඇතුල් උනා.. ඒක ඇත්ත.. ඒත් ඔයා බණ්ඩාරවෙලින් බැහැලා යද්දි අපිට දිගටම බදුලු යන්න බෑ.. අපිත් ඔයත්තෙක්ක බණ්ඩාරවෙලින් බහිනවා.. ඒ විතරක් නමෙයි.. ඔයාගෙ ජීවිතේ වාසනාවන්ත කරන කහ පාට මල් පොකුර බලන්නත් අපි එනවා.. ඒක අපේ ජීවිත වලට සෑහෙන්න ලොකු සිහිවටනයක් වේවි.."


    "ඔයාගෙ කතාව ඇත්තටම හින්දි ෆිල්ම් එකක් වගේ.. අපි පාර්ථනා කරන්නේ මැද හරියෙදි කොයි තරම් දුක තිබුණත්, කතාවෙ අන්තිම, සතුටකින් ඉවරවෙන්න කියලා.. ඒ දේ අපේ ඇස්වලින් බලන්න අපි හරිම ආසාවෙන් ඉන්නේ.."


    "අනික ඔයාගේ දිලී.. ඩීජේ ගෘප් එකේ ඩිල්ෂාන් වගේම එයාලගෙ මල්ලිලා තුන්දෙනා.. ඒ හැමෝම දකින්නත් අපි බලාගෙන ඉන්නවා.."


    හැමෝම කුමක් හෝ කිව්වත් භාතිය මෙලෝ දෙයක් කිව්වේ නැත. තමා වැනි ඔරිජිනල් පොරවල් මේ තරම් සිරාවට හිදිද්දී, කොහෙදෝ යන කබ්බොන්ව, මේ යක්කු පොරවල් කරතී.. එසේ කරලත් නිකම් හිදින්නේ නැත.. ඌත් සමග තවත් දහපදුරාවේ යන්නට දගලයි..


    "ඔයාලට ඒ හැමෝම බලන්න වෙන්නේ එයාලා ආවොත්නේ.. මං ගැන හිතේ තියෙන තරහා ඉවර වෙනකම් එයාලා එන එකක් නෑ.."


    "එයාලා ඇයි ඔයත්තෙක්ක තරහා වෙන්නේ..?"


    "මං ඩිල්ෂාන් කියපු දේ අහපු නැති හින්දා.. එයා මට රොමේෂි ගැන අනතුරු අගවලා තිබුණා. ඒ තිබියදීත් තමයි මං මෝඩයෙක් වගේ වැඩ කරේ.. ඩිල්ෂාන්ගෙ වචනය ඇහුවා නම්, මට මේ කිසි දුකක් නැතිවෙන්න තිබුණා. එයා එයාගේ මල්ලිලටත් වැඩිය මාව ආරක්ෂා කරා.. මට වැඩියෙන්ම දුක ඒකයි.."


    "කොහොම උනත් අපි දැන් අතීතය පැත්තකින් තියලා මේ වර්ථමානෙ අද දවසට මුහුණ දෙමු. ඔයාට වරදින්න විදියක් නෑ අවිනාශ්.. ජීවිතේ හැමදාටම මතක තියෙන ලස්සන දවසක් අද වෙයි.."


    "ඔයාලට එහෙම හිතෙනවද යාලුවනේ..?"


    "ඔව් අවිනාශ්.. මේ කතාව ලස්සන තැනකින් ඉවරවෙන්නෝන. කොටින්ම ඔයාගෙයි, දිලීකගෙයි හිනා හඩ මැද්දෙ, අපේ චියර් එක මැද්දෙ මේ කතන්දරේ ඉවර වෙයි. ඒක මට විශ්වාසයි.. අපි එනවා ඔයත්තෙක්ක.."


    "මං ගැන, දිලී ගැන, අපේ ආදරේ ගැන ඔයාලා ඔහොම හිතන එක ගැන මට හුගක් සන්තෝසයි. මේ පාලු රැය ගෙවාගන්න ඔයාලා මට හුගක් උදව් කලා. මගේ කතාව අහගෙන ඉදලා, ඔයාලත් මේ ට්‍රේන් එකේ නොහිටියා නම් අතීතය මට තවත් දුක් දෙන්න තිබුණා. හ්ම්.. දැන් නම් ඒ හැමදේම ඉවරයි.. මං දැන් අද දවසට මූණ දෙන්න ඕන.."


    "ඔව්.. ඔයා විතරක් නෙමේ.. ඔයත් එක්ක අපි හැමෝමත් ඉන්නවා.."


    "හුගක් ස්තුතියි යාළුවනේ.. අහම්බෙන් උනත් හම්බවෙලා ඔයාලා මට ලොකු ශක්තියක් උනා.."


    අවිනාශ් තම කතාව නිමා කළේය. දිගින් දිගටම කතා කරමින් පැමිණියද ඔහුට වෙහෙසකාරී බවක් දැනුණේම නැත. දිලීකාට පැමිණෙන්න යැයි ඔහු තැබූ පණිවිඩය මත, ඔහුගේ ජීවිතයේ අලුත් බලාපොරොත්තු වලින් බිදුවක් පණ ගසා පැමිණ තිබිණි. ඒ සෑම දෙයම රැදී තිබුණේ දිලීකාගේ පැමීණිම මතය.. අවිනාශ් මෙන්ව, ඔහුට දුම්රියේදී හමුවූ මිතුරු මිතුරියන් සැවොමද විශ්වාස කළ දෙය විය. කෙසේ වුවත් එම බලාපොරොත්තුවේ රන් සිහිනයට තව ඉතිරිව තිබුණේ හොරා දෙක තුනකටත් අඩු කාලයකි.


    ******************************


    දියතලාව නගරය පසු කරමින් KDH 220 ඩෝල්ෆින් රථය ඇදීයමින් තිබිණි. සුපුරුදු පරිද්දටම සිහින් මුදු වැස්සක් පරිසරය තෙත් කරමින් ඇදී යන්නට විය. රථයේ ඉදිරිපසම සිටියේ සමින්දත්, අවිනාශුත්ය.. ඉතුරු අසුන්වල අනෙක් මිතුරු මිතුරියන් වාඩිවී සිටියහ. අවිනාශ්ගේ මෙන්ම ඒ අනෙක් මුහුණ වලද තිබුනේ අපමණ බලාපොරොත්තු රාශියකි. තව ටික වෙලාවකින් උදාවන සොදුරු දර්ශණයක චිත්තාවලි ඔවුහූ මනසින් මවමින් සිටියාය.


    "මෙන්න මෙතනදි තමයි මං මුලින්ම දිලීව දැක්කේ, එයාව බේරගත්තේ.."


    ඝණ ෆයිනස් වනාන්තරය දෙසට අවිනාශ් අත දිගු කළේය. අවිනාශ් විස්තර කළ පරිද්දට, එහි සිදුවූ දේ ගැන පැහැදිලි ජීවමාන දර්ශන සැමගේත් සිත් තුළ මැවෙන්නට විය. ඔහු ඇය බේරාගත් අන්දම, ඇයගේ සොයුරන් පැමිණි ආකාරය. ඉන්පසුව ඔවුන් එකට එක්වූ ආකාරය සිතුවම් පෙලක් සේ ඇදී යමින් තිබිණි.


    "අවිනාශ්..."


    "ම්.."


    "මට නම් මාර දෙගිඩියාවක් තියෙන්නෙ යාලුවා.. මේක ඔයාගෙ දෙයක් උනත්, මට ඔය වගේ සන්සුන් වලො ඉන්න බෑනේ. අර බලන්න.. මම විතරක් නමෛයි..හැමෝම ඉන්නෙ අවුල්වෙලා.. මේක මොකකින් මොකක් වෙයිද කියලා.."


    සමින්ද වෑන් රථයේ පසුපසට අත දිගු කළේය. ඔහුගේ කටහඩේ වූයේද පටලැවෙන ගතියකි..


    "පිටින් සන්සුන් වගේ පෙණුනට මාත් ඉන්නෙ බොහොම අමාරුවෙන් සමින්ද.. මං මේ දිලීව දකින්න යන්නෙ දවස් තුන්සිය ගාණකට පස්සේ.. මගේ හිතේ කොයි තරම් තිගැස්මක් ඇතිද කියලා ඔයාට හිතාගන්න පුළුවන් නේ.."


    "මට ඔයාව තේරෙනවා අවිනාශ්.. හිත කලබල කරගන්න එපා.."


    "දිලී ආවෙ නැත්නම්, මගේ හැමදෙයක්ම ඉවරයි.."


    "එහෙම වෙන්නෑ යාලුවා.. ඔයා හුගක් හොද කෙනෙක්.. හොද අයට දෙවියො වැඩිපුර දඩුවම් දෙන්නෙ නෑ.. අනික මේක බුදුන් වැඩි දේශය.. හුගාක් ඉක්මනට සතුට ලං කරලා දෙනවා. ඔයාටත් ඒ වගේ වෙයි.. ඩිල්ෂාන්ලා මලක් වගේ බලාගත්තු ඔයාගෙ සුරංගනාවි, ඔයා ළගට එයි.."


    "ඔයාට එහෙම හිතෙනවද..?"


    "ඔව්.. මට හුගක් විශ්වාසයි.. මගේ යාලුවන්ටත් ඒ විශ්වාසෙම තියෙනවා..."


    "ඒ හැමදේටම තව විනාඩි පහකට වැඩිය වෙලා නෑ.. තව ටිකකින් අපි දීලිකාගේ ගෙදර ඉස්සරහා.."


    සියල්ලන්ගේම සිත් එකම කරුණක් අරභයා පෙල ගැසී තිබියදී භාතිය පමණක් කුලප්පු වීස සිටියහ. ඔහු සිතුවේම තමා හැරෙන්නට අනිත් සියලු දෙනාටම පිස්සු හැදී ඇති බවය.


    "තොපිට පිස්සුද යකෝනේ.. මේකා අපිව මරන්න ගෙනියනවද දන්නෙ නෑ.."


    දුකට, සැපට, වේදනාවට, කේන්තියට, හැමදේටම කුණු කුණු ගාන්නට හුන් ෂෙනාල් වෙතට හැරී භාතිය කෙදිරුවේය..


    "ඉතිං ෂෝක්නේ බං.. අපි ඌ අතින් මැරෙමු.."


    "විහිලු තමයි බං.. අපි බදුලු යන්නැද්ද..? නුවරඑළිය සීසන් එකට යන්නැද්ද..? මොකක්ද බං මේ කරන අලුගුත්තේරු වැඩේ තේරුම.."


    "තේරුම..? මොලේ කළදක් හරි තියෙනවා නම් තේරුම් ගනින්.. මේක තමයි මේ පාර අපේ ට්‍රිප් එකේ ආතල්ම සිහිවටනය. සිරාම සිරා ලව් එකක්, නොසිතූ නොපැතූ පරිදි වෙන්වෙලා, අවුල්වෙලා දැන් ඒක ආයෙමත් එකතු වෙන්නයි යන්නේ.."


    "ඉතිං අපිට මොකෝ බං.."


    "යකෝ.. මනුස්සයෝ.. මල පෙරේතයෝ.. මං ආයෙ උඹට කියන්නෑ.. උඹේ හිතේ තියෙන කුණු හොන්ඩරේ හොදන්න මට බෑ. ඒක උඹ හෝදගනිං. අනික උඹ අවිනාශ්ට ඉරිසියා කරා කියලා උඹට මොනවද හම්බවෙන්නේ.. අනික ඌ වගේ ෆිට් බුවෙක් උඹ වගේ ගද ගහන එකෙක්ගෙන් මොනවා ගන්නද..?"


    ෂෙනාල් නිදහසේ කියවගෙන යයි.. මේකාව නම් කෑවත් මදිය ඇයි දෙවියනේ මූ කියන කතා ඉවසාගෙන සද්භාවයෙන් අසා සිටිය හැකිද..?


    "ඇයි යකෝ.. මගේ චමෝදි.."


    "
    ඈ.. කවදද බං ඒකි උඹේ උනේ..? නිකං මැන්ටල් කතා කියන්නෙපා බං.. අනික ඌ මේ පණ කඩාගෙන යන්නෙ උගේ කෙල්ල බලන්න නේ.. ඌට චමෝදි ඕන නම්, මගදිම සෙට් කරගන්න තිබුණනේ.. මං දැක්කනේ චමෝදි ඌට දාපු කැටයං.. ඒත් ඌ ඒවා සත පහකටවත් ගනන් ගත්තද..?"

    "ඒක.. ඒක තමයි බං මාත් කියන්නේ..?"


    "මොනවද උඹ කියන්නේ..? යකෝ කොල්ලෙක් උනාම අන්න අර අවිනාශ් වගේ ඉදපං.. කෙල්ලො උගේ පස්සෙ එද්දිත් සිරා බුවෙක් වගේ ඉන්න හැටි බලපංකෝ.. උඹ එහෙමද..? වක්කඩේ රිංගන වෙල් කක්කුට්ටා වගේ කෙල්ලො පස්සෙම බඩගානවා.. ඔතන තියෙන වෙනස ඒකයි.. ඒක ඉස්සෙල්ලා තෙරුම් ගනිං.. මේ පැත්තක ඉන්න සිරා පොරවල් නිකාං නයි පොලොංගු කරන්නැතුව.."


    ඒ කතාව නම් භාතියගේ පපුව හරහාම වැදුණි. තමා දැනටමත් අවිනාශ්ට නෝට් වී ඇති බැව් සැබෑය. ඇත්තෙන්ම ඔහු තමාට වැරැද්දක් කර ඇත්තේද.. එසේ නම් දෙවියනේ තමාට මේ දැනෙනා නොරිස්සුම කුමක්ද..? ඔහුට දැනුණු එකම දෙය නම් මූලික හේතුව චමෝදි බවයි. ඇයගේ අසික්කිත හැසිරීම් රටාව බවයි. ෂෙනාල් නොකියා කීවේද එයයි. එය එසේ වනවිට, තම පෙම්වතිය සොයා මහ ගිරි දඹ තරණය කරනා කොන්ඩයාට වෛර කිරීමෙන් තමන්ට අත්වන්නේ කුමක්ද..? හරි නම් තමා කළ යුත්තේ චමෝදිව සිතින් අත් හැරීමය. ඇයට ගණන් ඉස්සීමය. එවිට ඇය එනවා නම් ඒවිය. නැත්නම් පැත්තකට වී බකං නිලාගෙන සිටිය හැකිය. ජීවිතය ගෙන යාමට කෙල්ලෙකු අත්‍යාවශ්‍යය කියා මොන පොතකවත් ලියා නැත. තමාටද චමෝදි අවශ්‍ය නැත. අවසානයෙදී භාතිය සිත හදා ගැනීමට සිතුවිලි පෙල ගස්වා ගත්තේය.


    මේ අවස්ථාවේදී නයෝමි මෙන්ම චමෝදිද තම තමන්ගේ සිතිවිලි ලෝකවල තනි තනිවම අතරමං වී සිටියහ. තවත් මොහොතකින්, අවිනාශ් සදහටම ඈත්වී යනු ඇත. දිලීකා ලැබුණා හෝ නොලැබුණා කියා එම තීරණයේ වෙනසක් නැත. තමාටත් ඔහුව හැර යන්නට සිදුවනු ඇත. නැවතත් අර සුපුරුදු මිතුරු මිතුරියන් සමග තවද් දින දෙකක් මේ හිරිපොද වැටෙනා සිහිනමය පරිසරයේ රැදී සිටින්නට සිදුවනු ඇත. දෙවියනේ.. මේ සිතට දැනෙනා ආගන්තුක සංකාව ගැන තමා කියන්නේ කාහටද..? අර නිරත්නරවම තමා ගිලින්නට මෙන් බලා සිටිනා භාතියටද..? නැත.. එය කෙදිනකවත් සිදු නොවනු ඇත. තමා අවිනාශ්ට ලෙංගතුකම් පාන්නේ කොයි තරම් ප්‍රමාණයකින්ද..? ඒ ප්‍රමාණයටම භාතියව පිලිකුල් කරනු ඇත. එහෙත් එය මේ කොන්ඩය බොකුටු මහත හාදයාට නොදැනෙන්නේ උගෙ යම් කිසි කරුමයක් නිසා විය යුතුය. චමෝදි සිතුවේ උල්පතකින් වතුර උනන්නා සේ සිතට කාන්දුවන දුක් කන්දරාව අතරිනි.


    "අන්න අතන තමයි තැන.."


    නිසි ස්ථානයට වාහනය පැමිණ තිබුණේ කාටවත්ම නොදැනෙන ආකාරයෙනි. අවිනාශ් ඇගිල්ල දිගු කර පෙන්නූ දෙය දෙස සැවොම එකවරම බැලූහ..


    "මයිගෝඩ්.. තාප්පෙ හොදටම උස්සලා..."


    අවිනාශ්ට එකවරම කියැවිණි. කලින් පැමිණි අවස්ථාවලදීට වඩා පැහැදිලි වෙනසක් දිලීකාගේ නිවසේ දක්නට ලැබිණි. එනම් නිවසේ පහල මාලයේ අංශු මාත්‍රයක තරම් දෙයක්, තාප්පය නිසා නොපෙනී යාමය.


    "ගේ ඇතුළෙ කිසිම දෙයක් පේන්නෑනේ අවිනාශ්.."


    තමන් ඉදිරියේ වූ දැවැන්ත තාප්පය දැකීමෙන් නොසන්සුන් වූ සමින්දට කියැවිනි. බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති ආකාරයට මහා ඝන නිහැඩියාවකින් දිලීකාගේ නිවසේ පරිසරය වෙලී පවතී. මහා පාලු මූසල ගතියක් මුලු වටපිටාව පුරාම පැතිරී ඇති සෙයක් සැමටම දැනිණි.


    "මාස ගානකින් කවුරුවත් මේ පාරෙ ඇවිත් නෑ වගේ.."


    "කෝ බං අර තියෙනවයි කියපු කහ පාට මල් බොකේ එක.."


    පිරිසේ පිටුපසින්ම පැමිණි භාතිය ඇසුවේ ඔලොක්කුවටය. සැමගේ මුහුණ බෙරිවී ගියද අවිනාශ්ට එම කතාව ඇසී තිබිණි. භාතිය වුවද අවිනාශ්ට එය ඇසෙතැයි සිතුවේ නැත.


    "මාත් වාහනෙන් බැස්ස ගමන් බැලුවෙ ඒක තමයි භාතිය. ගේට් එක ඉස්සරහින් ඒක තියන්න කියලයි මං මැසේජ් එක දුන්නේ.. ඒත් ඒක එහෙම වෙලානෑ කියන්නෙ එයාලා මාව නොසලකා හැරලා කියනෙකයි.."


    අවිනාශ්ගේ බිදුණු ගොරෝසු කටහඩ එහි සිටි සියලු දෙනාගේම දෙසවන් තුළ රැව් පිළිරැව් දුනි. එය කොතරම් දුක්බරව ඇසුණාද කිවහොත්, තමාගේ මුවින් පිටවූ වචන ගැන භාතියද අපහසුතාවයට පත්ව සිටියේය. මේ අවසන් තත්පරයේදීමත් තාමාට කට පියාගෙන සිටින්නට බැරි ඇයි..? අර ෂෙනාල් නිතරතුරුවම කියන්නා සේ තමා මහ ගද ගහන කුණු සත්වයෙකි.


    "දිලී මාව අමතක කරලා දාලා කියනෙකට මීට වැඩිය හේත් ඕන නෑ සමින්ද. ඔයාගෙ හිතේ මං ගැන පුංචි හරි මතකයක් තිබුණා නම්, තියෙනවා නම් එයා අද අනිවා මෙතන ඉන්නවා. එහෙම නෑ කියලා කියන්නෙ, මං මගේ අවසාන බලාපොරොත්තුවත් අන්ත විදියට පරාද වුණා කියනෙකයි.. මට ආයෙත් හෙටක් නෑ යාලුවනේ.. මගේ ලෝකෙට ආයෙ ඉර පායන්නෑ.. ඔව් යාලුවනේ.. මගේ ලෝකෙට ආයෙ අද ඉදලා කළුවරයි.."


    අවිනාශ්ගේ ශෝකි හඩ මහා විලාපයක් සේ හාත්පස සිසාරා විහිදා ගියේය. උපන්තේකට අනෙකෙකු වෙනුවෙන් පත්තු නොවන භාතියගේ පපුව පවා මහා කැළඹිමකට පත්ව තිබිණි. දෙවියනේ මේ ශෝකාන්තයේ අවසානය කොහේ වේද..?


    "අවිනාශ්.. බලාපොරොත්තු අතෑරගන්න එපා.. අපි තව ටිකක් බලමු.."


    "හැමදේම ඉවරයි යාලුවනේ.. ඔයාලව ආකර්ශනය කරගත්තු මේ රේසින් චෑම්ප්ගේ හැමදේම ඉවරයි.. තවත් බලන් ඉන්න දෙයක් නෑ.."


    "සමහර විට ඔයාගෙ මැසේජ් එක ඩිල්ෂාන්ට ලැබුණෙ නැතිද දන්නෑ.."


    බලාපොරොත්තු පිරුණ කටහඩින් චමෝදි ඇසුවාය.


    "මැසේජ් එක ඩිල්ෂාන්ට දුන්නා කියලා මට විශ්වාසයි. ඒක දුන්නු කෙනා, මං ජේල් එකෙන් එන්න ඩිංගකට කලින් හම්බවුණා. මිනිහා මට ෂවර් කරලම කිව්වා මැසේජ් එක දුන්නා කියලා.."


    "ඩිල්ෂාන් එයාට මොකද කියලා තිබුණේ.."


    "කිසිම දෙයක් කියලා නෑ.. ඒ ගැන වචනයක්වත් කියලා නෑ.."


    "සමහර විට ඩිල්ෂාන්ගෙ හිතේ තාම තරහා තියෙනවද දන්නෙ නෑ.."


    "එහෙම තියෙන්න ඕන මං වැරදි කාරයෙක් නම් විතරයි ෂෙනාල්.. මගේ රේස් එකේදි මට උදව් කරපු හන්දා මං ෂිරෝමි හම්බවෙන්න ගියා මිසක වෙන කැත අදහසක් මගේ හිතේ තිබුණෙ නෑ.."


    එතැන් සිට ඔවුන් අතර වචන ගැලපීමක් සිදුවූයේ නැත. සැවොම එකාවන්ව නිහඩතාවයක ගිලී උන්හ. එහෙත් මාර්ගයේ ඈත කොනින් යම්කිසි වාහනයක ශබ්දයක් ඇසෙද්දී බලාපොරොත්තුවෙන් පිරි ගත් දෑසින් යුතුව ඔවුහු හිස් උස්සා බැලූහ. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඔවුන් කරා ආවේ නැත. වාහන සීයයක් හෝ දෙසියයක් මාර්ගයේ එහාට මෙහාට ධාවනය වන්නට විය. ඒත් ඒ එකකවත් දිලීකාවත්, ඩිල්ෂානවත් පැමිණියේ නැත.


    "තවත් බලා ඉදලා තේරුමක් නෑ යාලුවනේ.. අපි යමු.. හැමදේම ඉවරයි කියලා මං මුලින්ම කිව්වෙ ඒකයි... මේ ආත්මයෙදි මගේ හිත ඉල්ලන දේ මට හම්බවෙන්නෙ නෑ.."


    අවිනාශ් කියන්නා සේම මේ පාලු නිවස ළග තවදුරටත් රැදී සිටීමෙන් ඵලක් නැත. හැම බලාපොරොත්තුවක්ම හැර ආ මාවත දෙසටම නැවතත් පා එසවිය යුතුය. මොකක්දෝ නොදන්නා සංවේගයක් සියලුදෙනාගේම සිත් පුරා අරක් ගත්හ. සිතා සිටි කිසිවක් ඒ අයුරින් සිදුවූයේ නැත. ඉතිං දෝතට ලැබෙන්නේ මේ පාලු ඝනාන්දකාර ජීවිතයම නම්, මැසිවිලි නොනගා එය බාරගත යුතුය. තවත් ජීවිතය හා පෙරළි කල නොහැක.


    හුන් සැනින් අපිට හැරී යන්නට ප්‍රථම අවිනාශ්, නැවතත් දැවැන් තාප්පය දෙස බැලුවාය. මේ තාප්පයට ඇතුළතින් තාමත් දිලීකාත්, ඩිල්ෂානුත් සමග ගත කළ සොදුරු හොරාවන් කොතෙක් නම් තිබුණාද..? දිලීකාගේ අනෙක් සොයුරනුත් තමාට කෙතරම් ලෙංගතුව උන්නාද..? තමා නිසාම ඔවුනටත් මාරයා අත වනන්නට පටන් ගෙන තිබූවත්, ඔවුත් තමාව අතෑරියේ නැත. ඒ සියලු දෙනාම වෙනුවෙන් මහා සංසාරගත බැදීමක් සිත තුළ පෙරලෙද්දී ඔහු සිටි තැනම නතර වූයේය.


    "ඇයි අවිනාශ්..?"


    "ඔයාලා යන්න යාලුවනේ.. ඔයාලා යන්න.. මං තව ටිකක් වලොවෙලා මෙතන ඉදලා එන්නම්.."


    "ඔයාව දාලා අපි යන්නෙ නෑ.. අපි කීයටවත් යන්නෙ නෑ.. අපි ඔයත්තෙක්ක ඉන්නවා අවිනාශ්.."


    "ඔයාලගෙ නුවරඑළියෙ සංතෝසෙ විදින්න හම්බවෙන්නෙ නෑ තවත් හිටියොතින්.. අපරාදේ..? ඔයාලා යන්න.. ගිහින් එන්ජෝයි කරන්න.."


    "ඔයා ඔහොහ ඉන්දෙද්දි අපිට මොන එන්ජෝයිද අවිනාශ්.. මේ අවුරුද්දෙ නුවරඑළි යන්න බැරිවුණත් ලබන අවුරුද්දේ හරි අපිට යතෑහැකි.."


    "ඒක ඇත්ත.. ඔයාට දිලීව හම්බවෙනකල්ම අපි ඔයාගෙ පස්සෙන්ම ඉන්නවා.. ඔයත්තෙක්ක ඉන්නෙක අපිට ලොකු සතුටක්.. ඒ සතුටත් එක්කම අපිට ඔයාගෙ සතුටත් බලන්න ඕන"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සියලු කතාබහ එකම අරමුණක් කරා කෙරීගෙන යද්දී භාතිය ඔහුන්ගෙන් මදක් ඈතට ඇවිද යනු නයෝමිට පෙණුනි.

    "ඒයි... භාතිය.. ඔයා කොහෙද යන්නේ..?"


    සියල්ලන්ම සිතුවේ ඔහුට මේ කතාබහ අසා සිට එපාවී යන්නට යන බවය. එහෙත් ඔහු ඇවිද ගියේ අති විශාල තාප්පයේ කෙලවර යා කර තිබූ දැවැන්ත ගේට්ටුව දෙසටය. සියල්ලෝම මදක් ඈත සිට ඔහු දෙස බලා සිටියේ භාතිය කුමක් කරන්නට යන්නේදැයි සිතාගන්නට බැරිවය.


    "මේකා ගේට් එකට දාලා තියෙන පත ඉබ්බවත් බලන්න යනවද..?"


    ෂෙනාල්ගේ කට කැඩිච්ච කතා අතරින් භාතියගේ විස්මය මුසු කටහඩ ඈත සිට ගලා ආවේය..


    "හේයි... ඔක්කොම දුවලා වරෙල්ලා.. මේකෙ ඉබ්බා නිකන් දාලා තියෙන්නේ.."


    භාතියගේ එම වදන් ඇසෙත්ම සියලු දෙනාම පණ කඩාගෙන ගේට්ටුව දෙසට දිව ගියහ. තමා සොයාගත් දෙය දෙස අපමණ ආඩම්බරයෙන් බලා සිටින භාතිය තල්ලු කර දමමින් අවිනාශ් ඒ දැවැන්ත ඉබ්බා වෙතට අත දිගු කළේය.


    "ඈතට දැක්කාම මම හිතුවෙ මේක ලොක් කරලා කියලා.. ඒත් මේක නිකං තියෙන්නේ.. ගොඩක් වෙලාවට අපිට ඇතුළට යන්න පුළුවන් වෙයි.."


    අවිනාශ්ගේ කටහඩ මදක් වෙව්ලමින් තිබිණි. කිසි විටෙකට් නොසිතූ සොයා ගැනීමක් කළ, මේ නඩයේ තමාට පෙනෙන්නට බැරුව සිටි කොණ්ඩය බොකුටු මේ භාතිය නම් හාදයා දෙස අවිනාශ් බැලුවේ ඉතා පහන් හැගීමෙනි. භාතියද ඔහු දෙසට පිළිතුරු සිනාවක් පෑවේය.


    "සුභ ගමන් අවිනාශ්...."


    දැවැන්ත යකඩ ගේට්ටුව තල්ලු කිරීමට ප්‍රථම සමින්දගේ කටහඩ ඇසුණි. ඒ සමගම විවර වී ගිය ගේට්ටු පලු දෙක අතරින් විද්‍යාමාන වූ දේ දැකි ඔවුන්ගේ දෙනෙත් මහා විස්මයකින් ඇලලී ගියම. මුලු වත්තම කහ පාට මල් වලින් සරසා තිබිණි. බැලූ අතට පෙනෙන්නට තිබුනේ අනේක වර්ගයේ කහ පාට මල්ය. තම සිත තුළ උපන් මහා සතුට වාවා ගැනීමට අවිනාශ්ට නොහැකි විය. මිතුරු මිතුරියන් අයා ගත් නෙතින් හා මුවින් යුක්තව අවිනාශ් කෑගසා නිවස දෙසට ගියේය.


    "දිලී......."


    අවිනාශ්ගේ හඩ සතර අතම දෝංකාර දෙමින් විහිදී ගියේය..


    "දිලී.. මං ආවා.. දිලී මං ආවා.. ඩිල්ෂාන් මේ බලන්න... ඔයාලගෙ මස්සිනා පොඩ්ඩ ආවා.. දිලී.."


    සතුට උතුරා ගලා යන අවිනාශ්ගේ හඩ නැවතත් සතර අතට පැතිරෙද්දී නිවසේ ආලින්දය දෙසින් දිලීකා, අවිනාශ් වෙතට දිව ආවාය. පිටපසින් ඩිල්ෂාන්ද අනෙක් සොයුරන්ද විය..


    "ඔ... ඔයා මාව අමතක කරේ නෑ නේද රත්තරන්..?"


    පිස්සුවෙන් මෙන් දිලීකාව සිප වැළදගත් අවිනාශ් ඇසුවේ හති දමමිනි.


    "නෑ මගේ රත්තරං.. ඔයා මොන දේ කළා උනත් මගේ හිතින් ඔයාව අයින් කරන්න බෑ.. ඔයා හැමදාම මගේ විතරයි.. ජති ජාතිත් ඔයා මගේමයි.."


    "එහෙනම් ඇයි දිලී ඔයා මාව බලන් ආවෙ නැත්තේ. මං හිතුවා හැමදේම ඉවරයි කියලා.. ඔයා මාව නොබල හිටියෙ කොහොමද කෙල්ලේ..? ඔයා දන්නවද මම කොයිතරම් විදෙව්වද කියලා.."


    අවිනාශ්ගේ ප්‍රශ්න පත්තරයට උත්තර දෙන්න යැයි දිලීකා නෙතින් කීවේ ඩිල්ෂාන්ටය. ඔහු ඊට මහා කැමත්තකින් ඉදිරිපත් විය.


    "අපි ඔයාව අතෑරලාදැම්මා නෙමෙයි.. අපි නිතරම ඔයා ගැන ඇහැ ගහගෙනයි හිටියේ.. ඔයා මේ තරම් ඉක්මනට එළියට එන්න වැඩ සිද්ධ කරෙත් මමයි මගේ මල්ලිලායි.."


    ඩිල්ෂාන් කීවේ අනෙක් සොයුරන්ද පෙන්වමිනි. දිලීකා තුරුලු කරගෙනම සිටිද්දී, අවිනාශ් ඔවුන් දෙසටත් දෑත දිගු කළේය. ඔවුද්න එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් වාහා පැමිණ අවිනාශ්ව වැළදගත්හ. ඇත්තෙන්ම එතන තිබුණේ බදා වැළද ගැනීම් තරගයකි. අවසානයේදී දිලීකා සොයුරන් සියලු දෙනාම පසෙකට තල්ලුකර දමමින් නැවතත් අවිනාශ්ට තුරුළු වූවාය.


    "අනිත් දේ තමයි මේ ආදරේ වටිනාකම වැඩිවෙන්න නම් මගේ නංගිව නොදැක ඔයා කාලයකි ඉන්න ඕන කියලා මං තීරනේ කරපු හින්දා.. මං නංගිට පොරොන්දු වෙලයි තිබුණේ ඔයාට කරදරයක් වෙන්න දෙන්නෑ කියලා. නංගි මාව විශ්වාස කරගෙන ඔයා දිහා බලන් හිටියා.."


    ඩිල්ෂාන් නැවතත් බොහෝ දේ කිව්වද ඒ කිසිවක් අවිනාශ්ගේ සිතේ රැදුනේ නැත. මෙතුවක් කාලයක් සිත පුරා අරක්ගෙන තිබූ දුක්ඛ දෝමනස්සයන් සියල්ලම සුනාමියක් පැමිණ සියල්ලම හකුලා ගියා සේ අතුරදහන්ව තිබිණි.. දෙවියනේ මෙතැන් සිට ජීවිතය කොයි තරම් ප්‍රීතිමත් වෙයිද..?


    "ඉතිං මගේ ලොකු මස්සිනා... ඔයා මාව බදාගත්තෙ නෑ තාම.."


    නෝක්කාඩු සිතින් අවිනාශ් කියද්දී ඩිල්ෂාන් පැමිණ දිලීකා ළග සිටියදීම අවිනාශ්ව වැළද ගත්තේය. තම ජීවිතයට වඩාත්ම ලෙංගතු ශ්තීන් දෙකක් දෙපසින් සිටියදී අවිනාශ් පිටපස හැරී මහ හඩින් කෑගැසුවේය.


    "ම... මං.. මං දිනුම් යාලුවනේ.. මං දිනුම්..."


    සතුටු සිනාවේ කෑ කෝ ගැසීම් මැදින් හා අවිනාශ්ගේ දිලීකාගෙත් හාදු වැසි අතරින්, අවිනාශ්ගේ ගැඹුරු හඩ, සමින්ද ෂෙනාල් ඇතුළු මිතුරු කැළ වෙත ඇසී නැසී ගියේය.


    End.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    නියමයි මචන්, ලස්සනට කතාව ඉවර උනා....තවත් මේවගේම එකක් දාපන්.....දානකොට මතක ඇතුව අපිට PM එකකුත් දාපන්..... :):):):):)

    niyamai machan,niyamata kathawa iwara une.rep++

    ස්තුතියි මචංලා.. අද කතාව දාන්නම් අලුත්.. පී.එම් අනිවා දාන්නම්..
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ado ube katha gana nam kiyanna wachana na yakoo.. ada bosagen banum ahagena office 1ke dawasen wadi hariyak kale meka kiyawana 1ka ban.. danui iwara une... patttaaama patta ban.. wadak na kiyala.. ubata puluwan nam rep 1000 denna mata eka denawa karumeta 2+ ban thiyenne... thawa thawa dapan ban me wage katha all da best buddy!!!!!