භවන්ත බලන් ඉන්දෙද්දිම මං පොලිස් ස්ටේෂන් එකෙන් එළියට බැස්සා. ඩියුටි කරන්නයි, ලව් කරන්නයි දෙකක් බෑනේ.. ඩියුටි නම් ඩියුටි.. ලව් නම් ලව්..
"බේබි මහත්තයෝ.."
කණ ගාවින්ම ඇහුණ දෙයියගෙ කටහඩින් මං උඩ ගියා..
"හත් දෙයියනේ... මං කී පාරක් නම් කතා කෙරුවද.. මොන ලෝකෙද බේබි මහත්තයෝ හිටියේ..?"
දෙයියා ඒ වගේ දෙයක් අහපු එක හරි. මං බයික් එකත් මිදුලෙ නවත්තලා ගේ ඇතුලටත් ඇවිත්. ඒත් මට ගානක් නෑ. මගේ හිතේ හැම තැනකම හිටියෙ අර ලස්සන ගර්ල්.
"ඈ.. බේබි මහත්තයෝ... මොකද මේ දතකට පූට්ටු වෙලා වගේ. මොකකට හරි බය වුණාද..?"
දෙයියා රටේ නැති ඒවා අහනවා. වෙලාවකට මූත් මහා වාත කේස් එකක්. එහෙම පිටින්ම කොහොල්ලෑ ගුලියක්. අතගාන්න ගාන්න ඇලෙනවා.
"පිස්සුද දෙයියා.... මගේ මුකුත් පූට්ටු වෙලා නෑ. මට ඔය කූල් ඩ්‍රින්ක් එකක් දෙන්න.."
කියන පරක්කුවෙන් දෙයියා මට ඇපල් ජූස් එකක් හදලා දුන්නා. දෙයියා මගේ වොයිස් දන්න හින්දා අවුලක් නෑ මං ජූස් එක බීලා ඉවර වෙනකන් දෙයියා ඉන්නෙ ඉවසගන්න බැරුව කියනෙක මට තේරුණා. මූ මොකද ඒ පාර ඇඹරෙන්න ගත්තේ.
"මුකුත් පූට්ටු වෙලා නැත්තන්ම් කෝ මහත්තයා ගේන්න ගියපු ඇදුම්..? මග දාලා ආවද..?"
දෙයියා එහෙම අහපුවාහමයි මට මතක් වුණේ මං ටවුමට ගියේ ඇයි කියනෙක.. ෂිහ්.. ඒ ගර්ල්ව දැක්හම මං මේ තරම් අවුල් වුණාද..? මට හිතාගන්නවත් බෑ..
"කාටද බේබි මහත්තයෝ ෂිහ් කියලා කිව්වේ...? ගත්තු ඇදුම් ටික තාම කඩේද..? නැත්නම් ගේන්න අමතක වුනාද..? මටනම් පේන්නෙ අද මොකක් හරි අටමගලක ගිහින් වගේ.."
"උඹ මේ කුණුහබ්බයක් කියනවා.. ඇදුමක් නෙමෙයි දෙයියා... මට අර ගර්ල්ව හම්බවුණා.."
"මොන ගර්ල්ද බේබි මහත්තයො...? නවෝදි මිස්ද..?"
මූට නම් හොදටම පිස්සු. නවෝදි කොහෙද මෙහේ.. ඒක් ඇත්තෙ ගෙදර නේ.. මූට නම් අර පරචිත්ත විඥානේ බිංදුවක්වත් නෑ. නැත්නම් ඔහොම වහුකුණු ප්‍රශ්න අහවියෑ..
"නවෝදි මිස් නෙමෙයි දෙයියා... අර කලින් දවසක රත්තරන් මග දාලා ගිය පින්වන්තිය.."
"හත්තිලව්වේ... ඉතිං... ඉතිං බේබි මහත්තයෝ කිව්වද, රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා මම කියලා.. මං හිතන්නෙ කෙල්ල උඩින්ම කැමති වෙන්න ඇති නේද..?"
"දෙයියා... උඹේ නම් කොහේ හරි ලූස් කනෙක්ෂන් එකක් තියෙනවා.. ආ.. මේ මග් එක පැත්තකින් තියපං.. උඹ කියන විදියට කියන්න ගියොත් සෙරෙප්පු පාරකුත් එක්ක තමයි මට එන්න වෙන්නේ.. ඔය තාන්න මාන්නවලට දැන් කාලෙ කෙල්ලො කැමති නෑ. ඒ කෙල්ල මට ලංවෙන එකක්වත් නෑ මං කවුද කියලා දැනගත්තොත්."
"එතකොට...?"
දෙයියගෙ මූණෙ තිබ්බෙ ලොකු අප්සට් එකක්.
"ඒක තමයි තියෙන ප්‍රශ්නෙ. කාලයක් යනකන් හරි මගේ තත්වෙ හංගන් ඉන්න වේවි. නැත්නම් වැඩේ අමාරුවෙයි දෙයියා. අතින්තෙක මං ඒ ගර්ල් එක්ක කතාව පටන් ගන්නෙ කොතනින්ද..? දැක්කත් කතා කරන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නේ.."
"එහෙනම් බේබි මහත්තයො අපි දෙන්නා ගිහිල්ලා ඒ ගෑණු දැරිවිව හම්බවෙමුද..? මං කියන්නම් බේබි මහත්තයා මගේ පුතා කියලා.. අපි දෙන්නා තාත්තා පුතා පාට් එකක් කරමු.."
දෙයියා කියන්නෙ අමුතුම කතන්දර. ඔව්වා කරන්න ගියොත් ඇදුම් නැතුව තමයි යන්න වෙන්නේ. ඒක මූට තේරෙන්නෙ නැති එකනේ වැඩේ.. තාත්තා පුතා පාට් ඇට් කරන්න ගිහින් තියෙන ලකුණුයි හම්බවෙන්න තියෙන ලකුණුයි දෙකම කපාගන්න වෙනවා..
"ඒ වැඩේ හොදයි නේද බේබි මහත්තයෝ. මං ඕන නම් ලොකු මහත්තයටත් කියන්නම්.."
"දෙයියා මේ.. උඹ ළගකදි මගෙන් ගුටි කෑවෙ නෑ නේද..? කට තිබ්බ පලියට මෝල් කතා කියන්න එපා බං. "
"ඇයි බේබි මහත්තයෝ.. මොකක්ද මං කියපු මෝල් කතාව..?"
දෙයියා මගෙන් ඇහුවේ පුදුමවෙලා වගේ.. අනේ ඇත්තට දවසක මූ හන්දා මං මොලේ මඤ්ඤං කරගෙන පිස්සෙක් වෙනවා.
"ඇයි යකෝ.. බූරුවෝ.. හරකෝ.. කෙල්ලව බලන්න යනවා කියලා තාත්තට කියලා කොහොමද..? උඹේ මොලේ ඇණ ගැලවිලාද..? තාත්තා මට ප්‍රපෝසල් ගෙනාව කියලා උඹට අමතකද..? ආ දෙයියා ඩිංගක් හිමිහිට හිතපංකෝ. ඇයි බං තාම ඒ කෙල්ල මං ගැනවත් දන්නෙ නෑ. කෙල්ල මොන වගේද කියලවත් මං දන්නෙ නෑ.. ඉවසන එක මට කොයි තරම් අමාරු වුණත් මට ඉවසන්න වෙනවා.."
"හරි.. දැන් බේබි මහත්තයා මොනවද කරන්න හිතන් ඉන්නේ.. ඕන දේකට මං රෙඩී.."
"උඹ රෙඩී වුණාට මං රෙඩී නෑ දෙයියා. දැනට මේක මෙහෙම යන්න දෙමු.. තේරුණා නේ. ඒ අස්සෙ මං එයා ගැන හෙමීහිට හොයාලා බලන්නම්."
"මං කිව්ව දේට දෙයියගේ මූණෙ ලොකු හිනාවක් ඇදුනා. මූ මොකද හිනාවෙන්නේ. හැබැයි ඒ ගර්ල් ඉන්න තැන හොයා ගත්තත් මූට නම් කියන්න හොද නෑ. මූ මටත් කලින් ඒ ගර්ල්ව හම්බවෙලා, අපේ බේබි මහත්තයට කැමතිද කියලා අහවි. මූ ඒ ජාතියෙ බඩුවනේ."
****************************
බෑන්ක් එකට දාන්න ඕන චෙක් වගයක් අරගෙන මං ටවුන් එකට ආවෙ එකට විතර. අව්වත් වැඩියි. ඒත් මං සන්ග්ලාස් දෙක ගලවලා අතට ගත්තා. මං සෙලාන් බෑන්ක් එකට හැරෙනකොටම මගේ ඇස් දැකපු දේ මටම අදහගන්න බැරිවුණා. මං හනිකට චෙක් ටික සාක්කුව දාගත්තා. මගේ ඉස්සරහටම ආවෙ වෙන කවුරුත් නෙමෙයි.. මගේ හිත හොරකම් කරපු පුංචි කෙල්ල. සජානි.. මේක නම් දොයියො මං දිහා බලලම දීපු දෙයක් කියනෙක මට තේරුණා. මම ටවුන් එන හැම දවසකම කතා කරගෙන වගේ එයත් ටවුන් ආවනේ. එයාගෙ අතේ තිබ්බ ලොකු පොත් මිටියක්. ෂුවර් එකටම මෙයා යන්නෙ කොහේ හරි කොම්පියුටර් ක්ලාස් එකකට වෙන්න ඇති. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටෙද්දි, වැටුන පොතුත් කම්පියුටර් පොත් වගයක් නේ.
කොහොම වුණත් ටවුන් එකේ තිබ්බ කොම්පියුටර් ක්ලාස් ටික චෙක් කරා නම් මේ සුදු කෙල්ල යන ක්ලාස් එක නියමෙටම හොයන්න තිබුණා. මෙයා පිටිපස්සෙන්ම ගියා නම් ඒ හැමදේටම වැඩිය ලේසියි කියනෙක මට තේරුණා. සංජානි ආවෙ නම් වන් වේ එක පැත්තෙ ඉදලා. ඒ පැත්තෙ තියෙන්නෙ ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක විතරයි. මම කම්පියුටර් ක්ලාස් ගැන කල්පනා කර කර ඉන්නකොට එයා මාව පහුකරගෙන ගිහින් තිබුණා. බැංකුවට කවදා යන්න බැරිද..? ඒ වගේද මේ සුරංගනාවි මිසින් වුණොත්. එයා ඇවිදන් ගියේ ස්ටෑන්ඩ් එකට. ඒ කියන්නෙ එයා මේ ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නයි යන්නේ. ස්ටෑන්ඩ් එකට යන්න කලින් කොහොම හරි එයත්තෙක්ක කතා කරපං කියලා මගේ හිත මට කිව්වා.
"එක්ස්කියුස් මී.. මිස්... මාව අදුනගන්න පුළුවන්ද..?"
එයාගෙ ඉස්සරහින් මතුවෙලා මං එකපාරටම ඇහුවා. එයා නතර වුණේ මුල් ඇද්දා වගේ. ඒ මූණේ තිබ්බෙ ලොකු පුදුමයක්. මෙතනින් එහාට කතාව කොහොම ගිනයනවද කියලා මං දහ අතේ කල්පනා කරා. ඒත් මේ චාන්ස් එක අතෑරලා දාන්නත් බෑ. දෙයියනේ මේ වගේ වෙලාවක කරන්න ඕන දේවල් පොතකවත් ලියලා නෑ නේ..
"ඒ.. එදා අ..අර පැෂන් සෙන්ටර් එ.. එකේදි.. මා..මාව හම්බවුණේ.. ම.. මතක නැද්ද..? ඔ.. ඔයා මෙහේමද...?"
"ඇ... ඇයි මොකටද අහන්නේ..?"
කොච්චි මිරිස් කරල වගේ එයා ඇහුවා.. මගේ හිතේ තිබ්බ ශක්තියත් ඩිංගෙන් ඩිංග දියවෙන්න ගත්තා.
"න්.. නැහ් මං මේ ඔයාව මුලින්ම රේල්වේ ස්ටේෂන් එකේදි දැක්කා.. අ.. අර ඔයා මගේ ඇගේ හැපුණේ. මතකයි නේද..? ඊට පස්සේ පැෂන් සෙන්ටර් එකේදි.. ඊට පස්සෙ අද.."
කලිසම් සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරන් මං මූණ පිහද ගත්තා. දාඩිය හෝ ගාලා. එයාගෙ රෝස පාට මූණ තද රතු පාටට හැරෙනවා මං දැක්කා. කෙල්ලට තද වුණා වගේ. අඩේ.. කෙල්ල යකා වේවිද.?
"ඔයා කව්ද...?"
එහෙම අහලා එයා තොල්පෙති දෙක තද කරගත්තා. දැන් මුණෙ තියෙන්නෙ අමුතු ගතියක්. බලන් ගියාම මෙයාගෙ මාරම මාර ෆීචස්නෙ තියෙන්නේ.
"ආ... මමද..? මම අනගි.. අනගි රඹුක්වැල්ල.. මං මේ දවස්වල ඩිප්ලෝමා එකක් කරන්නයි ඉන්නේ.."
කටට ආපු දේ කියලා දැම්මා. නැත්තං ඉතින් සියලු ශිල්ප දැනගෙන ගෙදරට වෙලා පිංබතා වගේ ඉන්නවා කියලා කියන්නයැ. ඔන්න ඔය වෙලාවට තමයි මටත් නිකං හරි කොම්පියුටර් කරන්න හිතෙන්නේ.
"ඒ.. එහෙනම් අනගි ඉස්සර වෙලා ඩිප්ලෝමා එක කරලා ඉන්න.."
තත්පරේට දෙකට ඒ ටික කියලා ඉවරවෙලා එයා ත්‍රීවිල් පාක් එක පැත්තට ගියා. උනේ මොකක්ද කියලා අදහගන්නත් බැරුව වගේ මං තක්කු මුක්කු වෙලා බලන් හිටියා. කමක් නෑ ඔයා අදට ඔහොම යන්නකෝ බබා. ඊලග දවසෙ මං එන්නෙ ඔයාගෙ කම්පියුටර් ක්ලාස් එක ගාවට..

෴මතුසම්බන්ධයි෴
| PDF ආකාරයට ලබාගන්න |