♥ සමාවෙන්න රත්තරනේ ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භවන්ත බලන් ඉන්දෙද්දිම මං පොලිස් ස්ටේෂන් එකෙන් එළියට බැස්සා. ඩියුටි කරන්නයි, ලව් කරන්නයි දෙකක් බෑනේ.. ඩියුටි නම් ඩියුටි.. ලව් නම් ලව්..
    "බේබි මහත්තයෝ.."

    කණ ගාවින්ම ඇහුණ දෙයියගෙ කටහඩින් මං උඩ ගියා..

    "හත් දෙයියනේ... මං කී පාරක් නම් කතා කෙරුවද.. මොන ලෝකෙද බේබි මහත්තයෝ හිටියේ..?"

    දෙයියා ඒ වගේ දෙයක් අහපු එක හරි. මං බයික් එකත් මිදුලෙ නවත්තලා ගේ ඇතුලටත් ඇවිත්. ඒත් මට ගානක් නෑ. මගේ හිතේ හැම තැනකම හිටියෙ අර ලස්සන ගර්ල්.

    "ඈ.. බේබි මහත්තයෝ... මොකද මේ දතකට පූට්ටු වෙලා වගේ. මොකකට හරි බය වුණාද..?"

    දෙයියා රටේ නැති ඒවා අහනවා. වෙලාවකට මූත් මහා වාත කේස් එකක්. එහෙම පිටින්ම කොහොල්ලෑ ගුලියක්. අතගාන්න ගාන්න ඇලෙනවා.

    "පිස්සුද දෙයියා.... මගේ මුකුත් පූට්ටු වෙලා නෑ. මට ඔය කූල් ඩ්‍රින්ක් එකක් දෙන්න.."

    කියන පරක්කුවෙන් දෙයියා මට ඇපල් ජූස් එකක් හදලා දුන්නා. දෙයියා මගේ වොයිස් දන්න හින්දා අවුලක් නෑ මං ජූස් එක බීලා ඉවර වෙනකන් දෙයියා ඉන්නෙ ඉවසගන්න බැරුව කියනෙක මට තේරුණා. මූ මොකද ඒ පාර ඇඹරෙන්න ගත්තේ.

    "මුකුත් පූට්ටු වෙලා නැත්තන්ම් කෝ මහත්තයා ගේන්න ගියපු ඇදුම්..? මග දාලා ආවද..?"

    දෙයියා එහෙම අහපුවාහමයි මට මතක් වුණේ මං ටවුමට ගියේ ඇයි කියනෙක.. ෂිහ්.. ඒ ගර්ල්ව දැක්හම මං මේ තරම් අවුල් වුණාද..? මට හිතාගන්නවත් බෑ..

    "කාටද බේබි මහත්තයෝ ෂිහ් කියලා කිව්වේ...? ගත්තු ඇදුම් ටික තාම කඩේද..? නැත්නම් ගේන්න අමතක වුනාද..? මටනම් පේන්නෙ අද මොකක් හරි අටමගලක ගිහින් වගේ.."

    "උඹ මේ කුණුහබ්බයක් කියනවා.. ඇදුමක් නෙමෙයි දෙයියා... මට අර ගර්ල්ව හම්බවුණා.."

    "මොන ගර්ල්ද බේබි මහත්තයො...? නවෝදි මිස්ද..?"

    මූට නම් හොදටම පිස්සු. නවෝදි කොහෙද මෙහේ.. ඒක් ඇත්තෙ ගෙදර නේ.. මූට නම් අර පරචිත්ත විඥානේ බිංදුවක්වත් නෑ. නැත්නම් ඔහොම වහුකුණු ප්‍රශ්න අහවියෑ..

    "නවෝදි මිස් නෙමෙයි දෙයියා... අර කලින් දවසක රත්තරන් මග දාලා ගිය පින්වන්තිය.."

    "හත්තිලව්වේ... ඉතිං... ඉතිං බේබි මහත්තයෝ කිව්වද, රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා මම කියලා.. මං හිතන්නෙ කෙල්ල උඩින්ම කැමති වෙන්න ඇති නේද..?"

    "දෙයියා... උඹේ නම් කොහේ හරි ලූස් කනෙක්ෂන් එකක් තියෙනවා.. ආ.. මේ මග් එක පැත්තකින් තියපං.. උඹ කියන විදියට කියන්න ගියොත් සෙරෙප්පු පාරකුත් එක්ක තමයි මට එන්න වෙන්නේ.. ඔය තාන්න මාන්නවලට දැන් කාලෙ කෙල්ලො කැමති නෑ. ඒ කෙල්ල මට ලංවෙන එකක්වත් නෑ මං කවුද කියලා දැනගත්තොත්."

    "එතකොට...?"

    දෙයියගෙ මූණෙ තිබ්බෙ ලොකු අප්සට් එකක්.

    "ඒක තමයි තියෙන ප්‍රශ්නෙ. කාලයක් යනකන් හරි මගේ තත්වෙ හංගන් ඉන්න වේවි. නැත්නම් වැඩේ අමාරුවෙයි දෙයියා. අතින්තෙක මං ඒ ගර්ල් එක්ක කතාව පටන් ගන්නෙ කොතනින්ද..? දැක්කත් කතා කරන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නේ.."

    "එහෙනම් බේබි මහත්තයො අපි දෙන්නා ගිහිල්ලා ඒ ගෑණු දැරිවිව හම්බවෙමුද..? මං කියන්නම් බේබි මහත්තයා මගේ පුතා කියලා.. අපි දෙන්නා තාත්තා පුතා පාට් එකක් කරමු.."

    දෙයියා කියන්නෙ අමුතුම කතන්දර. ඔව්වා කරන්න ගියොත් ඇදුම් නැතුව තමයි යන්න වෙන්නේ. ඒක මූට තේරෙන්නෙ නැති එකනේ වැඩේ.. තාත්තා පුතා පාට් ඇට් කරන්න ගිහින් තියෙන ලකුණුයි හම්බවෙන්න තියෙන ලකුණුයි දෙකම කපාගන්න වෙනවා..

    "ඒ වැඩේ හොදයි නේද බේබි මහත්තයෝ. මං ඕන නම් ලොකු මහත්තයටත් කියන්නම්.."

    "දෙයියා මේ.. උඹ ළගකදි මගෙන් ගුටි කෑවෙ නෑ නේද..? කට තිබ්බ පලියට මෝල් කතා කියන්න එපා බං. "

    "ඇයි බේබි මහත්තයෝ.. මොකක්ද මං කියපු මෝල් කතාව..?"

    දෙයියා මගෙන් ඇහුවේ පුදුමවෙලා වගේ.. අනේ ඇත්තට දවසක මූ හන්දා මං මොලේ මඤ්ඤං කරගෙන පිස්සෙක් වෙනවා.

    "ඇයි යකෝ.. බූරුවෝ.. හරකෝ.. කෙල්ලව බලන්න යනවා කියලා තාත්තට කියලා කොහොමද..? උඹේ මොලේ ඇණ ගැලවිලාද..? තාත්තා මට ප්‍රපෝසල් ගෙනාව කියලා උඹට අමතකද..? ආ දෙයියා ඩිංගක් හිමිහිට හිතපංකෝ. ඇයි බං තාම ඒ කෙල්ල මං ගැනවත් දන්නෙ නෑ. කෙල්ල මොන වගේද කියලවත් මං දන්නෙ නෑ.. ඉවසන එක මට කොයි තරම් අමාරු වුණත් මට ඉවසන්න වෙනවා.."

    "හරි.. දැන් බේබි මහත්තයා මොනවද කරන්න හිතන් ඉන්නේ.. ඕන දේකට මං රෙඩී.."

    "උඹ රෙඩී වුණාට මං රෙඩී නෑ දෙයියා. දැනට මේක මෙහෙම යන්න දෙමු.. තේරුණා නේ. ඒ අස්සෙ මං එයා ගැන හෙමීහිට හොයාලා බලන්නම්."

    "මං කිව්ව දේට දෙයියගේ මූණෙ ලොකු හිනාවක් ඇදුනා. මූ මොකද හිනාවෙන්නේ. හැබැයි ඒ ගර්ල් ඉන්න තැන හොයා ගත්තත් මූට නම් කියන්න හොද නෑ. මූ මටත් කලින් ඒ ගර්ල්ව හම්බවෙලා, අපේ බේබි මහත්තයට කැමතිද කියලා අහවි. මූ ඒ ජාතියෙ බඩුවනේ."

    ****************************

    බෑන්ක් එකට දාන්න ඕන චෙක් වගයක් අරගෙන මං ටවුන් එකට ආවෙ එකට විතර. අව්වත් වැඩියි. ඒත් මං සන්ග්ලාස් දෙක ගලවලා අතට ගත්තා. මං සෙලාන් බෑන්ක් එකට හැරෙනකොටම මගේ ඇස් දැකපු දේ මටම අදහගන්න බැරිවුණා. මං හනිකට චෙක් ටික සාක්කුව දාගත්තා. මගේ ඉස්සරහටම ආවෙ වෙන කවුරුත් නෙමෙයි.. මගේ හිත හොරකම් කරපු පුංචි කෙල්ල. සජානි.. මේක නම් දොයියො මං දිහා බලලම දීපු දෙයක් කියනෙක මට තේරුණා. මම ටවුන් එන හැම දවසකම කතා කරගෙන වගේ එයත් ටවුන් ආවනේ. එයාගෙ අතේ තිබ්බ ලොකු පොත් මිටියක්. ෂුවර් එකටම මෙයා යන්නෙ කොහේ හරි කොම්පියුටර් ක්ලාස් එකකට වෙන්න ඇති. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටෙද්දි, වැටුන පොතුත් කම්පියුටර් පොත් වගයක් නේ.

    කොහොම වුණත් ටවුන් එකේ තිබ්බ කොම්පියුටර් ක්ලාස් ටික චෙක් කරා නම් මේ සුදු කෙල්ල යන ක්ලාස් එක නියමෙටම හොයන්න තිබුණා. මෙයා පිටිපස්සෙන්ම ගියා නම් ඒ හැමදේටම වැඩිය ලේසියි කියනෙක මට තේරුණා. සංජානි ආවෙ නම් වන් වේ එක පැත්තෙ ඉදලා. ඒ පැත්තෙ තියෙන්නෙ ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක විතරයි. මම කම්පියුටර් ක්ලාස් ගැන කල්පනා කර කර ඉන්නකොට එයා මාව පහුකරගෙන ගිහින් තිබුණා. බැංකුවට කවදා යන්න බැරිද..? ඒ වගේද මේ සුරංගනාවි මිසින් වුණොත්. එයා ඇවිදන් ගියේ ස්ටෑන්ඩ් එකට. ඒ කියන්නෙ එයා මේ ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නයි යන්නේ. ස්ටෑන්ඩ් එකට යන්න කලින් කොහොම හරි එයත්තෙක්ක කතා කරපං කියලා මගේ හිත මට කිව්වා.


    "එක්ස්කියුස් මී.. මිස්... මාව අදුනගන්න පුළුවන්ද..?"

    එයාගෙ ඉස්සරහින් මතුවෙලා මං එකපාරටම ඇහුවා. එයා නතර වුණේ මුල් ඇද්දා වගේ. ඒ මූණේ තිබ්බෙ ලොකු පුදුමයක්. මෙතනින් එහාට කතාව කොහොම ගිනයනවද කියලා මං දහ අතේ කල්පනා කරා. ඒත් මේ චාන්ස් එක අතෑරලා දාන්නත් බෑ. දෙයියනේ මේ වගේ වෙලාවක කරන්න ඕන දේවල් පොතකවත් ලියලා නෑ නේ..

    "ඒ.. එදා අ..අර පැෂන් සෙන්ටර් එ.. එකේදි.. මා..මාව හම්බවුණේ.. ම.. මතක නැද්ද..? ඔ.. ඔයා මෙහේමද...?"

    "ඇ... ඇයි මොකටද අහන්නේ..?"

    කොච්චි මිරිස් කරල වගේ එයා ඇහුවා.. මගේ හිතේ තිබ්බ ශක්තියත් ඩිංගෙන් ඩිංග දියවෙන්න ගත්තා.

    "න්.. නැහ් මං මේ ඔයාව මුලින්ම රේල්වේ ස්ටේෂන් එකේදි දැක්කා.. අ.. අර ඔයා මගේ ඇගේ හැපුණේ. මතකයි නේද..? ඊට පස්සේ පැෂන් සෙන්ටර් එකේදි.. ඊට පස්සෙ අද.."

    කලිසම් සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරන් මං මූණ පිහද ගත්තා. දාඩිය හෝ ගාලා. එයාගෙ රෝස පාට මූණ තද රතු පාටට හැරෙනවා මං දැක්කා. කෙල්ලට තද වුණා වගේ. අඩේ.. කෙල්ල යකා වේවිද.?

    "ඔයා කව්ද...?"

    එහෙම අහලා එයා තොල්පෙති දෙක තද කරගත්තා. දැන් මුණෙ තියෙන්නෙ අමුතු ගතියක්. බලන් ගියාම මෙයාගෙ මාරම මාර ෆීචස්නෙ තියෙන්නේ.

    "ආ... මමද..? මම අනගි.. අනගි රඹුක්වැල්ල.. මං මේ දවස්වල ඩිප්ලෝමා එකක් කරන්නයි ඉන්නේ.."

    කටට ආපු දේ කියලා දැම්මා. නැත්තං ඉතින් සියලු ශිල්ප දැනගෙන ගෙදරට වෙලා පිංබතා වගේ ඉන්නවා කියලා කියන්නයැ. ඔන්න ඔය වෙලාවට තමයි මටත් නිකං හරි කොම්පියුටර් කරන්න හිතෙන්නේ.

    "ඒ.. එහෙනම් අනගි ඉස්සර වෙලා ඩිප්ලෝමා එක කරලා ඉන්න.."

    තත්පරේට දෙකට ඒ ටික කියලා ඉවරවෙලා එයා ත්‍රීවිල් පාක් එක පැත්තට ගියා. උනේ මොකක්ද කියලා අදහගන්නත් බැරුව වගේ මං තක්කු මුක්කු වෙලා බලන් හිටියා. කමක් නෑ ඔයා අදට ඔහොම යන්නකෝ බබා. ඊලග දවසෙ මං එන්නෙ ඔයාගෙ කම්පියුටර් ක්ලාස් එක ගාවට..

    ෴මතුසම්බන්ධයි෴

    | PDF ආකාරයට ලබාගන්න |
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට පේන විදිහට උබ යන්නෙ අනගි ව අර පොලිස්කාරගෙ මස්සිනා කරවන්න.. අර කෙල්ලව පොලිස් කාරයගෙ න0ගි කරවන්න මම හරිද???
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado ikmanata daapiya.......
    අද රෑට දාන්නම් ඉතුරු ටික... ටයිප් කරන්න එපැයි මචෝ

    :oo:

    මට පේන විදිහට උබ යන්නෙ අනගි ව අර පොලිස්කාරගෙ මස්සිනා කරවන්න.. අර කෙල්ලව පොලිස් කාරයගෙ න0ගි කරවන්න මම හරිද???
    :D:D:D:D

    පට්ට කොල්ලො............
    සිරා කතාව.......... + + +
    තෑන්ක්ස් මචෝ..

    bump bump thawa ekak
    තෑන්ක්ස් මචෝ..

    ela kiri,... dan nam nagalama yanawa...
    තෑන්ක්ස් මචං..

    ඔන්න දැන් තමයි කතාවෙ හොදම හරිය යන්නේ...ඉවසන් ඉන්න බැරියෝ...ඉක්මනට ඉතුරු ටිකත් දාපියෝ..... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දාන්නම් මචෝ..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මට පේන විදිහට උබ යන්නෙ අනගි ව අර පොලිස්කාරගෙ මස්සිනා කරවන්න.. අර කෙල්ලව පොලිස් කාරයගෙ න0ගි කරවන්න මම හරිද???

    මටත් ඕක හිතුන බන්..
    අම්මට මල පාන්නේ කලින් SI ගේ බොක්කක් උගේ නංගිට......
    සමහර විට එදා ෆිල්ම්.....
    ඕනේ නැ උබ කතාව කියපන් අපෙන් කන්නේ නැතුව
    උබේ අනගි ට වැඩිය අපේ එළකිරි සෙට් එක දක්ෂයෝ හොඳේ....
    :D:D:D:D:D:D:D:D:D:D:D

    දහන බන් ඉතුරු ටිකත් ෆිට් එකනේ .........................
    ......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඕක හිතුන බන්..
    අම්මට මල පාන්නේ කලින් SI ගේ බොක්කක් උගේ නංගිට......
    සමහර විට එදා ෆිල්ම්.....
    ඕනේ නැ උබ කතාව කියපන් අපෙන් කන්නේ නැතුව
    උබේ අනගි ට වැඩිය අපේ එළකිරි සෙට් එක දක්ෂයෝ හොඳේ....

    :D:D:D:D:D:D:D:D:D:D:D

    දහන බන් ඉතුරු ටිකත් ෆිට් එකනේ

    .........................
    ......

    :D:D:D:D
    11.gif


    Thanks machan..

    අඩෝ පට්ට කතාව මචන් ඉක්මනට දාපං ඉතුරු ටික..
    Thanks machan..

    Api yanawa machan heta ude methana wadi weddi aluth set 2k 3k wath one..
    GN..Kollo
    Niwa defa.. :yes::yes:

    මචෝ.. එක දිගටම කියෙවුව කොටස් ඔක්කොම,,මාරු,,ඉක්මනට දාපන් බන්..:D:D:D:D:D:D:D
    Thanks machan..

    maxxa katawa machan!

    digatama liyapan
    Thanks machan..

    Thanks machan...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-8.jpg


    අද එතැන් සිට
    8
    ඊට දවස් දෙකකට පස්සෙ මම ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක ළගට ගියා. මේ අනගි කියන්නෙ ලේසියෙන් ගේම අතාරින කොල්ලෙක් නෙමෙයි. අනිත් දේ තමයි ඉවසනවා කියන දේ නම් මට කොහොමටවත් පුරුදු වෙලා තිබ්බෙ නෑ. ඉවසීම නම් බොරු.

    ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එකේ රිසෙප්ෂනිස්ට් ගාවට ගිහින් මම, සංජානිගෙ නම කිව්වා. ඒකි සං සං ගාලා ෆෝන් එක ඩයල් කරා. ඔස්බෝන් එක ඇවිල්ලා තට්ට හතරක බිල්ඩින් එකක්. සංජානි මොන තට්ටුවෙද දන්නෙ නෑ ඉන්නේ. එයා ලිෆ්ට් එකේද, පඩිපෙල දිගේද දන්නෑ උඩට ගනින්නේ.. වෙලාවකට මටත් එන්නෙ මාර මැංටල් අදහස් තමයි.

    "එක්ස්කියුස් මී මිස්ටර්.. මෙන්න එහා පැත්තෙ ඔයා ඉල්ලපු කෙනාව ඉන්නවා."

    රිසෙප්ෂනිස්ට් ගර්ල් මට රිසිවර් එක දික්කලා. පපවෙ ස්පීඩ් එක දෙසිය ගානට නගිද්දි මං හිතට ෆිට් එක ගත්තා.

    "හෙලෝ..."

    "හෙ... හෙලෝ.. සංජානි නේද..?"

    "ඔවු... ඔයා කවුද...?"

    "මම.. අනගි කතා කරන්නේ. ඔයාට මාව මතකයි නේද..? එදා ස්ටෑන්ඩ් එකට මෙහාදි හම්බවුණේ. ප්ලීස් මට ඔයත් එක්ක හුගාක් වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඔයාට ඩිංගක් පහලට එන්න පුළුවන්ද..? ඔයා එනවා නේද..? ප්ලීස්.. ම.. මං බලන් ඉ.. ඉන්නවා..."

    මං ෆෝන් එක තිබ්බා. දැන් ඉතින් එන නොඑන එක එයාගෙ වැඩක්. කම්පියුටර් ක්ලාස් එක ඉස්සරහා කාර් පාක් එකට එන ගමන් මං හිතාගත්තා. ඒත් මං මේ කරන්නෙ හරි වැඩක්ද කියල මගේ හිත මගෙන්ම ඇහුවා. ජීවිතේ කවදාවත් මේ වගේ කෙල්ලෙක් පස්සෙන් නොගියපු මට, සංජානි.. මේ මොනවා කරලද කියලා මට හිතුණා. සජීවන්ලා මේවා දන්නවා නම් මට හිනාවෙයි. උං මං ගැන කොයි තරම් ග්‍රේඩ් පිටද හිතන් ඉන්නේ..?


    "හලෝ... මොකක්ද ප්‍රශ්නෙ..? මොකද ෆෝන් කලේ..?"

    සංජානිගෙ කටහඩ කණ ළගින්ම ඇහුණා. මං ගැස්සුනා. ඒ සුදු මූණ කේන්තියෙන් රතුවෙලා තිබ්බා.

    "ම... මට ඔයාට ඩිංගක් කතා කරන්න ඕන..."

    "ඔයාටයි මටයි කතා කරන්න කිසිම දෙයක් නෑ මිස්ටර්. ඇයි මෙහෙම දේවල් කරන්නේ. මගේ වැඩ කොයි තරම් පාඩුවෙනවද..? ඇයි මට කරදර කරන්නේ..?"

    "මං ඔයාට කරදරයක් කෙරුවෙ නෑ..."

    "ඇයි නැත්තෙ..? ඔයා මේ කරන්නෙ කරදරයක් නෙමෙයිද..? ක්ලාස් එකේ ළමයි මං ගැන මොනවද හිතන්නේ..? ආ... මිස්ටර් ඔයා වැදගත් මහත්තයෙක් නේද..? ඇයි මේ ගෑණු ළමයින්ට ඉන්න දෙන්නෙ නැත්තේ..?"

    සංජානි හෝ ගාලා කියවගෙන යනවා. ඒ මූණ දැන් දැන් කේන්තියෙන් පුපුරලා යාවි කියලා මට හිතුණා. ඒත් කියන්න තියෙන දේ මේ වෙලාවේ කට කෑවත් කියන්න ඕන නේ නැත්නම් දුක් වෙන්න වෙන්නෙ මට නේ..

    "ගෑනු ළමයින්ට නෙමේ.. ඔයාටයි බබා.. ඔයාව දැකපු පළවෙනි දවසෙම මගේ හිතේ ඔයාව ඇදුනේ.. ඔයාව හොදට දැකලා පුරුදු කෙනෙක් වගේ මට දැනුනේ. එහෙම වෙන්නෙ ආත්ම ගානක් එකට ඉදපු අය හම්බවුණාම."

    "ෂටප්... මිස්ටර් ෂටප්... මොනවද මේ කියවන්නේ.. ආ යූ මෑඩ්..?"

    "මෙහෙම ගියොත් නම් පිස්සු හැදෙයි. ප්ලීස් සංජානි.. මං කියන දේ අහන්න. ඔයා දැන් ඉන්නෙ හොදටම කේන්තියෙන්. ඒත් ඔය කේන්ති නිවිලා ගියාට පස්සෙ මං කිව්ව දේවල් ගැන හිතලා බලන්න. මං ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.. හරිනේ..."

    සංජානී මුකුත්ම කිව්වෙ නෑ. කේන්තිය වැඩි කමටද මන්දා ඒ ලස්සන ඇස් වලට කදුළු උනලා තිබුනා. ඒ කදුළු පිටින්ම ආපහු හැරිලා එයා පංතියට දුවගෙන ගියා. හිතට නොතේරෙන මොකක්දෝ අලුත් හැගීමක් හිතට වද දෙද්දි මං ඒ දිහාවම බලන් හිටියා. අන්තිමට මට ඉතුරු වෙලා තිබ්බේ එයා ළගින් ආපු සිහිනමය විලවුන් සුවදක් විතරයි..


    ********************************


    හිතේ තියෙන දේ කියවුණේ අරෙහෙන් මෙහෙන් වගේ හින්දා මගේ හිතට කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ. සංජානි හම්බවෙච්ච වෙලාවෙ ඔයට වැඩිය හොදට මට කතා කරන්න තිබුණා කියලා මගේ හිත කිව්වා. කොහෙද ඉතිං මං කියෙව්වෙ බහුබූත නේ. කාගෙන් කියලා උදව් ගන්න..? සජීවන්ට කිව්ව නම් ඌ කරන්නෙ සංජානිව උස්සගෙ මගේ ළගට ගේන එක. දෙයියා උනත් එහෙමයි. උං හිතන්නෙ මං ගැන විතරනේ. කොහොම උනත් මේ සිද්ධී හැමදේම භවන්තත් එක්ක කිව්වා නම් හොදයි කියලා මට හිතුණා. එදා පොලිස් ස්ටේෂන් එකේදි කියන්න හැදුවට කියාගන්න උනේ නෑනේ..


    "පුතා.... මෙන්න මිස්ටර් භවන්ත ඇවිත්..."

    සාලෙන් තාත්තිගෙ කටහඩ මට ඇහුණා. මේ යකාව දැන් මතක් කලා විතරයි. මූ නම් පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.

    "කාමරේට එවන්න තාත්ති."

    මං කෑගැහුවා.. හොද වෙලාවට දෙයියා මේ වෙලාවෙ නැත්තේ. ඌ හිටිය නම් දොර අස්සෙන් හැම මළ ඉලව්වම අහගෙන ඉදියි.

    "අයි ඈම් සොරි අනගි.. මේ දවස්වල මං හුගාක් බිසී. මට ඔයාව අමතක වුණේ නෑ... ඉතිං..? ඉතිං..?"

    භවන්ත ඇවිත් මගේ ඇද උඩ වාඩිවුණා.

    "අළුත් විස්තර නම් නෑ ෆ්‍රෙන්ඩ්.. පරණ එව්වම තමයි.."

    ඊයෙ වෙච්ච සීන් එක පස්සෙ කියන්න මං හිතාගත්තා.

    "හොද එකා වගේ අර ගර්ල්ගෙ විස්තර මට අද කියන්න ඕන.. මොකද ඒ ගර්ල් ඔයාගෙ හිතට හුගාක් වැදිලා කියලා මට දැනෙනවා.. එහෙම තියෙද්දි මේ සීන් එක අතෑරලා දාන්න බෑ අනගි.."

    මෙච්චර දවස් ගානත් තිස්සෙ මගේ හිතේ හිරවෙලා තිබ්බ සංජානි ගැන හැම දෙයක්ම මං භවන්තත් එක්ක කිව්වා. ඒත් මං එයා ඔස්බෝන් ක්ලාස් යනවා කියලා විතරක් කිව්වෙ නෑ. ඒකට හේතුව මොකක්ද මන්දා. මට භවන්තට ඒ දේ කියන්න හිතුණෙ නෑ. සමහර විට ඔස්බෝන් එක ඉස්සරහා සංජානි මට කතා කරපු විදිය තදටම මගේ හිතේ වැදිලා තිබ්බ හින්දා වෙන්න ඇති. හැමදේම කියලා ඉවර වුණාට පස්සේ මගේ හිතේ තිබ්බෙ ලොකු හිස් බවක්. අනිත් දේ තමයි කා එක්කවත් කියන්න තරම් දෙයක් මායි, සංජානියි අතරේ නැති එක.

    "හොදයි දැන් මගෙන් මොනවද කෙරෙන්න ඕන..?"

    භවන්ත කෙලින්ම ඇහුවා...

    "මට තේරෙන්නෑ භවන්ත. ඒත් දෙයියටවත්, සජීවන්ටවත් මේ දේ කියන්න බෑ. මොකද ඒ දෙන්නා තනිකරම හිතන්නෙ මං ගැන විතරයි. ඒ ගර්ල් ගැන ඩිංගක්වත් හිතන එකක් නෑ. ඒ දෙන්න එක්ක මං මේ වැඩේට බැස්සොත් වෙන්නෙ ලොකු ඩැමේජ් එකක්. මොකද ඒ ගර්ල් මට විරුද්ධව වචනයක් හරි කිව්වොත් උං එතන මළගෙයක් කරයි.."

    "දැන් සජීවනුයි, දෙයියයි දෙන්නම හිතන්නෙ ඔයා ගැන කියලා කිව්වනේ.. එතකොට මේ දේවල් මට කියන්නේ.. මං ඔයා ගැන හිතන්නෙ නෑ කියලා හිතාගෙනද ෆ්‍රෙන්ඩ්...?"

    භවන්ත කල්පනා කරලා අහපු දෙයින් මං තත්පර ගානකට ගොළු වුනා.

    "නෑ භවන්ත මම එහෙම හිතුවෙ නෑ. ඔයත් මං ගැන හිතනවා කියලා මං දන්නවා. ඒත් මේ ප්‍රශ්නෙදි මට වෙන විදියකටයි උදව් ඕනේ.."

    "හරි... අනගි කියන දේ මට තේරෙනවා. අපි කෙලින්ම ගිහින් එයාව හම්බවෙමු.."

    "හම්බවෙලා..?"

    "හම්බවෙලා කතා කරමු. වෙන කරන්න දෙයක් නෑනේ අනගි.. ඊට පස්සෙ අපි එයාගෙ ගෙදරට යමු. හැබැයි ඔය එක විදියක්වත් ඔයාගෙ හිතට හරි ගියේ නැත්නම් පරණ ක්‍රමයක් නම් තියෙනවා."

    භවන්තගෙ මූණට අර අපූරු හිනාව ආවා. මේ හිනාවම තවත් කොහේදි හරි දැකලා පුරුදුයි කියලා මගේ හිතට දැනුනත් ඒ කාගෙ හිනාවද කියලා මතක් කරගන්න මට බැරි වුණා..

    "පොලිස් කූඩුවෙ ලගින්න වෙන වැඩක්ද...?"

    "ඔව්... මිනිස්සු දම්මලා, ඒ ගර්ල්ව උස්සල දාන්නයි තියෙන්නෙ.. ඊගාවට ඔයා පැනලා එයාව බේරගන්නෙක. වැඩේ ගොඩින්ම නිවාරණයි.. අනගි... මොකද කියන්නේ..?"

    "මං ඒකට කැමති නෑ භවන්ත.. ඇරත් මට ඒ ක්‍රමේ දිරවන්නෙ නෑ. ඒ පුංචි කෙල්ලව කාගෙවත් අතින් කිලිටි වෙනවට මං කැමති නෑ. අපි ඒ දේ කලොත් අපි සාධාරණ නෑ. මං එයාව වංචාවකින් දිනාගත්තා වෙනවා. අපි වෙන විදියක් බලමු.."

    "මං උඹ ගැන හිතන් හිටියටත් වැඩිය උඹ සෑහෙන්න ඉහලයි අනගි. වෙන කොල්ලො ළග බෙහෙතකටවත් නැති කොලිටි උඹ ළග තියෙනවා. මොනවා උනත් උඹේ හිත ගත්තු කෙල්ල නම් වාසනාවන්තයි"

    "උඹ ඔය මොනවා කිව්වත් එයා මං ගැන දන්නෙ නෑ නේ භවන්ත. මාව එයාට තේරුම් කරලා දෙන්න පුළුවන් කාටද..?"

    "අපි ඒක කරමු... මේ වෙලාවෙ අවුල් නොවී ඉදපංකෝ.. අර මාව හම්බවුණු දවස්වල වගේ රිලැක්ස් එකේ ඉදපං.."

    "මේ කෙල්ල මට රිලැක්ස් එකේ ඉන්න දෙන්නෙ නෑ. ඒත් මට එක බයක් තියෙනවා භවන්ත"

    "ඒ මොකක්ද..?"

    "මගේ තාත්තිගෙ තත්වෙ දැනගත්තාම කෙල්ල කොහොමටවත් මට කැමතිවෙන එකක් නෑයි කියලා හිතෙනවා. අනිත්තෙක තමයි එයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අපි දන්නෙ නැති එක.."

    "ඒ ගැන හිතන්න එපා අනගි.. මයිනස් පැත්තට හිතන්න එපා.. දැන් අපි කොහොමද එයාව හම්බවෙන්නේ..?"

    භවන්ත එක්ක ඔස්බෝන් එක ළගට යන එක ප්‍රශ්නයක් කියලා මට හිතුනා. ඒක හින්දා ස්ටෑන්ඩ් එකේ ඉන්න එක වැඩිය හොදයි කියලා මම හිතාගත්තා.

    "අපි ස්ටෑන්ඩ් එකේ ඉදිමු භවන්ත.. එතනදි අපිට එයාව අල්ලගන්න පුළුවන් නේ.. අඩුගානේ භවන්තට මට එයාව පෙන්නන්න හරි පුළුවන් නේ.."

    භවන්තගෙ උඩු මූණෙ තිබ්බෙ ලොකු කල්පනාවක්. ඒත් ඒ විනාඩියකට දෙකකට විතරයි..

    "හරි... එහෙනම් හෙට උදේට ඔයා අපේ ගෙදර එන්න. අපි යමු ඒ ගර්ල්ව හම්බවෙන්න.."

    ගෙදර එන්න කියලා කිව්වාම මට මතක් වුණේ භවන්තගෙ අම්මා..

    "උඹේ මූඩ් එක වෙනස් වුණා අනගි.. මගේ අම්මා ගැන වැරදියට හිතන්න එපා. අම්මමයි කිව්වෙ උඹව දවසක එක්ක එන්න කියලා. උඹව එක්කං ගිය මුල්ම දවසෙ අම්මා උඹ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. අම්මට එහෙම හැසිරෙන්න හේතු ගොඩක් තියෙනවා අනගි. මං ඒවා ගැන උඹට පස්සෙ දවසක කියන්නම්. ඉස්සෙල්ලා මේ වැඩේ ඉවරකරගන්න බලමු..."

    භවන්ත ගෙදරින් ගියායින් පස්සෙත් ඌ කිව්ව දේවල් ගැන මං කල්පනා කලා. ඒත් විශේෂ දෙයක් ගැන මට හිතාගන්න බැරි වුණා.

    *****************************

    පහුවෙනිදා උදේ හත වෙනකොට මං හිටියෙ භවන්තගෙ ගේ ඉස්සරහා. බෙල් එක දෙපාරක් විතර ඔබනකොට ඉස්සරහා දොරෙන් එලියට ආවේ භවන්තගෙ අම්මා. මගේ හිත ගැස්සුනත් මං එයා දිහාම බලන් හිටියා..

    "එන්න....."

    "භවන්තගෙ අම්මා එහෙම කිව්වත් එදා කතා කරපු විදිය හන්දා මං ගෙට ඇතුල් වුණේ නෑ. මං ගේ ඇතුළට ආවේ නැති වුණහම ඒ රවුම් මූණ මොකක්දෝ දුකකින් වැහිලා ගියා.."

    "ඇ... ඇයි පුතා මගෙත් එක්ක තරහින් වගේ.. ආ.. එදා මං කතා කරපුවට හිත රිද්දගත්තද..? අනේ මං ඒ ඔයා ගැන හිතලා කිව්ව එකක් නෙමේ.."

    "න්.. නෑ ආන්ටි.. කෝ භවන්ත.."

    "භවන්ත නම් ලෑස්තිවෙලත් ඉවරයි.. කෝ ඉතිං ඇතුළට එන්න.."

    "කමක් නෑ ආන්ටි.. අපි පුංචි ගමනක් යන්න දාගෙනයි ඉන්නේ... වෙලාවත් මදි මං වෙන දවසක කාලා බීලම යන්න එන්නම්කෝ.."