ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. සැප්තැම්බර් මස 06 වනදා සිට ක්රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්යංශය සඳහන් කළේය.