♫...ගුණදාස කපුගේ හද රැදි ගී පද...♫

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫...ගුණදාස කපුගේ හද රැදි ගී පද...♫

    :D:D:D
    මෙන්න මගෙන් එලකිරි යාළුවන්නට තවත් එලම චාන්ස් එකක්...
    ♪♪♪අගෝස්තු මාසයේ 65වන ජන්ම දිනය සැමරූ නැසීගිය විශාරද ගුණදාස කපුගේ මහතානන්ගේ හද රැදි ගීත වල පදවැල් මෙතැන්සිට එකිනෙක අමුණන්න හැමෝටම ආරාධනා කරනවා...♪♪♪
    ඒ වගේම ඔබත් කැමති කපුගේ මහතානන්ගේ ගී ඇතනම් ඒවායේ පදවැල් ඉල්ලුම් කරන්න...
    :lol::lol::lol:
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ සබඳ අපි කදු නොවෙමු...

    ♫ සබඳ අපි කදු නොවෙමු...

    හා හා හහ හ හා......
    හා හා හහ හ හා......//

    සබඳ අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    වියලි ගිණිදැල් නොවෙමු
    වනය අවුලා දමන...
    සිසිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින...

    සබඳ අපි කදු නොවෙමු...//

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව විදින...
    සොදුරු අඩහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන...

    සබඳ අපි කදු නොවෙමු...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ බිම්බරක් සෙනග...

    ♫ බිම්බරක් සෙනග...

    බිම්බරක් සෙනග ගැවසුන
    චන්ඩ සූරයා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම්
    මාළිඟාව කෝ...

    යුද්දෙකට ඇවිත් රුකුසෙන්
    සත් මුහුදු මතින් ගුවනින්
    කම්බිවට කලේ මනරම්
    මාළිඟාව ‍කෝ මාළිගාව කෝ

    ටැට්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇලලුන
    රුකෂ දේවතාවන් බිම
    වැටී පණ ගසයි

    මිණී මල් පිපුණු සීතල
    නිම්න භූමියේ ඇටකටු
    හතරරියන්කඩ අහිමිව
    විලාපය නඟයි...//

    බිම්බරක් සෙනඟ...//

    කැලෑ මල් පිපී රතුතොල්
    වලින් කෑ ගසා ඉල්ලන
    ජාතියේ නිදානය රන්
    රුවන් කරඬු කොයි

    රෑ කන්ද කඩා ඉන් කටු
    කම්බියෙන් බෙදා වෙන්කල
    බිමේ හිස ගසා දමනා
    කඩුව බිම දමව් කඩුව බිම දමව්...

    බිම්බරක් සෙනඟ...//
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ අහස උසට නැග ගියාට...

    ♫ අහස උසට නැග ගියාට...


    අහස උසට නැග ගියාට
    නැහැනෙ අහසෙ රැදෙන්නේ
    අහසෙ මාළිඟා තැනුවට
    අපි පොළොවේ සිටින්නේ...//

    ලඹ කැටයේ අත්වාරුව
    බිත්ති දිගේ නගින්නේ
    බිත්තියෙ ඉහලට යනකොට
    අපි පොඩිවට පෙනෙන්නේ

    අහස උසට...//

    සිමෙන්ති කඳුලින් දියකර
    සත් මහලයි තනන්නේ
    පලන්චියේ කිරිකිරියයි
    අපේදුකට හඬන්නේ...

    අහස උසට...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ දම්පාටින් ලා සද බැසයනවා...

    ♫ දම්පාටින් ලා සද බැසයනවා...


    දම්පාටින් ලා සද බැස යනවා
    ආකාසේ රන් වන් පාටයි...
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි...

    දම් පාටින් සද මුහුණ පෙනෙනවා
    වෙන්වී යන මොහොතක් නෑගේ
    දෑසට ලංව තවත් මේ මොහොතේ
    ගොළුවී ඉන්නෙමි මං...//

    සෙවනැලි නොමැකේ නම් එළිය කළු නොවේනම්...//
    බිත්ති පුරා ‍ඔබෙ සෙවනැලි ඇන්දේ
    තනිය මකා ගන්නයි එනතුරු
    සොයා මගේ සෙනෙහස මතුදා...

    දම් පාටින් ලා...//

    රෑකල දි‍ගුවේ නම් ලා සඳ නොමැකේ නම්...//
    නෙළුම් පතක රැදි - පිණි බිදුවක් සේ
    ලමැද තලා යහනේ ඉන්නම්
    මුවාවෙලා හිරු නැගෙන තුරා

    දම් පාටින් ලා...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ නින්ද නැති රැයේ...

    ♫ නින්ද නැති රැයේ...

    නින්ද නැති රැයේ සද කදුළු මී‍දුමේ
    හැන්ගිලා හඩන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුහුමේ...
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

    නින්ද නැති රැ‍යේ...//

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ...
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

    නින්ද නැති රැ‍යේ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ මං මුලාවී...

    ♫ මං මුලාවී...

    මං මුලාවී පාරහොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනලියකගෙනි
    පාර අසා සිටියේ...//

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මත‍කයෙ අඩමානය...//
    පාර කියන්නේ කෙලසද මාහට
    ඇයට ද පාරක් ඇති නැති ගානය

    මං මුලාවී...//

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූවේ ඇයිදැයි නොකියමි...//
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි...

    මං මුලාවී...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ නාඹර ගොයමට...

    ♫ නාඹර ගොයමට...

    නාඹර ගොයමට රහස් කියාලා
    ලාහිරු හිනැහේ...කිරණ හඩාලා
    දෑසේ පෙම්බර රහස කියාලා
    නාරිලතා මා.....අමතනවා

    මගෙ පිය සටහන් හදුනන ඔබෙ නෙත
    හිමිදිරියේ දුටු සුභ දසුනයි...
    කම්මල මැද වෙහෙසෙන විට ගත හිත
    ඔබ ගැන මතකය මද පවනයි...

    නාඹ‍ර ගොයමට...//

    බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
    ගමේ කුඹුර මද හස පෙන්වයි
    මංගල සිරියෙන් කරල්කපන දා
    හිතා ඉන්නෙ ඔබෙ අතගන්නයි...

    නාඹර ගොයමට...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ ආවාදෝ සංසාරියේ...

    ♫ ආවාදෝ සංසාරියේ...

    ආවා‍‍දෝ...සංසාරියේ...//
    මා හා බැදී
    සැමදා යාවී මා දෙනෙත්
    සෙවනැල්ල සේ...//

    ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ
    තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ...//
    මිහිරේ ගී ගැයුනාවේ
    තනිය නසා තනිය නසා...

    ආවාදෝ සංසාරියේ...//

    කතරේ වාළුකා පෑලුමෙන් වේළුනා
    වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා...//
    සිහිල ලබා සිහිලැල්ලේ
    නිවී ගියා නිවී ගියා...

    ආවාදෝ සංසාරියේ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ බිඳුනු පෙම් හද...

    ♫ බිදුනු පෙම් හද...

    බිදුනු පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආදා...
    අඳුර රජයන හුදකලා හිත
    නුඹට පෙම් බැන්දා...

    සරාගික වු නෙතින් ගිලිහී - ජීවිතෙන් පිදු ආද‍රේ...//
    නිමාවූ සිහි වටන පමණකි - දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ...

    කඳුල නුඹ පිපුනා...
    දැවී ගිණිගත්
    පෙම් සුසානේ
    කඳුළු මල් පිපුනා...

    බිදුනු පෙම් හද...//

    ප්‍රේම ආතුරයන් වෙලා - ජීවිතේ මංසලේ...//
    දිනෙක ඇය මා අමුත්තන්‍ සේ - යලිත් හමු වේවී...

    කදුල නුඹ නාඩන්
    දුරස් වන්නේ
    නැතේ නුඹ මා
    කඳුල නුඹ නාඩන්...

    බිදුනු පෙම් හද...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ දෑස නිළුපුල් තෙමා...

    ♫ දෑස නිළුපුල් තෙමා...

    දෑස නිළුපුල් තෙමා
    කදුළු මුතු වැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිද
    හඩනු මල්මාලියේ...//

    නිහඬ හදවත් පොතේ ලියැවුනු
    ‍සොදුරු ගී වැල් ඇතේ මා තැනූ
    ඔබේ කදුලැලි මා සිතේ
    නිබද පදවැල් ඇදේ...//

    දෑස නිළුපුල් තෙමා...//

    පබළු මිණි මුතු නැතේ මා සතු
    කදුළු මුතු ඇත ඔබේ මා පැතූ
    තුෂර පිණි ලෙස මල් මතේ
    කදුළු කොපුලේ රැදේ...//

    දෑස නිළුපුල් තෙමා...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ ඔබ පෙම් කරනා...

    ♫ ඔබ පෙම් කරනා...

    ඔබපෙම් කරනා ඔබේ කුමාරි
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා ‍පෙම්කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    මට ද ආදරේ කියා තිබේ...

    සාගර වෙර‍ළේ සොදුරු සැදෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
    පෙරදවසක මා තුරුලට වී හිද
    මටද ආදරේ කියා තිබේ...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    මට ද ආදරේ කියා තිබේ...

    සක්මන් මළුවක දෙපා ‍ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මට ද ආදරේ කියා තිබේ...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    මට ද ආදරේ කියා තිබේ...
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ බිරිද මගේ ඔබ...

    ♫ බිරිද මගේ ඔබ...

    බිරිද මගේ ඔබ
    නෑ මා ඔබගේ බිරිද නොවේ...
    දෑගිලි හුයකින් බැදි පමණින් මා
    ඔබ‍ගේ බිරිද නොවේ...
    ඔබගේ බිරිද නොවේ

    ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
    මා පෙම් කල අය මටද ලැබී නැත...//
    මව්පිය නෑසිය ආසිරි ගී මැද
    දෑගිලි පමණක් එකට බැදී ඇත
    දෑගිලි පමණක් එකට බැදී ඇත...

    බිරිද ‍මගේ ඔබ...//

    සිරුරින් එක තැන හදවත් දෙතැනක
    දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට...//
    ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
    අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද
    අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද...

    බිරිද ‍මගේ ඔබ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ බින්දු බින්දු තාරකා...

    ♫ බින්දු බින්දු තාරකා...

    බින්දු බින්දු තාරකා කඳුළු මල් විලේ
    උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...
    සුභ පැතුම් අගාදයේ ගිතිකා ඇසේ
    අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ...//

    තනිවී ගිම්හානයේ
    වැලපේ කොවුලා වනේ...//
    සඳ මත ආදයේ සෑය මැවේ
    වියැකී බඹර ගීත මලක රොන් සැලේ...

    බින්දු බින්දු තාරකා...//

    විස මදු පුරවා විතේ
    ගෙනදී දෝතින් ඔබේ...//
    මා හද සෑය දවා දෑස නිවා
    නංවනු මන්ද හාස මියෙන මානෙතේ...

    බින්දු බින්දු තාරකා...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ සීතල සද එළියේ...

    ♫ සීතල සඳ එළියේ...

    සීතල සඳ එළියේ
    පීදුණු සුවඳ මලේ
    නෑඹුල් සුවය පැතූ 
    බඹරු නුඹ නාඩන්..//

    සදා හරිත වන රෙඛා මැද්දේ
    මලානිකව ගලනා සඳ එළියේ...//
    රෑ සිහිනෙන් මුව දෑ අදුනක් දැක
    බඹරු නුඹ නාඩන්...//

    සීතල සඳ එළියේ...//

    සදළු තලාවේ මුණින් තලාවී
    ඈත බලාගෙන කඳුළු සලන්නේ...//
    පරසතු මල් මකරන්ද සුවඳ මැද
    බඹරු නුඹ නාඩන්...//

    සීතල සඳ එළියේ...//