♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ හත්වලල්ල කන්ද...

    ♫ හත්වලල්ල කන්ද...

    හත්වලල්ල කන්ද කපා
    ගංකරයෙන් ආ වෙලා - දියකඩ පීරා
    නගාකෙල්ල ඉන්න පැලට
    තෑගි අරන් මං එනවා

    දොලදෙනියේ වැව් බැම්මේ
    හිඹුටු කැලෙන් නගේ නුඹට
    හිඹුටු කඩන් මං එනවා
    ඉවසිලි නැ නුඹ දකින්න

    අනේ එපා ඔච්චම් කර
    බක් මී මල් හිනාවෙන්න

    හත්වලල්ල කන්ද...//

    තුරු වදුලේ කිරල ගගේ
    යොදුන් ගණන් ඈතට යමු
    ගං ඉවුරේ උණ පදුරේ
    හීල් හෙවනෙ කතා කරමු

    වාසනාව අග හිඟ නැ
    නගා කෙල්ල ඉන්න පැලට..

    හත්වලල්ල කන්ද...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ දෙව්රම් වෙහෙරේ...

    ♫ දෙව්රම් වෙහෙරේ...

    දෙව්රම් වෙහෙරේ
    හිමි වැඩ සිටි සමයේ
    මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
    මම‍ එමි බවදුරු කතර ගෙවා

    සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
    දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
    සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
    නිවී නිවී යන අරුමය කිමද...

    දෙව්රම් වෙහෙරේ...//

    ජීවමානවන් හිමි දැක ගන්නට
    මා නෙත කල පින් මද බව වැටහිනි
    එහෙයින් හිමි අනුරුව අභියස සිට
    බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

    දෙව්රම් වෙහෙරේ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ බුදුහාමුදුරුවො...

    ♫ බුදුහාමුදුරුවො...

    බුදු හාමුදුරුවො අපිත් දකින්ඇති
    බණත් අහන්ඇති ඒ කා‍ලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
    එකයි තවමත් සංසාරේ...//

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වදින්ට ඒ කාලේ
    නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
    ඒකයි තවමත් සංසාරේ

    බුදුහාමුදුරුවො....//

    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්ඇති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ

    බුදුහාමුදුරුවො...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ අරුණළු පැතිරෙන‍...

    ♫ අරුණළු පැතිරෙන‍...

    අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ
    සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
    හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
    හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...

    කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
    ගමන් කලෙමි දුර සසර පුරා...//
    පස්කම් සම්පත් එක්තැන් කරගෙන
    ගමන්කලෙමි දුර සසර පුරා

    අරුණළු පැතිරෙන...//

    මහ කරුණාවේ සිහිල ගලා එන
    බුදු හිමියනි ඔබේ නෙත් දහරේ...//
    නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
    බුදු හිමියනි ඔබේ නෙත් දහරේ

    අරුණළු පැතිරෙන...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ අම්මා නැති මට...

    ♫ අම්මා නැති මට...

    අම්මා නැති මට කිරි අම්මා වී
    කළු‍වර ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

    පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
    ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පදමට දී මට නැණනෙත් පෑදූවේ...

    අම්මා නැති මට...//

    මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
    ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
    මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

    අම්මා නැති මට...//
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ඔබේ දෙතොල් පෙති (සසර සැරි සරණ තෙක්)

    ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
    හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
    මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
    තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
    මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
    මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
    මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
    හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
    මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ඉරක් පායනා දේශය - වික්ටර් රත්නායක

    ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
    මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

    ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

    සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

    විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
    දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//

    ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
    සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

    සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

    ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
    මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

    ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය : පද්මකුමාර මෙත්තසේන
    සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩවන් දෑසින් පවසනු රහසින්

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේයැයි විගසින් //

    පමාවෙවී හිඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි //
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    මීවිත උතුරා යයි උතුරා

    අඩවන් දෑසින් //

    අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
    රඟනා රංඟන නොනවත්වනු මැන
    ඒ ගී හඬ මුලු ජීවිතයම සතු
    රසබර සුලු මොහොතයි සුලු මොහොතයි

    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ //
    හෙට දින එය මියයයි මියයයි

    අඩවන් දෑසින් //



    ගායනය-වික්ටර් රත්නායක
    පබැඳුම-මහගම සේකර
    තනු නිර්මානය-නොදනී
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බනින්නෙපා...... පොඩි දෝනිට

    බනින්නෙපා...... පොඩි දෝනිට ගහන්නෙපා.......
    හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
    සෙල්ලම් බත් උයන්නයි //

    දුරුතු පෝයදා කැළණි විහාරේ
    වඳින්න ගොස් අපි එන ගමනේ
    වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
    සෙල්ලම් බත් උයන්නයි
    සෙල්ලම් බත් උයන්නයි

    බනින්නෙපා......

    මුට්ටි වළං පොඩි ලිප උඩ තියලා
    සෙල්ලම් බත් උයලා දෙන්නයි
    අපි දෙන්නාටම ඉන් බත් කටකට
    දුවගෙ අතින් කවන්නයි
    දුවගෙ අතින් කවන්නයි

    බනින්නෙපා...... //


    ගායනය-වික්ටර් රත්නායක
    පබැඳුම-ධර්මසිරි ගමගේ
    තනු නිර්මානය-රෝහණ වීරසිංහ
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නියම ත්‍රෙඩ් එක. ඇත්තමයි..!! ගීත සාහිත්‍ය කියන්නේ මේවට තමයි.
    මේ සින්දු මගේ (අපේ) හිතේ නවාතැන් අරගෙන ඉවරයි.
    ඒ වගේම මේ සින්දු වලට නිධාන වෙච්ච අතීත කතා රැසකුත් තියෙනවා.
    ඒවා සින්දු වලට වඩා රසවත්.
    තව සින්දුවක් තියෙනවා ''ඉතිං ඊට පස්සේ" කියලා.
    පුලුවන් නම් කවුරැ හරි ඒකත් මෙහි පළ කරන්න.