Web browser වල default එන පහසුකම් වැඩි දියුණු කරගන්න වගේම අමතර පහසුකම් එකතු කරගන්න අපි විවිධ extensions භාවිතා කරනවා. මේ ඒවගේ extensions ටිකක්.
- uBlock Origin - ගොඩක් හොඳ blocker එකක්. CPU සහ memory usage එකත් අඩුයි.
- Disconnect - මේකෙන් tracking websites block කරන්න පුළුවන්. Pages ඉක්මනින් load කරනවා.
- AutoplayStopper - Video autoplay වෙන එක නවත්වනවා.
- Session Buddy - Browser tabs සහ bookmarks පහසුවෙන් manage කරන්න.
- Dark Reader - මේකෙන් websites වලට dark mode enable කරනවා.
- Natural Reader Text to Speech - Webpages, PDF, Email, Google Docs හෝ වෙනත් web content වලට සවන් දෙන්න.
- Tampermonkey - ලෝකේ ජනප්‍රියම userscript manager එක
- Alexa Traffic Rank - Official Alexa Traffic Rank extension එක
- Google Input Tools - කැමති භාෂාවකින් type කරන්න.
- Reader View - Buttons, background images වගේ දේවල් අයින් කරලා, වඩා හොඳින් කියවීම සඳහා page එකේ text size, contrast සහ layout එක වෙනස් කරනවා.
- Buster: Captcha Solver for Humans - මේකෙන් captchas solve කරලා කාලය ඉතිරි කරගන්න.
- Grammarly for Chrome - English ලිවිමෙදී වෙන වැරදි මඟහරවාගෙන හොඳට ලියන්න මේක උදව් වෙනවා.
- FastForward - මේකෙන් කරදරකාරී link shorteners automatically මඟහරිනවා.
- Cookie-Editor - සරල ඒත් හොඳ cookie editor එකක්. මේකෙන් ඉක්මනින් cookies හදන්න, edit කරන්න සහ delete කරන්න පුළුවන්.
- Bypass Paywalls Clean for Chrome - මේකෙන් paywall තියෙන sites වලින් articles කියවන්න ඉඩ ලබා දෙනවා.
- User-Agent Switcher for Chrome - මේකෙන් ඉක්මනින් සහ පහසුවෙන් user-agent strings අතර මාරු වෙන්න පුළුවන්.
- GoFullPage - Full Page Screen Capture - Page එකක සම්පුර්ණ screenshot එකක් ගන්න.
- Search the current site - Google පාවිච්චි කරලා website එකක සියලුම pages search කරන්න පුළුවන් toolbar button එකක්
- Wayback Machine - Page එකක archived copy එකක් Wayback Machine එකේ තියෙනවද කියලා automatically check කරනවා.
- Proxy SwitchyOmega - ඉක්මනින් සහ පහසුවෙන් proxies manage කරන්න සහ ඒවා අතර මාරු වෙන්න.
- Dark Reader - මේකෙන් websites වලට dark mode enable කරනවා.
- Tab Session Manager - Windows සහ tabs save සහ restore කරන්න.
මිට අමතරව ඔයාලා දන්නා හොඳ ඒවා මේකට එකතු කරන්න.
Last edited:
