අයියෝ ක්‍රිකට්... ඩිස්‌කි ඩිස්‌කාඩේ...
මෙහෙව් රටේ ක්‍රිකට් සැට් එක අල්ලපු රටෙන් නන්නත්තාර වෙනවා. කොහොම වුණත් ඉතිං අල්ලපු රටේ වර්ල්ඩ් එකේ නම්බර් වන් හින්ද මේ ලොස්‌ට් එකේ පොඩි චූන් එකකුත් තියෙනවා. මොකද සිම්බා කොල්ලන්ගෙනුත් කාපු එකේ අල්ලපු රටෙන් නොකෑවොත් ඒක පොඩි අඩුවක්. මොකද ඒක අල්ලපු රටට හොඳ නෑ. තෙවැනි විනිසුරුට මේ ක්‍රිකට් ලොස්‌ට් එක නිසා නහුතෙටම තදවෙලා තනියම මුමුණ මුමුණ කොමිටලේ පැත්තට යනවා.
"සෑර් මොකද තනියම ටොක්‌ස් දෙන්නේ." ආටා මල්ලි එල පාරටම කඩා පැන්නා. 'බලන්න ආටා මල්ලි මුන්ගෙ අම්මට ඩිස්‌කි ඩිස්‌කාඩේ. ගේම් එකක් බලන්න ගියා. සිලෙක් කොරල එක පේසි කෙනෙක්. සනා බෝයිගෙන් ඇහුවම ඒ සිලෙක් කොරපු එක ගැන එයා දන්නෙ නැතිලු. වැඩේ කියන්නෙ ඒ පේසිත් ඉන්ජර්ඩ්. මෙහෙම විහිලු මෙහෙව් රටේ ක්‍රිකට් වල වෙන්ඩ බෑනේ ආටා මල්ලි.'
"අයියෝ.. ඕකට ඔය තරම් කලබල වෙන්ඩ එපා. දැන් ඉතිං මෙහෙව් රටේ ක්‍රිකට් කප්පාදුයිනෙ සෑර්. සුමැටි ලොක්‌කා කෝට් බාට් දාලා යනවා. ඩිස්‌කි අම්මට ඩිස්‌කාඩේ කියන්න තමා සෑර් අපට තියෙන්නෙ.'
'එහෙම කියන්න එපා ආටා මල්ලි. මේ ළඟදී මිරිඩියා ගේම් එකක් බලන්න මම අල්ලපු වැටේ ග්‍රවුන්ඩ් එකකට ගියා. එතන රෑ බෝවෙන වෙලාවෙ සුමැටි ලොක්‌කා ඇවිත් මාර ටෝකක් දුන්නා. හරියට ඒක නැචුරල් ටෝක්‌ස් එකක් වගේ. මට ඒ වෙලාවෙ ආපු අයිඩියා එක සුමැටි ලොක්‌කා ඇක්‌ටර් කෙනෙක් වුණානම් හරියට හොඳ ස්‌ටාර් කෙනෙක් වෙයි කියලා.'
'අනේ සෑර් මමවත් දන්නෙ නෑ මේ සීන් එක. මොකක්‌ද කියන්නකො ඩිමාන්ඩ් කොරන්නෙ නැතිව.'
"අපේ මීඩියා සෑට් එකයි අල්ලපු රටේ මීඩියා සැට් එකයි ගැහුව්වා ගේම් එකක්. ඒක බලන්ඩ සුමැටි ලොක්‌කා ආවා. ඇවිල්ල අල්ලපු රටේ මිඩිය මෑන්ස්‌ලට කිව්වා අපි ලයික් ෆොaඩේ ක්‍රිකට් වලට. මොකද අපි ෆයිව් ඩේ ගහන්නෙ නෑනෙ. නේක්‌ස්‌ට් ගේම් එකේ එක දවසක් වැස්‌සට යනවා. ෆොa ඩේවලින් ගේම ඉවරයි. කියලා."
'ඒ කියන්නෙ සෑර් සුමැටි ලොක්‌ක ඔක්‌කොම කොරලත් කොල්ලො ටික නා ගන්නව කියල නේද?' අනේ මන්ද සෑර් කොහොම හරි ටෝක්‌ස් වලින් කොමිටලේ දුවන්න පුලුවන් ටික කාලයයි. දැන්නම් හොඳට ඇනගෙන වගේ. ඒ වගේම ඇඳගෙන වගේ. මෙහෙම ලොස්‌ට් වෙන කොට ලැඡ්ජ නැද්ද අම්මප කලිසම් කෝට් දාලා ටෝක්‌ස් දෙන්න'.
'ආටා මල්ලි මේ කොමිටලේ හැඬල් කොරනව කියන්නෙත් පොලිටික්‌ස් ගේම් එකක් වගේ. සුමැටි ලොක්‌ක ගහන්න ඕන තුරුම්පු ඔක්‌කොම ගහනව ටීම් එක වින්ඩ් කොරන්න. ඒත් ඉතිං ඉන්ටර් නැෂනල් ක්‍රිකට් වින් කොරන්න මේ ක්‍රමයට නම් බැහැ වගේ.'
'සෑර් දන්නවද සනා බෝයි ගුරාගෙ සිලෙක්‌ෂන් වලට අප්සැට් කියල මට ආරංචි වුණා. ගුරා දන්න ක්‍රිකට් එකක්‌ලු. සනා ගහපු ක්‍රිකට් එකක්‌ලු. හේරා අයියත් එක්‌ක අලුත් එකෙක්‌ව දැම්මනෙ ඇස්.ඇස්.සී ගේම් එකට. ඒකට සනා බෝයිස්‌ට මල පැනලා. ගුරායි පොතායි කස්‌ටිය තමා එහෙම සිලෙක් කොරල තියෙන්නෙ.'
'ඕක තමයි කියන්නෙ මල්ලි ලෝකෙට ලොක්‌කා වෙන්න ගිහිල්ල තුනටි කඩා ගන්නවා කියලා. මේව තමයි ෆික්‌ෂින් කියන්නෙ. අම්මප මුන් සේරම ටික එලවලා කොමිටලේ හැඬල් කොරන්ඩ මට දෙනවනම් දන්නව මම කොරන දේ."
'අනේ සෑර් අර්ජු කැප්ටනුත් කියන්නෙත් ඔය ටිකම තමා. ඒත් ඉතිං මේ කන වෙලාවෙ ඉල්ලන එකෙකුට දීලා මේක ගොඩ දාන්න ලොකු උන්දැලට හිතක් පහල වෙන්නෙ නැති එකනෙ කරුමෙ කියන්නෙ. සෙල්ලම් ඇමැතිත් ඉතිං දැන් ක්‍රිකට් ගැන නෝ කතා නෝ සිනා. මොකද එයා සුමැටි ලොක්‌කත් එක්‌ක මාර ෆිට් එකේ ඉන්න හින්දද මන්ද එහෙම කොරන්නෙ කියල හිතෙනවා.'
'ආටා මල්ලි සෙල්ලම් ඇමැටි දැන් වානම් වා පෝනම් පෝ කියල තමයි ඇමැටි කමේ ඉන්නෙ. එයාගෙ ගමට ටිකක් කොර ගත්තා. කොමිටලේ කුණු අවුස්‌සන්න ගිහින් ෆේරන්ඩ්ස්‌ල ටික අප්සැට් කොර ගන්නෙ නැතිව ෂේප් එකේ ඩිස්‌කි ඩිස්‌කාඩේ වගේ ඉන්නවා. මොකද නැතිනම් ගිරා රිලා සීන් එකක් පත්තු වෙයි කියලත් බය ඇති.'
'සෑර් මුන් සේරම ටික ෂේප් ක්‌ලාස් එකක ඩිග්රිස් ගහල වගේ. එකාට එකා ෂේප් වෙන්ඩ හදනවා. රටම ලව් කොරන සෙල්ලම නන්නත්තාර වෙලා. තව ටිකක් නන්නත්තාර වුණොත් මිනිස්‌සු කොමිටලේට ගල් ගහයි. මේව උහුලන්ඩ පුලුවන් ලෝස්‌ට්‌ද සෑර්.'
'හා...හා... ආටා මල්ලි කලබල වෙන්ඩ එපා. අපි දෙන්නවත් සැට් වෙලා පොඩි පෙත්සම් කෑල්ලක් ෂයින් කොරල දෙමුද මෙහෙව් රටේ සෙල්ලම වෙනුවෙන් තල්ලුවක්.' අනේ සෑර් මුන්ට පෙත්සම් නෙමෙයි මොන මගුල දුන්නත් වගේ වගක් නෑ. අතේ තියෙන පිච්චියත් ඉවර කරගෙන කඳුලු ගෑස් කාලා එන්ඩ වෙයි. නැතිනම් ඉතිං වෙන මොකක් හරි වෙයි. අපි දෙන්න සෑර් මෙහෙමම ඉමු.'