ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාපාරයක් කරගෙන මුදල් උපයනා ක්‍රිකට් පරිපාලනයේ තවත් පිළිකාවක් - නුස්කි මොහොමඩ්-
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය උපදේශක නුස්කි මොහොමඩ් ය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දූෂිත මුදල් උපයන , කළු සල්ලි සුදු කරනා , ජයන්ත - තිලංග - මතිවානන් හවුල බිද වැටීමට ඉඩ නොදි තබා ගන්නා මේ දුෂීත පරිපාලනයේ කොදු නාරටිය නුස්කි මොහොමඩ් ය.
නුස්කි මොහොමඩ් ගැන නොදන්නා අයට විස්තර කලහොත් නුස්කි මොහොමඩ් ගේ ක්‍රිකට් ආයතනයේ අතීතය ගාමිණි දිසානායක මහතාගේ සමය දක්වා දිව යයි.
නුස්කි මොහොමඩ් යනු ගාමිණි දිසානායක මහතාගේ ක්‍රීකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ය. ගාමිණි දිසානායක මහතා යනු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ හා පිරිසිදු ක්‍රිකට් සභාපතිවරයෙකි. එතුමාගේ කාළයේදී නුස්කි ලාට හොරකම් කිරීමට ඉඩ ලැබුනේ නැත.
ගාමිණි දිසානායක මහතාගේ අභාවයෙන් පසු සහ ලෝක කුසලානය දිනා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී මුදල් කන්දරාවක් ක්‍රිකට් ක්‍රීඩාවට ගලා ඒම ආරම්භ වූ පසු ක්‍රීකට් ක්‍රීඩාවේ පරිපාලනයෙන් මහත්වරුන් ඉවත් වී හොරුන් , බිස්නස්කාරයන්ගෙන් ක්‍රිකට් පරිපාලනය පිරී ගියේය.
උන් ක්‍රීඩාවට සම්බන්ධ වූයේ ක්‍රීඩාවට ආදරය නිසා හෝ ක්‍රීඩාව ගොඩ නැගීමට නොවේ.
ක්‍රීඩාවට පැමිනෙන මුදල් ධණස්කන්දය හොරා කෑමටය.
මෙලෙස ගාමිණි දිසානායකගේ අභාවයෙන් පසු අනූව දශකයේ අග භාගයේ මෙරට ප්‍රධාන පෙලෙ බුකී හා සූදු ව්‍යාපාරිකයෙක් වන තිලංග සුමතිපාල ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය සම්බන්ධ විය.
නුස්කි මොහොමඩ් එකල තිලංග සුමතිපාල බලයට ගෙන ඒමට විශාල මෙහෙයක් සිදු කලහ.
ඉන්පසුව තිලංග සුමතිපාල වැනිම මහා පරිමාණ ව්‍යාපාරිකයන් වන , නවලෝක සමූහ ව්‍යාපාරයේ මීළග හිමිකරුවන් වූ , නවලෝක මුදලාලීගේ ගේ පුතුන් දෙදෙනෙකු වූ උපාලි හා ජයන්ත ධර්මදාස ද ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ විය.
එවිට නුස්කි මොහොමඩ් ධර්මදාස සහෝදරයන්ට පක්ෂපාතීව ක්‍රීයා කලහ.
ඉන්පසුව සිදත් වෙත්තමුණි සභාපතීත්වයෙන් යුතු අතුරුපාලක මණ්ඩලයටද නුස්කි මොහොමඩ් නම් වී තිබුනා.
තිලංග සුමතිපාල සභාපතු ලෙස පත්කිරීමට තිරය පසුපස සිට විශාල වැඩකොටසක් නුස්කි සිදු කල අතර නිළවරණයට තිලංග වෙනුවෙන් ක්‍රීඩා සමාජ එකතු කිරීම සිදු වූයෙ ශම්මි ද සිල්වා සහ නුස්කි මොහොමඩ් මගිනි.
ඒ නුස්කි මොහොමඩ්ගේ අතීතයයි.
වර්තමානයේ මා නුස්කි මොහොමඩ් පිළිබද මේ සටහන ලිවීමට පාදක වන්නෙ වෙනම කතාවකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , සිය වත්කම් බැරකම් , ආදායම් වියදම් ක්‍රීඩා ඇමතිවරයාට සහ ක්‍රිකට් ආයතනයේ අනෙකුත් සහකරුවන්ට පෙන්විය යුතුය.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය උපදේශකයෙකු ලෙස ක්‍රීඩා ඇමතිවරයාට නුස්කි වියදම් වාර්තාවක් යවා තිබුනි.
මේ වියදම් වාර්තා සම්පූර්ණයෙන්ම ව්‍යාජ , හොරකම් හා දූෂණ වසා දැමුනු වාර්තාය.
මේ වාර්තා විගණනය කිරීම පවා නුස්කි මගහැර තිබේ.
ඕනෑම ආයතනයක මුදල් සම්බන්ධ ගනුදෙනු විගණනය වේ . නමුත් කෝටි ගණනින් මුදක් ගැවසෙන ක්‍රිකට් ආයතනයට , නුස්කිලාට ශම්මි ද සිල්වාලාට ඒ නීති අදාල නැත.
මේ මූල්‍ය වාර්තාවේ ආදයමෙ හා වියදමේ දළ වාර්තා තිබු නමුදු ඉතිරි වූ මුදල් හෝ ලාභය පිළිබද කිසිදු සටහනක් නැත.
මේ මුදල බිලියන ගණනක මුදලකි.
නුස්කි මොහොමඩ් ලා තිලංග ලා ශම්මි ද සිල්වා ලා මිලියන විසි එකක හද ගැස්ම රදා පවතින ක්‍රීඩාවෙන් ගසා කන්නෙ එලෙසය.
මේ වනවිට ක්‍රීඩාවෙන් ගසා කන මුදලාලීලා කිහිපදෙනෙකුගේ හොද හිත නැවත ගොඩ නැගීමට නුස්කි කපුකමද සිදු කරන්නේ නුස්කිය.
ඒ ජයන්ත ධර්මදාස සහ තිලංග සුමතිපාල මුදලාලීලාය.
නුස්කි මොහොමඩ් තිලංග සහ ජයන්ත මුදලාලීලා එකට එක් කරන්නේ ක්‍රීඩාවට ඇති ආදරයක් නිසා නොවේ.
ඒ උන්ගේ මාෆියාව දිගු කලක් පවත්වා ගැනීමටයි. ව්‍යාපාර නොවැටි පවත්වා ගැනීමටයි.
නුස්කි විසින් ම සැරසන්ස් උප සභාපතිවරයා කල මතිවානන් සහ සුමතිපාල අතර විරසකයක් ගොඩ නැගෙමින් පවතින නිසා සුමතිපාල රැක ගැනීමට නුස්කි මොහොමඩ් මෙලෙස ජයන්ත හා සුමතිපාල එක් කිරීමට උත්සාහ කරමින් සිටියි.
මෙලෙස යටිකූට්ටු ගේම් ගසා තිලංග රැක ගන්නවාට නුස්කි ට ලැබෙන වරප්‍රසාද රැසකි.
චැම්පියන්ස් ට්‍රොෆි සදහා ක්‍රිකට් ආයතනයේ මුදලින් නුස්කිට ගුවන් ටිකට්පත් , තරු පහේ හෝටල් සමග , තරග නැරඹීමට ටිකට්ස් ද ලබා දීමට සුමතිපාල කටයුතු කලේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ලක්ෂ ගණනින් කබසීනියා වන්නෙ එලෙසය.
මේ නුස්කි මොහොමඩ්ගේ හොරකම් හා වංචා වලින් එකක් පමණි.
නුස්කි ගෙ ලොකුම හොරකම , ව්‍යාපාරය පවතින්නේ ක්‍රිකට් උපකරණ අලෙවියේ ය.
නොම්මර 31/A, ශාන්ත අන්තෝනි මාවත , කොළඹ 3 යන ස්ථානයේ පිහිටා ඇති " ද ක්‍රිකට් ශොප් "නම් ක්‍රිකට් උපකරණ අලෙවි ව්‍යාපාරය නුස්කි මොහොමඩ් ගේය.
ක්‍රිකට් පිති , පන්දු , අත් ආවරණ , පා ආවරණ ආදි සියලූම උපකරණ විකිණීමට ඇති මේ ආයතනයෙන් නුස්කි මුදල් උපයන්නෙ මෙසෙලය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පාසල් වලට ලබා දෙන ක්‍රීඩා උපකරණ ටෙන්ඩර් සියල්ලම යන්නේ නුස්කි මොහොමඩ් ගේ "ක්‍රිකට් ශොප්" ව්‍යාපාරයටයි.
ක්‍රිකට් උපකරණ වල සැබැ මිල මෙන් කිහිපගුණයකට ක්‍රිකට් ආයතනයට විකුණා නුස්කි මොහොමඩ් මුදල් සොයති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ යනු මේවාය.
නුස්කි මොහොමඩ් යනු මෙහි එක හොරෙක් පමණක් වන අතර සුමතිපාලලා , ධර්මදාසලා , ශම්මි ද සිල්වා ලා ක්‍රිකට් ක්‍රීඩාව අරක්ගෙන සිටින පරිපාලනයේ ලෝක හොරුය.
අද පරාජය වූයේ සිම්බාබ්වේ කණ්ඩායමට පමණි.
මෙම මුදලාලිලාගේ පරිපාලනයෙන් , චාලි ඔස්ටින් ලාගේ මෆියාවෙන් , ආන්ජලො මැතිවුස්ගේ නායකත්වයෙන් ක්‍රීඩාව බේරා නොගතහොත් ටෙස්ට් වරම් අහිමිවන දිනයද වැඩි ඈතක නොවනු ඇත.