ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් නෞකාව කොළඹ වරායට
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් නෞකාවක් අද පෙරවරුවේ කොළඹ වරායට ළගාවී තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කලේ එහි තත්ව පරීක්ෂා කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
අනතුරුව වහාම පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය කියා සිටියා.
මේ අතර අද පස්වරුවේ තවත් ඩීසල් නෞකාවක් දිවයිනට ළගාවීමටයි නියමිතව ඇත්තේ.
ලබන 18 වනදාත් 19 ත් අතර පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවද බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියාසිටියා.
මෙම නෞකා 03 ම සඳහා අදාළ ගෙවීම් සිදුකර ඇති බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටිව්ටර් සටහනක් තබමින් කියා සිටියේ.
https://www.itnnews.lk/2022/07/16/423516/