✅Green Card lottery 🇺🇸🇱🇰

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,207
    20,332
    113
    Westනාහිර
    🛑✅Green Card lottery 🇺🇸🇱🇰
    නොවැම්බර් 8 වෙනිදා වෙනකන් apply කරන්න පුළුවන්. හැබැයි අන්තිම වෙනකන් ඉන්න එපා. සයිට් එක බිසි වෙන නිසා අමාරු වෙනවා වැඩේ කරගන්න.
    පාස්පෝට් ඕන නෑ apply කරන්න මේ පාර.
    Photo එකක් විතරයි ඕනේ.

    👉https://dvprogram.state.gov

    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන 'ග්‍රීන් කාඩ්' ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්. ඇත්තට ම මොකක්ද මේ 'ග්‍රීන් කාඩ් ලොතරැයිය?' ඒ පිළිබඳ ඔබ දත යුතු ම කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

    ග්‍රීන් කාඩ් ලොතරැයිය පිළිබඳ මූලික හැඳින්වීම

    ඇමෙරිකා එක්සත් ජනපදය, වාර්ෂික ව විදේශිකයින් 50,000කට සිය රටෙහි නැවතීමට හා සේවය කිරීමට මෙන්ම පුරවැසියන් අත්විඳින වරප්‍රසාද රාශියක් ලබාගැනීමට හැකි වන පරිදි දීර්ඝකාලීන වීසා ලබා දීම සිදුකරනවා. 'ග්‍රීන් කාඩ්' යනුවෙන් හැඳින්වෙන මෙය ලබාගත් අයෙකුට වසර කිහිපයකට පසු පහසුවෙන් එහි පූර්ණ පුරවැසිභාවය ලබාගන්නට පිළිවන්. මෙය ලොතරැයියක් ආකාරයෙන් ලබා දෙන අතර, ලොව පුරා විවිධ රටවල විවිධ ජනකොට්ඨාසවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ලොව සියලුම රටවල් අතරින් කිහිපයකට පමණක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකි අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට වාර්ෂික ව නිත්‍ය ලෙස සංක්‍රමණය වන ප්‍රමාණය අවම රටවල් මේ සඳහා සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ද බොහෝ විට ඊට ඇතුළත් වෙනවා. මෙය ග්‍රීන් කාඩ් යනුවෙන් ව්‍යවහාරයේ හැඳින්වුණ ද එහි නිල නාමය වන්නේ Diversity Immigrant Visa Lottery හෙවත් විවිධත් ව සංක්‍රමණ වීසා ලොතරැයිය යි.

    වැඩසටහනේ ඉතිහාසය

    ග්‍රීන් කාඩ් වැඩසටහනේ ඉතිහාසය 1986 වසර දක්වා විහිදෙනවා. එම වසරේ දී වාර්ෂික ව අඩු සංක්‍රමණ ප්‍රමාණයක් පෙන්වන රටවල කිහිපදෙනෙකු අහඹු ලෙස තෝරාගත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුනට දීර්ඝකාලීන වීසා ලබා දුන්නා. මෙය විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් 90 දශකය මැදභාගය දක්වා ක්‍රියාත්මක වුණා.

    වර්තමාන වැඩසටහන දියත් වන්නේ 1990 වසරේ ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කෙරුණු සංක්‍රමණය පිළිබඳ වූ පනත අනුව යි. මෙහි දී ප්‍රධාන වශයෙන් සැලකෙන කරුණක් වන්නේ ඇමෙරිකාවට වාර්ෂික ව සිදුවන ජන සංක්‍රමණ හැකිතාක් 'විවිධත්වයෙන්' යුක්ත කරගැනීම යි.

    ලොව විවිධ ජාතීන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා- Old Salem Inc
    2005 වන තුරු සාමාන්‍ය තැපෑලෙන් අයදුම් කටයුතු හා ස්ථිර කිරීම් සිදු වූ අතර, එම වසරින් පසු අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමට පහසුකම් සලස්වා තිබෙනවා.

    ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කරන්නේ කෙසේද?

    ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කිරීමට අදාළ සියලු විස්තර දක්වා තිබෙනවා. සාමාන්‍යයෙන් අයැදුම්පත් කැඳවන්නේ සෑම වර්ෂයේ ම ඔක්තෝබර් මාසයේ යි. 2022 වසර සඳහා අවසන් දිනය වන්නේ නොවැම්බර් මස 8 වන දා යි. මේ සඳහා කිසිදු අමතර වියදමක් දැරීමට අයැදුම් කරන්නාට සිදු නොවන අතර, ඉන්පසු වර්ෂයේ මැයි මස ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීම සිදුවෙනවා.

    අයදුම්පත ඉහත කී වෙබ් අඩවිය තුළ දී ම පිරවිය හැකි අතර, මේ සඳහා අයදුම් කරන්නාගේ හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ ඩිජිටල් ඡායාරූප ඇතුල් කිරීම ද සිදු කළ යුතු වෙනවා. අයදුම්පත පුරවා භාරදීම සිදුකළ පසු අනු අංකයක් ලැබෙන අතර, ඉදිරි නිල කටයුතු සඳහා අදාළ වන්නේ එම අංකය යි.

    තමන් ග්‍රීන් කාඩ් ලොතරැයිය දිනා ඇති ද? නැද්ද? යන්න දැනගැනීමට මැයි මස වන විට නැවත ඉහත කී වෙබ් අඩවියට ඇතුළු වීමෙන් දැනගත හැකියි. යමෙක් ඊට සුදුසුකම් ලබා නැතිනම් ඉදිරි වසරවල ඕනෑම විටෙක ඔහුට උත්සාහ කළ හැකියි.

    ග්‍රීන් කාඩ් හා ලෝකයේ විවිධ රටවල්

    ග්‍රීන් කාඩ් ලොතරැයියේ දිනුම් ලබාදීමේ දී සැලැකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ලොව විවිධ රටවල්, පිහිටා ඇති ප්‍රදේශය සැලකිල්ලට ගෙන කොටස් 6කට වෙන් කර ලබාදීම සිදුකරනවා. මෙලෙස සලකනු ලබන්නේ මහාද්වීප 6 යි. මෙහි දී පසුගිය වසර 5 තුළ 50,000 දෙනෙකුට වඩා ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ රටවල් මෙම දිනුම් ඇදීමට නුසුදුසු ඒවා ලෙස සලකනවා. බොහෝ විට ඉන්දියාව හා පාකිස්තානය සුදුසු රටවල් ගොන්නට අයත් නොවන්නේ ඒ නිසා යි. ඊට අමතර ව සමහර විටෙක දේශපාලනික කරුණු නිසා ද සමහර රටවල්වලට මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එමෙන්ම පෙර කී කොටස් 6කින් එක කොටසකට ග්‍රීන් කාඩ් 3,500කට වඩා වාර්ෂික ව ලැබෙන්නේ නැහැ. මේ නිසා ලොව පුරා ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කරන අයෙකුට එය දිනීම සඳහා ඇති සම්භාවිතාව 4%-5% අතර වෙනවා.

    ග්‍රීන් කාඩ් සඳහා සුදුස්සෙකු වීම

    ඔබ ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසු රටක පුරවැසියෙකු වූ පමණින් එය ලබාගැනීමට සුදුස්සෙකු වන්නේ නැහැ. ඒ සඳහා ඔබ අවම වශයෙන් වසර 12ක මූලික හා ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළ අයෙකු විය යුතු වෙනවා. යමෙකු එම මූලික සුදුසුකම සපුරා නැතත් පසුගිය වසර 5ක කාලය තුළ 'වසර 2ක වත් පුහුණුවකින් හෝ අධ්‍යනයකින් අනතුරුව කළ යුතු වෘත්තියක වසර 2ක් වත් නියැලී තිබුණහොත්' එය සුදුසුකමක් වෙනවා. මීට අමතර ව තවත් සුදුසුකම් ලැබෙන විධික්‍රම හා කොන්දේසි ඇති අතර, ඒ සියල්ල අදාළ වෙබ් අඩවියේ සවිස්තර ව දක්වා තිබෙනවා. මේ සුදුසුකම් පිළිබඳ සහතික ලොතරැයිය ජයගැනීමෙන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු වෙනවා.

    ග්‍රීන් කාඩ් ලබාගැනීමට ඉංග්‍රීසි භාෂා ඥානය, වයස වැනි දේ බලපාන්නේ නැහැ. අපරාධමය වාර්තා නොමැති, තදබල මානසික ගැටලු නොමැති, ඉහත පරිදි සුදුසුකම් සපුරා ඇති අයවලුන් මේ සඳහා සුදුසු වෙනවා.

    ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලාභියෙකුට අත්වන වාසි

    ග්‍රීන් කාඩ් ලාහියෙකුට වාසි රාශියක් අත් වෙනවා. ඔවුනට ඇමරිකා එක්සත් ජනපදය තුළ ඕනෑම තැනක ජීවත් වීමේ හා ගමන් කිරීමේ අයිතිය හිමි වෙනවා. එමෙන්ම ඇමෙරිකානු 'පුරවැසියන්'ට ම වෙන් වූ සමහර අතළොස්සක් වෘත්තීන් හැරුණු විට අනෙක් ඕනෑම වෘත්තියක නිරත වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ග්‍රීන් කාඩ් ජයග්‍රාහකයෙකුට තමන්ගේ ළඟ ම ඥාතීන් හට ග්‍රීන් කාඩ් ලබාදීමට අනුග්‍රාහය දැක්වීමේ හැකියාව ද ලැබෙනවා. මීට අමතර ව ඇමෙරිකාව තුළ පුරවැසියෙකු ලබන සියලුම අයිතිවාසිකම් හා නීතිමය වාසි ග්‍රීන් කාඩ් හිමියෙකුට ලැබෙනවා. වසර 5ක් ග්‍රීන් කාඩ් හිමියෙකු සේ ඇමෙරිකාව තුළ ජීවත් වූ පසු ඔහුට හෝ ඇයට ස්ථිර පුරවැසියෙකු වීම සඳහා අයැදුම් කිරීමට හැකියාව ලැබෙනවා.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machan Oka aply karaddi married nam matai wife tai dennatam apply karoth application dekak reject wenawda? naththam ehama aualk nadda?
    ekkenek apply karaoth married kiyana ekata daala tick eka eyage details fill karama aye dennama apply karann oni nadda?
     
    • Like
    Reactions: NRTG and Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,336
    8,495
    113
    එක තැනක නෑ
    Tfs machan.

    Machan Oka aply karaddi married nam matai wife tai dennatam apply karoth application dekak reject wenawda? naththam ehama aualk nadda?
    ekkenek apply karaoth married kiyana ekata daala tick eka eyage details fill karama aye dennama apply karann oni nadda?
    Danna tharamin ubatai wifetai dennatama wenama apply karanna puluwan.
    ------ Post added on Oct 7, 2022 at 2:57 PM
     
    • Like
    Reactions: NRTG and kinkon

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,737
    11,621
    113
    ඕක ඇදුනට විතරක් වැඩක් නෑ
    ඊටපස්සේ interview එකක් තියලා තමයි තෝරාගන්නේ
    මෝඩ සිංහලු
     
    • Wow
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,720
    12,518
    113
    32
    ෆින්ලන්ඩ්
    බැසිල් ගියෙත් ඕකෙන්, සරත් ගියෙත් ඕකෙන්, ගොට ගියෙත් ඕකෙන්..

    ඒ කාලේ ලංකාවෙන් ම ඕක කොළ පුරවලා කරලා දැම්මේ කීප දෙනයි. ඒක නිසා දාපු ගොඩක් අය ට සෙට් උනා.

    දැන් compitition එක වැඩි. බලන දේවල් වෙනස්. ඒත් හැම පාර ම ලංකාවේ අයට chance හම්බ වෙනවා
     
    • Like
    Reactions: acryan and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,979
    113
    Kandy
    මීට අමතර ව ග්‍රීන් කාඩ් ජයග්‍රාහකයෙකුට තමන්ගේ ළඟ ම ඥාතීන් හට ග්‍රීන් කාඩ් ලබාදීමට අනුග්‍රාහය දැක්වීමේ හැකියාව ද ලැබෙනවා.
    mata meka therune na
    katahari explain karanna puluwanda?