✈✈ Aviation ✈✈

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    15941738_1484538601575617_950109173_n.jpg

    15879487_1484538611575616_1582791035_n.jpg


    katunayake airport :baffled::baffled::baffled::baffled:

    :baffled::baffled::baffled: iwara wenakan rata yanna narakai:oo:

    ehema kiwwata iwara wela yannath salli na :rofl:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,751
    113
    kohomada ban dan paya 12 12 thaara danne. podi podi section thara dala paya 12k athulatha welila aai raata e thara dapuwa udin plane yanawada

    තාර???? තාර බැරල් එක උණු කරන්නත් පැයකට වඩා යනවා බන්. අනිත් එක ඔතන තාර උණු කරන්න දර ඇත්තෙත් නෑ.
     

    umedhah

    Active member
  • Jun 14, 2006
    465
    207
    43
    AKL, NZAA
    පැය 8ක් වහන BIA ගැන කරුණු 8ක්

    දවසට පැය 8ක් වහන BIA එක ගැන ඔබ දැනගත යුතු කරුණු 8ක්

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල දවසකට පැය 8ක් වහන්න යනවා කියලා පසුගිය කාලේ ලොකු කතාවක් පැතිරුණා. ඒ වගේම සමහරු රජයේ අස්ථාවර බව නිසා ගුවන් ගමන් අඩුවෙලා වගේ “මෝඩ” කතා එහෙමත් කියලා තිබුනා සමහර සමාජ ජාල වල.
    ඇත්තටම ගුවන් තොටුපල වහනවාද? ඒ ඇයි? එහෙම වහනවා නම් මොනතරම් කාලෙකටද? මෙන්න මේ වගේ ප්‍රශ්නවලට ඔබට අනිවා උවමනා වෙන තොරතුරු ටිකක් අරගෙනයි අපි ආවේ ඔබ වෙතට.

    1. කොතරම් කාලයක් ධාවන පථය වහලා තියනවද?

    banner.jpg
    Source-www.airport.lk

    ගුවන් තොටුපොලේ ධාවන පථයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා සම්පුර්ණ ධාවන පථයෙන් කොටසක් ජනවාරි 6 වෙනිදා සිට අප්‍රියෙල් මාසයේ 6 වැනිදා දක්වා පුරා මාස 3ක පමණ කාලයක් උදේ 8.30 සිට සවස 4.30 දක්වා වසා තැබෙනවා.
    වසාදැමීම හේතුවෙන් ගුවන් ගමන් 200ක් පමණ අවලංගු කිරීමට සිදුවීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 47ක පමණ අලාභයක් සිදුවීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

    2. මීට කලින් ධාවන පථය අලුත් වැඩියා කරලා ම නැද්ද?

    BIA-closer-aniwa-02.jpg
    Source – www.ttgasia.com

    වාර්තාවන ආකාරයට 1986න් පසුව මේ ආකාරයේ අලුත් වැඩියා කිරීමක් සිදුවෙන්නේ පළමු වතාවටයි.
    වසර 1986 දී ඉදිකරපු මේ ධාවන පථය සාමාන්‍ය ජාත්‍යන්තර ගුවන් සේවා නීති වලට අනුව අවුරුදු 20න් 20ට අලුත්වැඩියා කලයුතු වෙනවා.
    නමුත් මේ ගුවන් පථය වසර 20ක් වෙනුවට තවත් වැඩිපුර වසර 10කුත් කිසිදු අලුත් වැඩියාවකට ලක් නොකර භාවිතා කරලා තිබෙනවා. දිගින් මීටර් 3350 සහ පළලින් මීටර් 45 පමණ වෙන මේ ගුවන් පථය අලුත්වැඩියාවට ලක් වෙන්නේ ඒ අනුවයි.

    3. මේ වගේ අලුත්වැඩියාවකට කොතරම් වියදමක් යනවද?

    BIA-closer-aniwa-03.jpg
    Source – www.airport.lk

    ගුවන් පථයේ කෙරෙන මේ අලුත්වැඩියාවට රුපියල් බිලියන 7.2ක මුදලක් යෙදෙවෙන බවත් මේ ව්‍යාපෘතිය නෙදර්ලන්ත සමාගමක අධීක්ෂණය යටතේ චීන සමාගමක් විසින් සිදුකෙරෙන බවත් වාර්තාවෙනවා.

    4. අවුලක් නැහැනේ අපිට තව එකක් තියෙනවානේ?

    BIA-closer-aniwa-04.jpg
    Source – techwire.lk

    අන්න ඒක තමා පොඩි අවුලකට තියෙන්නේ, කටුනායක ගුවන්තොටුපලෙන් හසුරවන සමහර ගුවන් සේවාවන් මත්තල වෙතට යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මත්තල තොටුපලේ යටිතල පහසුකම් වල ඌණතාවය තමයි ඊට හේතු හැටියට දැනගන්න ලැබෙන්නේ. මේ නිසා ගුවන් ගමන් වාර කිහිපයක කටයුතු වලට සහ හදිසි ගොඩබෑම් සඳහා පමණයි මත්තල තොටුපල භාවිතා කරන්නට හැකියාව පවතින්නේ.

    5. දැන් මොනවද මේ අලුත් වැඩියාව නිසා තාවකාලිකව නතර / වේලාවන් වෙනස් කරන ගුවන් ගමන්?

    BIA-closer-aniwa-05.jpg
    Source – www.newdelhiairport.in

    ගුවන් ගතවීම් ගමන් වාර 6ක් සහ නැවත ගොඩ බැසීම් වාර 6 මේ නිසා තාවකාලිකව නවතා දැමෙනවා. ඒ මෙන්න මේවයි:

    • UL308 කොළඹ – සිංගප්පුරුව සහ UL 309 සිංගප්පුරුව – කොළඹ
    • UL127 කොළඹ – චෙන්නායි සහ UL122 චෙන්නායි – කොළඹ
    • UL133 කොළඹ – ට්‍රිචි සහ UL132 ට්‍රිචි – කොළඹ
    • UL115 කොළඹ – මාලදිවයින සහ UL102 මාලදිවයින – කොළඹ
    • UL167 කොළඹ – කොචින් සහ UL166 කොචින් – කොළඹ
    • UL173 කොළඹ – බැංගලෝර් සහ UL174 බැංගලෝර් – කොළඹ
    මෙයට අමතරව මේ අලුත් වැඩියා කිරීම් නිසා ගුවන් ගමන් විකල්ප කාල පරාසයන් වලට ගුවන් ගතවීම් සහ නැවත ගොඩ බැසීම් යොමුකර තිබෙනවා.
    ඒ මෙන්න මේවයි:

    • UL868 කොළඹ – බෙයිජිං
    • UL866 කොළඹ – ෂන්හායි
    • UL402 කොළඹ – බැංකොක් සහ UL403 බැංකොක්- කොළඹ
    • UL318 කොළඹ – ක්වාලාලම්පූර් සහ UL319 ක්වාලාලම්පූර්- කොළඹ
    • UL306 කොළඹ – සිංගප්පූරුව සහ UL307 සිංගප්පූරුව- කොළඹ
    • UL161 කොළඹ – ත්‍රිවෙන්ද්‍රම් සහ UL162 ත්‍රිවෙන්ද්‍රම් – කොළඹ
    • UL195 කොළඹ – නවදිල්ලි සහ UL196 නවදිල්ලි – කොළඹ
    • UL183 කොළඹ – කරච්චි සහ UL184 කරච්චි – කොළඹ
    • UL503 කොළඹ – ලන්ඩන් සහ UL504 ලන්ඩන් – කොළඹ
    • (ජනවාරි 05 වැනි දින සිට UL 504 භාවිතා කෙරෙන්නේ ලන්ඩන් – මාලදිවයින – කොළඹ අතර වන ගුවන් වාර සඳහායි)
    • UL281 කොළඹ – ජෙඩා සහ UL282 ජෙඩා – කොළඹ
    ඉහත ගමන්වාර සඳහා දැනටමත් ප්‍රවේශපත් වෙන්කරගෙන සිටිනවා නම් වහාම ඔබේ ගුවන්ගමන් ඒජන්තවරයා හෝ ලඟම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රවේශපත් කාර්යාලකින් වැඩි විස්තර සඳහා විමසිය යුතු වෙනවා.

    6. මේ මාස හතරක කාලය තුල ගුවන් ගමන් වල යෙදෙන්නට බලාපොරොත්තු වෙන අයට මොනවද කියන්න තිබෙන්නේ?

    BIA-closer-aniwa-06.jpg
    Source – http://ipm.comxa.com


    • විශේෂයෙන් ම හොඳින් ගුවන් ගමන් වාර සහ වේලාවන් ගැන සැලකිලිමත් වෙලා, දැනුවත් වෙලා සිටින එක හරිම වැදගත්.
    • ඒ වගේම ඔබේ ගුවන් ගමන් සඳහා විකල්ප ගුවන් තොටුපළවල් භාවිතා කරන්නට උවමනා නම් හැකියාව තිබෙනවා, එය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් විමසා දැනුවත් වන්නට පුළුවන්.
    • වෙනදා ගුවන් ගමනකට පැය තුනකට කලින් ගුවන් තොටුපල වෙත එනවා නම් මේ කාලය ඇතුලත අඩුම තරමින් පැය 5 කාටවත් කලින් පැමිණෙන ලෙස ගුවන් තොටුපොල අධිකාරිය ඉල්ලීමක් කර තිබෙනවා.
    • මෙයට අමතරව ගුවන් ගතවෙන මගීන් හැරෙන්නට වෙනත් ජනතාව ගුවන් තොටුපොළට ඇතුළු කර නොගන්න ලෙසට විෂය භාර ඇමති වරයා බලධාරීන් දැනුවත් කර තිබෙන බව පැවසෙනවා.

    7. විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනව කියලත් ආරංචියක් තියනවා?

    BIA-closer-aniwa-08.jpg
    Source – dribbble.com

    ඔව්. ගුවන් තොටුපල අවට මේ රථවාහන සැලැස්ම 6 වැනිදා සිට ක්‍රියාත්මකයි. සෑම දිනකම පස්වරු 3 සිට පසුදා පෙරවරු 9 වනතෙක් තමයි මේ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. මේ නව රථවාහන සැලැස්ම ගැන සියලු තොරතුරු ඔබට මෙතැනින් දැනගන්නට පුලුවන්.

    8. අපිට මෙයට අමතරව මේ වේලාවන් සහ ගුවන් ගමන් වෙනස්වීම් ගැන විස්තර දැනගන්නට පුළුවන් වෙන්නේ කොහොමද?

    BIA-closer-aniwa-07.jpg
    Source – newsfirst.lk,www.iconfinder.com

    මේ ගැන වැඩිවිස්තර ලබාගැනීම සඳහා 019-733-5-555 යන දුරකථන අංකය භාවිතා කරන්න පුළුවන්.

    Source: http://www.aniwa.lk/2017/01/06/170106-bia-closure/
    Sorry if Repost.
     
    • Like
    Reactions: rashee_irosh