✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    awurudde daneta waren
    2.gif

    :(
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බිට්මැප් ඉමේජස් ( bitmap images ) සහ වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics)


    පරිගණක ග්‍රැෆික්ස් සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ තමයි "බිට්මැප් ඉමේජස් (bitmap images) සහ වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics)" අපිට මේ ග්‍රැෆික්ස් වර්ග දෙකම සමග ෆොටෝෂොප් වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ෆොටෝෂොප් ෆයිල්(PSD) වල මේ වර්ග දෙකම ඇතුලත් කරන්න පුළුවන්.


    රාස්ටර් (raster) හෝ බිට්මැප් ඉමේජස් ( bitmap images )


    බිට්මැප් ඉමේජස් (bitmap images) තාක්ෂණික වශයෙන් හඳුන්වන්නේ රාස්ටර් (raster) ඉමේජස් කියලයි. මේවා හදල තියෙන්නේ පික්සල්(pixel) නමින් හඳුන්වන තිත්(dots) දැලක්(grid) ආකාරයට සකස් කරලයි.බිට්මැප් ඉමේජස් (bitmap images) සමග වැඩ කරද්දී, වස්තුන් සහ හැඩතල වලට වඩා අපි සංස්කරණය (edit) කරන්නේ පික්සල්(pixel) නමින් හඳුන්වන තිත්(dots) වර්ගය යි. ග්‍රැෆික් ඩිසයින් වලදී වැඩිපුරම භාවිතා කරන්නේ බිට්මැප් ඉමේජස් (bitmap images) වර්ගය යි. ඊට හේතුව තමයි ඉතාමත් සුක්ෂම විදියට සවිස්තරාත්මකව සෙවනැලි සහ වර්ණ බෙදා වෙන් කර දක්වන්න මේ බිට්මැප් ඉමේජස් (bitmap images) වලට හැකියාව තිබීම.
    බිට්මැප් ඉමේජස් (bitmap images) රඳාපවතින්නේ රෙසලුෂන්(resolution) අගය මතයි. නියමිත පික්සල්(pixel) ගණනක් ඒවායෙහි ඇතුලත් වෙනවා වගේම ඒ හැම පික්සල් (pixel) එකකටම නියමිත ස්ථානයක් සහ නියමිත වර්ණ අගයක් ඇතුලත් වෙනවා. බිට්මැප් ඉමේජස් (bitmap images) වල රළු ගතියක් දකින්න ලැබෙනවා, ඒවා අඩු රෙසලුෂන්(resolution) අගයක් යොදාගන මුද්‍රණය(print) කරලා තිබුනොත්. ඊට හේතුව තමයි රෙසලුෂන්(resolution) අගය අඩු වන විට පික්සල්(pixel) වල ප්‍රමාණය(size) විශාල වීම.


    වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics)


    වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics) නිර්මාණය වෙලා තියෙන්නේ ගණිතමය වශයෙන් ගණනය කරන ලද රේඛා සහ වක්‍රාකාර රේඛා වලිනුයි. මේවා හඳුන්වන්නේ වෙක්ටර්ස් යන නමිනුයි. වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics) වල ගුණාත්මක භාවයේ (quality) කිසිම වෙනසක් නොවී ඒවා සංස්කරණය කරන්න, විශාල කරන්න සහ වර්ණ වෙනස් කිරීම් පවා කරන්න පුළුවන්. මේවා රඳාපවතින්නේ රෙසලුෂන් (resolution) අගය මත නෙවෙයි. ඒ නිසා ගුණාත්මක භාවයේ (quality) කිසිම අඩුවක් නොවී ඕනෑම ප්‍රමාණයකට විශාල කරන්න වගේම ඕනෑම විශාලත්වයකින් මුද්‍රණය(print) කරන්න වුනත් පුළුවන්. ලෝගෝ (logo) නිර්මාණයේදී භාවිතා කළ යුතු හොඳම ග්‍රැෆික්ස් වර්ගය වන්නේ මේ වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics) තමයි. මොකද කොයි තරම් විශාල කලත් බොඳ වෙන්නේ නෑනේ.


    raster_vs_vector.jpg




    Source:http://ithaliapi.blogspot.com


    rep+++
     
    Oct 10, 2009
    23
    2
    3
    මචන්ලා කාටද පුලුවන් හොඳ ඉන්ග්ලිශ් ෆොන්ට් ටිකක් දාන්න.ඒක අලුත් අයට ගොඩාක් වටිනවා නේද?ලොකු උදව්වක්.