❌ජවිපෙහි “දේශප්‍රේමය” යනු❌

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ⛔කස්ත්‍රෝ, ගුවාරා හා මාඕ මෙන්ම ජවිපෙ ද කම්කරු පන්තියට ඓන්ද්‍රීය ලෙස සතුරු වන අතර, ප්‍රතිගාමී ජාතිකවාදය තුල මුල් බැස ඇත. ජවිපෙහි විකෘත පාරිභාෂිකය තුල ‘නිර්ධන පන්තිය‘ ලෙස හඳුන්වනු ලබන්නේ ගොවි ජනයාගේ පීඩිත ස්ථරයන්ය. කම්කරුවන්ගේ ආර්ථික සටන් අධිරාජ්‍යවාදයට එරෙහි ‘දේශප්‍රේමී’ අරගල කෙරෙන් ඉවතට යොමු කෙරෙන ‘කැඳ කෝප්ප අරගල’ ලෙස බාල්දු කිරීමට එම සංවිධානය කටයුතු කලේය. කස්ත්‍රෝගේ ආදර්ශයෙහි පිහිටමින් ජවිපෙ නිවේදනය කලේ ‘දේශප්‍රේමින් කන්ඩායමක් විසින් කරලියට ගෙන එනු ලබන නැඟිටීමකින් පාලක පන්තියේ බලයට වල කැපිය හැකි බවයි.’ ”⛔

    ජවිපෙහි “දේශප්‍රේමය” යනු, වාර්ගික පදනම මත “කම්කරු පන්තිය බෙදීම සඳහා” සහ එමඟින් “එය ධනපති පන්තියට යටත් කොට තැබීම” සඳහා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් යොදා ගනු ලැබූ “සිංහල දේශප්‍රේමය”ම විනා අනෙකක් නොවන බව බාලසූරිය පැහැදිලි කලේය. ඊනියා ජාතික ධනපති පන්තියේ ප්‍රගතිශීලී ස්වභාවය පිලිබඳ අනතුරුදායක මිත්‍යාවන් පෝෂනය කිරීමට ජවිපෙ ක්‍රියා කලේය. ශ්‍රීලනිප-ලසසප-කොප සභාගය 1970 මැතිවරනය ජය ගත් විට මුල් කාලයේ එය “ප්‍රගතිශීලී ආන්ඩුවක්” ලෙස හඳුන්වා දෙමින් ජවිපෙ ඊට සහාය දැක්වීය.

    ජවිපෙ ආස්ථානයන් හෙලිදරව් කිරීමේදී විකොස එහි විශ්ලේෂනය පදනම් කලේ, පසුගාමී රටවල ජාතික ධනේශ්වරය නොවිසඳුනු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සම්පූර්න කිරීමෙහි හෝ සමාජ ගැටලුවලට ආමන්ත්‍රනය කිරීමෙහි ලා ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකිරීමට අසමත් බව අවධාරනය කරන ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මතය. මෙකී නොවිසඳුනු ගැටලු විසඳාලිය හැක්කේ ග්‍රාමීය දුගීන් හා පීඩිතයන් තම නායකත්වය යටතේ ගොනු කර ගනිමින් ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවා ගන්නා කම්කරු පන්තියට පමනි. 1917 රුසියාවේ ජයග්‍රාහි සමාජවාදී විප්ලවයේ පාඩම වූයේ එයයි.

    FB_IMG_1692688130741.jpg


    Bump
    ------ Post added on Aug 26, 2023 at 1:18 AM
     

    Similar threads