➳➳➳ නව ලෝක වාර්තාවක් ➳➳➳

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ➳➳➳ නව ලෝක වාර්තාවක් ➳➳➳

    world_record_jump_660x400.jpg


    පොලොව මට්ටමේ ඉඳලා මීටර 58.8ක් ඉහල ඉඳන් බිම බලද්දී සාමාන්‍ය පුද්ගලයකුට එක පාරටම හිතෙන්නේ ” අම්මෝ මෙතනින් වැටුනොත් නම් ඉවරයි කියලා ” අපේ හද ගැස්මත් වැටෙනවා කියන සිතිවිල්ලත් එක්ක වැඩිවෙනවා. කොහොමහරි Laso Scaller (ලැසෝ ස්කැලර්) ට නම් එහෙම හිතෙන්න නැතුව ඇති. එයා සැරසුනේ ඒ වගේ උසක ඉඳන් අඩි 8ක් ගැඹුරු වතුරකට පැනලා නව ලෝක වාර්තාවක් පිහිටුවන්න. අගෝස්තු මාසයේ 4 වෙනිදා වෙච්ච මේ වැඩේ ඒ මාසයේ හොඳම ප්‍රවෘතිය අතරත් එක් වුනා.

    laso-goes-from-top-to-bottom-in-24-frames.gif

    බ්‍රසීලයේ ඉපදුණු ඒත් ස්විට්සර්ලන්තයේ හැදී වැඩුණු අවුරුදු 27ක් වයස Laso Scaller ගැඹුරු ස්ථාන තරණය කිරීමේ දක්ෂයෙක්. සාමාන්‍යයෙන් කඳු හෙළ තරණය කරද්දී කඹ සහ කොකු වල ආධාරය ලබාගන්නවා. මේ තරුණයාගේ නම් බොහෝ ගැඹුරු ස්ථාන ප්‍රථමයෙන් තරණය කල අය අතර සොයාගැනීම එතරම් අපහසු නෑ. ඉතින් මේවගේ කඳු හෙළ තරණය කරන තව ලේසි විදියක් තමයි මේ ආරක්‍ෂිත උපාංග හැම දෙයක්ම පැත්තක තියලා නිදහසේ ඒ ස්ථානය තරණය කිරීම. ලැසෝ මේ දෙවැනි ක්‍රමේ තෝරගත්තා. ඔහු මෙවැනි ත්‍රාසජනක ක්‍රියා සිදුකිරීමට බය නැති පුද්ගලයෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් ඔහු මීටර 25,30 ක් එහෙම නැතිනම් මීටර 35ක් වගේ උස තැන් වල ඉඳලා පනින පුද්ගලයෙක්.

    ඒත් මිට පෙර කවුරුවත් අත්හදා බලලා නැති මීටර 60ක වගේ උසක ඉඳන් පනින්න කලින් කවුරු වුනත් දෙපාරක් හිතනවා. ස්විට්සර්ලන්තයේ මෙවැනි තරණය කල හැකි දිය ඇලි 150ක් පමණ හමුවනවා. නමුත් මේ අතර තියන Cascata del Salto (කස්කටා ඩෙල් සැල්ටෝ) කියන දිය ඇල්ල අන් හැම අතරේ වැජඹෙනවා. ගිම්හාන කාලයට වැස්සත් එක්ක මේ දිය ඇල්ල පිරි ඉතිරි යන්නේ සොබාදහමේ තවත් එක් අපූරු දර්ශනයක් මවමින්. මේ පිම්මේ උස අන් ඒවාට වඩා වැඩි නිසා මේ සඳහා තරමක් විශේෂ සුදානම් වීමකුත් අවශ්‍ය වුනා. ඒ වගේම ගල් වල ගැටෙන්නේ නැතුව පැහැදිලි මාර්ගයක් ඔස්සේ වතුරට පනින්න පුළුවන් විදියට වේදිකාවකුත් ඉදිකෙරුණා. මේ උසින් වතුරට ගල් අත ඇරලා ගතවන කාලයත් ගමන් මාර්ගයත් නිරීක්ෂණය කළා. ඒ වගේම වතුරට ඔක්සිජන් ටැංකි 6කින් ඔක්සිජන් ලබා දුන්නේ වතුරේ ඝනකම අඩු කරන්නයි. ලැසෝ නම් කිව්වේ මීටර 25කට වඩා උඩින් ඉඳලා පනිද්දී දැනෙන එකම වෙනස ගත වන කාලය පමණක් කියලයි.

    කොහොම හරි අගෝස්තු 4 වෙනිදා මධ්‍යාහන කාලය පසු වේගෙන යද්දී සියල්ල සුදානම් වුණා. කැමරා සියල්ල ඔහු වෙතට යොමු වී තිබුනා.
    ඔහු ඔහුගේ පිම්ම ලබාගත්තා. පවනට බඳු වේගයෙන් පැයට කිලෝමීටර 120ක පමණ වේගයෙන් ඔහු ජලයට පතිත වුණේ තුවක්කු උණ්ඩයක් නිකුත් වෙන ශබ්දයට සමාන හඬක් නගමින්.​

    milliseconds-after-the-leap.jpg


    සැවොම බලා සිටියේ ඔහු ජලයෙන් මතු වන තුරුයි. අවසානයේ ඔහු ජලයෙන් මතු වුනා. ඔහුගේ සහායකයා ඉකමනින් ඔහුවෙත පිහිනා ගොස් ඔහුව ගොඩට රැගෙන ඒමට කටයුතු කළා. ඔහුගේ දකුණු උකුල් ඇටේ ප්‍රදේශය මොහොතකට යම් තෙරපීමකට ලක්වෙලා තිබ්බත් එය තත්පර කිහිපයකින් යතාතත්වයට පත්වුණා. ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් මතුවුණා. සැවොම ප්‍රීති ඝෝෂා පවත්වන්නට වුනා.

    මේ ලෝකයේ සිරා වැඩ කරන සිරා මිනිස්සු අතරේ ලැසෝ ස්කැලර්ටත් හොඳ තැනක් හිමිවෙනවා. ඔබට සිරා අපේ සුභ පැතුම් !




    උපුටා ගැනීමකී : Sira lk
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හිතන්නත් බෑ බන් ඔලුවත් මක්කද
    වෙලා යනවා දැක්කාම :sorry:

    පැයට කිලෝමීරට 100ට වඩා වේගෙකින්නේ බන් වතුරට වැටෙන්නේ මූව
    එතකොට එතන ගැඹුරත් බලපානවා නැතත්ම් කොච්චර හොඳට ලෑන්ඩ්
    කරත් වෙන අනතුරක් වෙනවා :yes:
     
    • Like
    Reactions: ftthushara