웃❤유 ආදරයේ මානසික වහල්කම 웃❤유
මට මේ නූල ටයිප් කරන්න හිතුනේ DamN Dogගෙ මෙන්න මේ නූල දැකලයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1618411
කෙල්ලො සහ ආදරය ගැන එක එක කෙනාට විවිද අදහස් ප්‍රකශ කරන්න පුලුවන්. ඒ තරම් ඒ වචන දෙක සංකීර්ණ ඇතුලාන්තයක් තියෙන සරල වචන දෙකක්.
මචන් මම කෙල්ලන්ව, ආදරය 100%ම තෙරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. මොකද මං ලබපු සමහර අත්දැකීම් එතරම් හොඳ නෑ ඒ මතෘකාවෙදි. ඒත් මං තෙරුම් ගත්ත දෙයක් කියන්න කැමතියි. සමහර විට මං වරදි ඇති. වැරදි නම් මට සමාවෙයල්ලා. මොකද "මං" කියන්නෙ තවමත් ඒ දේ තේරුම් ගන්න වෙර දරන කෙනෙක් නිසා.
" ආදරය ➩ වෛරය " පරිවර්තනය මං දකින්නෙ හොඳ හෝ නරක, අහින්සක හෝ දරුනු ඕනම කෙනෙකුගේ හිතේ ඇති විය හැකි පරිවර්තනයක් විදියටයි. ඕනම එක් පුද්ගලයෙකුගේ මනස තුල චරිත කිහිපයක් බිහි විය හැකි සේම ජීවත් වියද හැක. බාහිර ලොකය හොඳයි කියල පිලිගන්න පුද්ගලයෙකුගෙ මනස තුල වුවද 80%ක හොඳ කෙනෙක් සහ 20%ක නරක කෙනෙක් ජීවත් විය හැක. ඒ වගේම බාහිර ලොකය විසින් සෙල්ලක්කාර යැයි සිතන කෙනෙකුගෙ මනස තුල 90%ක පමන සෙල්ලක්කාර්, ලෞකීක සැපතට ඉතා ලොල් වූ චරිතයක් සේම 10%ක පමන ලෝකෝත්තර සැපතට ආශා කරන චරිතයක් සිටිය හැක.
අපි සමහර වෙලවට සමහර ප්‍රශ්න ගැන හිතින් අපිම තර්ක කරල අපිම ඒ තර්ක බිඳිනව නේද? සමහර වෙලවට හිතින් "ඇත්තමයි දැං නම් ඉවසුව හොඳටම ඇති මං ඕකිව...." කියල හිතල "නෑ ම්න් එහෙම කරන්න අවශ්‍ය නෑ ඒක මට වැරද්දක් වුනත් එයාගේ පත්තෙන් එයා වැරදිත් නෑ. ඔන්න ඕක අමතක කරල දානව" කියල හිතල අර කලින් අව අවෙගශීලී අදහස ක්‍රියාවට නැංවීම මැඩලාගන්නව නේද? සමහර විට අනන්ත අප්‍රමානව මෙහෙම කරනව ඇති.
අපි හිතනව, තීරන ගන්නව, අරමුණු ඇති කරගන්නව. පොඩ්ඩක් හිතල බලපන් අපිම අතිකරගන්න අරමුණු අතර සමහර විට ගැටීම් අති වෙන්නෙ නැද්ද අපේම හිත තුල?? ඒ කියන්නෙ මචන්ල අපේ හිත, මනස අතුලෙත් අනුශුභවාදීකරණයක් සිදුවෙනව නේද හරියට එකම ආයතනයක දෙපර්තමේන්තු වගේ. තවත් විටක මිශ්‍ර අර්ථ ක්රමයක ලාභ පරමාර්ත හා සමාජ සුභසාදන පරමාර්ත එකට ගැටෙනව වගේ.
ඉතින් අපේ හිත තුලත් මේ වගේ දෙපර්තමේන්තු තියෙනවා. ඒවා අතර ආදරය සම්බන්දයෙන් කටයුතු කරන්නේ ලෞකීක දෙපාර්තමෙන්තුව සහ ලෝකෝත්තර දෙපාර්තමෙන්තුවයි. ලෞකීකත්වයක් නොමැති නම් එම අදරයත් සුන්දර නෑ, සමහර විට එහි ආදරයකුත් නෑ. ලෞකීකත්වය තුලින් ආදරය ලස්සන වෙනව තමයි නමුත් එම ආදරය තිරසාර වන්නේ ලෝකෝත්තර අරමුණු සහ ක්‍රියාවලීන් තුලයි. ලෞකීකත්වයෙන් මිදෙන්න කියනවා නෙමෙයි. නමුත් එහි එක්තරා නොපෙනෙන නොහැඟෙන සීමවක් තියෙනවා. ඉන් එහා ලෞකීකත්වයෙන් වෙලුනොත් එම ආදරයට පැවැත්මක් නැති වෙනවා.
ආදරය දිහා සරලව බැලුවම ඇත්තටම ඒක ගොඩාක්ම ලෞකීකයි, බොලඳයි. ඒ නිසාම එහි හරිම අමුතු සුන්දරත්වයක් තියෙනව. පෞද්ගලිකව මං ඒ සරල යතාර්තයට ගොඩක් ඇලුම් කරනව. මං දන්නව බොහෝ දෙනෙක් එහෙමයි.
ඒත් පොඩ්ඩක් හිතල බලපල්ලා ආදරේදි ජීවිතේ කොතනක හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් එම ප්රශ්නය ඇති වුන මොහොතේ මනස තුල මේ ලෞකීකත්වය මොහොතකට හෝ පාලනය කරගත්තා නම් එම ප්රශ්නය ඊට වඩා ඩිංගක් හෝ සුභවාදීව විසදෙන්න තිබුනා නොවේද??? මේක වචන වලින් කියන්න තරම් මං බහුශෘතයෙක් නෙමෙයි. ඒ නිසා මොහොතකට මෙනෙහි කරල බැලුවොත් මං මේ කියන්නෙ මොන හරුපයක්ද කියල වටහෙයි.
" 'මම' කව්ද? " තමුන්ගෙන්ම අහන්න කිවොත් බොහෝ දෙනෙක් කියයි "මම 'මම' ම තමයි" කියල. නමුත් ඊට වඩා ටිකක් යතාර්තවාදීව හිතුවොත් එ ප්‍රශ්නයට තමුන්ට කාලයෙන් කාලයට, තත්වයෙන් තත්වයට විවිද උත්තර මනසින්ම ලැබෙයි. එය එසේ වන්නේ ඕනම කෙනෙකුගෙ මානසිකත්වය මත හැම මානුශික මනෝභාවයක්ම තීරනය වන නිසායි. තමුන් පරාර්තකාමීද, ආත්මාර්තකමීද, කුහකද, දරුනුද, අහින්සකද, නපුරුද, කපටිද කියල තමුන්ට තීරනය කරන්න වන්නෙ තමුන්ගෙම මානස තුලින්ම පමනයි. එමෙන්ම ඒ සියල්ලක්ම තමුන්ටම වෙනස් කරගත හැකි තත්වයන්ද වෙනව.
අපි ලෞකීක වෙන්න වෙන්නම අපිට දැනෙන්නේ ආදරය කියන්නෙ හුදෙක් ලබාගැනීමක්ම පමනක් බවයි. එහිදී තමුන් තමුන්ගෙ සහකාරියගෙන් බලපොරොත්තු වෙන දේවල් කුමන මොහොතේද ලබාගන්නේ යන අරමුනින් සිටිනවා මිසක ඇය කුමක් බලාපොරොත්තු වෙනව ඇතිද යන්න සිතීමට පසුබට වෙනවා. මේ තත්වයෙදි තමයි බොහෝ විට පෙම් ගැටුම් ආරම්භ වෙන්නේ. මේ ආකාරයෙන් මත ගැටුමකින් ආරම්භ වෙන මේ පෙම් ගැටුම් කාලයත් සමග ඇදි ඇදී ගොස් වැඩි වර්දනය වී මිනී මැරුමකින් කෙලවර වෙනව. පොඩ්ඩක් හිතල බලපන් මේ මත ගැටුමෙ ඇති වෙන මොහොතේ මොහොතකට තමන් ලෞකීකත්වයෙන් මිදුනා නම් ආදරය කියන්නේ හුදෙක් ලබාගැනීමක්ම පමනක් නොව පරිත්‍යාගයක්ද බවත් ගැටුම පටන් ගන්න මොහොතකට හරි පෙර තේරුම් යන්න තිබුනා නොවේද, එසේත් නොමැති නම් මත ගැටුම පටන් ගත් පසු හෝ ලෞකීකත්වයෙන් මොහොතකට හෝ මිදුනා නම් මිනි මැරුමක් නොවි වචන හුවමරුවකින් පමනක් එම ප්රශ්නය කෙලවර වෙන්න තිබුනා නොවේද???
ඉතිං මට කියන්න තියෙන්නේ; ආදරය, ජීවිතය ඇයත් එක්ක සෙනෙහසින් විඳින්න නම් අපේ මනසෙ තියෙන මෙම දෙපර්තමෙන්තු දෙක නිසි ආකාරව හසුරවාගැනීම අත්‍යවශ්‍ය වෙනව. ඒ සඳහා ශක්තිමත් අග්‍ර කළමණාකරුවෙක් අපගේ මනස තුල සිටිය යුතු වෙනවා. එදාට ආදරයෙන් ලබන්න පුලුවන් හැමදෙම ලැබෙයි. අන්න එතකොට නම් ආදරයේ ලබාගැනීම් ගොඩයි කියල තමුන්ටම හිතෙයි!
දැන් නම් අත් දෙකත් රිදෙනව ටයිප් කරලම. මං වැරදි නම් සමාවෙයල්ල.
ඔයාලගෙ අදහසුත් එක් කරන්න. ඕනම කෙනෙක්ගේ ඕනම අදහසකට ඉඩ හසර විවෘතයි. 
ගල් සහ මල් ද බාර ගන්නව හොඳේ
මට මේ නූල ටයිප් කරන්න හිතුනේ DamN Dogගෙ මෙන්න මේ නූල දැකලයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1618411
කෙල්ලො සහ ආදරය ගැන එක එක කෙනාට විවිද අදහස් ප්‍රකශ කරන්න පුලුවන්. ඒ තරම් ඒ වචන දෙක සංකීර්ණ ඇතුලාන්තයක් තියෙන සරල වචන දෙකක්.
මචන් මම කෙල්ලන්ව, ආදරය 100%ම තෙරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. මොකද මං ලබපු සමහර අත්දැකීම් එතරම් හොඳ නෑ ඒ මතෘකාවෙදි. ඒත් මං තෙරුම් ගත්ත දෙයක් කියන්න කැමතියි. සමහර විට මං වරදි ඇති. වැරදි නම් මට සමාවෙයල්ලා. මොකද "මං" කියන්නෙ තවමත් ඒ දේ තේරුම් ගන්න වෙර දරන කෙනෙක් නිසා.
" ආදරය ➩ වෛරය " පරිවර්තනය මං දකින්නෙ හොඳ හෝ නරක, අහින්සක හෝ දරුනු ඕනම කෙනෙකුගේ හිතේ ඇති විය හැකි පරිවර්තනයක් විදියටයි. ඕනම එක් පුද්ගලයෙකුගේ මනස තුල චරිත කිහිපයක් බිහි විය හැකි සේම ජීවත් වියද හැක. බාහිර ලොකය හොඳයි කියල පිලිගන්න පුද්ගලයෙකුගෙ මනස තුල වුවද 80%ක හොඳ කෙනෙක් සහ 20%ක නරක කෙනෙක් ජීවත් විය හැක. ඒ වගේම බාහිර ලොකය විසින් සෙල්ලක්කාර යැයි සිතන කෙනෙකුගෙ මනස තුල 90%ක පමන සෙල්ලක්කාර්, ලෞකීක සැපතට ඉතා ලොල් වූ චරිතයක් සේම 10%ක පමන ලෝකෝත්තර සැපතට ආශා කරන චරිතයක් සිටිය හැක.
අපි සමහර වෙලවට සමහර ප්‍රශ්න ගැන හිතින් අපිම තර්ක කරල අපිම ඒ තර්ක බිඳිනව නේද? සමහර වෙලවට හිතින් "ඇත්තමයි දැං නම් ඉවසුව හොඳටම ඇති මං ඕකිව...." කියල හිතල "නෑ ම්න් එහෙම කරන්න අවශ්‍ය නෑ ඒක මට වැරද්දක් වුනත් එයාගේ පත්තෙන් එයා වැරදිත් නෑ. ඔන්න ඕක අමතක කරල දානව" කියල හිතල අර කලින් අව අවෙගශීලී අදහස ක්‍රියාවට නැංවීම මැඩලාගන්නව නේද? සමහර විට අනන්ත අප්‍රමානව මෙහෙම කරනව ඇති.
අපි හිතනව, තීරන ගන්නව, අරමුණු ඇති කරගන්නව. පොඩ්ඩක් හිතල බලපන් අපිම අතිකරගන්න අරමුණු අතර සමහර විට ගැටීම් අති වෙන්නෙ නැද්ද අපේම හිත තුල?? ඒ කියන්නෙ මචන්ල අපේ හිත, මනස අතුලෙත් අනුශුභවාදීකරණයක් සිදුවෙනව නේද හරියට එකම ආයතනයක දෙපර්තමේන්තු වගේ. තවත් විටක මිශ්‍ර අර්ථ ක්රමයක ලාභ පරමාර්ත හා සමාජ සුභසාදන පරමාර්ත එකට ගැටෙනව වගේ.
ඉතින් අපේ හිත තුලත් මේ වගේ දෙපර්තමේන්තු තියෙනවා. ඒවා අතර ආදරය සම්බන්දයෙන් කටයුතු කරන්නේ ලෞකීක දෙපාර්තමෙන්තුව සහ ලෝකෝත්තර දෙපාර්තමෙන්තුවයි. ලෞකීකත්වයක් නොමැති නම් එම අදරයත් සුන්දර නෑ, සමහර විට එහි ආදරයකුත් නෑ. ලෞකීකත්වය තුලින් ආදරය ලස්සන වෙනව තමයි නමුත් එම ආදරය තිරසාර වන්නේ ලෝකෝත්තර අරමුණු සහ ක්‍රියාවලීන් තුලයි. ලෞකීකත්වයෙන් මිදෙන්න කියනවා නෙමෙයි. නමුත් එහි එක්තරා නොපෙනෙන නොහැඟෙන සීමවක් තියෙනවා. ඉන් එහා ලෞකීකත්වයෙන් වෙලුනොත් එම ආදරයට පැවැත්මක් නැති වෙනවා.
ආදරය දිහා සරලව බැලුවම ඇත්තටම ඒක ගොඩාක්ම ලෞකීකයි, බොලඳයි. ඒ නිසාම එහි හරිම අමුතු සුන්දරත්වයක් තියෙනව. පෞද්ගලිකව මං ඒ සරල යතාර්තයට ගොඩක් ඇලුම් කරනව. මං දන්නව බොහෝ දෙනෙක් එහෙමයි.
ඒත් පොඩ්ඩක් හිතල බලපල්ලා ආදරේදි ජීවිතේ කොතනක හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් එම ප්රශ්නය ඇති වුන මොහොතේ මනස තුල මේ ලෞකීකත්වය මොහොතකට හෝ පාලනය කරගත්තා නම් එම ප්රශ්නය ඊට වඩා ඩිංගක් හෝ සුභවාදීව විසදෙන්න තිබුනා නොවේද??? මේක වචන වලින් කියන්න තරම් මං බහුශෘතයෙක් නෙමෙයි. ඒ නිසා මොහොතකට මෙනෙහි කරල බැලුවොත් මං මේ කියන්නෙ මොන හරුපයක්ද කියල වටහෙයි.
" 'මම' කව්ද? " තමුන්ගෙන්ම අහන්න කිවොත් බොහෝ දෙනෙක් කියයි "මම 'මම' ම තමයි" කියල. නමුත් ඊට වඩා ටිකක් යතාර්තවාදීව හිතුවොත් එ ප්‍රශ්නයට තමුන්ට කාලයෙන් කාලයට, තත්වයෙන් තත්වයට විවිද උත්තර මනසින්ම ලැබෙයි. එය එසේ වන්නේ ඕනම කෙනෙකුගෙ මානසිකත්වය මත හැම මානුශික මනෝභාවයක්ම තීරනය වන නිසායි. තමුන් පරාර්තකාමීද, ආත්මාර්තකමීද, කුහකද, දරුනුද, අහින්සකද, නපුරුද, කපටිද කියල තමුන්ට තීරනය කරන්න වන්නෙ තමුන්ගෙම මානස තුලින්ම පමනයි. එමෙන්ම ඒ සියල්ලක්ම තමුන්ටම වෙනස් කරගත හැකි තත්වයන්ද වෙනව.
ඉතිං මට කියන්න තියෙන්නේ; ආදරය, ජීවිතය ඇයත් එක්ක සෙනෙහසින් විඳින්න නම් අපේ මනසෙ තියෙන මෙම දෙපර්තමෙන්තු දෙක නිසි ආකාරව හසුරවාගැනීම අත්‍යවශ්‍ය වෙනව. ඒ සඳහා ශක්තිමත් අග්‍ර කළමණාකරුවෙක් අපගේ මනස තුල සිටිය යුතු වෙනවා. එදාට ආදරයෙන් ලබන්න පුලුවන් හැමදෙම ලැබෙයි. අන්න එතකොට නම් ආදරයේ ලබාගැනීම් ගොඩයි කියල තමුන්ටම හිතෙයි!
දැන් නම් අත් දෙකත් රිදෙනව ටයිප් කරලම. මං වැරදි නම් සමාවෙයල්ල.
ඔයාලගෙ අදහසුත් එක් කරන්න. ඕනම කෙනෙක්ගේ ඕනම අදහසකට ඉඩ හසර විවෘතයි. 
ගල් සහ මල් ද බාර ගන්නව හොඳේ

මගෙත් ආදරය අහිමි වුනාට පස්සෙයි මට අහන්න දකින්න ලැබුන අනිත් අයගෙ අත්දැකීමුත් එක්ක මේ දේවල් අධ්‍යනය කලේ...
.