웃❤유 ආදරයේ මානසික වහල්කම 웃❤유

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    웃❤유 ආදරයේ මානසික වහල්කම 웃❤유


    මට මේ නූල ටයිප් කරන්න හිතුනේ DamN Dogගෙ මෙන්න මේ නූල දැකලයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1618411


    කෙල්ලො සහ ආදරය ගැන එක එක කෙනාට විවිද අදහස් ප්‍රකශ කරන්න පුලුවන්. ඒ තරම් ඒ වචන දෙක සංකීර්ණ ඇතුලාන්තයක් තියෙන සරල වචන දෙකක්.

    මචන් මම කෙල්ලන්ව, ආදරය 100%ම තෙරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. මොකද මං ලබපු සමහර අත්දැකීම් එතරම් හොඳ නෑ ඒ මතෘකාවෙදි. ඒත් මං තෙරුම් ගත්ත දෙයක් කියන්න කැමතියි. සමහර විට මං වරදි ඇති. වැරදි නම් මට සමාවෙයල්ලා. මොකද "මං" කියන්නෙ තවමත් ඒ දේ තේරුම් ගන්න වෙර දරන කෙනෙක් නිසා.

    " ආදරය ➩ වෛරය " පරිවර්තනය මං දකින්නෙ හොඳ හෝ නරක, අහින්සක හෝ දරුනු ඕනම කෙනෙකුගේ හිතේ ඇති විය හැකි පරිවර්තනයක් විදියටයි. ඕනම එක් පුද්ගලයෙකුගේ මනස තුල චරිත කිහිපයක් බිහි විය හැකි සේම ජීවත් වියද හැක. බාහිර ලොකය හොඳයි කියල පිලිගන්න පුද්ගලයෙකුගෙ මනස තුල වුවද 80%ක හොඳ කෙනෙක් සහ 20%ක නරක කෙනෙක් ජීවත් විය හැක. ඒ වගේම බාහිර ලොකය විසින් සෙල්ලක්කාර යැයි සිතන කෙනෙකුගෙ මනස තුල 90%ක පමන සෙල්ලක්කාර්, ලෞකීක සැපතට ඉතා ලොල් වූ චරිතයක් සේම 10%ක පමන ලෝකෝත්තර සැපතට ආශා කරන චරිතයක් සිටිය හැක.

    අපි සමහර වෙලවට සමහර ප්‍රශ්න ගැන හිතින් අපිම තර්ක කරල අපිම ඒ තර්ක බිඳිනව නේද? සමහර වෙලවට හිතින් "ඇත්තමයි දැං නම් ඉවසුව හොඳටම ඇති මං ඕකිව...." කියල හිතල "නෑ ම්න් එහෙම කරන්න අවශ්‍ය නෑ ඒක මට වැරද්දක් වුනත් එයාගේ පත්තෙන් එයා වැරදිත් නෑ. ඔන්න ඕක අමතක කරල දානව" කියල හිතල අර කලින් අව අවෙගශීලී අදහස ක්‍රියාවට නැංවීම මැඩලාගන්නව නේද? සමහර විට අනන්ත අප්‍රමානව මෙහෙම කරනව ඇති.

    sad-couple.jpg
    sad-couples4.jpg

    අපි හිතනව, තීරන ගන්නව, අරමුණු ඇති කරගන්නව. පොඩ්ඩක් හිතල බලපන් අපිම අතිකරගන්න අරමුණු අතර සමහර විට ගැටීම් අති වෙන්නෙ නැද්ද අපේම හිත තුල?? ඒ කියන්නෙ මචන්ල අපේ හිත, මනස අතුලෙත් අනුශුභවාදීකරණයක් සිදුවෙනව නේද හරියට එකම ආයතනයක දෙපර්තමේන්තු වගේ. තවත් විටක මිශ්‍ර අර්ථ ක්‍රමයක ලාභ පරමාර්ත හා සමාජ සුභසාදන පරමාර්ත එකට ගැටෙනව වගේ.

    ඉතින් අපේ හිත තුලත් මේ වගේ දෙපර්තමේන්තු තියෙනවා. ඒවා අතර ආදරය සම්බන්දයෙන් කටයුතු කරන්නේ ලෞකීක දෙපාර්තමෙන්තුව සහ ලෝකෝත්තර දෙපාර්තමෙන්තුවයි. ලෞකීකත්වයක් නොමැති නම් එම අදරයත් සුන්දර නෑ, සමහර විට එහි ආදරයකුත් නෑ. ලෞකීකත්වය තුලින් ආදරය ලස්සන වෙනව තමයි නමුත් එම ආදරය තිරසාර වන්නේ ලෝකෝත්තර අරමුණු සහ ක්‍රියාවලීන් තුලයි. ලෞකීකත්වයෙන් මිදෙන්න කියනවා නෙමෙයි. නමුත් එහි එක්තරා නොපෙනෙන නොහැඟෙන සීමවක් තියෙනවා. ඉන් එහා ලෞකීකත්වයෙන් වෙලුනොත් එම ආදරයට පැවැත්මක් නැති වෙනවා.
    perd%C3%A3o-raz%C3%A3o+e+emo%C3%A7%C3%A3o.jpg

    ආදරය දිහා සරලව බැලුවම ඇත්තටම ඒක ගොඩාක්ම ලෞකීකයි, බොලඳයි. ඒ නිසාම එහි හරිම අමුතු සුන්දරත්වයක් තියෙනව. පෞද්ගලිකව මං ඒ සරල යතාර්තයට ගොඩක් ඇලුම් කරනව. මං දන්නව බොහෝ දෙනෙක් එහෙමයි.

    d788d43f8794a4c2c0e1c1c70ff41bd5ac6e391f.jpg

    ඒත් පොඩ්ඩක් හිතල බලපල්ලා ආදරේදි ජීවිතේ කොතනක හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් එම ප්‍රශ්නය ඇති වුන මොහොතේ මනස තුල මේ ලෞකීකත්වය මොහොතකට හෝ පාලනය කරගත්තා නම් එම ප්‍රශ්නය ඊට වඩා ඩිංගක් හෝ සුභවාදීව විසදෙන්න තිබුනා නොවේද??? මේක වචන වලින් කියන්න තරම් මං බහුශෘතයෙක් නෙමෙයි. ඒ නිසා මොහොතකට මෙනෙහි කරල බැලුවොත් මං මේ කියන්නෙ මොන හරුපයක්ද කියල වටහෙයි.

    " 'මම' කව්ද? " තමුන්ගෙන්ම අහන්න කිවොත් බොහෝ දෙනෙක් කියයි "මම 'මම' ම තමයි" කියල. නමුත් ඊට වඩා ටිකක් යතාර්තවාදීව හිතුවොත් එ ප්‍රශ්නයට තමුන්ට කාලයෙන් කාලයට, තත්වයෙන් තත්වයට විවිද උත්තර මනසින්ම ලැබෙයි. එය එසේ වන්නේ ඕනම කෙනෙකුගෙ මානසිකත්වය මත හැම මානුශික මනෝභාවයක්ම තීරනය වන නිසායි. තමුන් පරාර්තකාමීද, ආත්මාර්තකමීද, කුහකද, දරුනුද, අහින්සකද, නපුරුද, කපටිද කියල තමුන්ට තීරනය කරන්න වන්නෙ තමුන්ගෙම මානස තුලින්ම පමනයි. එමෙන්ම ඒ සියල්ලක්ම තමුන්ටම වෙනස් කරගත හැකි තත්වයන්ද වෙනව.

    whoami.gif

    අපි ලෞකීක වෙන්න වෙන්නම අපිට දැනෙන්නේ ආදරය කියන්නෙ හුදෙක් ලබාගැනීමක්ම පමනක් බවයි. එහිදී තමුන් තමුන්ගෙ සහකාරියගෙන් බලපොරොත්තු වෙන දේවල් කුමන මොහොතේද ලබාගන්නේ යන අරමුනින් සිටිනවා මිසක ඇය කුමක් බලාපොරොත්තු වෙනව ඇතිද යන්න සිතීමට පසුබට වෙනවා. මේ තත්වයෙදි තමයි බොහෝ විට පෙම් ගැටුම් ආරම්භ වෙන්නේ. මේ ආකාරයෙන් මත ගැටුමකින් ආරම්භ වෙන මේ පෙම් ගැටුම් කාලයත් සමග ඇදි ඇදී ගොස් වැඩි වර්දනය වී මිනී මැරුමකින් කෙලවර වෙනව. පොඩ්ඩක් හිතල බලපන් මේ මත ගැටුමෙ ඇති වෙන මොහොතේ මොහොතකට තමන් ලෞකීකත්වයෙන් මිදුනා නම් ආදරය කියන්නේ හුදෙක් ලබාගැනීමක්ම පමනක් නොව පරිත්‍යාගයක්ද බවත් ගැටුම පටන් ගන්න මොහොතකට හරි පෙර තේරුම් යන්න තිබුනා නොවේද, එසේත් නොමැති නම් මත ගැටුම පටන් ගත් පසු හෝ ලෞකීකත්වයෙන් මොහොතකට හෝ මිදුනා නම් මිනි මැරුමක් නොවි වචන හුවමරුවකින් පමනක් එම ප්‍රශ්නය කෙලවර වෙන්න තිබුනා නොවේද???

    circle+of+control+example.png

    ඉතිං මට කියන්න තියෙන්නේ; ආදරය, ජීවිතය ඇයත් එක්ක සෙනෙහසින් විඳින්න නම් අපේ මනසෙ තියෙන මෙම දෙපර්තමෙන්තු දෙක නිසි ආකාරව හසුරවාගැනීම අත්‍යවශ්‍ය වෙනව. ඒ සඳහා ශක්තිමත් අග්‍ර කළමණාකරුවෙක් අපගේ මනස තුල සිටිය යුතු වෙනවා. එදාට ආදරයෙන් ලබන්න පුලුවන් හැමදෙම ලැබෙයි. අන්න එතකොට නම් ආදරයේ ලබාගැනීම් ගොඩයි කියල තමුන්ටම හිතෙයි!

    දැන් නම් අත් දෙකත් රිදෙනව ටයිප් කරලම. මං වැරදි නම් සමාවෙයල්ල.



    :love: ඔයාලගෙ අදහසුත් එක් කරන්න. ඕනම කෙනෙක්ගේ ඕනම අදහසකට ඉඩ හසර විවෘතයි. :love:

    ගල් සහ මල් ද බාර ගන්නව හොඳේ :rolleyes:

    300px-Robin_Hood_logo.svg.png
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    ගොඩක් වටිනවා..

    මමනම් හිතන්නේ අදරයක නියම වටිනාකම දන්නේ අදරයක් කිසිදා නොලද හදවතක් හො අදරයක් අහිමි උනු හදවතක්...
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    You must spread some Reputation around before giving it to Robin*Hood again.

    ai ban me widihe msg ekak enne..?
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    එල මචං.. සුපිරියට ලියලා තියෙනවා..
    REP 20+


    ස්තූතියි මචන් :)
    You must spread some Reputation around before giving it to crazybuddy again. :(

    ගොඩක් වටිනවා..

    මමනම් හිතන්නේ අදරයක නියම වටිනාකම දන්නේ අදරයක් කිසිදා නොලද හදවතක් හො අදරයක් අහිමි උනු හදවතක්...

    ඔව් මචන්. සහතික ඇත්ත. :yes: මගෙත් ආදරය අහිමි වුනාට පස්සෙයි මට අහන්න දකින්න ලැබුන අනිත් අයගෙ අත්දැකීමුත් එක්ක මේ දේවල් අධ්‍යනය කලේ...


    You must spread some Reputation around before giving it to Robin*Hood again.

    ai ban me widihe msg ekak enne..?

    මචන් උඹ මට ලඟදි රෙප් දීල ඇති ඒකයි එහෙම එන්නේ :)
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    wedagath nulak machan + :)

    අනුශුභවාදීකරණයක් - me wachane ada thama ahuwe man :baffled: .
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Elazzzzzzzzz bro etthatama watinawa


    You must spread some Reputation around before giving it to Robin*Hood again.

    wedagath nulak machan + :)

    අනුශුභවාදීකරණයක් - me wachane ada thama ahuwe man :baffled: .

    ස්තූතියි මචෝ :)

    අනුශුභවාදීකරණය = Sub-optimization
    it's a business term machan. a situation in which a business is not as successful as it could be because one part or department works only on its own or only for its own success.

    එකම ආයතනයක විවිද දෙපර්තමෙන්තුවල පරමර්ත අතරේ සිදුවන ගටීම්

    Ex: Finance dept vs Production dept
    finance and accounting department clashes with the second subobjective for the supervisors. This conflict would occur if supervisors needed new equipment to maintain production and the finance and accounting department couldn't approve the loan without the company's borrowing surpassing 50 percent of company assets. In such a situation, in which established subobjectives are aimed in different directions, a manager would have to choose which subobjective would better contribute to obtaining overall objectives and should therefore take precedence.




    rep denna balu :(
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කෙල්ලෙක්ට ආදරය කරනවා කියන එක high-risk, high-gain ඔට්ටු ඇල්ලිල්ලක්. එහෙම මුළු හිතින් ආදරය කරන්න ගිහින් boot කාපු එවුන්ට කියන්න තියෙන්නෙ:

    Forgive; not because she deserves it, because you deserve peace.:)

    (සමාව දෙන්න; ඒ කෙල්ල ඒක ලබන්න සුදුසු නිසා නොවෙයි, ඔබ මානසික සහනයක් ලැබීමට සුදුසු නිසා.)​

    එහෙම නැතුව කොච්චර කලත් ඒ කෙල්ලවවත්, ඒ තරහවත් අමතක කරන්න ලේසි නෑ.

    පුද්ගලික් අත්දැකීමෙන් කියන්නේ.:P
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ගොඩ කාලෙකින් දැක්ක හොද ත්රෙඅඩ් එකක් මචන්.:yes::yes: ශක්තිමත් නිරවුල් මනා පාලනයකින් යුතු මනසක් තියෙනවා නම් ආදරේදී විතරක් නෙමේ එදිනෙදා වැඩත් ලේසියෙන් කරගන්න අපිට පුළුවන් වෙනවා. මන් දන්නා විදිහට මානසික සහනය ලන්කරගන්න පුළුවන් හොදම විදිහ දිනපතා භාවනා කරන එක. ඇත්තම කිව්වොත් ශක්තිමත් පාලනයකින් යුතු මනසක් නැත්තම් ලොවෙත් survive වෙන්න බැ අද කාලේ:no::no: . හැමපැත්තෙන්ම පීඩනයක් එල්ල වෙනවා අපිට. හරියට බැලුවොත් ආදරය කියන දේ තුලත් අපිට පීඩනයක් එල්ල වෙනවා. :):)
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    කෙල්ලෙක්ට ආදරය කරනවා කියන එක high-risk, high-gain ඔට්ටු ඇල්ලිල්ලක්. එහෙම මුළු හිතින් ආදරය කරන්න ගිහින් boot කාපු එවුන්ට කියන්න තියෙන්නෙ:

    Forgive; not because she deserves it, because you deserve peace.:)

    (සමාව දෙන්න; ඒ කෙල්ල ඒක ලබන්න සුදුසු නිසා නොවෙයි, ඔබ මානසික සහනයක් ලැබීමට සුදුසු නිසා.)​

    එහෙම නැතුව කොච්චර කලත් ඒ කෙල්ලවවත්, ඒ තරහවත් අමතක කරන්න ලේසි නෑ.

    පුද්ගලික් අත්දැකීමෙන් කියන්නේ.:P

    ekanam aththa...:(
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කෙල්ලෙක්ට ආදරය කරනවා කියන එක high-risk, high-gain ඔට්ටු ඇල්ලිල්ලක්. එහෙම මුළු හිතින් ආදරය කරන්න ගිහින් boot කාපු එවුන්ට කියන්න තියෙන්නෙ:

    Forgive; not because she deserves it, because you deserve peace.:)

    (සමාව දෙන්න; ඒ කෙල්ල ඒක ලබන්න සුදුසු නිසා නොවෙයි, ඔබ මානසික සහනයක් ලැබීමට සුදුසු නිසා.)​

    එහෙම නැතුව කොච්චර කලත් ඒ කෙල්ලවවත්, ඒ තරහවත් අමතක කරන්න ලේසි නෑ.

    පුද්ගලික් අත්දැකීමෙන් කියන්නේ.:P

    ඔව් මචෝ.
    කොන්දේසි විරහිත සමාවදීමකින් තොරව ආදරයක් පවතින්නෙ නෑ මචන්. එසේ නොවුනොත් ඉන් එහාට ඉතුරු වෙන්නෙ පිටතින් ආදර වෙස් ගත් ඇතුලාන්ත වෛරයක් පමනයි.

    මගේ වෘතන්තයෙදි මං එයට සමාව දුන්න හැම වෙලවකම මං මද සිනහවකින් එයාගෙ මූන බලලා එයාට කිව දෙයක් මට මතක් වුනා...

    "මං ලඟ ඔයාට දෙන්න සාමාව ඕන තරම් තියෙනව"


    ගොඩ කාලෙකින් දැක්ක හොද ත්රෙඅඩ් එකක් මචන්.:yes::yes: ශක්තිමත් නිරවුල් මනා පාලනයකින් යුතු මනසක් තියෙනවා නම් ආදරේදී විතරක් නෙමේ එදිනෙදා වැඩත් ලේසියෙන් කරගන්න අපිට පුළුවන් වෙනවා. මන් දන්නා විදිහට මානසික සහනය ලන්කරගන්න පුළුවන් හොදම විදිහ දිනපතා භාවනා කරන එක. ඇත්තම කිව්වොත් ශක්තිමත් පාලනයකින් යුතු මනසක් නැත්තම් ලොවෙත් survive වෙන්න බැ අද කාලේ:no::no: . හැමපැත්තෙන්ම පීඩනයක් එල්ල වෙනවා අපිට. හරියට බැලුවොත් ආදරය කියන දේ තුලත් අපිට පීඩනයක් එල්ල වෙනවා. :):)

    ඔව් මචෝ
    එදිනෙදා ජීවිතෙදිත් මේ ලෞකීකත්වයේ සීමව දැනගෙන හැසිරීම හැම දේකටම ගොඩක් හොඳ විදියට බලපානව.

    ජීවිතේ අපිට හමුවන දෙවල් වලින් අපිට පාලනය කරන්න පුලුවන් දේවලුත් තියෙනවා පාලනය කරන්න පුලුවන් දේවලුත් තියෙනවා. ඇයගේ හිතත් එහෙමයි. තමුන්ට ඇයගේ හිත පලනය කරන්න පුලුවන් ඒත් යම් සීමවක් දක්ව පමනයි. ඒ සීමාවද දැනගෙන එයාට බලපෑම් කලට ප්‍රශ්නයක් නෑ නමුත් සීමාවෙන් එහා යාම ප්‍රශ්න ගොඩකට මුල වෙනවා. නමුත් තමුන්ගෙ සිත කියන්නෙ අපිට 100%ක් පාලනය කල හැකි දෙයක්. පලමුව කල යුත්තේ තමුන්ගෙම සිත 100%ක් තමුන්ගෙම බුද්දියේ පලනයට නතු කරගැනීමයි. ඇයගෙ කිසියම් දෙයක් තමුන්ට පලනය කරන්න බැරි නම්, ඒ දේ පලනය කරන්න හිතන තමුන්ගෙම සිත පලනය කරගත යුතුයි. තමුන්ගෙ සිත පලනය කරගත බරිව ඇයගෙ හිත පාලනය කරන්න යන ගොඩක් අය බොහොම ඉක්මනින්ම කතාවේ දුඛාන්තය නිර්මාණය කරගන්නවා...

    අද ලෝකේ ගොඩක් ස්ට්‍රේට් ෆෝවර්ඩ් අය ඉන්නවනේ. ඒත් මචන් ආදරෙදි එහෙම විය යුතුම නෑ. ඩිංගක් මෙනෙහි කරල බලප්ල්ලා අතීතයෙ සිදු වුන ගැටුමකදි සමහර විට එක පියවරක් පස්සට ගත්ත නම් එ ගැටුම ඒ තරම් දුරදිග නොයන්න තිබුනා නොවේද..

    ජීවිතේ හැම තත්පරෙකම ජයග්‍රහනය පමනක්ම බලපොරොත්තු වෙන්න එපා. ආදරෙ කරද්දි ඇති වන ඒ පුංචි මත ගැටුමකදි බාරගන්න ඒ පුංචි පරාජය සමහර විට විශාල ගැටුමක් ඇති වීම වැලක්වුවා වෙන්න පුලුවන්. ඒ නිසා දවසක සිතෙන්න පුලුවන් "එදා මං බාරගත්ත ඒ පුංචි පරාජය නිස ම්න් ජීවිතයම ජයග්‍රහනය කලානේ" කියලා. පොඩ්ඩක් කල්පන කරල බැලුවොත් මෙවන් අවස්තාද මීට වෙනස් අයුරින් පසු කර ඇත අනිවරෙන්ම. එත් පොඩ්ඩක් හිතල බලපල්ල එදා ඒ පරාජය බාරගත්තද කියල... !
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Supiriyatama liyala tiyenwa :) Rep+

    ස්තූතියි මචෝ :)

    Kisima deyak sadakalikawa pawathenne Naha :(

    ඔව් මචෝ. :)
    ඒ දේ තේරුම් අරන් කටයුතු කරනව නම් ගොඩක් ප්‍රශ්න වල අවසානය ඊට වඩ ඩිංගක් හෝ සුභවාදී වෙන්න තිබ්බ නේද මචන්? පෘතග්ජන මිනිසුන් හැටියට කවුරු කොහොම කීවත් ඇත්තටම අනිත්‍ය තේරුම් ගැනීම අමාරුයි තමයි, නමුත් ආදරය කියන්නේ පරිත්‍යාගයක්ද බව තේරුම් ගතහොත් මේ අනිත්‍ය කුමක්දැයි අනිවා වැටහෙයි.