🇮🇳 අපොයි🇮🇳

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ බයික් එකක්වත් හදනවද සොන්නයො උන්ට හිනාවෙන්න. වංසෙ කබල්ගගා ඉන්නවා විතරයි. නෙද්දකිං සොන්නලු
     
    • Like
    Reactions: War Fighter

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අනුර කුමාර ඉන්දියාවේ හිටියා නම්
    =======================

    නරේන්ද්‍ර මෝදි අවුරුදු හතරක් තිස්සේ එයාගේ වටේ ඉන්න හොරු ටික දාලා හැදුවා හඳට යවන්න කියලා රොකට් එකක්...මොකද්ද ඒකේ නම ? චන්ද්‍රයාන් 2...මොන නම් ද අප්පා ඒ ? ඒ මදිවට සිංදුවකුත් හදලා " චන්ද්‍රයන් පිදූ" කියලා. ඊයා...එතකොට චන්ද්‍රයාන් 1 කට මොකද වුණේ? කල්පනා කරලා බලන්න...2006 හිටපු ආණ්ඩුවෙන් ඒක හදන්න ඇස්තමේන්තු කරපු මුදල රුපියල් කෝටි 386 යි...ඩොලර් වලින් නම් මිලියන 56 ක්...එකෙන් ඩොලර් මිලියන 40.2 ක් අතල් බිහාරි වජ්පායි ගේ බැංකු ගිණුමට යනවා 2008 අප්‍රේල් 24 වෙනිදා...එතකොට රොකට් එක හදන්න ඉතුරු වුණේ ඩොලර් මිලියන 15.8 යි...ඉතින් ඒ හදපු රොකට් එකද මොකක්ද හඳ කිට්ටුවටවත් යයි ද? ඕං දේශප්‍රේමින් ගේ වැඩ...ලැජ්ජයි!

    ඊළඟට ආපු දේශප්‍රේමියා හැදුවා චන්ද්‍රායාන් 2 කියලා එකක්...කල්පනා කරලා බලන්න, රොකට් හදන්නේ කන්න ද?රොකට් යැවුවා කියලා තමුන්නාන්සේලා ගේ බඩ පිරෙනව ද? මෝදි රොකට් යවන්නේ ගෙදරට වෙලා නිකන් ඉන්න එයාගේ අම්මට හඳෙන් හාල් ගේන්න..මේ නැති බංගස්තාන කරලා දාන්නේ ඔබ තමුන්නාන්සේලා පූරි විකුණලා එහෙමත් නැත්නම් ගුලාබ් ජාමුන් විකුණාලා ගෙවන බදු මුදල්...කීයද මේකට ගිය වියදම? රුපියල් කෝටි 987 යි...ඩොලර් වලින් මිලියන 141 ක්...ඒකෙන් ලොකු කුට්ටියක් කෙලින්ම ගියේ මෝදි ගේ ඩුබායි එකවුන්ට් එකට...මෝදී කියන්නෙ පට්ට හොරෙක් කියලා මම තමුන්නාන්සේලාට වගකීමෙන් කියනවා..මේ රටේ ජනතාව බහුතරයක් වැසිකිළි යන්නේ රේල්පාර අයිනේ මූණට මූණ බලාගෙන...මේ දැවැන්ත මුදල් කන්දරාවෙන් එක ප්‍රාන්තෙකට වැසිකිළි මිලියනේ ගානේ ප්‍රාන්ත 29 යෙම වැසිකිළි හදන්න තිබුණා...නැද්ද හා? දැන් මොකද වෙලා තියෙන්නේ? ජපානෙට ණයයි, චීනෙට ණයයි, ආසියානු සංවර්ධන බැංකුවට ණයයි, ඇමරිකන් මිලේනියම් ෆන්ඩ් එකට ණයයි, ලෝකේ හතර අතේ ණයයි.

    ඊට පස්සේ තමයි ලස්සනම කතන්දරේ...මෝදි ගියා බැංග්ලොර්වල තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඔය හදපු රොකට්ටුව හඳට ගොඩබානවා බලන්න...දැන් ඒක හඳට ගොඩ බෑව ද? නෑ....ඒක වෙන කොහෙද ගිහිල්ලා...කල්පනා කරලා බලන්න...අපි ඉස්කොලේ යනකාලේ හැදුවා ඔයිට වඩා දුර යන කඩදාසි රොකට්...අම්මපා..ඒ විතරක් ද ? අන්තිමේ මෝදි ගිහිල්ලා මෙච්චර දැවැන්ත පාඩුවක් රටට කරලා කෙලින් රොකට් එකක් යවාගන්න බැරි දූෂිත නිලධාරීන්ව බදාගෙන පිටටත් තට්ටු කරනවා...ඕං කෙරුවාව...අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනෙද නැද්ද ?

    ජනතාවගෙන් 22% ක් අන්ත දුගී දුප්පත්ව ඉන්න රටක මේ වගේ අති දූෂිත රොකට් සංස්කෘති වලින් තොර පිරිසිදු ඉන්දියාවක් බිහිකිරීමේ ඓතිහාසික කාර්‍යභාරය ඔබ තමුන්නාන්සේලාට පැවරිලා තියෙනවා...ඒක නිසා එවැනි රටක් බිහිකිරීමට පෙරමුණ ගතහැකි එකම බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛත්වයෙන් සෑදුණු ජාතික ජනබලවේගයට පමණයි කියලා සහතික කරලා කියනවා.

    =================
    සොනාල ගුණවර්ධන

    :rofl: