🇮🇳 නාමල් රාජපක්ෂ සහභාගී වූ ඉන්දිය කාලිංග කාර්මික ආයතනයේ ජනරජ දිනය

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    View attachment 261863View attachment 261861

    ඉංදියාවේ ප්‍රධානතම ජාතික උත්සවය වන ජනරජ දිනය පවත්වනු ලබන්නේ එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි. මෙම උත්සවයට ඉංදියාව සෑම වසරකම ලෝක නායකයෙකුට ආරාධනා කරනු ලබයි. මෙවර මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තිය වන්නේ යුරෝපා සංගමයේ නායිකාව වන Ursula von der Leyen මහත්මියයි. ගියවර මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ප්‍රංශ ජනපති Emmanuel Macron ය.

    මේ අතර ලංකාවෙන් පිරිසක් රැගෙන ඉංදියාවේ ජනරජ දිනයට සහභාගි වන බව පුන පුනා පවසමින් නාමල් රාජපක්ෂ ඇතුළු සජබ සහ බයි පිරිසක් ඉංදියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පිහිටි ආදිවාසී දරුවන් ඉගෙන ගන්නා පුද්ගලික පාසැලක් සහ උසස් අධ්‍යාපන ආයතනයක් වූ කාලිංග ආයතනයට ගොඩවිය. මෙම පාසැල ඔඩිස්සා සහ නාගලන්තය වැනි ප්‍රාන්තවල ආදිවාසී දරුදැරියන්ට නේවාසිකව අධ්‍යයන කටයුතු කරන පුද්ගලික ආයතනයකි. දරුවන් 150 ක ගෙන් පමණ ආරම්භ කළ මෙම අධ්‍යපන ආයතනය තුළ මේ වනවිට 25000 කට ආසන්න පිරිසක් නේවාසිකව අධ්‍යාපන කටයුතු වල නිරත වේ.

    ඔඩිස්සා සහ නාගලන්ත ප්‍රාන්ත වල නිරන්තර බෙදුම්වාදී සන්නද්ද අරගල දැකිය හැක. මාවෝවාදී නැක්සල්වරුන් නායකත්වය දෙන මෙම සන්නද්ධ ව්‍යාපාර මිලිටරිමය වශයෙන් පරාජය කිරීමට ඉන්දීය රජය ගත් සෑම උත්සහයක්ම පරාජය වූයේ එයට දිනපතා එකතුවන ආදීවාසී තරුණ තරුණියන්ගේ ප්‍රවනතාවය මතය. එයට පිළියමක් ලෙස දැඩි දරිද්‍රතාවයකින් පෙළෙන ආදිවාසි දරුවන්ට බාලාංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා ඉගැනුමට එළිමහන් සිරකඳවුරක් බඳු මෙම අධ්‍යාපන ආයතනය බිහිකළේය. මෙම ආයතනය හරහා දැඩි ඉංදීය ගැති පුරවැසියන් බිහිකරනු ලබන්නේ පාසැල තුළ නිර්මාණය කර ඇති අධ්‍යාපන ක්‍රමය හරහාය. මෙම පාසැලේ ඉගෙනුම ලබන පිරිසට බාහිර සමාජය සමග ගණුදෙනු නැත. දැඩි නීති රීති වලින් පාසැල පාලනය කරනු ලබයි. පාසැලේ දරු දැරියන්ට වසරකට මාසයක නිවාඩු ලැබෙන්නේ මාස 11 ක් එක දිගට ඉගෙන ගෙනීමෙන් පසුවය. එවිට ඔවුන් ගම්බිම් කරා ඇදීයයි.

    මෙම පාසැල තුළ මෙවර ජනරජ සැමරුමක් කරන අතර එයට මුදල් ආධාර දී ඕනෑම අයෙකුට ප්‍රධාන අමුත්තෙකු විය හැක. මෙම පාසැලේ ප්‍රධානියා තම ආයතනය නඩත්තු කිරීමට ආධාර අපේක්ෂාවෙන් සිටින අයෙකි. ඔහු තම පාසැලේ සිටින තමන්ට අවනත දරුවන් 25000 ක් පමණ නාමල් රාජපක්ෂගේ සංදර්ශණය සඳහා යොදවා තිබුණි. නාමල් සමග ජිප් රථයේ ගමන් කරන්නේ මුදලට තම පාසැල ඕනෑම උත්සවයකට විකුණන ප්‍රධානියාය. ඔහු ඉංදීය රජයේ කිසිදු නිළයක් නොදරයි. ලංකාවේ බයි ජනයා සුවපත් කිරීම පිණිස මේ වනවිට එකී ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන්නේ මෝදි පවා එළවා දමා නාමල් ඉංදීය ජනරජ දිනය අතට ගත් ආකාරයෙනි. මේවාට රැවටෙන පිරිස් තවම මේ රටේ නැතුවාම නොවෙයි.
    Ithin apita paan da ?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    IMG_2634.jpeg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම කියන්නෙ ඔය ඈත ගම් වල ඉන්න කුඹුරු කොටන් ඉන්න ගම් වල චන්ද දායකයො ගැන. උන්ට රාජපක්ශ කිව්වුවාම විතරක් ඇති, උන්ට පෙන්නෙ TV එකෙ යන ටික විතර නෙ,
    උන්ව නලෝලා චන්දේ දින්න බෑ. බලපන් අනුරයා ගහන ගේම, උතුර අල්ලනවා,උන්ගේ චන්ද යන්නේ කුට්ටිය පිටින්. එහෙන් කඩාගන්න පුලුවන් නන් සැර ගේමක් ගහ්න්න පුලුවන්
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ඌම ඒක දාලනේ. ඌ ඒක හංගන්න ට්‍රයි කළා නම් තමයි අවුල

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,718
    113
    මේවා අමතක කරවන්න හොර මාලිමාවේ උන් ඒ පාර නාමල්ව අල්ලගෙන නටනවා.ගන්න පඩියට වැඩක්‍ කරන්නත් ඵපැයි නේද හොර ජෙප්පෝ..🤣


    පාටලීට ඕන අවදානය ගන්න මේ ටෙන්ඩරයක් අල්ලන් දගලන්නෙ ඌත් අර ගෙම්බන්පිලය වගේ අවදාන අඩුවේගන එද්දි මොකක හරි එල්ලෙනව... :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    පාටලීට ඕන අවදානය ගන්න මේ ටෙන්ඩරයක් අල්ලන් දගලන්නෙ ඌත් අර ගෙම්බන්පිලය වගේ අවදාන අඩුවේගන එද්දි මොකක හරි එල්ලෙනව... :lol:
    එතකොට මේගොල්ලෝ ගල් අගුරු වලින් ගසාකාලා නැද්ද ? බාල ගල් අගුරු ගෙන්නුවේ නැද්ද ? 🤌🤌
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,718
    113
    එතකොට මේගොල්ලෝ ගල් අගුරු වලින් ගසාකාලා නැද්ද ? බාල ගල් අගුරු ගෙන්නුවේ නැද්ද ? 🤌🤌
    කෝ කොහෙද එහෙම ගෙන්නල තියෙන්නෙ එහෙම ගෙන්නලනන් නිසි පියවර ගනී අනුර....ඔය විපක්ශෙ අය නටන්න ඕන නෑ ආයෙ චන්දෙ හම්බෙන්නෙ නෑ කොච්චර නැටුවත්