🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 02 - පෝලන්තයේ, 'Proboszczow' ගම්මානයට ඉහළින් වූ ආකාසයෙහි දිස්වූ සූර්ය ඇනලෙමාවන් (Solargraphic Analemmas) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    nvexcIu.jpg


    ජූනි 21 වනදා යනු උත්තර අර්ධගෝලයෙහි රටවලට "summer solstice" එනම් සූර්යයා ආකාසයේ උතුරු දෙසින් වූ, ඉහළින්ම පවතින උන්නතාංශයකට පැමිණීම හේතුවෙන් වර්ෂයේ හිරු උදාවී පවතින දීර්ඝතම දිනයයි. ඉහත ඡායාරූපයෙන් පෝලන්තයේ පිහිටා ඇති "Proboszczow" නම් ගම්මානයට ඉහළ ආකාසයෙහි, 2021 වසරේ ජූනි 26 ත් 2022 වසරේ ජූනි 26 ත් අතර කාලසීමාව තුළ එනම් වර්ෂයක් මුළුල්ලේම ආකාසයෙහි සූර්යයා දර්ශනය වූ ස්ථානයන් එනම් "Solar Analemma" සිදුවූ ආකාරය නිරූපණය කරන අතර ආකාසයෙහි දකුණු දෙසට හැරවූ සිදුරු කැමරාවක් (pinhole camera) භාවිතා කරමින් කිසිදු ඩිජිටල් නිරාවරණ කාලයකට ලක් නොකරමින් (No sequence of digital exposures) මෙය හසුකර ගෙන තිබේ. එකම ඡායාරූප තලයකට මෙහි සූර්ය ඇන්ලෙමාවන් (analemmas) මේ ආකාරයෙන් හසුකර ගැනීම සදහා විශේෂ තාක්ෂණික ක්‍රමයක් භාවිතා කරන අතර එය "solargraphy" යනුවෙන් හදුන්වනු ලබයි.

    මෙහි දිස්වන ඇනලෙමාවන් ත්‍රිත්වය (analemmas) මධ්‍යම යුරෝපියානු වේලාවෙන් (Central European Time - CET) 11:00, 12:00, හා 13:00 CET යන කාලයන්ට අදාළව සිදුරු කැමරාවෙහි වූ ඡායාරූප තලයෙහි සටහන් වීම සිදුවී ඇති අතර ඒ අතර කාලයේදී කැමරා කාචය කෙටි නිරාවරණ කාලයකට ලක් කිරීම සිදුකර ඇත. මෙම ඡායාරූපයෙහි දෙපැත්තෙන් දිස්වන කඩඉරි සමූහයන්ගෙන් (Groups of dashed lines) සූර්යයා ආකාසයේ ගමන් කළ පාර්ශ්වික මාර්ගයන් (partial tracks) නිරූපණය කරන අතර දිනපතා සෑම මිනිත්තු 15 කට වතාවක් කැමරා කාචය නිරාවරණයට ලක් කිරීමෙන් මේවා හසුකර ගෙන තිබේ. වසරක් මුළුල්ලේ ලබාගත් මෙම ඡායාරූපයෙහි (solargraphic photo) දිස්වන අදුරු පැහැ හිඩැස්, ආකාසයෙහි වූ වළාකුළු මගින් සූර්යයා අවහිර කර ගැනීම හේතුවෙන් සිදුරු කැමරාවෙහි කාචයෙහි නිරාවරණයන්ට අවහිරතාවන් ඇති වූ කාලසීමාවන් නිරූපණය කරයි.


    Image Credit & Copyright: Dawid Rycabel (Pinholove)

    Analemma1.jpg




    Solar Analemma






    Solstice

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    සිදුරු කැමරාවෙහි වූ ඡායාරූප
    සූර්යයා ආකාසයේ ගමන් කළ පාර්ශ්වික මාර්ගයන් (partial tracks)
    මේ මොනවා ගැනද බං කියන්නේ. මුකුත් තේරුනේ නෑ නේ. 🤔 🤔 😕 😕 😕


    pinhole camera කියන එකනම් හොයාගත්ත. ඕක මොකද විශේෂත්වය?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මේ මොනවා ගැනද බං කියන්නේ. මුකුත් තේරුනේ නෑ නේ. 🤔 🤔 😕 😕 😕


    pinhole camera කියන එකනම් හොයාගත්ත. ඕක මොකද විශේෂත්වය?
    Solography වලදි විශේෂෙන් පාවිච්චි කරන්නේ සිදුරු කැමරා තමයි. මේ කැමරාවලදි පාවිච්චි කරන light sensitive paper එකයි, long exposure වලින් images capture කරගන්න තියන හැකියාව නිසා සූර්යයා අහසෙ පෙනෙන ස්ථාන ලේසියෙන් හසු කරගන්න පුළුවන්.


    partial tracks ප්‍රධාන ගමන් මාර්ග තුන ඇරුනම සූර්යයා දිස්වුණ වෙන ස්ථානවලින් හැදුණු අතුරු මාර්ගවලට.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Solography වලදි විශේෂෙන් පාවිච්චි කරන්නේ සිදුරු කැමරා තමයි. මේ කැමරාවලදි පාවිච්චි කරන light sensitive paper එකයි, long exposure වලින් images capture කරගන්න තියන හැකියාව නිසා සූර්යයා අහසෙ පෙනෙන ස්ථාන ලේසියෙන් හසු කරගන්න පුළුවන්.


    partial tracks ප්‍රධාන ගමන් මාර්ග තුන ඇරුනම සූර්යයා දිස්වුණ වෙන ස්ථානවලින් හැදුණු අතුරු මාර්ගවලට.
    Thanks බං
     

    Similar threads