එක්තරා නුවණැති දෙවියෙක් අප භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා...


"කිංසු යාව ජරා සාධු.."

️“ජරාජීර්ණ වෙලා යනතාක්ම පුරුදු කරන්න හොඳ මොකක්ද ?
.
භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා..
"වයසට යන තෙක් ම සිල් රැකීම මයි උතුම්..” 

.
[
සං. නි. – සගාථ වර්ගය - ජරා සූත්‍රය
]
.
බලන්න.. අපට වඩා සියදහස් ගුණයකින් දීර්ඝ ආයුෂ ඇති.. පිළිකුල් මාත්‍රයක් හෝ දකින්නට නොමැති.. ස්වර්ණ වර්ණ ඡවි පැහැයෙන් යුතු.. සුගන්ධවත් සිරුරු දරන.. එබඳුම සිරුරැති
දිව්‍ය අප්සරාවන් සිය ගණන් පිරිවරා ගෙන
දිව්‍ය වූ පංචකාමයෙන් සමෘද්ධිමත් ව සිටින
ඇතැම් නුවණැති දෙවිවරුන් පවා තමන් ලද
ජීවිතයේ අල්ප බවම සිහි කළා. එබඳු අතිශය සුවදායක ජීවිත තුළ පවා සැපයට මුළා නොවී උතුම් දේ සොයා ගියා.
එබඳු අතිශය දීර්ඝ දිව්‍ය ජීවිත පවා නිකරුණේ ගෙවී යා නොදී උතුම් දෙයක් පුරුදු කිරීමට
කල්පනා කළ නුවණැති දෙවියෙකුයි දිනක්
භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටි අපූරු ප්‍රශ්න කිහිපයකින් එකකුයි මේ ඉහත සඳහන් කලේ.
.
මිනිස්ලොව ඇති ස්වල්ප වූ කාමයට වසඟ වී මංමුළා වන මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගෙවී ගොස් සැඳෑ සමය එළඹෙන තෙක් ම ‘මමත්
උතුම් දෙයක් පුරුදු කරන්න ඕනේ..’ කියලා
සිතෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිස් අතින් ම මරණයට පත් වෙනවා. අතිශයින් ම ප්‍රණීත වූ දිව්‍ය කාමයට වසඟ වීම ගැන කවර කතා ද ! නමුත් දෙව්ලොව පවා මේ ජරා මරණ දුකින් නිදහස් වෙලා නැහැ.
දෙවියන් අතර සිටියත්, මිනිසුන් අතර සිටියත් සිල්වත් උතුම් ජීවිතයක් ගත කරන කෙනාට සැපය උදා වෙනවා. නමුත් බොහෝ දෙව්
මිනිසුන් තාවකාලික කාම සැප සම්පත් හමුවේ සිල්වත් ජීවිතය අත්හරිනවා.
.
දීර්ඝ ආයුෂ ඇති දෙවියන් පවා ප්‍රමාදී වීම නිසා තමන්ගේ ජීවිතයට යහපත සලසා නොගෙන ම මරණයට පත් වෙනවා..
අල්ප වූ ආයුෂ ඇති මිනිස් ලොව ඉපදුණ අප ඇතැම් විට වයසට යනකන් ම රැකියාව සඳහා ම වෙහෙසෙනවා..
ඇතැම් අය වයසට යනකන් ම බාහිර දේ ඉගෙන ගන්න මහන්සි වෙනවා..
තවත් අය වයසට යනකන් ම තම දූ දරුවන් වෙනුවෙන් ම වෙහෙසෙනවා..
සිල්වත් ජීවිතයක් වෙනුවෙන් වෙහෙසෙන්-නේ මේ ලෝකයේ කොපමණ ස්වල්ප පිරිසක් ද !
එදිනෙදා ජීවිතය තුළ පංචසීලය රකින්න උනන්දු වන්නේ ඉතා ම අල්ප වූ පිරිසක්..
පොහොය දින බඹසර සීලය සහිත උපෝසථය සමාදන් වීමට තරුණ වියේ දී ම පුරුදු උනොත් ජීවිතයේ සැඳෑ සමය වන විට විශාල පිනක් රැස් වෙනවා..
ඒ පින විසින් ම ඔබව සුගතිය කරා ගෙන යනවා..
.
සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක්. ඒ පාලම තියෙන කෙනාට සුව සේ ම සුගති ලෝකය කරා පියනගන්න පුළුවන්.....
දසදිශාවට ම හමා යන ශ්‍රේෂ්ඨ සුවඳ විළවුන් කියන්නේ සීලයට. සිල්වත් කෙනාගේ ගුණ සුවඳ දෙව්ලොව පවා පැතිරෙනවා.....
දුර ගමනක් යන කෙනෙකුට සාගිනි නිවා ගැනීමට ලැබුණු රසවත් බත් මුලක් වගේ සීලය. මේ විඩාබර සසර ගමනේ දුක්ගිනි නිවා සැපය ළඟා කර දෙන්න සීලයට පුළුවන්.....
සීලය කියන්නේ දසදිශාවේ ගමන් කළ හැකි සුවපහසු වාහනයක්. සිල්වතා ව සුවසේ සුගතිය කරා රැගෙන යන්න ඒ වාහනයට පුළුවන්.....
සීලය කියන්නේ අද්භූත ඇඳුමක්. ඒ ඇඳුම හැඳ ගත් කෙනාට කිසිම බියක් සැකක් නොමැතිව විශාරද ව ඕනෑම පිරිසක් මැදට යන්න පුළුවන්.....
සීලය කියන්නේ මෙලොව පරලොව රැකවරණය සලසන උත්තම ආයුධයක්. මේ ලෝකයේ වෙන කිසිම ආයුධයකින් එබඳු ආරක්ෂාවක් ලබන්න බැහැ.....
සිත කියන්නේ මහ මුහුද නම් සීලය කියන්නෙ වෙරළයි. සිත නමැති මහ මුහුදේ පැන නගින කෙලෙස් රළ ගෙඩි සීලය නැමැති වෙරළේ හැපිලා සිඳී බිඳී යනවා. සීලය නමැති වෙරළ තියන තාක් ඒ කෙලෙස් රළ ගෙඩි වලින් කාටවත් හානියක් වෙන්නේ නැහැ.....
ඇත්තටම සීලය කියන්නේ සියලු යහපත් ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ. සියලු ගුණධර්ම වැඩෙන්නේ සීලයෙන් පෝෂණය ලබලා.....
.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවවාදය පිළිපදිමින් අපත් වියපත් වන තුරාම දිවි තිබෙන තුරාම සීලය පුරුදු කරමු.

•═════════════════════••
"කිංසු යාව ජරා සාධු.."
.
භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා..
.
[
.
බලන්න.. අපට වඩා සියදහස් ගුණයකින් දීර්ඝ ආයුෂ ඇති.. පිළිකුල් මාත්‍රයක් හෝ දකින්නට නොමැති.. ස්වර්ණ වර්ණ ඡවි පැහැයෙන් යුතු.. සුගන්ධවත් සිරුරු දරන.. එබඳුම සිරුරැති
එබඳු අතිශය දීර්ඝ දිව්‍ය ජීවිත පවා නිකරුණේ ගෙවී යා නොදී උතුම් දෙයක් පුරුදු කිරීමට
.
මිනිස්ලොව ඇති ස්වල්ප වූ කාමයට වසඟ වී මංමුළා වන මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගෙවී ගොස් සැඳෑ සමය එළඹෙන තෙක් ම ‘මමත්
දෙවියන් අතර සිටියත්, මිනිසුන් අතර සිටියත් සිල්වත් උතුම් ජීවිතයක් ගත කරන කෙනාට සැපය උදා වෙනවා. නමුත් බොහෝ දෙව්
.
.
.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවවාදය පිළිපදිමින් අපත් වියපත් වන තුරාම දිවි තිබෙන තුරාම සීලය පුරුදු කරමු.
•═════════════════════••