ඈත කඳුකර හිමව් අරණේ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ.... //
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ..... //
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
රනින් කල වන් පුළුල් උරයෙන්.... //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගමසේකර
සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
