🎙️ ඈත කඳුකර හිමව් අරණේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    🎙️ ඈත කඳුකර හිමව් අරණේ

    ඈත කඳුකර හිමව් අරණේ

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු හෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ.... //

    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ..... //
    ලදැළියන්ගේ සීන අතරේ
    මැවෙයි ඒ රූපේ

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු හෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

    රනින් කල වන් පුළුල් උරයෙන්.... //
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ
    සඳේ සොමි ගුණ යා කෙරේ
    හදේ මෝරන ආදරේ
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු හෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

    ගායනය - පණ්ඩිත් අමරදේව
    පද රචනය - මහගමසේකර
    සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම


     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පිරිමි වර්ණනාවක් තියෙන එක ම සිංදුව.
    ඩී.ඩී ගුණසේන වයලින් එකෙන් ප්ලේ කරන යූටියුබ් වීඩියෝ එකත් බලන්න.
     
    • Like
    Reactions: Lejayange

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    link eka danna
    පිරිමි වර්ණනාවක් තියෙන එක ම සිංදුව.
    ඩී.ඩී ගුණසේන වයලින් එකෙන් ප්ලේ කරන යූටියුබ් වීඩියෝ එකත් බලන්න.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිරිමි වර්ණනාවක් තියෙන එක ම සිංදුව.
    ඩී.ඩී ගුණසේන වයලින් එකෙන් ප්ලේ කරන යූටියුබ් වීඩියෝ එකත් බලන්න.

    මම ලඟ තියනව ඔරිජිනල් සීඩී එක පට්ට මචන් ඒක