🎙️ ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    🎙️ ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි

    වියෝවූ පසුවයි දැනෙන්නේ

    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඞූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම් ....

    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඞූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම් ....

    ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
    දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඞූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්

    හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඞූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම් ....

    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඞූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම් ....

    පදරචනය – බන්ධුල නානායක්කාරවසම්
    සංගීතය – රෝහණ වීරසිංහ
    ගායනය – සුනිල් එදිරිසිංහ

    මේ සුනිල් එදිරිසිංහ මහතාගේ දියණිය.......

    Last edited:
    • Like
    Reactions: NK123

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

    මිනිස් සිතෙ නිවැරදිම ප්‍රකාශනයක්........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

    මිනිස් සිතෙ නිවැරදිම ප්‍රකාශනයක්........

    හ්ම්.... මමත් ආසම කොටසක් ඒ... පුංචිම පුංචි පරිසර උපමාවකින් කොච්චර ගැඹුරු සත්‍යයක් කියල තියනවද....
    ඇයි මේ.. කොටස.....

    "ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
    දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි"
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්.... මමත් ආසම කොටසක් ඒ... පුංචිම පුංචි පරිසර උපමාවකින් කොච්චර ගැඹුරු සත්‍යයක් කියල තියනවද....
    ඇයි මේ.. කොටස.....

    "ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
    දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි"

    ඔව්...හැබැයි මිනිස්සුන්ට අමතක වෙන කොටස තමයි හද මැකෙනවා කියන එක..හදක් මුලු මාසෙ පුරාවටම එලිය දෙන්නෙ එයාට හිතෙන විදිහට..එ මදිවට එක දිනයකදි ලොකයම අදුරේ තියන්නත් පැකිලෙන්නෙ නැ...එත් තරුවක් එහෙම කරන්නෙ නැ කවදාවත්ම..හැමදාම එකම විදිහට එලිය දීගෙන ඉන්නවා..සද වෙනස් උනත් තරු වෙනස් වෙන්නෙ නැ...:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔව්...හැබැයි මිනිස්සුන්ට අමතක වෙන කොටස තමයි හද මැකෙනවා කියන එක..හදක් මුලු මාසෙ පුරාවටම එලිය දෙන්නෙ එයාට හිතෙන විදිහට..එ මදිවට එක දිනයකදි ලොකයම අදුරේ තියන්නත් පැකිලෙන්නෙ නැ...එත් තරුවක් එහෙම කරන්නෙ නැ කවදාවත්ම..හැමදාම එකම විදිහට එලිය දීගෙන ඉන්නවා..සද වෙනස් උනත් තරු වෙනස් වෙන්නෙ නැ...:D

    හ්ම්.... ඇත්ත... එහෙම කරලත් අන්තිමට ගැරහුම් ලබන්න වෙන්නෙත් ඒ අහිංසක තරුවලටමයි.

    ඒත්, ඒ තරු දිහාම වෙනස් විදියට බලන්න පුළුවන්.... මේ බලන්න....

    සමන් පිච්ච මල් ඉහිරුන
    නිල් තණකොළ පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට...

    ලොකුවට එලිය නොදුන්නට, සමන්පිච්ච මලක පිවිතුරු බව සුවඳ නැවුම් බව තියෙනව කියල නේද කියන්නෙ.... අහස ලස්සන වෙලා තියෙන්නෙ ශිෆ්ට් එකට වැඩ කරන හඳෙන් නෙවෙයි. "හැමදාම එකවගේ තියන තරු වලින්"
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්.... ඇත්ත... එහෙම කරලත් අන්තිමට ගැරහුම් ලබන්න වෙන්නෙත් ඒ අහිංසක තරුවලටමයි.

    ඒත්, ඒ තරු දිහාම වෙනස් විදියට බලන්න පුළුවන්.... මේ බලන්න....

    සමන් පිච්ච මල් ඉහිරුන
    නිල් තණකොළ පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට...

    ලොකුවට එලිය නොදුන්නට, සමන්පිච්ච මලක පිවිතුරු බව සුවඳ නැවුම් බව තියෙනව කියල නේද කියන්නෙ.... අහස ලස්සන වෙලා තියෙන්නෙ ශිෆ්ට් එකට වැඩ කරන හඳෙන් නෙවෙයි. "හැමදාම එකවගේ තියන තරු වලින්"

    අනිවාර්‍යෙන් ම...:Dඑක තෙරුම් ගන්න පුලුවන් සුලුතරයක් ඉන්නවා තාම මේ ලෙකෙ....
    කැලල් තියෙන හද ආඩම්බරයෙන් ඉන්න කොට තරු හදට හිනවෙනවාද අනුකම්පා කරනවා ද කියලා තරුවකින්ම තමා අහන්න වෙන්නෙ:D

    පල ඇති රුකටයි ගල් ගහන්නෙ...එවගෙ තමා..හදට දොස් කිවුවට තෙරුමක් නැ..එත් තරු වලට පුලුවන් එ දොස් දාරාගෙන එක වගෙ එලිය දෙන්න..හදක් වගෙ ශිෆ්ට් එකට එලිය නොදි............
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අනිවාර්‍යෙන් ම...:Dඑක තෙරුම් ගන්න පුලුවන් සුලුතරයක් ඉන්නවා තාම මේ ලෙකෙ....
    කැලල් තියෙන හද ආඩම්බරයෙන් ඉන්න කොට තරු හදට හිනවෙනවාද අනුකම්පා කරනවා ද කියලා තරුවකින්ම තමා අහන්න වෙන්නෙ:D

    පල ඇති රුකටයි ගල් ගහන්නෙ...එවගෙ තමා..හදට දොස් කිවුවට තෙරුමක් නැ..එත් තරු වලට පුලුවන් එ දොස් දාරාගෙන එක වගෙ එලිය දෙන්න..හදක් වගෙ ශිෆ්ට් එකට එලිය නොදි............

    කැලැල් තියන හඳ ආඩම්බරෙන් හිටියට යතාර්ථය දැනගත් දාට කාටත් වඩා ලැජ්ජ වෙන්නෙත් ඒ හඳම තමා. ලොකුවට පුම්බගෙන හිටියට එයාට එළිය ලැබෙන්නෙත් තරුවකින්ම තමා... ලඟම ඉන්න ලොකු තරුවකින්... තනියම එළිය නිපදවාගෙන හැමදාම එක විදියට සාධාරණව එළිය බෙදන්න තරම් එයා නිහතමානී කියල දැනුන දවසට.............
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැලැල් තියන හඳ ආඩම්බරෙන් හිටියට යතාර්ථය දැනගත් දාට කාටත් වඩා ලැජ්ජ වෙන්නෙත් ඒ හඳම තමා. ලොකුවට පුම්බගෙන හිටියට එයාට එළිය ලැබෙන්නෙත් තරුවකින්ම තමා... ලඟම ඉන්න ලොකු තරුවකින්... තනියම එළිය නිපදවාගෙන හැමදාම එක විදියට සාධාරණව එළිය බෙදන්න තරම් එයා නිහතමානී කියල දැනුන දවසට.............

    :yes::yes::yes::yes::yes:හදට අමතකයි ලොකෙට එලිය දෙන ඉරත් තරුවක් කියලා...............:D
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මම නම් හිතන්නෙ එක හඳයි මසෙ පුරාවටම පායන්නේ, තරු නම් මිල්යන ගානක්, අද තියෙන එකට නෙවෙයි හෙට අපි තරුව කියල කියන්නේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :yes::yes::yes::yes::yes:හදට අමතකයි ලොකෙට එලිය දෙන ඉරත් තරුවක් කියලා...............:D

    හැම තැනම වෙලා තියෙන්නෙ ඒක තමයි.... සමාජෙ හැදිල තියෙන්නෙ එහෙම.. ඒ අනුන්ගෙ එළියෙන් පිම්බෙන අය තමයි ගොඩක් ලොකුවට ඉන්නෙ හැමෝගෙම පැසසුමට ලක්වෙන්නෙ. එයාට එළිය ලැබෙන්නෙ කොහොමද කියල හොයන්නෙ නැහැ කවුරුත්... මිනිස්සු කැමති දකින සුන්දරත්වය විඳින්න මිසක්... ඒ ගැන හොයා බලන්න නෙවෙයි....එලිය දෙන්න වෙහෙසෙන අය හැමදාම වෙහෙසෙනව අනුන්ට එලිය දෙන්න....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මම නම් හිතන්නෙ එක හඳයි මසෙ පුරාවටම පායන්නේ, තරු නම් මිල්යන ගානක්, අද තියෙන එකට නෙවෙයි හෙට අපි තරුව කියල කියන්නේ...

    හ්ම්... එක හඳයි.. එයා අපිට මුහුණ දෙන විදිය වෙනස්...