🎬👨‍💻 සිනමාවේ මායාව - "Furiosa: A Mad Max Saga" සිනමාපටය සදහා "AI' (Artificial intelligence) තාක්ෂණය යොදාගත් අයුරු 👩‍💻🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113

    1280px-Furiosa_A_Mad_Max_Saga_logo.png


    ✍️🎬 සටහන: @Stimulus mind 🎥✍️


    "Furiosa: A Mad Max Saga" චිත්‍රපටිය බලපු හුගක් දෙනෙක් හිතනවා ඇති 'Furiosa' ගෙ චරිතය කරපු "Anya Taylor-Joy" ගෙ කුඩාකාලෙ හැඩරුවට හුගක් සමාන හැඩරුවක් තියෙන ළමා නිළියක් මේ චිත්‍රපටියෙදි 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතය කරන්න යොදා ගන්න ඇති කියලා. නමුත් මේ චිත්‍රපටියෙ 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතයට පණ පොවන "Alyla Browne" කියන ළමා නිළියගෙ සැබෑ ජීවිතයෙ පෙනුම නම් අපි චිත්‍රපටියෙදි දැක්ක පෙනුමට වඩා හුගක් වෙනස් පෙනුමක් තමයි ගන්නෙ. මේකට හේතු වෙලා තියෙන්නෙ 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතයට පණ පොවපු "Alyla Browne" කියන ළමා නිළියගෙ මුහුණේ පෙනුම, "Anya Taylor-Joy" ගෙ මුහුණේ තිබෙන හැඩරුව සහ අංග ලක්ෂණවලට (facial features) සමාන වන විදිහට AI තාක්ෂණය භාවිතා කරලා වෙනස් කරලා තිබීමයි. "Metaphysic.ai" මගින් නිර්මාණය කරපු විශේෂ AI වැඩසටහනක් යොදාගෙන තමයි මේ සුවිශේෂ කාර්යය සිදු කරලා තිබෙන්නෙ.

    "Furiosa' ගෙ ළමා කාලයේ චරිතයට පණ පොවපු "Alyla Browne" කියන ළමා නිළියගෙ සැබෑ ජීවිතයෙ පෙනුම

    1625508_v9_aa.jpg
    alyla-browne-tai-khong-doi-tuoi_921717513992.jpg

    MV5BZGNjZWExMTMtOGM2Ni00ZTgyLTg2ZDYtNzA3MWM5MTU4NjFkXkEyXkFqcGdeQXVyOTY3ODUxMzM@._V1_FMjpg_UX1000_.jpg


    සිනමාපටයේදී දුටු ස්වරූපය

    1774938409628371


    furiosa-a-mad-max-saga-1.jpg


    alyla-browne-as-furiosa-in-furiosa-a-mad-max-saga-2024-by-v0-kp5rvlhj7n4d1.jpeg

    "Alyla Browne" සහ "Anya Taylor-Joy"

    alyla-browne-as-young-furiosa-in-furiosa.jpg


    furiosa-8.jpg


    චිත්‍රපටියෙ මුල් කොටස්වලදී "Anya Taylor-Joy" ගෙ "facial features" වලින් 35% ක් විතර "Alyla Browne" මුහුණට AI තාක්ෂණය හරහා බද්ධ කරලා තමයි මේ විදිහට වෙනස් කරලා තියෙන්නෙ. "Furiosa' ක්‍රමයෙන් වැඩිවියට පත් වෙනකොට ඊට සාපේක්ෂව "Alyla Browne" මුහුණෙ තියෙන 35% පමණ වෙන "Anya Taylor-Joy" ගෙ "facial features" වල ප්‍රමාණය 80% ක් විතර වෙනකම් මේ විදිහට AI තාක්ෂණය යොදාගෙන වැඩි කරලා තියෙනවා. මේ නිසා තමයි "Alyla Browne" රගපාන "Furiosa' ගෙ ළමා කාලෙ චරිතයේ ඉදලා, "Furiosa' ගෙ වැඩිහිටි වියේ චරිතයට පණ පොවන "Anya Taylor-Joy" දක්වා මාරුවෙනකොට (transition) චිත්‍රපටිය බලන අපිට ඒ කාලවල් 2 රගපාපු නිළියො දෙන්නා වෙනස් වුණා කියන එක (seamless transition එකක්) තේරෙන්නෙ නැත්තෙ.

    මීට අමතරව "Mad Max:Fury Road" චිත්‍රපටියෙ හිටපු කැපී පේන චරිතයක් වුණු "Bullet farmer" කියන චරිතය "Furiosa: A Mad Max Saga" චිත්‍රපටියෙදි නැවත නිරූපණය කරන්නත් මේ AI තාක්ෂණය ක්‍රමවේදය යොදාගෙන තියෙනවා. ඒකට හේතුව වුණේ "Mad Max: Fury Road" චිත්‍රපටියෙදි "Bullet farmer" ගෙ චරිතයට පණ පොවපු "Richard Carter" රගන ශිල්පියා 2019 වසරෙදි මිය යාමයි. මේ නිසා "Furiosa: A Mad Max Saga" චිත්‍රපටියෙදි "Bullet farmer" ගෙ චරිතයට "Lee Perry" රංගන ශිල්පියා පණ පොවපු අතරම ඔහුගේ මුහුණ "Richard Carter" ගේ මුහුණට සමාන වෙන විදිහට AI තාක්ෂණය මගින් වෙනස් කිරීම සිදු කරලා තිබෙනවා. "Furiosa: A Mad Max saga" චිත්‍රපටියෙ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය කිරීම සිදු කරනු ලැබුවෙ "DNEG' සහ "Framestore" කියන සුප්‍රකට "VFX' සමාගම් ද්විත්වය මගිනුයි.


    "Bullet farmer" චරිතයට මුලදී පණ පොවපු, 2019 වසරේදී ජීවතයෙන් සමුගත් "Richard Carter" කියන රංගන ශිල්පියා

    MV5BMzA4MzM4NDU1MV5BMl5BanBnXkFtZTcwNDMwMTQwOA@@._V1_.jpg
    5l20y420nga31.png






    "Furiosa' චිත්‍රපටයේදී "Bullet farmer" ගෙ චරිතයට පණ පොවපු "Lee Perry" කියන රංගන සහ හඩ කැවීම් ශිල්පියා

    6001acd949010499eb5875b4f746d029.jpg





     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Furiosa වල storyline එක නම් ගොඩක් හොදයි, Fury road එකට වඩා. Fury road වල නම් මුළු ෆිල්ම් එකම තනිකර chase සීන් එකක්නෙ.
    පලවෙනි එකේ rape scene එකක් නෙ 😒
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    VFX අව්ල් නේ ෆිල්ම් එකේ 🤔
    VFX නම් Fury road වලට වඩා ටිකක් අවුල් තමයි. ඕනවට වඩා CGI යූස් කරන්න ගියපු හින්දා තමයි ෆිල්ම් එකේ හුගක් සීන්ස්වලදි පොඩි unrealistic ගතියක් දැනෙන්නෙ. හැබැයි ෆිල්ම් එකේ storyline එක හොද නිසා ෆිල්ම් එක බලාගෙන යනකොට ඒ ගතියට හුරු වෙලා ඕක එච්චරට දැනෙන්නෙ නැතුව යනවා.
     

    Similar threads