🏏🏏 දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් අභිසය 🏏🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    320211.6.jpg


    ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා. ඒ, අඛණ්ඩව වැඩිම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකදී ලකුණු 50 ට වඩා වැඩියෙන් වාර්තා කළ පිතිකරු බවට පත්වීමේ ලෝක වාර්තාවටයි.

    වනවිට දිමුත් කරුණාරත්න අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 6 කදී අර්ධ ශතක රැස්කර ගෙන සිටිනවා. එහි ලෝක වාර්තාව වන්නේ අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 7 කදි අර්ධ ශතක රැස් කිරීමයි. කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු මේ වනවිටත් එම ලෝක වාර්තාවට හිමිකම් කියනවා. එහෙත් 1948 වර්ෂයේ සිට එම ලෝක වාර්තාව බිද හෙළීමට කිසිදු පිතිකරුවෙකුට මේ දක්වා හැකි වී නැහැ.

    ඒ අනුව කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී දිමුත් අර්ධ ශතක දෙකක් රැස්කර ගත හොත් නව ලෝක වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සටහන් වනු ඇති. ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සදුදා ගාල්ලේදී ආරම්භ වනවා.



    Dimuth Karunaratne sets sights on 'peak form', 10,000 runs and 100 Tests
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු මේ වනවිටත් එම ලෝක වාර්තාවට හිමිකම් කියනවා. එහෙත් 1948 වර්ෂයේ සිට එම ලෝක වාර්තාව බිද හෙළීමට කිසිදු පිතිකරුවෙකුට මේ දක්වා හැකි වී නැහැ.
    සංගක්කාර 1948 ක්‍රිකට් ගැහුවේ නෑ .. typo එකක් හදහන් ඉක්මනට ...
    1637917756525.png
     

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    1948 වර්ෂයේ සිට එම ලෝක වාර්තාව බිද හෙළීමට කිසිදු පිතිකරුවෙකුට මේ දක්වා හැකි වී නැහැ.

    කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු මේ වනවිටත් එම ලෝක වාර්තාවට හිමිකම් කියනවා.
    :confused:
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    සංගක්කාර 1948 ක්‍රිකට් ගැහුවේ නෑ .. typo එකක් හදහන් ඉක්මනට ...
    View attachment 152259

    ඔය කියන්නේ සම වාර්තාවට හිමිකම් කියලා. මුලින්ම එකදිගට 50 ඒවා 6 ක් ගහලා තියෙන්නේ 1948 දී. ඊට පස්සේ බැට්ස්මන් ලා ඒක සමකරලා විතරයි කඩලා නෑනෙ. ඒකතමයි කියලා තියෙන්නේ. :yes: