🏳️ එක ම පවුලේ පස්වැන්නාත් සිය දිවි නසා ගනී

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය



    එප්පාවල සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

    මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.

    ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල නිවසට පැමිණ අද මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    මෙම සිදුවීම වන අවස්ථාවේ කිසිවකුත් නිවසේ රැඳී සිට නොමැති අතර දහවල් 12ට ආසන්න වේලාවක තරුණයා දිවි හානි කරගෙන ඇති බවට සැක කෙරෙනවා.

    අසල නිවසක කාන්තාවක් ඔහු ගෙළ වැළලාගෙන සිටින බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලිසියට මේ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

    ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ බහින් බස් වී මෙම තරුණයා දිවි නසා ගෙන ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

    මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ සහෝදරයන් තුන් දෙනෙකු සහ සහෝදරියක් මීට පෙර සිය දිවි නසා ගෙන ඇතැයි පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

    ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙසටයි මොහු සියදිවි හානි කර ගෙන ඇත්තේ.

    මීට වසර කිහිපයකට පෙර මෙම තරුණයාගේ සහෝදරියක් සහ සහෝදරයෙකු තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබූ බව සඳහන්.

    එමෙන්ම මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙළ වැළලාගෙන තවත් සහෝදරයෙකු සියදිවි නසා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    මෙම තරුණයා ගෙළ වැළලාගත් කාමරයේම ඔහුගේ තවත් සහෝදරයෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලිසියට කරුණු හෙළිවී තිබෙනවා.

    ඒ අනුව එම පවුලේ සහෝදර සහෝදරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

    සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය විමර්ශණ සිදු කරනවා.

    දසත
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Joke ekata ganna epa ban rate tiyena thathwe ekka majority eka specially young generation eka enne patta pressure ekaka.Unta tamange future eka hopeless kiyala therunama suicide karaganna mentally adjust wena eka very simple.Mewa dakiddi mata nam patta dukaye.
    Menna meka atta. Naki hatta mahindata puka dena ballo pattakata wela shape eke innawa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මේ රට හරි බෝරිං සිය දිවි හානි කරගන්න හිතෙනවා
     
    • Sad
    Reactions: NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Now you may get this simply..

    ඒ වුනාට මේක නම් කැරිම අසාමාන්‍ය සිද්දියක්... අනිවාර්යෙන්ම මල යක්සයෙක් ආරූඩ වෙලා පරම්පරාවම ඉවරයක් කරන ගමන් ඉන්නෙ.. කාට හරි remedy යක් ගන්න මතක් වුනොත් හරි..
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ලංකාවේ බහුතරයක් එවුන් දන්නේ උන, හෙම්බිරිස්සාව වගේ ලෙඩ ගැන විතරයි. කිසි කෙනෙකුට mental disorders ගැන idea එකක් නැ. O/Lකාලේ ඉදලා ඔය දේවල් උගන්නන්න ඕන, Brain එකට කෙල වුනා කියන්නේ sorry තමයි
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    මීට වසර කිහිපයකට පෙර මෙම තරුණයාගේ සහෝදරියක් සහ සහෝදරයෙකු තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබූ බව සඳහන්.

    බර එන්ජින් ඕනේ මිනිස්සු තව ටිකක් මරණ්න, LRT වැඩක් නෑ 🚃🚂☠️