👥👥👥 අද ගාල්ල (මෛත්‍රී රැලිය ) 👥👥👥

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.


    මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..


    :yes::yes:

    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, මුන්ට ජන්දේ දෙන උන්ට හු--- ගේම පිහිටයි.. :angry::angry:



    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    මෙන්න පවුල් සංස්ථාවේ තවත් 8ට පාස් නැති රට කන මාරාගේ බයියෙක්

    නිශාන්ත වික්‍රමසිංහ , ශිරන්තිගේ සහෝදරයා ශ්‍රී ලංකන් එයාර් සභාපති ,
    ඔහු මෙම තනතුරට පත් වන්නට පෙර සුළු තේ දළු වෙළෙන්දෙකි , අපොස සාමාන්‍ය පෙළ අසමත්ය .

    ශ්‍රී ලංකාන් එයාර් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් වී ඇත ,බිලියන 90ක පාඩුවක් මේ වන විටත් ඔහුගේ සභාපතිත්වය යටතේ රටට අත්කරගෙන තිබීම පුදුමයක් නොවේ ,

    අධ්‍යාපනයක් පළපුරුද්දක් නැති මෙවන් බයියන් හට උසස් තනතුරු ලබා දීම ලෝක විහිළුවකි ..

    මෙතන ආතල්ම සින් එක යනු නිශාන්ත පාවිච්චිකරන රෝලක්ස් අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් බව හෙළිවන්නේ ඔහුගේ නිවස සොරු බිදීම හේතුවෙනි . එහිදී නිවසේ තිබී එම ඔරලෝසුව සමග ඇමරිකන් ඩොලර් 115000 ස්ටර්ලින් පවුම් 10,500 ක් හා රුපියල් ලක්ෂ 10 සොරකම් කර තිබේ ...



    කොහෙන්ද මේ සල්ලි ඇයි සුදුසුකම් නැති බයියලාට රටේ ඉහලම තනතුරු දෙන්නේ ?

    මෙන්න අද රටේ තත්වය ...
    මහින්ද පරාජ විය යුතුමයි මහා මුදල් මංකොල්ලය පිටු දකින්න මහින්ද ගෙදර යවන්න .



    එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!


    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්


    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ , නැ නැ ,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක්


    mahinda_nn.jpg


    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , බය නැතුව ඉදිරිපත් වෙන elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ගාල්ලේ ඉපදුනාට තව පාරක් ආඩම්බරයි මට ඇග හිරි වැටුන බන්...මේවා CTB වලින් ඇදපු සෙනග නෙවෙයි බන් ජයවේවා...! මෛත්‍රී පාලනයක ඇරබුම..ඊයේ මොරටුවත් ඔය වගේ බන්....රටකට ඕනෑ අපමණ අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගාල්ලේ ඉපදුනාට තව පාරක් ආඩම්බරයි මට ඇග හිරි වැටුන බන්...මේවා CTB වලින් ඇදපු සෙනග නෙවෙයි බන් ජයවේවා...! මෛත්‍රී පාලනයක ඇරබුම..ඊයේ මොරටුවත් ඔය වගේ බන්....රටකට ඕනෑ අපමණ අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...

    :yes::yes::yes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මොනවා වුනත් මේවා නම් ඇත්ත හැබැයි...
    View attachment 56760
    එදා තත්පරයකට කොටි ප්‍රකෝටි ගණනින් මුදල් විනාස කර යුද්දය,, ඔබ මම සියලුම ආරක්ෂක අංශ... නිවැරදි දේශ පාලන යොමු කිරීම් හමුවේ ජයග්‍රහණය කිරීමට අපට හැකි විය.... යුධ ජයග්‍රහණයේ කොටසක් ඔබට මට වගේම මහින්ද රාජපක්ෂ මහතාටද හිමිවිය යුතුය... එය නොකීමට තරම් අපි ඔවූන් මෙන් කුහක නොවෙමු.... වර්තමානයේ යුද්දය විකුණා කන ඔවුන්ට ඉතිරිව ඇත්තේ... එය පමණකි... ජිවිත කැප කරමින්... අත පය පරිත්‍යාග කරමින්... යුද වැදුණු වීරයන් අද නැත.... මාතෘ බුමිය තුල ලේ බිදක් හෝ නොහෙලූ මිනිසුන් යුද ජයග්‍රහණයේ ඔටුනු පලදන මොහොතේ.... ඔහු සිර කුටියක වසර දෙකක් ගත කළේය.. අපේ සිංහල කොල්ලන්ගේ ඔලු වලට වෙඩි තියල මරලා දාපු ඒ කාලකන්නි උන් තුරුලට ගත්තම අපේ ලේ කකියනව බොලවූ... උන් මරුනේ අපි රකින්න ගිහින් කියල දැනෙන කොට හිතට අමාරුයි බන්... උබල කියයි උන්ට පඩියක් දුන්න කියල... මැරෙන්න යනවා කියල දැන දැන උබට 50,000 දුන්නොත් උබ මම යනවද බන්... හිතපන්කෝ... උන්ගේ බොඩි වල ෂර්ට් අත් නවල උන් ලියුම් ගෙන යනවා මොකද උන් දන්නවා අයිත එන්න වෙන්නේ නෑ කියල... එවයි තියෙන්නේ මහා කදුළු කතාවල් බන්... " අම්මට බෙහෙත් ටික අරන් දෙන්න, නංගිට පොත් ටික අරන් දෙන්න... මම මැරුණම මගේ පඩිය ඉක්මනට ගෙදරට යවන්න" ඔය වගේ තව ගොඩක් දේවල් තියනවා. මිනිස්සුන්ගේ කදුළු,දාඩිය,ලේ උද ඉඩ ගෙන මේක විකුණන් කන එක සදාරණද..? අපේ කොල්ලෝ මරපු පිල්ලෙයාන්, කරුණ, KP ට guard එක දෙන්න කියල උන්ට කියද්දී උන්ට මොනවා හිතෙනවා ඇතිද... තාමත් මේක සදරනිකරණය කරන්න යනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හෙන්චයියෝ, උන් ගැන.. හිතාගනින් මචන්ලා... දැන් යුද්දේ කරපු උන් බෙබිලට රේස් යන්න වැලි කොට්ට කරගහනවා. බෞද්ධ රටේ, බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ වටේත් රේස් පැද්ද බේබිලා, (දළදා මාලිගාවට යන්න දෙන්නේ න අඩුම දනින් පහලට නැත්නම්.. එත් ජංගි පිටින් නටෙවුවේ, මහා සංගරත්නයට සලකන්න වත් දන්නේ නෑ..) ජීවිතෙන් බාගයක් හමුදාවට කැප කරලා කැප වීමෙන් උත්සාහයෙන් උඩට අපු උන්, එක රැයින් තරු ගහපු උන්ට සැලුට් කරනවා.. යුද්දෙට වියදන් කරපු සල්ලි රටේ සංවර්ධනය යෙදෙයුව නම් දැන් rata වටේට රේල් පාරයි හයි වේ එකයි දෙකම ගහල, හරියට කරානම් මේක දැන් ආසියාවේ ආශ්චර්ය තමයි මචන්ලා... එත් බඩ ගැන හිතුව වැඩි උනා.. රහ වැටුනම දාල යන්න බැරි උනා... මම උබ ගියත් ඔතන හොරකන් කරවී කලින් හිටපු මිනිස්සුත් කර එත් සීමාවක් තියෙන්න ඕනේ... මහින්ද රාජපක්ෂ මහත්තය නැති උනොත් යුද්දයක් එනවා කියනවා නම්, එතුමා මැරුනොත් මොකද වෙන්නේ.. අපි හැමදාම ඉන්න ඇවිත් නැනේ. හිතන්න ඔබට බාරයි... ඔබේ වටිනා චන්දය හිතට එකගව ලබා දෙන්න..

    මම නම් මෛත්‍රී පාලනයකට යනවා.. මොකද රටේ නීතියක්, සදරනයක් තියෙන්න ඕන නිසා... හොරු ඉන්නවා එත් දැන් ඉන්නේ කම්බ හොරු... පන්සලේ බුදු පිලිමේත් අරගෙන යන.. සිරිපාදේ ඝන්ටාරෙත් උස්සන.. රටේ නියෝජ්‍ය ඇමති කෙනෙක්වත් අදුනන්නේ නැති ආරක්ෂක අංශ ( ආරක්ෂක අංශ වලට දොස් කියන්න බැ.. ඒ නිලධාරිනුත් අසරණයි.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බයිට් වෙන්නේ අසාවටද, එතුමා අන්තට්ටුවක් තියන හරකෙක්ද..? නෑ හැමෝම අසරණ වෙලා ඉන්නේ.) මේ පාර වෙනසක් කරමු.. වෙනසකට එකතු වෙමු... මොලෙන් වැඩ කරමු. ඔබේ උතුම් වටිනා චන්දය රට වෙනුවෙන් ලබා දෙමු... වෛරී, ඒකාධිපති පාලනයෙන් මිදෙමු.. මෛත්‍රී පාලනයකට එකතු වෙමු.....

    තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවූ..
    නැත උන් රට අතැර ගොසින්...
    අප දජයේ ඉන්න සිංහ පැටවූ..
    පැන යන්නට පෙර මෙරටින්...
    කරන දෙයක් කරමු මචන්....
     

    chootyputha1

    Well-known member
  • ගාල්ලේ ඉපදුනාට තව පාරක් ආඩම්බරයි මට ඇග හිරි වැටුන බන්...මේවා CTB වලින් ඇදපු සෙනග නෙවෙයි බන් ජයවේවා...! මෛත්‍රී පාලනයක ඇරබුම..ඊයේ මොරටුවත් ඔය වගේ බන්....රටකට ඕනෑ අපමණ අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...

    අනිත් එක බං පිට්ටනි ඉල්ලන්න ගියහම කියනවං මාස එකහමාරකට බුක් කරල තියෙන්නෙ කියල ඒ මනුස්සය රැස්වීම් තියන්නෙ හදේද.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    බස් ස්ටෑන්ඩ වල සෙනග ඉන්නව නේන්නම් බන් ලොල් විලි ලැජ්ජාවෙ බැ,හිතල බලපන් සිරිසේන රැස්වීම් තියන්නෙම බස් හොල්ට් එකක් අල්ලල,:lol::lol::lol:ඔකෙන් පේන්නෙ බන්කොලොත් කම තමා.:P:P
    මමත් ගාල්ලේ බස් ටැන්ඩ් හිටියනේ බන් මේ තරම් සෙනගක් කවදාවත් නෑ...ගාල්ලේ උන් දන්නවා ..අහපන්.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගාල්ලේ ඉපදුනාට තව පාරක් ආඩම්බරයි මට ඇග හිරි වැටුන බන්...මේවා CTB වලින් ඇදපු සෙනග නෙවෙයි බන් ජයවේවා...! මෛත්‍රී පාලනයක ඇරබුම..ඊයේ මොරටුවත් ඔය වගේ බන්....රටකට ඕනෑ අපමණ අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...
    :):yes:
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ගාව වීඩියෝ එකක් ඇති.. අප්ලෝඩ් කරන්න කම්මැලියි.. තම්බි හුකන්නලා වගයක් වීඩියෝ කරලා තියෙන්නෙ මං හිතන්නෙ..:yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    මං ගාව වීඩියෝ එකක් ඇති.. අප්ලෝඩ් කරන්න කම්මැලියි.. තම්බි හුකන්නලා වගයක් වීඩියෝ කරලා තියෙන්නෙ මං හිතන්නෙ..:yes:

    Kathawa hitan uba byte ekene eka YouTube ekata arangihin denawa wage.. :angry::angry::angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    ගාල්ල මෙහෙම නම් , දකුණ මෙහෙම නම් ,, මහින්දට තව කොහෙද බන් ජන්ද පදනමක් , බස්නාහිර ,සහා අනෙකුත් පාලත් කොහොමත් MY3 උඩින්ම ගන්නවා දකුණත් හෙල්ලිලා තියෙන්නේ දැන් මේපාර නම් මහින්දට යන එන මගක් නැති වෙනවා මත්තලෙන් කුරුම්බා ඇට්ටියක එල්ලිලා ගම රට අත්හැරලා හොරා කාපුවත් අරගෙන යන්න තමයි වෙන්නේ ... :yes::yes:


    මහින්ද පරාදයි ,, ලංකාවේ ජනතාව දිනන ජන්දයක් මේ , ඒකාධිපති බලලොබි හොර මහින්දයා සමග සහෝදරකැල රට කාලා කාලා 03 වතාවටත් කන්න ඇවිත් නාගත්තා ...




    10898236_810456892345364_8621288421571167965_n.jpg
     
    Nov 27, 2009
    2,139
    107
    0
    aluthma seen eka dannawada ape game malath MR ta me wenakan weda karapu gewal walin hema gedarinma eka gane MS ta denawa kiya kiya yanawa. gedara anith aya ayyo meya karana de kiyala bana bana yanawa. eye thamai me seen eka patan gaththe. ayyo kahawanu. :D

    bayawela thiyena tharama hithaganna puluwanne:P
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මමත් ගාල්ලේ බස් ටැන්ඩ් හිටියනේ බන් මේ තරම් සෙනගක් කවදාවත් නෑ...ගාල්ලේ උන් දන්නවා ..අහපන්.
    :):yes:
    11.gif
    සිරාවට මචන් මත ඉන්නේ town එකට කිට්ටුවෙන්න. සෙනග දැක්කම පිස්සු හැදෙනවා. ස්ටෑන්ඩ් අක උඩත් ඉන්නවා. මන් ඉන්නේ ගාල්ල ආසනේ. ගාල්ල ආසනේ දිනන එක මට සීයට දාහක් sure.ගිය පාරත් ආව මේපාරත් එනවා හොද පරතරයක් තියාගෙන .:D:D:D
    11.gif
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සිරාවට මචන් මත ඉන්නේ town එකට කිට්ටුවෙන්න. සෙනග දැක්කම පිස්සු හැදෙනවා. ස්ටෑන්ඩ් අක උඩත් ඉන්නවා. මන් ඉන්නේ ගාල්ල ආසනේ. ගාල්ල ආසනේ දිනන එක මට සීයට දාහක් sure.ගිය පාරත් ආව මේපාරත් එනවා හොද පරතරයක් තියාගෙන .:D:D:D
    11.gif
    :D:yes::D
     
    Nov 24, 2014
    789
    64
    0
    සල්ලි දීල මිනිස්සු ඇද්දට සල්ලි දීල චන්දෙ ගන්න බෑ කොටි සිරිසේනයො

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.