👭🎬 විශ්වීය මට්ටමෙන් දිව යන අපූර්ව අන්‍යොන්‍යය සබැදියාවක කතා පුවත - The Double Life of Véronique (1991) 🎥👭

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,064
    113
    එළකිරියෙ ඉන්න ඕගොල්ලනටත්, තමන්ගෙ ජීවිතයට හුගක් සබැදියාවක් තියෙන, ඒත් කවදාවත් හමුනොවුණු නන්නාදුනන පුද්ගලයෙක් ලෝකේ කොහේහරි ජීවත් වෙනවා කියලා වගේ හැගීමක් දැනිලා තියෙබව ද? ඒ වගේම ඒ පුද්ගලයා ගෙවන ජීවිතයෙදි එදිනෙදා මුහුණ දෙන සිදුවීම් තමන්ටත් හැමදාම වගේ ඡායාමාත්‍රයක ප්‍රමාණයකින් හරි මනසින් අත් විදින්න හම්බෙලා තියෙනවා කියලා හැගීමක් හිතට දැනිලා තියෙනව ද? අන්න ඒ විදිහෙ අත්දැකීමකට මුහුණ දෙන බාහිර ස්වරූපයෙන් සමාන ඒත් කිසිදාක එකිනෙකා හමුනොවුණු නන්නාදුණන වගේම එකිනෙකාට හුගක් දුරස්ථව ජීවත් වෙන තරුණියන් දෙදෙනෙක් අතර පවතින විශ්වීය මට්ටමේ අන්‍යොන්‍යය සබැදියාවක් පිළිබදව අපූරු කතා පුවතක් ගෙන එන ප්‍රංශ භාෂාමය සිනමාපටයක් තමයි 1991 වසරේ තිරගත වුණු "The Double Life of Veronique" කියන්නේ.


    9af1fb18198d1a83c8d27c80cb3b7059091c262d277e3c3d12cd8469a07e745a.jpg





    පෝලන්ත ජාතික ප්‍රතිභාපූර්ණ සිනමා අධ්‍යක්ෂවරයෙක් වගේම තිර රචකයෙකුත් වුණු "Krzysztof Kieślowski" විසින් අධ්‍යක්ෂණය කරපු මේ සිනමාපටයේ තිර රචනය සිදු කරලා තිබෙන්නේ ඔහු සහ "Krzysztof Piesiewicz" විසිනුයි. ප්‍රංශ ජාතික සුරූපී රංගන ශිල්පිණියක් වෙන "Irène Jacob" විසින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයන් සදහා පණ පොවන අතරම මෙහිදී ඇය ද්විත්ව රංගනයක (Double acting) තමයි නිරත වෙන්නෙ. "Irène Jacob" විසින් මේ සිනමාපටයේ සිදුකළ රංගනය වෙනුවෙන් ඇය 1991 වසරේ පැවැත්වුණු 44 වැනි "කෑන්ස් සිනමා උළලේදී" (Cannes Film Festival) හොදම නිළියට හිමි සම්මානය දිනා ගන්නත් සමත් වුණා.


    "The Double Life of Veronique" සිනමාපටය අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ "Krzysztof Kieślowski"

    a6e9a0789e2d8fa4e524289910271b30.jpg

    "The Double Life of Veronique"හි ප්‍රධාන චරිත ද්විත්වය සදහා පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පිණී "Irène Jacob"

    kU32RYo.jpg




    "The Double Life of Veronique" සිනමාපටය පිළිබදව ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වෙන "Charlie Rose" විසින් "Irène Jacob" සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව




    ඊට අමතරව එම සම්මාන උළලේදී පිරිනැමුණු "Ecumenical Jury" සහ "FIPRESCI Prize" කියන සම්මාන ද්විත්වයත් දිනාගන්න මේ සිනමාපටය සමත් වුණා. මීට අමතරව මේ සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදුකරපු පෝලන්ත ජාතික ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වෙන "Sławomir Idziak" විශිෂ්ට කැමරාකරණයත් අනිවාර්යයෙන් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. ඉතාම දැකුම්කළු ආකාරයට වර්ණ සහ ආලෝකය වගේම නිර්මාණශීලී කැමරා කෝණ යොදා ගනිමින් සිදු කරපු කැමරාකරණය නිසා මේ සිනමාපටයෙ සෑම රූපරාමුවකම තියෙන්නෙ චිත්‍රණය කරපු දැකුම්කළු සිතුවමක ස්වරූපයකුයි.


    the-double-life-of-veronique-1991-dir-krzysztof-kie%C5%9Blowski-v0-1xe04t5bjr7b1.png

    the-double-life-of-veronique-1991-dir-krzysztof-kie%C5%9Blowski-v0-5rnv1a1xjr7b1.png

    The-Double-Life-of-Veronique-077.jpg

    exummxz7h0161.jpg


    මේක ටිකක් "Slow burning" ගනයට අයත් වෙන චිත්‍රපටයක් නිසා කළබල ගතිය අඩු නිස්කලංක වෙලාවක බලන්න පුළුවන් කමක් තියෙනවා නම්. චිත්‍රපටියෙ කතාවෙයි, චරිතවලයි මතුපිටින් වගේම හුගක් යටිපෙළ අර්ථත් තියෙනවා, Symbolism එක්ක නිරූපනේ කරන. මේ චිත්‍රපටියෙන් කතා කරන ප්‍රධාන මාතෘකාවට අදාළ දේවල් ගැන වැඩිදුර අවබෝධයක් ලබාගන්න ඕන නම් "Law of vibration" කියන විද්‍යාත්මක මතවාදය වගේම "Fractal structure" කියන ගණිතමය හැඩතලයත්, Cosmic synchronicity, Simulapathaty වගේ විද්‍යාලෝකෙ හුගක් විවාදයට ලක් වෙච්ච මතවාද ගැනත් ටිකක් වැඩිදුරට විස්තර හොයලා බලන්න. මේ චිත්‍රපටියෙ ඉන්න ප්‍රධාන චරිතයන් දෙක අත්විදින විදිහෙ අත්දැකීම ම ලබපු දහස් ගාණක් පුද්ගලයො ලෝකෙ වටෙන්ම හම්බවෙලා තියෙනවා. :yes:


    ✍️🎞️ සටහන: @Stimulus mind 🎞️✍️

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    හොදයි ද ෆිල්ම් එක? කොහොමද අපේ ඩෙප් අයියගෙයි, ලියෝ උන්නැහෙගෙයි ඇක්ටින්. :cool: :)
    හොඳයි. ඒ වුනාට මට දුකයි අර කාවර් ෆැමිලි එකේ පොඩි උන් දෙන්නා ගැන. අර ගෑනිට කොටු පනින්න ඕන වුනාම පොඩි උන් දෙන්නට එලියෙ සෙල්ලම් කරන්න යන්න කියනවා කේක් එකක් හද හද ඉන්න ගමන්. එතකොට අර පොඩි එකා කියනව බට් බට් කියල. එතකොට අරකි සැර කරනව ගෝ කියල. ඒ කෑල්ලට මට හෙන දුකයි.

    ආයෙ ඒකිම මිනිහ මලාට පස්සෙ ගෙවල් දාලා යද්දි කඩේට ඇවිල්ලා සිගරට් එකක් ගගහා ගිල්බර්ට් එක්ක කතා කර කර ඉද්දි පොඩි එකා එනවා දොර ඇරගෙන මමි කියල. මම ටිකකින් එන්නම් කියනව අරකි. ඕකේ කියල පොඩි එකා කරබාගෙන යනවා. ඒකටත් දුක හිතෙනවා. :(

    මම බැලුවා ඒ පොඩි එකා කවුද කියලා. හැබැයි ඒ පොඩි එකා ගැන විස්තරයක් හොයාගන්න නෑ. නම තියෙනව. හැබැයි ඒ නමින් නලුවෙකුත් ඉන්නවා. ඒත් ඒ පොඩි එකාය රඟපාපු කොල්ලා නෙමෙයි. ඒ පොඩි එකාගෙ මල්ලිට රඟපාපු කොල්ලා නම් තාමත් ෆීල්ඩ් එකේ ඉන්නවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,064
    113
    හොඳයි. ඒ වුනාට මට දුකයි අර කාවර් ෆැමිලි එකේ පොඩි උන් දෙන්නා ගැන. අර ගෑනිට කොටු පනින්න ඕන වුනාම පොඩි උන් දෙන්නට එලියෙ සෙල්ලම් කරන්න යන්න කියනවා කේක් එකක් හද හද ඉන්න ගමන්. එතකොට අර පොඩි එකා කියනව බට් බට් කියල. එතකොට අරකි සැර කරනව ගෝ කියල. ඒ කෑල්ලට මට හෙන දුකයි.

    ආයෙ ඒකිම මිනිහ මලාට පස්සෙ ගෙවල් දාලා යද්දි කඩේට ඇවිල්ලා සිගරට් එකක් ගගහා ගිල්බර්ට් එක්ක කතා කර කර ඉද්දි පොඩි එකා එනවා දොර ඇරගෙන මමි කියල. මම ටිකකින් එන්නම් කියනව අරකි. ඕකේ කියල පොඩි එකා කරබාගෙන යනවා. ඒකටත් දුක හිතෙනවා. :(

    මම බැලුවා ඒ පොඩි එකා කවුද කියලා. හැබැයි ඒ පොඩි එකා ගැන විස්තරයක් හොයාගන්න නෑ. නම තියෙනව. හැබැයි ඒ නමින් නලුවෙකුත් ඉන්නවා. ඒත් ඒ පොඩි එකාය රඟපාපු කොල්ලා නෙමෙයි. ඒ පොඩි එකාගෙ මල්ලිට රඟපාපු කොල්ලා නම් තාමත් ෆීල්ඩ් එකේ ඉන්නවා.
    Donnie Brasco (1997) බලලා තියෙනව ද? ජොනී ඩෙප්ගෙ හොදම performance එකක්. :yes:

    1eeb9b9c2a26491ffc836b0aac66ceb5.jpg

     

    Similar threads