"Broken Heart Syndrome" (Stress cardiomyopathy, Takotsubo cardiomyopathy, Recurrent takotsubo හා cardiomyopathy යන නම්වලින් ද හදුන්වයි) යනු තමන් ආදරය කරන කෙනෙකුගේ වියෝවක්, කුඩා කාලයේ මුහුණ දුන් වේදනාකාරී සිදුවීමක්, රිය අනතුරක්, හෝ දියේ ගිලී යාමට ආසන්න අත්දැකීම් වැනි ශාරීරික හෝ චිත්තවේගීය කම්පන සහගත සිදුවීමකට මුහුණ දීමෙන් පසුව ඇතිවෙන තාවකාලික රෝගී තත්ත්වයක් ලෙසින් හදුන්වන්නට පුළුවන්. එවැනි සිදුවීමකට මුහුණ දුන්නායින් පසුව හටගන්නා දැඩි ආතති හෝ කාංසා තත්ත්වයන් හේතුවෙන් මේ "Broken Heart Syndrome" කියන රෝගී තත්ත්වය හට ගැනීමේ හැකියාවක් පවතිනවා. හදිසියේ ඇතිවන පපුවේ වේදනාවක් හෝ හෘදයාබාධයක ලක්ෂණ පෙන්වමින් ඇතිවෙන මෙම රෝගී තත්ත්වයේදී හෘද පේෂීන් දුර්වල කරමින් හෘදයේ රුධිරය පොම්ප කිරීම සිදුකරන ක්‍රියාවලියට තාවකාලික බාධාවන් ඇති කිරීම සිදු කෙරෙන එහිදී විශේෂයෙන් බලපෑම් ඇති කරන්නෙ හෘදයෙහි වූ කුටීර 4 අතරින් එකක් වන වම් කෝෂිකාවටයි.
මේ අතර මෙම "Broken Heart Syndrome" රෝගී තත්තවය පවතින රෝගීන් පිරිසක් සහභාගී කරගනිමින් ඇමරිකාවේ මැසචුසෙට්ස් මහ රෝහලෙහි සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හා හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන "Ahmed Tawakol" මහතා මූලිකව, 2021 වසරේදී සිදුකල සායනික පරීක්ෂණයකදී ලබාගත් එම රෝගීන්ගේ මොළයෙහි PET හා CT scan ඡායාරූපයන් මගින් අනාවරණය වුණේ මෙම "Broken Heart Syndrome" රෝගී තත්ත්වය උත්සන්න වන අවස්ථාවන්හීදී, මොළයේ පවතින චිත්ත වේගපාලනය කිරීම සිදුකරන ඇමිග්ඩෙලා (Amygdala) නම් වූ කොටසේ ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් ඉහළ යාම සිදුවන බවයි. ඉහත සදහන් කළ පරිදි දැඩි මානසික හෝ ශාරීර්ක පීඩාවන් අත්විදින අවස්ථාවන්හීදී හටගන්නා මෙම රෝගී තත්ත්වය කෙටි කාලීන එකක් වුවද ඇතැම් අවස්ථාවන්හීදී එය මාස කීපයක කාලසීමාවක් දක්වා වුවද පැවතිය හැකි අතර කලාතුරකින් ජීවිත අවදානමක් පවා ඇති කළ හැකිය.
ලිපිය සදහා යොදාගත් ප්‍රධාන මූලාශ්‍රය: When heartbreak kills, blame the amygdala
අනෙකුත් තොරතුරු: අන්තර්ජාලය ඇසුරෙනි.
Last edited: