💖🙂💖 මව්පිය කර මතින් පාසල් ගිය දෙව්මි රන්සරාට A-9 ක් 💖🙂💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    🥲🥲:)😍:love::love:


    s.jpg



    උපතින්ම ඇතිව තිබූ ස්නායු ආබාධයක් හේතුවෙන් දෙමව්පියන්ගේ කරමතින් පාසල් ගිය රත්මලේ දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ඇය පෙනී සිටි විෂයන් නවයටම A සාමාර්ථ ලබාගනිමින් විශිෂ්ට දක්ෂතාවයක් පෙන්නුම් කර ඇත. පළමුවන ශ්‍රේණියේ සිට රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දෙව්මි රන්සරා පසුගිය 2014 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගාගයේදී ද තම සිතේ සවිය පෙන්නුම් කරමින් ලකුණු 177 ක් ලබාගනිමින් සමත් ඇත.

    දෙව්මි රන්සරාගේ පියා වන මහින්ද කුලතුංග රාජපක්ෂ මහතා මාතර අඩවි වන කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කරන අතර මව වන කුසුම්නි අබේගුණවර්ධන මහත්මිය රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරයි. දෙව්මිගේ මල්ලිලා දෙදෙනාද ශිෂ්‍යත්ව විභාගය සමතුන් වන අතර දිනුක කුලතුංග රාපක්ෂ (13) මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අට ශ්‍රේණියේ හා සිතුක කුලතුංග රජපක්ෂ (11) රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබති.

    උපතේ සිට සුෂුම්නාව ආශ්‍රිත ස්නායු ආබාධයකින් පෙළෙන දෙව්මි තම ජීවිතයේ වැඩි කාලයක් ගතකර ඇත්තේ දෙමව්පියන් සමග රෝහල්වලය. ඒ ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

    කෙතරම් කාලයක් ප්‍රතිකාර සඳහා ගතකළද දෙව්මි තම ඉගෙනුමටද මුල්තැන දුන්නාය.

    එදිනෙදා කටයුතුවත් කරගැනීමට නොහැකි දෙව්මිට පෑන පවා අතට ලබාදිය යුතු අතර එය දෑඟිලි අතර රඳවා ගන්නේද මහත් අසීරුතාවකිනි. දිනපතා පාසල් පැමිණීම, විවිධ අවශ්‍යතා සඳහා වෙනත් ස්ථාවලට යාම වැනි සියලු කටයුතු සිදුකරන්නේ මව හෝ පියාගේ කරමතින් ගොසිනි. පාසල් ගුරුවරුන් මෙන්ම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවෝද ඒ සඳහා දෙව්මිට සහාය ලබාදෙති.



    Source: gossiplankanews

    https://www.gossiplankanews.com/2021/09/dewmi-ransara-story.html