🔥🌪 පෘථිවියේ වියලිම ස්ථානය | McMurdo Dry Valleys 🔥🌪

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    337265008_919289812614524_1460170954828642994_n.jpg


    ඇන්ටාක්ටිකාවේ මැක්මර්ඩෝ නිම්නය (McMurdo Dry Valleys) සැලකෙන්නේ පෘථිවියේ ඇති වියළිම ස්ථානයක් විදිහට...තෙරක් නොපෙනෙන සුදෝ සුදු අයිස් යාය වලින් වැසී ඇති ඇන්ටාක්ටිකාවේ එවැනි ස්ථානයක් තිබෙන බව ඇසීමද පුදුමය.

    ඇන්ටාක්ටිකාවේ වික්ටෝරියා ලෑන්ඩ් , මැක්මර්ඩෝ , ඔලිම්පස් සහ අස්ගාර්ඩ්කදු අතර සැගවී ඇති මැක්මර්ඩෝ නිම්නයන් පෙළට වික්ටෝරියා නිම්නය , රයිට් නිම්නය සහ ටේලර් නිම්නය යන නිම්න ඇතුලත් වෙයි.
    මෙම නිම්න වලට වාර්ෂිකව හිම ස්වරූපයෙන් ජලය සෙන්ටිමීටර 10 ක් පමණ ලැබේ...වෘක්ෂලතාදියෙන් සම්පූර්ණයෙන්ම තොර මෙම කලාපය පෘතුවියේ ඇති අතිශයින්ම කටුක දේශගුණයකින් හෙබි ශීත කාන්තාරයක් ලෙස ප්‍රසිද්ධය.
    මැක්මර්ඩෝ නිම්න පෙළට වර්ග කිලෝමීටර් 4,800 ක පමණ බිම් කඩක් අයිති වෙයි...එහි වපසරිය ඇන්ටාක්ටිකාවේ මුලු භූමි ප්‍රමාණයෙන් 0.03% පමණ වෙයි...එය ඇන්ටාක්ටිකාවේ ඇති විශාලතම අයිස් රහිත කලාපයද වෙයි.

    337845192_760144512145603_9122265316664020621_n.jpg


    මෙම නිම්න වල ඇති භූගෝලීය පිහිටීම ඒවා අතිශය වියලි කාලගුණක් සහිත භූමියක් බවට පත් කර ඇත...එකිනෙකා පරයා තරගයට මෙන් නැගී සිටින අති දැවැන්ත කදු වලලු වල මුවාවේ පිහිටා ඇති නිසා මෙම නිම්න ග්ලැසියර් වලින් පෝෂණය වන්නේ නැත...සිදු වන්නේ දෙපස ඇති කදු වලින් පටන් ගන්නා ග්ලැසියර අයිස් යායන් මැක්මර්ඩෝ නිම්න පෙළට පිටුපා අනකුත් දිශාවන්ට ගලා යාමයි...එම නිසයි අයිස් වලටම පරසිදු ඇන්ටාක්ටිකාවේ , මැක්මර්ඩෝ නිම්නයේ පමණක් අයිස් දක්නට නොලැබෙන්නේ...මුලු නිම්නයම ගිලී ඇත්තේ සෙල්සියස් (- 40) ක පමණ සාමාන්‍ය උෂ්ණත්වයකය.
    මැක්මර්ඩෝ නිම්නයන් වසර මුලුල්ලේම නිරාවරණය වන්නේ ප්‍රභල Katabatic wind නැමති සුළං ප්‍රවාහයන්ටය...පැයට කිලෝමීටර් 58 ක පමණ සාමාන්‍ය වේගයෙන් හමා යන (උපරිම වේගය 327km) මෙම සුළං ධාරා පෘතුවියේ ගුරුත්වාකර්ෂණ නිසා ඉහළ කදු මුදුන් වල සිට පහලට හමා යයි...( ඒක හින්දම මේ සුළං වලට් gravity wind කියලත් කියනවා )
    මෙම සුළං ධාරා නිසා මැක්මර්ඩෝ නිම්නයන් වල ඇති සියලුම වස්තූන්ගේ සහ වාතයේ ඇති තෙතමනය ගසා ගෙන යන අතර එය මෙම නිම්නයට පෘතුවියේ ඇති වියලිම ස්ථානය ලෙස පටබැදීමට උත්තේජනයක් සපයා ඇත.
    එමෙන්ම මෙම සුළං ප්‍රවාහ මැක්මර්ඩෝ නිම්නයන්ට වර්ෂාව ලබා දීමට සමත් කිසිදු සාධකයකට රැදී සිටීමට ඉඩ ලබා නොදෙයි... universe today වෙබ් අඩවියට අනුව මෙම නිම්න වලට වසර මිළියන 2 කින් පමණ වර්ෂාවක් ලැබී නොමැත.

    337258789_592361775910977_1421379599100742040_n.jpg


    මෙම නිම්න කොතරම් කර්කශ වුවත් වියළි වුවත් එහි ජිවත් වෙන ජිවින්ද නැතුවාම නොවෙයි...එම ජීවින් අතර ලයිකන සහ පාසි, ක්ෂුද්‍ර ජීවී ප්‍රජාවන් (සයනොබැක්ටීරියා ද ඇතුළුව) සහ නෙමටෝඩාවන් (අන්වීක්ෂීය පණුවන්) වෙයි...ඔවුන් මෙම පරිසර පද්ධතියට හැඩ ගැසෙමින් ජිවත් වෙන ආකාරය නම් විස්මයජනකය.
    මැක්මර්ඩෝ නිම්නයන් අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨයට ආසන්නතම ලක්ෂණ වලින් සමන්විත පෘතුවියෙන් හමුවන ස්ථානය ලෙස විද්‍යාඥයින් විසින් හදුන්වනු ලබයි.



    337389417_235198608885609_2532052001928712806_n.jpg

    337162247_749906833354355_8213561879662719546_n.jpg

    337432060_574487467963009_643615960712151216_n.jpg

    (#පියැසිකවුළුව)