අවංකව කියපල්ලා දැන් ජෙප්පෝ ආණ්ඩු පිහිටුවලා අවුරුද්දක් වෙන්නත් ළඟයි. දැනට රටේ ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය වගේ දේවල් ගැන හිතුවාම යම් ස්ථාවර ගතියක් පේනවා නේද? ඩොලර් එක වුණත් 300ට අඩුවෙන් අල්ලගෙන ඉන්නවා. හොරු ටිකත් එකා දෙන්නා ඇතුළට යනවා. කේස් එකකට තියෙන්නේ පාතාලේ උන් මරාගන්න එකේ අඩුවක් නැති එක. අවුරුද්ද ගෙවෙද්දී මීටත් වඩා හොඳ තැනක ඉඳියි කියල හිතනවා. ලපය වැඩ්ඩා නොවැ ඈ දිලානයෝ?
@dilann
හොර ටික ඇතුලට යනවා කෙසේ වෙතත් උන් මැරිලා යනවා. ඒක ප්ලස් පොයින්ට් එකක්
ඒ ඇරුණම IMF කියන දේවල් ටික කරගෙන යනවා ඇර වෙන ස්පෙෂල් දෙයක් මොකක්ද බන් කලේ
රනිලා දාපු කරන්ට් බිල ඉන්ධන මිල තාම තියෙනවා
හාල් පොල් තාම ඒ ගාණට කනව
වාහන මාකට් එක ඇරිලා සමාන්‍ය මිනිස්සුන්ට වාහන හීනයක්ම කරලා. කමක් නෑ තියෙන එකෙක් හරි ගනීනේ. එකත් ප්ලස්
රනිලා නවත්තපු තැනින් වැඩ ටික කරගෙන යනවා.
අම්මා ගහයි බැට් එකෙන් ලෙවල් එකේ ව්යයසාය සංවර්ධන බැංකුවක් දාලා ව්‍යවසායකත්වය අම්මට සිරි ලෙවල් එකෙන් අප් කරනවා කිව්වා ජන්දේ කාලේ. දැන් අස්වැසුම දෙනවා
බිග් කුච්චන් රට ගිහින් ආතල් එකක් දෙනවා
සටිෆිකේට් එක ගෙන්න පයින් ජපන් ගිය එකා අන්න මැලේසියාවට ලං වෙලාලු. එකත් හරි
අඩු කරනවා කිව්ව බදු ටික වෙනුවට දෙයියනේ කියලා තව බදු ටිකක් වැටුනා
පාතාලේ දිගටම ගහ ගන්නවා. මේ කතා කරද්දිත් අද ගෙවල් පැත්තේ එකෙක්ව මරලා
කුඩු අඩු උනේ නෑ අයිස් නෑ බඩු තාම තියේ
අනුර ලොකු රටවල් වලට යන් නෑ භාෂා ප්‍රශ්ණේ නිසා වියට්නාමේ මාලදිවයිනට ගිහින් උන්ගෙන් ආයෝජන ඉල්ලනවා
ස්ටාලින්ක් ආවා. හැබැයි ටෝක් කලේ රනිලා
අනේ මන්දා බන්. අහ් 155 බස් එක ආය පටන් ගත්තා නේද. ඒකද මචං ප්ලස් කේස් එක
අහ් NGC එකා බස් 10ක් ද 20ක් ද ගෙනාව එකත් ඕනේ නම් මේකටම දාමු මචං