තේ, කෝපි කන්න කලින් හරි කෑවට පස්සෙ හරි බොන්න හොද නෑ බන්. ඒව බොන්න ඕනෙ කන්න පැය දෙකකට කලින් හෝ කෑමට පැය දෙකකට පස්සෙ. නැත්තම් කෑම වල තියෙන යකඩ පෝශක ඇගට අවශෝෂණය කර ගන්නෙ නෑ. පෝශක කොටස් විනාශ වෙනව. එතකොට කන කෑමෙන් වැඩක් නෑ.අපේ තාත්තා තේ බිව්වෙ එහෙම. කෑමට පෙර එකයි කෑමට පසු එකයි.
හැබැයි කනකොට හරි කෑවට පස්සෙ හරි දෙහි එකක් බොන එක අවුලක් නෑ. දෙහි නිසා කෑම වල තියෙන යකඩ ඇගට හොදට අවශෝෂණය කර ගන්නව.